මෛත්‍රී බුදුරජාණන් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
Maitreya Buddha the next Buddha.jpg
බෝධිය: නා
අගසවු: {{{අගසවු}}}
බුදුවූ දිනය: {{{බුදුවූ දිනය}}}
බුදුවූ ස්ථානය: {{{බුදුවූ ස්ථානය}}}
පරිනිර්වාණය සිදුවූ දිනය: {{{පරිනිර්වාණය සිදුවූ දිනය}}}
ගිහිකල නම: {{{ගිහිකල නම}}}
පූර්වප්‍රාප්තික: ගෞතම බුදුරජාණන් වහන්සේ
අනුප්‍රාප්තික: {{{අනුප්‍රාප්තික}}}
පරිනිර්වාණය සිදුවූ ස්ථානය: {{{පරිනිර්වාණය සිදුවූ ස්ථානය}}}
කල්පය: භද්‍ර
නියත විවරණ දුන්නේ: {{{නියත විවරණ දුන්නේ}}}

මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් බුදුරජාණන් වහන්සේ වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට නියත විවරණ ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලැබුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය.

අවසන් වරට නියත විවරණ ලැබීම[සංස්කරණය කරන්න]

මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ පාරමිතා පිරීම අවසන් වන අතර බුද්ධත්වය ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ මව වූ මහාමායා දේවිය මිය යෑමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා ලෙස වේ. බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කරමිනි.

වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "දේවාවරෝහණය" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.

එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ සැරියුත් මහ රහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මහණ වන්නේය.

මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා බුදුරජාණන් වහන්සේට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.

මෙලොව පහල වීම[සංස්කරණය කරන්න]

සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියළුම මහා බෝසතාණන් වහන්සේලාට පොදු වූ ධර්මතාවයකි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නැවත මෙලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.

එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැබ්ගනී.

කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම (අභිනිෂ්ක්‍රමණය)[සංස්කරණය කරන්න]

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය.

බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය[සංස්කරණය කරන්න]

සතර පෙර නිමිති දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින් උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට වෙහෙසෙති. ගිහි ගෙය හැර සතියකට පසු චන්ද්‍රමුඛී නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති.උන්වහන්සේ බුදුවීමට උත්සාහ දරනු සැලවන මාරයා සිය දස බිබ්බරක් මාර සෙනග කැටුව බෝ මැඩ දෙසට පැමිණෙන්නට වත්ම උන්වහන්සේගේ තේජාන්විත භාවය දැක අතිශයින් බියට පත්ව පලායන අතර ඵයට හේතු වනුයේ‍ සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා උන්වහන්සේ පිරූ පාරමිතාවන්හි බල මහිමයයි. ඉන්පසු චතුරාංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනයේ වැඩ සිට උතුම් වූ බුද්ධත්වයට පත්වන්නාහ.

බුද්ධ ශාසනය[සංස්කරණය කරන්න]

මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන මහ තෙරුන් වහන්සේලාය. අග්‍ර උපස්ථායක සහ ධර්ම භාණ්ඩාගාරික වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසන උන්වහන්සේ පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ මහා භද්‍ර කල්පය නිමාවට පත් වෙයි.