බ‍්‍රාහ්මණයෝ සහ බ‍්‍රාහ්මණ සමාජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බ‍්‍රාහ්මණ කුලය ඉතා පුළුල් වශයෙන් පංච ගෞඩ බ‍්‍රාහ්මණ සහ පංච ද‍්‍රවිඩ බ‍්‍රාහ්මණ යනුවෙන් ප‍්‍රාදේශීය කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. මෙම බෙදීම සදහන් වනුයේ 11 වැනි සියවසේදී කල්හාන විසින් සම්පාදනය කරන ලද රාජතරංගිනී නම් ග‍්‍රන්ථයේ එන එක් ශ්ලෝකයකය. කෙසේ වෙතත් බොහෝ බ‍්‍රාහ්මණ කුල ප‍්‍රභවය වී ඇත්තේ එයට වඩා ඉපැරණි වූ වේද සහ පුරාණ ග‍්‍රන්ථවල සදහන් මුනිවරයින්ගෙන්ය යන්න සාමාන්‍ය පිළිගැනීමයි.

කරණාටක, තෙලිඟු (ආන්ද්‍ර), ද්‍රවිඩ(දෙමළ සහ කේරල) , මහාරාෂ්ට‍්‍ර සහ ගුජරාට් යන කණ්ඩායම් පංච ද්‍රවිඩ කොටසට අයත් වේ. සාරස්වත, කන්යකුබ්ජ, ගෞඩ, උත්කලා සහ මෛතිලි යන කණ්ඩායම් පහ උත්තර පංච ගෞඩ කොටසට අයත් ය.

මෙම වර්ගීකරණය කල්හානගේ රාජතරංගනියෙහි දැක්වන බව ජෝගේන්ද්‍රනාත් භට්ටාචාර්ය විසින් සිය 'Hindu Castes and Sects' යන ග‍්‍රන්ථයෙහි සදහන් කරනු ලබයි.

බ‍්‍රාහ්මණ ග්‍රෝතය සහ පරම්පරාව[සංස්කරණය]

බ‍්‍රාහ්මරණ වර්ගීකරණය

සාමාන්‍යයෙන් ග්‍රෝත්‍ය යනුවෙන් හදුන්වන්නේ පොදු මී මුතු පරම්පාරවෙන් පැවත එන නොබිදුනු පරපුරක පුද්ගලයන් වේ. ජාතිනි විසින් වැයකරන කටයුතු සදහා ග්‍රෝත‍්‍රයක් ,් ඡු්එහ්ප ඡු්මඑර්චර්ඉඉ. රඑස ටදඑර්ප. :10ග1ග1612* ලෙස අර්ථ දක්වා ඇත. එයට අනුව ග්‍රෝත‍්‍ර යන වචනයේ තෙරුම පුතාගෙන් පුතාට ආරම්භ වන දරු මුණුපුරුර පරම්පරාව (මුනිවරු* යන්නයි. පුද්ගලයෙක් මම කාශ්‍යප ග්‍රෝතයෙහි යැයි කියන්නේ නම් එහි තේරුම ඔහුගේ පරපුර පුරාන මුනිවරයන් වු කාශ්‍යපගෙන් නොකැඩි එන පරපුරක් ලෙසයි. බෞද්ධයාන රාමුව සුත‍්‍රයට අනුව විශ්වමිත‍්‍ර, ජාවධගිනි, භරද්වාජ, ගෞතම, අත්ථ, වාසිත්ථ, කාශ්‍යප යන අග‍්‍රස්ථ මුනිවරුන් 8 දෙනා වේ. මෙම මුනිවරු අටදෙනාගෙන් පරම්පරාවෙන් ග්‍රෝත ඇතිවේ. මෙම ප‍්‍රාථමික මුනිවරුන් අටදෙනාගෙන් ගනන්කිරිම පාත්ති දැනගෙන සිටියහ. කෙසේ නමුත් මෙම ග්‍රෝත‍්‍ර ප‍්‍රජාපතිය හෝ පසු බ‍්‍රාම වලට කෙලින් සම්බන්ධ නොවේ. මෙම අට වර්ගයෙන් පැවත එන්මේ (අපටය* ග්‍රෝත‍්‍ර ලෙස හදුන්වන අතර අනිකුත් අය ග්‍රෝත‍්‍රටාවය ලෙස හැදින්වේ.

මෙම ග්‍රෝත‍්‍ර කණ්ඩායමට ලෙස සකස් වි ඇත. උදාහරණයක් ලෙසඅ සවලායන රව‍්‍රස්ටසුත‍්‍රයට අනුව වාසිත්ත ගණ උප කොටස් හතරකට බෙදනු ලැබේ. ඒවා උපමන්යු, පරසාර තුන්චිත යන වාසිත්ත (මුල් තුනට අමතරව* මෙම එක් එක් කොටස් හතරම සංඛ්‍යාවය උප කොස් ඇති අතර ඒවා එක එකසේ ග්‍රෝත‍්‍ර කුලය ලෙස හදුවනු ලැබේ. පලමුවන සැකැස්ම ගත වන අතර පසුව පක්ෂ යන අවසානයේ එකිනෙක ග්‍රෝත‍්‍ර වේ. පළමු කොටස බරඑිගු හා අංගීරස ගන ලෙස ඉතිරි වි ඇත. බවුඩිට අනුව ප‍්‍රධාන ග්‍රෝත‍්‍ර අට පක්ෂ බවට බෙදී ඇත. උපමානයුහි පරවරය වාසිත්ත, බහරවායු, ඉන්ද්‍ර පද්ම හෝ පරසාර ග්‍රෝතයේ පරවරයෙය වාසිත්ත, සක්මය, පරාස්වන අතර කුන්දිතා ග්‍රෝත‍්‍රයේ පිරිවර වාසිබන, මතර වරුණ කාසු නදියන වේ. එම නිසා අර්ථ ද ඇති පරවර එහි ආදිතම අනුව හදුනාගැනිම සිදු කළ හැක.

දෙයාකාර වු පිරිවර ඇත.

  1. ශිෂ්‍ය, ප‍්‍රාශිය, රිසි, පරම්පරා සහ
  2. පුත‍්‍ර පරම්පරාව යි. ග්‍රෝත‍්‍ර පරවර එකයචර්ය.

දෙවර්ගය, ත‍්‍රිචෛරිය, පංචස්කන්ධය යන ආකාරායෙන් 19 දක්වා පවති. ආන්ද්‍ර ප‍්‍රදේශයේ කාශ්‍යප ග්‍රෝතයට අඩු වශයෙන් විවිධ වු වර්ග දෙකක පිරිවර ඇත. එකකට මුනිවරයන් තිදෙනෙක් ඇති අතර අනිකට මුනිවරුන් සත් දෙනෙක් (සවන ආශ්දචරිය පිරිවර) ඇත. මෙම පරවර ශිෂ්‍ය, ප‍්‍රාශ්විය, රිසි, පරම්පරාව හෝ පුත‍්‍ර පරම්පරා විය හැක. මනාලයා සහ මනාලිය එකම ග්‍රෝත‍්‍රයේ වල අඩක් හෝ අඩකට වැඩියෙන් රිසිවරුන් වේ නම් ශිෂා ප‍්‍රාශිෂයය රිසි පරම්පරා විවාහය පිලිගනු නොලැබේ. එය පුත‍්‍ර පරම්පරාවට එක් රිසියක් ගැලගපුනත් විවාහය සම්පුර්ණයෙන්ම පිලිගනු නොලැබේ.

බ්‍රාහ්මණ නිකායයන් සහ ඍෂිවරුන්[සංස්කරණය]

ආගමික සහ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ද, සම්ප්‍රදායයන් ද, ඔවුන් අයත් වෛදික දර්ශනයන්ගේ ද, විවිධත්වය හේතුවෙන් බ්‍රාහ්මණයින් තවදුරටත් විවිධාකාර වූ උපකුලවලට බෙදුණි. දළ වශයෙන් ක්‍රි.පූ. 1000 සිට 200 දක්වා පැවති සූත්‍ර නම් කාල සීමාවේ බ්‍රාහ්මණයින් විවිධාකාර ශාඛාවලට බෙදුණි.

බ්‍රාහ්මණයින් අතරේ සිටි කීර්තිමත් ගුරුවරුන්ගේ නායකත්වය යටතේ එකම වේද ශාඛාව විවිධාකාර හැඳින්වීම් සහිත නිකායයන්ට බෙදුණි.

පහත විස්තර කෙරෙන නම්වලින් යුත් නීති සම්පාදකයින් කීපදෙනෙක් වූහ. එනම් අංගීරස, අපස්ථම්භ, අත්‍රී, බ්‍රහස්පති, බෞද්ධයාන, දක්ෂ, ගෞතම්, හරිත, කත්‍යායන, ලිඛිත, මනු, පරසාර, සම්වර්ත, ශංඛ, ෂටතප, උෂානස, වාශිෂ්ට, විෂ්ණු, ව්‍යාස, සජ්නවාල්ක්‍ය සහ යම වශයෙනි. මෙම ඍෂීන් විසි එක් දෙනා ස්මෘතිවල අර්ථය පහදා දුන් අය වෙති. මෙම ස්මෘති වලින් අපස්ථම්භ, බෞද්ධායන, ගෞතම, සහ වාශිෂ්ට නම් ස්මෘතීන් පැරණිම ඒවා විය.


ඍෂිවරුන්ගෙන් පැවත එන්නෝ

ඉන්දියානුවන් හා ඉන්දියානුවන් නොවන බොහෝ දෙනෙක් තමන් පැවතෙන්නේ බ්‍රාහ්මීය හෝ බ්‍රාහ්මීය නොවන ඍෂිවරුන්ගෙන් යැයි කියති. උදාහරණයක් වශයෙන් දාෂ් සහ නාගවරු කාශ්‍යපමුණිගෙන් පැවතෙන්නන්යැයි ද (බුදුන් වහන්සේ ද ඇතුළත්) ගෞතමවරු (ගෞතම බ්‍රාහ්මණවරු හැරුණු විට) ගෞතම මුණිගෙන් පැවතෙන්නේ යැයි ද කියනු ලැබේ. බුදුන් වහන්සේ පැවත එන්නේ වෛදික අංගීරස මුණිගෙන්යැයි ද විශ්වාස කෙරේ. විශ්වකර්මවරු පැවත එන්නේ පංච ඍෂිවරු හෙවත් බ්‍රහ්මර් ඍෂිවරුන්ගෙනි. යජුර්වේද සහ බ්‍රහ්මාණ්ඩ පූරණවලට අනුව ඔව්හු සනඝ, සනාතන, අබුවනාස, ප්‍රඥාස, සුපර්නාස ආදීහු වෙති. දකුණු ඉන්දියාවේ කනි ගෝත්‍රය අගස්ත්‍යමුණිගෙන් පැවත එන්නවුන්යැයි කියනු ලැබේ.

ගොන්ඩාලි, කනෙත්, භොත්, ලොහාර්, ඩාගි සහ හෙසිස් පැවත එන්නේ රේණුකා දේවියගෙනි.

කාසි කපාඩි ශුද්‍රවරු බ්‍රාහ්මින් ශුක්‍රදේව ගෙන් පැවත එන්නේය. ඔවුන්ගේ රාජකාරිය වූයේ පූජනීය නගරය වූ 'කාශි' වෙතට ජලය හැරවීමයි.

දධීචි බ්‍රාහ්මින්, දයම බ්‍රාහ්මින් ඔවුන්ගේ ආරම්භය දධිචි ඍෂිගෙන් සිදු වුනැයි සොයා ගෙන ඇත. බොහෝ ජට් වර්ගයේ අය දදිචි ඍෂීන්ගෙන් පැවත එන්නෝය. 'දුඩිජත්' අය දුඩා ඍෂිගෙන් පැවත එති.

බුදුන් වහන්සේ අංගීරස, ගෞතම ආදී පිළිවෙල කොට ඇති ඍෂිවරුන්ගෙන් පැවත එන්නේය.අනිකුත් වර්ගවල ක්ෂත්‍රීයයන් ද සිටින අතර ඔවුන් ද අංගීරසගෙන් පැවතෙන්නෝ වෙති. මෙසේ සිදු වූයේ දරුවන් නැති රජ කෙනෙකුගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

මාතංග කුලයේ පසු බිම බලන විට ඔවුන් පැවත එන්නේ මාතංගමුණිගෙනි. එතුමා බ්‍රාහ්මින් බවට පත් වූයේ ඔහුගේ කර්මය හේතු කොට ගෙනයි.

කේරළයේ එඩේර ගෝත්‍රයක් වූ කක්ක ඍෂිවරුන් බිහි වී ඇත්තේ විෂ්ණු දෙවියන්ගේ වාහනය වූ ගරුඬා ගේ මුඛයෙනි. ඔවුන් පසුව බ්‍රහ්මන් බවට පත් වූහ.

ෂික්වාල් නොහොත් ෂුක්වාල් හෝ ෂ්‍රින්ගි යනුවෙන් හැඳින්වෙන රාජස්ථානයේ බ්‍රාහ්මින්වරු යාශ්න්ගගෙන් පැවත එන්නෝය.

බ්‍රාහ්මණයින්ගේ විවිධ වෘත්තීන්[සංස්කරණය]

බ්‍රාහ්මණයින් බොහෝ වෘත්තීන්හි යෙදී ඇත. ඵනම් පූජ්‍ය පක්ෂය, තාපසවරුන්, උගතුන්, වීරවරයන් සහ ව්‍යපාරිකයින් ආදි වශයෙනි. විශ්ව බ්‍රාහ්මණවරු (රන් වැඩකරුවන්,කම්මල් කරුවන්,ප්‍රතිමා අඹන්නන්,පිත්තල කාර්මිකයන්) පෞර්ෂයෙන් බ්‍රාහ්මණයෝ වෙති. මොවුන් අචාරි, අචාර්ය, පන්චාල්, විශ්වකර්මන්, සහ තවත් බොහෝ වාසගම් භාවිතා කරමින් ඉන්දියාව පුරා විසිරී සිටිති. ආන්ද්‍ර ප්‍රදේශයෙහි දී රන් කරුවන්, කම්මල් කරුවන් වඩුවන්, ප්‍රතිමා අඹන්නන්, පිත්තල කාර්මිකයන් ඵක් වී විශ්වකර්ම බ්‍රාහ්මණ වෛදික දර්ශනයට පුනර්ජීවනයක් ලබා දීම සඳහා "විශ්ව බ්‍රාහ්මන් සංගම්" නමින් සංවිධානයක් ඇතිකර ගත්හ. නිර්මාණාත්මක නිමැවුම් කිරීම සර්ව බලධාරී දෙවියන්ට වන්දනා මාන කිරීමේ අගනාම ක්‍රමය ලෙස මොවුහු සිතුහ. විශාකාපට්ටනම් ඡන්ද කොට්ඨාශයේ ජනගහණයෙන් සියයට 35 ක් විශ්ව බ්‍රාහ්මින්වරු වෙති. මෙය ධීවරයින් හැරුණු විට දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම ජනවාර්ගික කොටස වෙයි. විශ්ව බ්‍රාහ්මණවරු ආන්ද්‍ර ප්‍රදේශයේ මුළු ජනගහනයෙන් සියයට නමයකි.


ගෝවේ විශ්වජන බ්‍රාහ්මණයින් සිටිති. කුලල බ්‍රාහ්මණයින් (කුඹල් කරුවන්) නායි බ්‍රාහ්මණයින් (කරණවෑමි) මුස්ලිම් බ්‍රාහ්මණයින් (හුසේනි බ්‍රාහ්මණයින් වශයෙන් හැඳින්වෙන කොටස ) ආදීහු මුස්ලිම් අනාගත වක්තෘ මොහොමඩ් ගේ මුණුබුරා වූ ඉමාම් හුසේන්ගේ ගෝලයෝ වෙති. (මෙම මුස්ලිම්වරු පිළිබඳ වැඩි විස්තර පහත පලවේ.)

ක්ෂත්‍රියයන්ගේ ගති ලක්ෂණ රැගත් බ්‍රාහ්මණයින් 'බ්‍රාහ්ම ක්ෂත්‍රියාස්' යනුවෙන් හැඳින්වේ. උදාහරණයක් දැක්වහොත් හයිහෙයස් 21 වතාවක් විනාශ කළ පර්ශූරාම අවතාරය ගත හැකිය. පර්ශූරාම මුණිවරයා රණශූරයෙකු පමණක් නොවේ. ඔහු කෙතරම් බලසම්පන්නදැයි කිවහොත් ඔහුට කිසිදු ආයුධයක් නොමැතිව සටන් කළ හැකිය. ඵසේම ඔහු ආයුධ නොමැතිව සටන් කිරීමට වෙනත් අය පුහුණු කිරීම ද කළේය. පල්ලවවරු බ්‍රාහ්මණ ක්ෂත්‍රීයවරුන්ගේ ආදර්ශයක් වන්නේ ඔවුන් ඵ් නම ඔවුන් හඳුනාගැනීම පිණිස යොදාගන්නා බැවිනි. බොහෝ ඉතිහාසඥයින්ට අනුව කාෂ්මීරයේ ලලිතාදිත්‍ය මුක්තාපිඩ මුළු ඉන්දියාවත් මධ්‍යම ආසියාවත් පාලනය කර ඇත.

වර්තමානයේද බ්‍රාහ්මක්ෂත්‍රිය කුලය තිබේ. ඔවුන් ඛත්රි වර්ගයක් වෙති. කෙසේ වෙතත් මෙය තරමක් දුරට අවිශ්වාස සහගතය. මන්ද යත් ඛත්රිවරුන් පන්ජාබයේ වෛශ්‍ය කුලයට අයත් ව්‍යාපාරික ප්‍රජාවකි. ක්ෂත්‍රිය යන්නෙහි වෙනස් විමක් ලෙස ඛත්රි යන්න බොහෝ විට වැරදි ලෙස අර්ථකථනය කර ඇත. ක්ෂත්‍රිය යන්නෙහි තේරුම සටන්කාමීන් යන්නයි. කෙසේ වෙතත් ඉන්දියන් ඉතිහාසය තුළ ඛත්රි රාජධානියක් හෝ අධිරාජ්‍යයක් තිබුණු බවට වාර්තා දක්නට නොලැබේ. ක්ෂත්‍රීය යන වචනයේ වර්තමාන භාවිතය 20 වෙනි ශත වර්ෂයේ තරම් මෑතක දී ඇති වූ ඵකකි.

සමහර විට බ්‍රහ්ම - ක්ෂත්‍රීය යන වචනය එම කුල දෙකේම උරුමය තිබෙන පුද්ගලයෙකුට ගැලපෙයි. කෙසේ වෙතත් රාජකීය රාජ්පුට් නිවෙස්වල පෞද්ගලික ගුරුවරුන් හා ආරක්ෂකයින් වූ බ්‍රාහ්මණ වංශිකයෝ රාජ පුරෝහිත තනතුරට උසස් වීම් ලබා කුමාරවරුනට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඇතුළුව සියලු දේ ඉගැන්වූහ. ඔව්හු ඊට අමතරව රාජකීය පෙළපත හා එහි ඉතිහාසය සටහන් කිරීමේ කාර්යය ද කළහ. රාජ්‍ය උරුමක්කාරයාගේ මව්පියන් දෙදෙනාම නැතිව ඔහු අනාථ වූ අවස්ථාවල දී ඔව්හු රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙසද කටයුතු කළහ.

ක්ෂත්‍රියන්, බ්‍රාහ්මින් යනු කුල දෙකේම සම්බන්ධයක් තිබෙන ජනතාව හා බැඳුනු යෙදුමකි.

සුත නම් කුලයේ අය රථාචාර්යවරු වූහ. ඔවුන් පැවත එන්නේ ක්ෂත්‍රීය පියෙකුගේ සහ බ්‍රාහ්මණ මවකගෙනි.

චම්පා රාජධානියේ (වියට්නාම්) රජු වූ රුද්‍රවර්මගේ (ක්‍රි.ව. 657) පියා බ්‍රාහ්මණ වංශිකයෙකි.

කාම්බෝජයේ 1 වැනි ජයවර්ම රජු (ක්‍රි.ව. 781) බ්‍රාහ්මණ - ක්ෂත්‍රිය වංශිකයෙකි.

වෛශ්‍ය නොහොත් වෙළෙඳ කුලයක ගුණාංගවලින් යුත් බ්‍රාහ්මණයින් හැඳින්වෙන්නේ "බ්‍රහ්ම්ව්‍යාස්‍ය" යනුවෙනි. එවන් අය සඳහා උදාහරණයක් ලෙස දකුණු ඉන්දියාවේ සහ බෙංගාලයේ සමහර පෙදෙස්වල සිටින අම්බස්ථ කුලයේ ජනතාව පෙන්වා දිය හැක. ඔව්හු වෙද හෙදකම් කරති. ඔව්හු පුරාණ කාලයේ සිටම ආයුර්වේදය භාවිතා කළ වෛද්‍යවරු වූහ.

සෑදල සාදන ජින්ගර් කුලය (සන්ගර් ගෝත්‍රය) බ්‍රාහ්මණයින් යයි කියනු ලැබේ.

දකුණු ඉන්දියාවේ බොහෝ පල්ලිවරු බ්‍රාහ්මණ වංශිකයෝ ලෙස විස්තර කර ඇත. (ඉතිරි අය අග්නිකුල ක්ෂත්‍රීයයන් වෙති.) කුලමන් පල්ලිවරුනට කුලමන් බ්‍රාහ්මණයින් ලෙස නමක් පටබැඳ ඇත.

නූතන ඉන්දියාවට බ්‍රාහ්මණ දායකත්වය[සංස්කරණය]

නූතන ඉන්දියාවේ හා ලෝකයේ වෙනත් රටවල සාහිත්‍යය, විද්‍යාව, තාක්ෂණය, දේශපාලනය, සංස්කෘතිය සහ ආගම් වැනි විවිධ ක්ෂේත්‍රවලට බ්‍රාහ්මණයින්ගෙන් ලැබී ඇති දායකත්වය අති විශාලය.

සංස්කෘතිය රැකගනිමින්, ඉන්දියානු සමාජයට ජීවය දෙමින්, දැනීම බෙදා හැරීමේදී අවුරුදු දහස් ගණනක් තුළ අති විශේෂ කාර්ය භාරයක් බ්‍රාහ්මණයින් විසින් කර ඇත්තේය. මෑත කාලයේ නිදහස ලබා ගැනීමේදී සහ ජාතිය ගොඩ නැගීමේ කාර්යයේ දී බ්‍රාහ්මණයින් ඔවුනගේ ධෛර්යවන්තභාවය සිරිත් පරිදි පෙන්වා සිටියහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගෙන ගිය අරගලවල දී බ්‍රාහ්මණ වංශිකයින්ගෙන් ලද දායකත්වය අති මහත්ය.

අධිකරණයේ නොයෙක් ක්ෂේත්‍රවල දී ඔවුනගේ කාර්යභාරය සහ සහභාගීත්වය ඉතා විශාල විය. ඉන්දීය නිදහස් අරගලය පැවති කාල සීමාවේ මංගල් පාණ්ඩේ, නානා සහීබ්, ජන්සිහි රාණි ලක්ෂ්මී බායි, තත්යා තෝප්, චන්ද්‍රශේඛර්, අසාද්, ඩබ්ලිව්.සී.බෙනර්ජි, බල්ගන්ගධාර් තිලක්, ස්වාමි සහජනන්ද් සරස්වතී, ගෝපාල් ක්‍රිෂ්ණ ගෝඛලේ, රාජ්ගුරු, රාම්ප්‍රසාද් බිස්මිල්, විනායක් දමෝදර් සවර්කාර්, සී.රාජගෝපාලචාරී, ගෝබින්ද් බලාබ් පන්ත්, කම්ලාපති ත්‍රීපති, රවිශංකර් ශුක්ලා, කෛලාශ්නාත් කට්ජු, ශ්‍රීමත් තේජ් බහදූර් සප්රූ, මෝතිලාල් නේරු, ඩී.පී.මිස්රා ශ්‍යාම ප්‍රසාද් මුඛර්ජි, බසවන් සිං (සිංහ) වැනි බොහෝ බ්‍රාහ්මණ වංශිකයින් ඉන්දියන් නිදහස් අරගලයේ ද පසුව දේශපාලනයේ ද පෙරමුණ ගත්තෝ වූහ. ඉන්දියාවේ පළමු අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු ද, ඉන්දියාවේ පළමු උප ජනාධිපති වූ සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් ද බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. එපමණක් නොව කෘතහස්ත කොමියුනිස්ට් නායකයෙකු වූ මනබේන්ද්‍රනාත් රෝයි වැන්නන් ද, ඊ.ඇම්.ඇස්.නම්බුදිරිපාද්, හිරේන් මුඛර්ජි, එස්.එම්.දාන්තේ සහ තවත් බොහෝ බ්‍රාහ්මණ වංශිකයින් ඒ අතර වූහ.

ඉන්දියාවේ අගමැති පදවියට පත් වූ අනෙක් බ්‍රාහ්මණයින් වූයේ ඉන්දිරා ගාන්ධි, මොරාජි දේසායි, පී.වී.නරසිංහ රාඕ සහ අතල් බිහාරි වජ්පායි වැනි අයයි.

බ්‍රාහ්මණ වංශයේ ලේඛකයින් හා උගතුන් අතර පානිනී, පතංජලී, කාලිදාස්, චානක්‍ය, බාන්භාත්, ගෝස්වාමි තුල්සිදාස්, සර්දාස්, දයනේශ්වර්, ඒක්නාත්, සම්රත් රාම්දාස්, නොබෙල් සම්මාන ලාභී රවින්ද්‍රනාත් තාගොර් සහ v.s.නායිපෝල් මෙන්ම ජිද්දු ක්‍රිෂ්ණමූර්ති මහ පණ්ඩිත් රාහුල් සංක්‍රිත්යානන්, හසරි ප්‍රසාද් ද්විවේදී, සුමිත්‍රානන්දන් පාන්ට්, සුබ්‍රමන්‍යා භාරතී, තාරා ශංකර් බන්ධෝපධ්‍යාය, රාම්දරි සිංග් 'දින්කර්', සූර්ය කාන්ත් ත්‍රීපති නිරාලා, සරත්චන්ද්‍ර වට්ටෝපධ්‍යාය, බන්කිම් චන්ද්‍ර චැටර්ජී, ශ්‍රී ලාල් ශුක්ලා සහ මනෝහර් ශ්‍යාම් ජෝශි, මහා උර්දු කවියා වූ අල්ලමා ඉක්බාල්, කාන්වීර සප්රූ යනාදීහු බ්‍රාහ්මණ වංශික පවුල් වලින් පැවත ආ අය වූහ. පන්ඩුරංග්, වාමන කනේ, රාම්ෂරන් ෂර්මා සහ දෙබිප්‍රසාද් චට්ටෝපධ්‍යාය යනාදීහු අනෙකුත් බ්‍රාහ්මණ වංශික උගත්තු වූහ.

ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ විද්‍යාඥයින් අතර ආර්යභට්ට, වරහමිහිර, බ්‍රහ්මගුප්ත, නෝබල් සම්මානලාභී ශ්‍රීමත් C.V.රාමන්, සහ ඔහුගේ ඥාති පුත්‍ර සුබ්‍රමනියම් චන්ද්‍රශේඛර්, කෘෂි විද්‍යාඥ M.S.ස්වාමිනාදන් මානව සමාජ විද්‍යාඥ M.N.ශ්‍රී නිවාස රාමනුජන් ආදීහු වූහ.

ක්‍රීඩා ක්ෂේත්‍රය ගෙන බැලූ විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සචින් තෙන්ඩුල්කාර්, සුනිල් ගවස්කාර්, රවි ශාස්ත්‍රී, සෞරව් ගංගුලි, රාහුල් ඩ්‍රාවිඩ්, V.V.S.ලක්ෂ්මන්, අනිල් කුම්බ්ලේ, ඉසාන්ත් ශර්මා සහ තවත් බොහෝ දෙනෙක් සහ ලෝක චෙස් ශූර විශ්වනාදන් ආනන්ද් ආදීහු බ්‍රාහ්මණ වංශිකයෝ වූහ.

සංගීතය, චිත්‍රපට, හා වෙනත් විනෝදාංශ වලදී කියැවෙන ලතා මංගෙෂ්කාර්, හ්රිෂිකේශ් මුඛර්ජි, බාසු චැටර්ජි, අශෝක් කුමාර්, කිශෝර් කුමාර්, අභිජිත්, අල්කා යාග්නික්, මධුරී ඩික්ෂිත්, සහ තවත් බොහෝ දෙනෙක්ද, බ්‍රාහ්මණ වංශිකයෝය. තන්සෙන් යන නමින් හැඳින්වෙන අක්බාර් රජුගේ රාජ සභාවේ සිටි අද්විතීය සංගීතඥයා උපතින්ම බ්‍රාහ්මණයෙකි. ඒ හැරුණු විට අනූපම් ඛේර්, මෞසුමී චැටර්ජි, චන්කි පාන්ඩේ, හේමා මාලිනී, ආදීහු ද බ්‍රාහ්මණ වංශිකයෝය.


සටහන්[සංස්කරණය]

| Brahmin Brahmin communities |-