බුරුමයේ බුද්ධාගම

විකිපීඩියා වෙතින්
(මියන්මාරයේ බුද්ධාගම වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

බුරුමයේ බුද්ධාගම (මියන්මාරය ලෙසද හැඳින්වේ) යනු, ප්‍රධාන වශයෙන්, රටෙහි ජනගහණයෙන් 89% ක් විසින් අනුගමනය කෙරෙන, ථේරවාද සම්ප්‍රදායය වෙයි.

වර්ථමානයේ මියන්මාර් නමින් හදින්වුවද නුදුරු අතීතයේ බුරුමය නමින්ද ඊටත් පෙර මරම්ම දේශය, රාමඤ්ඤ දේශය නමින්ද හැදින්විනි. අශෝක රජතුමා විසින් ධර්ම ප්‍රචාරය සදහා යැවූ සෝණ හා උත්තර යන හිමි වරුන් වැඩියේයැයි සදහන් වන ස්වර්ණ භූමිය මියෙන්මාර හෙවත් බුරුම දේශය බව එරට බොදුනුවෝ පිළිගනිති. එරට ඉතිහාසයේ පැවති බෞද්ධ රාජ්ය දෙකක් ලෙස හංසවතී රාජ්ය සහ සුධම්මවතී රාජ්ය හදුන්වා දිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=බුරුමයේ_බුද්ධාගම&oldid=474350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි