භික්ෂුණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
භික්ඛුණී
පරිවර්තන
ඉංග්‍රීසිnun
පාලිභික්ඛුණී
සංස්කෘතbhikṣuṇī
බුරුමဘိက္ခုနီ
(IPA: [beiʔkʰṵnì])
චීන比丘尼
(පින්යින්bǐqiūní)
ජපන්比丘尼/尼
(rōmaji: bikuni/ama)
ඛෙමර්ភិក្ខុនី
(Phikkhonei)
කොරියානු비구니
(ප්‍ර.රෝ.: biguni)
සිංහලභික්ෂුණිය
තායිภิกษุณี
(සැකිල්ල:IPA-th)
වියට්නාමTỉ-khâu-ni
බුදු දහම ශබ්ද මාලාව

භික්ෂුණි හෙවත් මෙහෙණි යනු පැවිද්ද හා උපසම්පදාව ලද කාන්තාවෝ වෙති. පැවිදි පුරුෂ පක්ෂය හඳුන්වන්නේ භික්ෂු නමිනි. මෙම භික්ෂු සහ භික්ෂුණියන් එක්තරා විනය පටිපාටියකට අනුව ජීවත් වෙති. කොරියාව, වියට්නාමය හා තායිවානය වැනි මහායාන බුද්ධාගම පවතින රටවල භික්ෂුණි පරපම්පරාවෙහි පුළුල් පදනමක් තිබේ.

ඕනැම සම්මා සම්බුදු කෙනෙකු ම ස්ත්‍රී පක්ෂයටද පුරුෂ පක්ෂයට මෙන්ම නිර්වාණය හෙවත් සත්‍යාවබෝධය ලඟාකර ගැනීමට හැකියාවක් තිබෙන බව දේශනා කළ හෙයිනි. ඔවුනටද මාර්ගඵල ලැබීමට හැකි බව බුදුන් වහන්සේලා දේශනා කළහ. ගැහැණුන්ගේ අධ්‍යාත්මික විමුක්තියේ ඉහල මට්ටම් විස්තර කරන ථෙරිගාථා හා ආපදාන වැන්නට සමාන කෘතින් වෙනත් සම්ප්‍රදායන්හි සාමාන්‍යයෙන් දක්නට නොලැබේ. මෙයට සමාන ස්වභාවයකින් පද්ම සූත්‍ර වැනි ප්‍රධාන මහායාන ලේඛන වල (පරි. 12) 6000 ක් රහත් භික්ෂුණින් වහන්සේලා ශාක්‍ය මූණි බුදුන්ගෙන් බෝධි සත්ව හා අනාගත බුද්ධත්වය සම්බන්ධයෙන් විවරණ ලද බව සඳහන් වේ. ස්ත්‍රීන්ට අධ්‍යාත්මික විමුක්තියේ ඉහල මට්ටම් වලට ළඟා වීම සඳහා පුහුණු වීමට සහ අපේක්ෂා තබා ගැනීමේ හැකියාව බුදු දහම තුල තිබේ.

අතීතය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

ගෞතම බුදුසසුනේ භික්ෂුණි ශාසනය ආරම්භ කරන ලද්දේ ගෞතම බුදුන් වහන්සේ විසිනි. ඒ උන් වහන්සේගේ සුලු මව වූ මහාප්‍රජාපති ගෝතමියගේ ඉල්ලීමක් අනුවයි. මෙම ඉල්ලීම බුදුන් වහන්සේ වෙත සැල කර සිටින ලද්දේ බුදුන් වහන්සේගේ අග්‍රඋපස්තායක ලෙස කටයුතු කළ ආනන්ද තෙරුන්ගේ මාර්ගයෙනි.

අෂ්ඨ ගරු ධර්ම[සංස්කරණය]

භික්ෂුණී ශාසනය ඇති කිරීමේ දී බුදුන් වහන්සේ ගරු ධර්ම අටක් පැණවූ සේක. විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ සඳහන් වන පරිදි එම ගරු ධර්ම අට මෙසේ ය.[1]

ඔබ මහණ දමෙහි අවුරුදු සියයක් සිටියේ වී නමුදු එදිනම පැවිදි වූ භික්ෂුණ් වහන්සේ නමක් දුටුවහොත් හුනස්නෙන් නැගිට ඔහුට ගරු කර දෙඅත් එක්කර අචාර කළ යුතුය.
  1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුව ද උපසම්පන්න වූ භික්ෂුවට වැඳුම් පිදුම් කිරීම, හුනස්නෙන් නැගිටීම ආදී ගෞරව කළ යුතු වේ.
  1. භික්ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක් නොමැති ප්‍රදේශයක මෙහෙණවරක වස් නොවැඩිය යුතු වේ.
  2. අඩ මසක් පාසා භික්ෂුණින් විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතු ය.
  3. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය
  4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු , භික්ෂුණි යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතු ය.
  5. ඇවැතකට පත් භික්ෂුණිය දෙසතියකට නො අඩු කාලයක් උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතු ය.
  6. උපසම්පදාව ලබනු කැමති මෙහෙණිය දෙවරසක් ම ශික්ෂා මානකව සිටිය යුතු ය.
  7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට අක්‍රෝශ පරිභව නොකළ යුතු ය.
  8. භික්ෂුණිය විසින් භික්ෂුන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂුන්ගේ අවවාද පිළිගත යුතු ය.

මහාප්‍රජාපතී ගෝතමිය නම් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මවකි. එබැවින් ඇය සසුනට ඇතුලත්වීමෙන් පසු ඇයට සසුනේ අගතැන දීමට ත් විශේෂ සැලකිලි දැක්වීමටත් අනෙක් භික්ෂු ,භික්ෂුණීන් පෙළඹෙයි. ඒ ගරු සත්කාර ලබන විට ඇය තුල මාන්නය වැඩීවේ. මෙනිසා මග ඵල ලැබීමට නොහැකි වේ. ඒ බුද්ධ මාතාවගේ මාන්නය දුරු කිරීම සදහා සම්බුදු හිමියන් මෙම අෂ්ඨ ගරුධර්ම උපසම්පදාව මහා ප්‍රජා පතී ගෝතමීන් වහන්සේට අනුදැන වදාලසේක. අඩ්ඩකේසී මෙහෙණීන් වහන්සේට ධූතාන්ග උපසම්පදාව දුන්සේක.ඛේමා මහරහත් තෙරණියට ප්‍රක්ඥප්ති කර උපසම්පදාව දුන්සේක. උප්පලවන්නා මහරහත්තෙරණීයට අට්ඨ වාචික උපසම්පදාව දුන්සේක.‍කිසා ගෝතමී තෙරණියට අඨ්ටාවාචක උපසම්පදාව දුන්සේක. බොහෝ භීක්ෂුණීන් සරණා ගමන උපසම්පදාවේ පිහිටි සේක.


" භික්ඛු භික්ඛුණී, ස්ත්‍රී පුරුෂ, සමානාත්මතාව මනාව වටහාදීම සදහා අග්‍රශ්‍රාවක අග්‍ර ශ්‍රාවිකා නතුරු සමානව දීම තුලින්ම මනාව වැටහේ.

තමන්ට අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා භික්ෂුණියක් තෝරා ගැනීමේ අයිතිවාසිකමද භික්ෂුණියට ලබාදුන්සේක..ඒසදහා භික්ෂුණින් සියලු දෙනා කැමති විය යුතු වීමය.

ථෙරවාදි භික්ෂුණීන්[සංස්කරණය]

ථෙරවාදී භික්ෂනීන්ගේ සාම්ප්‍රදායික පෙනුම සාමාන්‍යයෙන් භික්ෂූන්ට සමාවිය. ඔව්හුද හිස මුඩු කර සිවුරු භාවිතා කලහ. සම්පූර්ණ පැවිදි බව නොලැබූ අය සුදු හෝ රෝස පැහැති සිවුරු හඳිති. සමහර රටවල් වල තද චොකලට් පැහැති සිවුරු හඳින අතර, ඇතැම් විට භික්ෂුන්ගේ සිවුරු ආකාරයටම හඳිති.භික්ෂුණි පරම්පරාව 11 සිට 13 වෙනි සියවස දක්වා පැවතුන බව ථෙරවාද සම්ප්‍රදායෙහි උගතුන් කියති. මෙයින් පසුව නව භික්ෂුණින් නොමැති වූයේ ඔවුන් පැවිදි කිරිමට භික්ෂුණියන් නොසිටි හෙයිනි.

මෙනිසා බුරුමය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි ථෙරවාද ර‍ටවල් භීක්ෂුණී සාසනය ලොවේ නොපවතිත බව සලකයි. එවැන්නක් ඇතිනම් එම භික්ෂුණී උපසම්පදාව 'ව්‍යාජ' ලෙස සළකයි. නමුත් කසාව කන්ඨකයා දක්වාම භික්ෂුන්වහන්සේ ලව පිළිගනී. භික්ෂුණීන් වහන්සේ වද පිළිගෙන .උභ සංඝයාම ලිළිගත යුතුයි.එවිට දෙන දානයේ අනුසස් වැඩිවේ.

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දස සිල් මාතාවෝ[සංස්කරණය]

සිල් මාතාවන් යනු කේමා උත්පල වන්නා දී මහරහත් තෙරණියන් අනුගමනය කරමින් සියළු ගිහි කටයුතු අතහැර මගඵල ලැබීමට කටයුතු කරන උතුම් පිරිසකි. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ මෙම උතුම් මිනිස් ආත්මයෙන් උපරිම ඵල ලබාගැනීමයි. ඒ සදහා සීලය මුල් වෙයි. අධි සීලය තුලින අධි ප්‍රඤ්ඥා අධිපඤ්ඤඥාව තුලින් අධි සමාධිය ලබයි. මොවුහු භික්ෂූනීහු නොවෙති. භිකිෂුණීහු සම්බුදු සසුනේ පැවිදිව දසිල් මනාව ප්‍රගුණ කර සාමණේරී සීලයේ පිහිටා අනතුරුව සරණා ගමන උපසම්පදාවේ පිහිටා අධිසිල් අධිෂ්ඨාන කර පිළිවෙත් පුරයි. ශ්‍රී ලංකාවේ ස සිල් මාතා පිරිසක් මිස භික්ෂුණී ශාසනයක් නොවේ. දස සිල් මාතාවන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබෙයි.

ශ්‍රී ලංකාවේ භික්ෂුණී[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ භික්‍ෂුණී සාසනය ආරම්භවූයේ සංඝමිත්තා තෙරණිය මගිනි. පසු කලෙක භික්‍ෂු සාසනය මෙන්ම භික්ෂුණී සාසනයද ලක්දිවෙන් අතුරුදන් විය. සියම, බුරුමය සහ කාම්බෛා්ජය යන ථේරවාද රටවලින් උපසම්පදාව ගෙන ලක්දිව භික්‍ෂු සාසනය නැවත ආරම්භකලද කිසිදු ථේරවාද රටක භික්‍ෂුණී සාසනය ඉත්ර්ව නොතිබූ බැවින් නැවත භික්‍ෂුණී සාසනය උආරම්භ කිරීමට නොහැකි විය. 1990 දශකයේදී ශ්‍රී ලංකික ගිහි කාන්තාවන් සහ දස සිල් මාතාවන් පිරිසක් උපසම්පදා විනය කර්මයක් සිදුකර භික්‍ෂූණීන් බවට පත්වූ පව ප්‍රකාශකරන ලදී. ශ්‍රී ලංකාවේ තුන් නිකායෙන් සියළු අනු නිකායන් ඇතුළුව අමරපුර මහ නිකාය සහ රාමඥ්ඥ නිකාය මෙම උපසපදාව විනය විරෝධී යන ස්ථාවරයේ පිහිටයි. සියම් නිකාය අයත් රංගිරි දඹුළු සංඝ සභ‍ාව හැර අන් සියළු පාර්ශවද එම ස්ථාවරයම දරයි. ශ්‍රී ලංකා රජයද එරට භික්‍ෂුණී සාසනයක් ඇතැයි පිලිනොගනී. [2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සමිත හිමි, ලේල්වල (2017 සැප්තැම්බර් 05). "මෙහෙණි සසුන ඇරඹි බිනර පොහොය". බුදුසරණ - අන්තර්ජාල කලාපය. Retrieved 2019 ඔක්තෝම්බර් 12. Check date values in: |access-date=, |date= (help)
  2. http://www.divaina.com/2014/05/09/news22.html
"https://si.wikipedia.org/w/index.php?title=භික්ෂුණිය&oldid=442178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි