බෞද්ධ භාවනා
බුදු දහමේ උගන්වන භාවනා බෞද්ධ භාවනා නම් වේ.
අරමුණු
[සංස්කරණය]- සමාධිය වැඩීම.
- විමුක්තිය
භාවනා වර්ග
[සංස්කරණය]- සමථ භාවනාව හෙවත් කර්මස්ථාන භාවනාව
- විදර්ශනා භාවනාව හෙවත් ත්‍රිලක්ෂණා භාවනාව
- යුගනද්ද භාවනාව හෙවත් සමථ විදර්ශනා එකවර වැඩීම
කර්මස්ථාන
[සංස්කරණය]දස කසින
[සංස්කරණය]කසින භාවනාවන් 10 කි. ඒවා මෙසේය. 1. පඨවී කසිණ භාවනාව, 2. ආපෝ කසිණ භාවනාව, 3. වායෝ කසිණ භාවනාව, 4. තේජෝ කසිණ භාවනාව, 5.නීල කසිණ භාවනාව, 6. පීත කසිණ භාවනාව, 7. ලෝහිත කසිණ භාවනාව, 8. ඕදාත කසිණ භාවනාව, 9. ආකාස කසිණ භාවනාව, 10. ආලෝක කසිණ භාවනාව යනුවෙනි.
දහ අසුබ
[සංස්කරණය]www.bawanawa.wordpress.com බලන්න.
එම දස අසුබ නම්
1. උද්ධුමාතකය (ඉදිමී ගිය මළ සිරුර) 2. විනීලික (නිල් වූ මළ සිරුර) 3. විපුබ්බත (සැරව වැගිරෙන මළ සිරුර) 4. විචිජිද්දක (සිදුරු වී සුන් වී ගිය මළ සිරුර) 5. වික්ඛායිතක (සතුන් විසින් එහා මෙහා අදිමින් මස් කඩා කනු ලබන මළ සිරුර) 6. වික්ඛිත්තක (සතුන් විසින් කඩා තැන් තැන් වල විසුරුවා ඇති මළ සිරුර) 7. හත වික්ඛිත්තක ( ඒ ඒ තැන විසුරුවන ලද කොටස් ඇති මළ සිරුර) 8. ලොහිතක ( ලේ වැගිරෙන මළ සිරුර) 9. පුලවක (පණුවන්ගෙන් ගැවසීගත් මළ සිරුර) 10. අට්ඨික (ඇට සැකිලි බවට පත් වූ මළ සිරුර)
අසුභ භාවනාව
අසුභ භාවනාව තිබෙන්නේ මහා සතිපට්ඨාන සූත්ර දේශනාව තුළ යි. මේ භාවනාව අපිට බොහෝ ම පිහිට පිණිස, පිළිසරණ පිණිස, සැපය පිණිස උපකාරවන භාවනාවක්. එතකොට මූලික වශයෙන් ඒ භාවනාව තුළ කොටස් දෙකක් තිබෙන බව තේරුම්ගන්ට ඕන. එක කොටසකදි අපි තමන්ගේ ශරීරයේ කුණප කොටස් තිස්දෙක ගැන සිහිකරනව. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇට මිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්ර.. මේ විදිහට ඊලඟට අපි තමන්ගෙ ශරීරයත්, අනුන්ගේ ශරීර ගැනත් අපි කල්පණා කරනව. ඒ ශරීර හටගන්නා ආකාරයත් නැතිවෙලා යන ආකාරයත් අපි මෙනෙහි කරනව. එතකොට ඒ පළවෙනි කොටසෙදි අපි සමථ භාවනාව පුරුදුවෙනව. දෙවෙනි කොටසෙදි පුරුදුවෙන්නේ විදර්ශනා භාවනාව යි.
සමථ භාවනාව පුරුදුවීමෙන් අපේ හිතේ තිබෙන රාගය දුරුවෙන්ට පටන් ගන්නව. රාගය දුරුවීමෙන් සිත නිදහස් වෙනව. රාගය දුරු වීම නිසා සිතේ උපදින නිදහස්වීමට කියනව "චේතෝවිමුක්තිය" කියල. එතකොට අපිට "චේතෝවිමුක්තිය" උපදවගැනීම පිණිස ඒ ශරීරයේ කොටස් සිහිකරමින් කරන භාවනාව උපකාර වෙනව.
ඊලඟට මේ භාවනාවේදී ශරීරය හටගන්නා ආකාරයත්, නැතිවෙලා යන ආකාරයත් ගැනත් මෙනෙහි කරනව. එතෙන්දි කෙරෙන්නෙ විදර්ශනා භාවනාව යි. ඒ විදර්ශනා භාවනාව පුරුදුකිරීමෙන් අපි තුළ අවිද්යාව දුරු වෙලා යනව. අවිද්යාව කියල කියන්නෙ ආර්ය සත්යය පිළිබඳ තිබෙන නොදන්නාකම. අවිද්යාව දුරුවීමෙන් විද්යාව පහළවෙනව. එතකොට අවිද්යාව දුරුවුනහම සිත අවිද්යාවෙන් නිදහස් වෙනව. එතකොට අවිද්යාව දුරුවීමෙන් සිත නිදහස්වීමට කියනව "ප්රඥා විමුක්තිය" කියල. එතකොට මේ භාවනාව මඟින් සමථය පුරුදුවෙනව, විදර්ශනාව පුරුදුවෙනව. සමථය පුරුදුවීමෙන් රාගය දුරුවෙන්ට උදව්වෙනව. රාගය සම්පූර්ණයෙන් යම් කලෙක දුරුවෙලා ගියාම සිත නිදහස්වෙනව. ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "චේතෝවිමුක්තිය" යි. විදර්ශනාව පුරුදුවීමෙන් මොකක්ද වෙන්නෙ? අවිද්යාව දුරුවෙන්ට පටන්ගන්නව. අවිද්යාව සම්පුර්ණයෙන් දුරුවෙලා ගියාම සිත එයින් නිදහස්වෙනව. එතකොට ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "ප්රඥා විමුක්තිය" යි.
එතකොට මේ භාවනාව අපිට සමථය දියුණුකරගන්ටත් විදර්ශනාව දියුණුකරගන්ටත් උපකාරවෙනව වගේ ම චේතෝ විමුක්තිය ඇතිකරගන්ටත්, ප්රඥා විමුක්තිය ඇතිකරගන්ටත් උපකාර වෙනව. ඒ වගේම සතිපට්ඨානය සම්පුර්ණ කරගන්ට උදව්වෙනව. සමාධිය පරිපූර්ණ කරගන්ට මේ භාවනාව උදව්වෙනව. යම් කලෙක බොජ්ඣංග ධර්මයන් හතම උපදවගන්ට මේ භාවනාව උදව් වෙනව. එතකොට මෙබඳූ බොහෝ ප්රතිලාභ අත්කරගන්ට පුළුවන් භාවනාවක් තමයි අසුභ භාවනාව කියන්නෙ.
දස අනුස්සති
[සංස්කරණය]1. බුද්ධානුස්සති, 2. ධම්මානුස්සති, 3. සංඝානුස්සති, 4. සීලානුස්සති, 5. චාගානුස්සති, 6. කායානුස්සති, 7. දේවානුස්සති, 8. මරණානුස්සති, 9. ආනාපානසති, 10.උපසමානුස්සති යනුවෙනි.
බ්‍රහ්ම විහාර/ සතර බ්‍රහ්ම විහරණ
[සංස්කරණය]1. මෙත්තා, 2. කරුණා, 3. මුදිතා, 4. උපෙක්ඛා යනුවෙනි.
ආරුප‍්ප
[සංස්කරණය]චතුදාන වවත්ථාන
[සංස්කරණය]ධාතු යනු සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්‍රව්‍ය කියන අර්ථයයි. ධාතු මනසිකාරය වැඩිමෙන් අනත්ත හෙවත් තමාගේයයි කිසිවක් ගත නොහැකි බව අවබෝධ වේ. අනත්තානුපස්සනාව වැඩේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියා ධාතු සයක් ඇත. පඨවි යනු තද ගතියට ය. ආපෝ යනු ඇලෙන වැගිරෙන ස්වභාවයට ය. තේජෝ යනු උෂ්ණත්වයට ය. වායෝ යනු සෙලවෙන ස්වභාවයට ය. සෑම වස්තුවකම ධාතු සතරම ඇත. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි බව අනුව විවිධාකාර වස්තූන් ඇති වී ඇත.
පඨවි ගතිය වැඩි වුනොත් ඒ වස්තුව සම් මස් නහර ඇට ගස් ගල් ලෝහ වර්ග වැනි තද දෙයක් බවට පත් වේ. ආපෝ ධාතුව යමක අධික වුනොත් සෙම සොටු ලේ සැරව ජලය වැනි ඇලෙන වැගිරෙන දෙයක් බවට පත් වේ. තේජෝ ධාතුව අධික වෙන්න වෙන්න රස්නය වැඩි වේ. ගින්නෙහි තේජෝ ධාතුව අධිකය. සුළගෙහි වායෝ ධාතුව අධිකය. එබැවින් වේගයෙන් චලනය වේ. අප කායික චලනයන් කරන්නේ ඒ ක්‍රියාව කිරීමට අවශ්‍ය සිතෙහි බලයෙන් ඒ අවශ්‍ය අවයවයේ උපන් වායෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයෙනි.
අයිස් කැටයක් ගැන සිතන්න. එය ඝණ වී ඇත්තේ පඨවි ගතිය අධික නිසා ය. අනෙක් ධාතු තුනත් එහි ඇත. රස්නය හෙවත් තේජෝ ගතිය වැඩි කලොත් ඒ අයිස් කැටය දිය වෙන්න පටන් ගනියි. එවිට ආපෝ ධාතුව ප්‍රකට වෙනවා. තව දුරටත් රත් කළ විට වාශ්ප වේ. එතවිට වායෝ ධාතුව ප්‍රකට වේ. මෙහි ධාතු ටිකක් හැර අයිස් කැටයක් කියා දෙයක් සත්‍ය වශයෙන් ම තිබෙනවා ද කියා සිතා බලන්න. ධාතු සතරට අයිස් කැටයක් කියා නමක් දී ඇත. මේ ධාතු සතර නිසා වර්ණය දිග පළල ආදී සටහන් මනසින් ඇති වී, ධාතු ගොඩකට ගැහැණියක්ය පිරිමියෙක්ය ලමයෙක් ය ගෙයක් ය ආදී වශයෙන් මුළාවට පත් වෙමු. ආකාශ ධාතුව යනු හිස් අවකාශය යි. විඤ්ඤාණය යනු රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ සහ මනසින් නොයෙක් අරමුණු දැනගැනීමට ය.
ධාතු මනසිකාර භාවනාවෙන් අරූප ධ්‍යාන ලබන ආකාරය ආනෙඤ්ජ සප්පාය, චූල සුචඤ්ඤත වැනි සූත්‍ර වළ තථාගතයන් වහන්සේ වදාළ සේක. එසේ නමුත් විශුද්ධි මාර්ගය, අභිධර්මාර්ථ සංග්‍රහය වැනි ටීකා සහ පොත්පත් වල ධාතු මනසිකාරයෙන් ධ්‍යානයක් හෝ ලබන්නට බැරි බව කියා ඇත. එය ඔවුන්ගේම මතයක් මිස බුද්ධ දේශනාවක් නොවන බව පැහැදිළි කරගත යුතුය. බෞද්ධයින් වශයෙන් අප ඒ ඒ පුද්ගලයින්ගේ මත නොව බුද්ධ දේශනාව පිළිගත යුතුය. මිසදුටු අදහස් දුරු කළ යුතුය.
- පියවර 1 - භාවනා කර පලපුරුද්දක් නැති කෙනෙකුට තමන් කළ දානමය පින්කම් (භික්ෂූන් වහන්සේලාට දුන් දානය හෝ තමන් දානයකට සහභාගි වූ අවස්තාවක්, දුගී මගී යාචකයින්ට දන් දුන් අවස්තාවන්, කඨින පින්කම් පිරිත් පින්කම්, සත්වයෙක්ව මරණයෙන් නිදහස් කරගැනීම ආදිය) සිහිපත් කරගෙන සිත එකග කරගන්න පුලුවන්. දන්දෙන්න අමාරුම දේ මොකක් දේ තණ්හාවයි. තණ්හාව තමයි දුක්ඛ සමුය කියන්නේ. තමන්ගේ ඡාග ගුනය සිහි කරගන්න. දෙයක් අත්හැරීමේ හැකියාව තමන්ටත් තියෙනවා කියලා සිතන්න. එවිට ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙලා සිත සමාධි වෙනවා.
- පියවර 2 - දැන් ධාතු මනසිකාරය වැඩිය යුතුය
අසූචි කියන්නේත් පඨවි ධාතුව. බාහිර අසූචි, අපි මම මගේ කියලා ගන්නේ නැහැනේ. බාහිර අසූචි පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ, මේ කයේ කෙස් පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න. මේ වගේ ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදය වස්තුව අක්මාව ආදී අනෙක් කොටස් ගැනත් මෙනෙහි කරගෙන යන්න. ඊලගට ආපේ ධාතුව. ඇලෙන වැගිරෙන ගතිය. බාහිර මුත්රාප වගේ දෙයක් ගැන හිතනවා. බාහිර මුත්රාබ පිළිකුලයි ආපෝ ධතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ පිත පිලිකුලයි ආපේ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ විදිහට සෙම සැරව ලේ දහඩිය වගේ ආපෝ ධාතු කොටස් භාවනා කරන්න.
ඊලගට තේජෝ ධාතුව - රස්නය හෝ සීතලට තේජෝ ධාතුව කියනවා. කුණු බක්කියකත් කුණු නිසා රස්නයක් ඇති වෙනවා. ඒ වගේම අපේ ශරීරයෙත් බැක්ටීරියා ආදිය නිසා රස්නයක් ඇති වෙනවා. කුණු බක්කියක ඇති රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කර අවබෝධ කරගන්න.
ඊලගට වායෝ ධාතුව - අපට ගන්ධය දැනෙන්නේ වායෝ ධාතුව හරහා. කුණු ගොඩක හෝ අසූචි ගොඩක දුර්ඝන්ධය පිළිකුළයි වායෝ ධාතුව මම නොවේ මගේ නොවේ. මේ කයේ හුස්ම පිළිකුලයි වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න.
බාහිර ලෝකයේ කඳු හෙල් සාගර ආදී සියල්ලම ධාතු වශයෙන් සලකා පහ කරන්න. මෙහෙම මෙනෙහි කළාම සිත ධාතු සතරෙන්ම මිදෙනවා. මෙතරම් කාලයක් මමය මගේය කියලා අල්ලාගෙන සිටි කුණු ජරාවන්ගෙන් සිත නිදහස් වෙනවා.
- පියවර 3 - අශුභ දේ සුභයි, අනිත්යි දේ නිත්යුයි, දුක් දේම සුඛයි කියන වැරදි සංඥා නිසා මගේය යන මුසාව ඇති වෙලා අනන්ත සසර අප මහත් පීඩාවට දුකට පත් වුණා. ඒ වැරදි සංඥා සහ ඉන් ඇති වූ මුසාවාද පරැසාවාච පිසුණාවාච ආදී දස අකුසලයට ලැජ්ජා වෙන්න පිළිකුල් කරන්න. එයට ඇති තණ්හාව දන් දෙන්න.
- පියවර 4 - දැන් සිතන්න, නිවන විතරයි සකස් කල දෙයක් නොවන්නේ, නොකැඩෙන්නේ නොබිඳෙන්නේ. සියලු දේ කැඩෙන බිදෙන බැවින් මුසාවන්. ‘තණ්හාව ක්ෂය වීම නිවනයි‘ යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ ඉන්ද්‍රියයන් සංවරව සිටිම හොඳ යයි නුවන ඇති කරගන්න. සියලු සත්වයෝ සිටින්නේ දුකේ බව සිතා සිංහල දෙමළ හිතවත් අහිතවත් ආදී සියලු කුළ පහ කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි, බාහිරව මෙත්තාව පතුරුවන්න.
සාරාංශය
තමන් කළ දානමය පුණ්‍යක්‍රියා මෙනෙහි කරන්න. ඊලගට, ධාතු මනසිකාරය වඩන්න. කයේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතූන් බාහිර අසූචි වැනි පිළිකුල් දෙයක් සමග සංසංන්දනාත්මකව මෙනෙහි කර තමා නොවන බව අවබෝධ කරගන්න. සුභයි සුඛයි මගේ කියා ගැනීම නිසා ඇති වෙන මුසාවට ලැජ්ජා වෙනවා පිළිකුල් කරනවා යයි එය පහ කරන්න. නිවන පමණයි සත්යක යනුවෙන් සච්චාදිට්ඨානය මෙනෙහි කරන්න. කිසිවක් මමය මගේයය් නොගෙන තමාට නොව බාහිරව අප්‍රමාණ වශයෙන් මෙත්තාව පතුරවන්න. චතුරාර්ය සත්‍යය අවබෝධ වේ.
විදර්ශනා භාවනාව
විදර්ශනාව යනු පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් සිහි නුවණින් මෙනෙහි කිරීමයි. බෞද්ධ භාවනා යනු ධර්මය ඉගෙනගෙන මෙනෙහි කිරිමකි. තමා තුළින් ධර්මය දැකීමකි.
1. දුක්ඛානුපස්සනාව
දුක්ඛාර්ය සත්‍ය පිලිබද අවබෝධයක් ඇති වීමට, සිතේ සමාධියක් ඇති වීමට, ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛය කෙටියෙන් හෝ මෙනෙහි කරන්න. අපායේ ඉපදීම දුකක්. තමන් අපායේ ඉපිද ඇති බව ඇති පිළිගෙන තියුණු හුල් වලින් ඇනීම, අත්පා කැපීම, මස් ගැලවීම, ලෝදිය පෙවීම වැනි දුක් වලට තමා පත් වී ඇති බව මෙනෙහි කරන්න. ප්‍රේත ලෝකයේ ඉපිද ගින්නෙන් පිච්චෙමින් අසූචි මළමුත්රා ආදිය අනුභව කරමින් අවුරුදු දහස් ගනන් දුක් වින්ද බව මෙනෙහි කරන්න. තිරිසන් අපායේ ඉපිද ගවයින් වැනි සතුන් වෙලා ජීවිත කාලයම බර වැඩ අරගෙන මැරූ අවස්තා වල ගලා ගිය ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩි බව මෙනෙහි කරන්න. මිනිසෙකු වශයෙන් ඉපිද කුඩා කල හෙලවෙන්නට වත් කථා කරන්නටවත් බැරිව දුක් වින්ද හැටි, ඉගෙනගන්න, රැකියාවල් කරන්න දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. අකීකරු දරුවන් ස්වාමි භාර්යාවන් නිසා දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. නොයෙක් රෝග වැළදී දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. පිළිකා අපස්මාර මොලේ ගෙඩි වකුගඩු රෝග වැනි දරැණු ලෙඩ තමාටත් ඕනෑම වෙලාවක හැදෙන්න පුළුවන් බව සිතන්න. වයසට ගිහින් ඉන්ද්‍රියයන් දුබලව එක්තැන්ව අවුරුදු ගණන් දුක් විදින්නට සිදු විය හැකි බව සිතන්න. දෙවියන්ට බොහෝ කල් ආයුෂ ඇති නමුත් දෙව්ලොව ද දුක් ඇත. දෙවියන් ද රාග ද්වේෂ මෝහ ගිණි වලින් දැවේ. දෙවියන්ට ද නොයෙක් රාජකාරීන් පැවරේ ඒවායින් වෙහෙසට පත් වූ විට දෙවියන් සුවදක් ආඝාණය කර මත් වේ. මත් වෙන්නේ දුක නිසාය. බඹලොව ද දුකකි. බ්රිහ්මයින්ට ද සෑම විටම ධ්යාසනයෙන් සිටීමට බැරි නිසා දෝමනස්සය ඇති වේ. බ්‍රහ්මයන් ද චුත වී අපායට තිරිසන් ලෝකයට වැටේ. මෙසේ කෙටියෙන් දුක්ඛය මෙනෙහි කරන්න. (සතර අපායෙන් මිදීමට නම් චතුරාර්ය සත්යෙ අවබෝධ කර සෝවාන් ඵලයකට හෝ පත් විය යුතුය.)
දැන් මරණසතිය වඩන්න. මරණය දුකකි. උපන් හැම සත්වයාම මරණයට පත් වේ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට පවා මරණයට යටත් වීමට සිදු විය. එසේ නම් තමා ද ඕනෑම මොහොතක මරණයට පත් විය හැකි බව සිතන්න. තමන් දැක ඇති මළ සිරැරක් ආසන්නයේ තමන්ගේ සිරුර තබන්න. දැන් තමා මරණයට පත් වී ඇති බව සිතට කාවද්දන්න. මළ සිරුර ඉදිමී නිල්වී ඕජස් ගලන හැටි පණුවන් ගහන හැටි මස් දියවෙවී යන හැටි මෙනෙහි කරන්න. සිත සමාධි වෙන තෙක් මෙසේ මෙනෙහි කරන්න. මේ කය මෙසේ අනිච්ච නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේය කියන්න වටිනවා දැයි තමාගෙන් විමසන්න. මෙසේ භාවනා කරන විට සමහරෙකුට තමා පෙර භවයක මියගොස් මනෝමය කයින් සිට මළ සිරුර දකිමින් සිට අවස්ථාවක් පෙනිය හැක. එසේ පෙනීමටම අවශ්‍යම නොවේ. සිත එකග වූ පසු සමුදය අස්ථංගමය මෙනෙහි කරන්න.
2. අනිච්චානුපස්සනාව
බුදු දහමේ ඉගැන්වෙන අනිත්‍ය යනු සමුදය වය(අස්ථංගමය) දැකීමයි. මළක් පරවුණා, පහණක් නිවුණා, වයසට ගියා ආදී වශයෙන් දැකීම විපරිණාමයක් දැකීමක් පමණක් වන අතර ඒ තුළින් නිවන් ලබාගැනීමට අපහසුය. තථාගතයන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සමුදුය වය මෙනෙහි කරන ලෙස 21 වතාවක්ම උපදෙස් දී වදාළේ ඒ තුළින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි නිසාය. සමුදය වය මෙසේ දැකිය යුතුය,
දැන් සමුදය හෙවත් කුණු කය හටගත්ත හැටි මෙනෙහි කරන්න.
මනවඩනා ආහාරයන් වැනි දෑ පතයි. සිතින් හෝ මැනවයි කියයි. නැවත නැවත ඒවායේ බැසගෙන සිටියි. ඒ නිසා ඒ රෑපයන්ගෙන් ලැබෙන සතුට උපාදාන වේ. උපාදානය නිසා ඒ මනවඩනා රෑපය, භවය හෙවත් තණ්හාව පවතියි. භවය නිසා ජාතිය ඇති වී මේ කුණු කය හටගෙන ජරා මරණ දුක් රැස හටගනියි. ආහාර වෙනුවට, මනවඩනා රූප ඇඳුම් පැළදුම් රෑපවාහිනී වැඩසටහන්, කැමති පුද්ගලයින් වැනි දෑ ආදේශ කර සමුදය මෙනෙහි කරන්න.
අස්ථංගමය හෙවත් කුණු කය නිරෝධ වෙන හැටි (මතු නූපදින හැටි) මෙනෙහි කරන්න.
මනවඩනා ආහාරයන් නොපතයි. ඒවා මැනවයි නොකියයි. නැවත නැවත ඒවායේ බැසගෙන නොසිටියි. ඒ නිසා ඒ රෑපයන්ගෙන් සතුටක් නොලැබෙන නිසා උපාදානය නැති වේ. උපාදානය නැති වීම නිසා භවය හෙවත් ඒ ආහාරයන්ට තණ්හාවේ පැවැත්මක් නැති වේ. භවය නැති වීම නිසා ජාතිය නැති වේ. මේ කුණු කය හට නොගන්නා බැවින් ජරා මරණ දුක් රැස නිරෝධ වේ. ආහාරයන් වෙනුවට, ඇඳුම් පැළදුම් රෑපවාහිනී වැඩසටහන්, තමා කැමති පුද්ගලයින් වැනි මනවඩනා රෑපයන් ආදේශ කර අස්ථංගමය මෙනෙහි කළ හැක.
මේ කුණු කය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසන්න. තණ්හාව, භවය වැනි පිළිතුරු ලැබේ. එය තමාගේම අවබෝධයකි. චතුරාර්යසත්ය ය අවබෝධ වන්නේ මේ ආකාරයට ය. නචකිඤ්චි ලෝකේ උපාදියතී. භාවනාවෙන් ලැබුණු ඒ අවබෝධය සහිතව කිසිවක නොඇලී වාසය කරන්න.
ඉහත සමුදය අස්ථංගමය බලන ආකාරය මතක තබාගෙන හෝ කලක් මෙනෙහි කරනවිට අවබෝධ වේ. මලක් පරවෙනවා, බාහිර දෙයක් වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා වැනි දෙයක් දැකීමෙන් චතුරාර්ය සත්යා අවබෝධය ලැබිය නොහැක. සමුදය අස්ථංගමය දැකීම ගැඹුරින් අනිත්යල දැකීමයි. එසේ දැකීම යනු උදයව්යගය වැනි විදර්ශනා ඥාණයන් ඇති වීමයි. රූපය පමණක් ගෙන සමුදය අස්ථංගමය පළමුව අවබෝධ වූ පසුව ඒ රෑපයන්ගෙන් ලැබෙන වේදනාව, සංඥාව ආදිය පැතීම මැනවයි කීම බැසගැනීම නිසා සතුට උපාදාන වී භවය නිසා ජාතිය හටගන්නා හැටි ද එසේ නොකිරීමෙන් උපාදානය භවය ජාතිය නැති වී දුක නැති වෙන හැටි ද වැඩිදුරටත් මෙනෙහි කළ හැක.
සාරාංශය
ජාති ජරා ව්‍යාධි දුක්ඛය කෙටියෙන් මෙනෙහි කරන්න. මරණ සතිය වඩන්න. සමුදය හෙවත් මනවඩනා රූපයන්ගේ සතුට සෙවීම නිසා මළ මිණියක් වැනි කුණු කයක් හටගන්නා හැටි මෙනෙහි කරන්න. අස්ථංගමය හෙවත් මනවඩනා රෑපයන්ගේ සතුට නොසෙවීම නිසා කුණ කය කවදා හෝ නිරෝධ වෙන හැටි මෙනෙහි කරන්න. අවසානයේ දී මේ දුක්ඛය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසූ විට තණ්හාව භවය වැනි පිළිතුරු ලැබේ. චතුරාර්ය සත්යණසය අවබෝධ වේ.
3. අනත්තානුපස්සනාව
අනත්ත යනු තමා හෝ තමාට අයත් දෙයක් නොවන යන්නයි. ධාතු වශයෙන් දැකීම තුළින් අනත්ත ලක්ෂණය පහසුවෙන් අවබෝධ කළ හැක. එය චතුධාතු ව්‍යවත්ථාන භාවනාව යටතේ විස්තර කර ඇත.
යුගනද්ද භාවනාව
යුගනද්ද කියන්නේ පියවර දෙකකින් සම්පුර්ණ වන භාවනාවක්.
පියවර 1 සමතය: දුකක්, කලකිරීමක් හෝ ඒ වගේ වේදනාවක් එනකොට එම වේගය ඇදුනාගෙන අරිය මෛත්‍රිය වඩා ඒක සමතයකට පත් කිරීම.
පියවර 2 විපස්සනා: දෙවනුව, මේ වගේ සිතුවිලි වලට යම් කිසි රටාවක් තියෙනවා. මේක අදුන ගන්න. මේ වගේ සිතුවිලි වලට තමන් බැදෙන්නේ කැමැත්තෙන්මයි. තමන්ට උවමනාවක් තියෙනවානම් නොබැදි සිටිය හැකියි. නොබැදි සිටින්න ලොකු හේතුවක් තියෙනවා. මේ සිතුවිලි තමන්ට ඔනෑ විදියට පවත්වන්න නවත්වන්න බැහැ විපරිණාමය නිසා. ඒ කියන්නේ මේවා ක්‍රමක් ක්‍රමයෙන් පටන් ගත්ත මොහොතේ සිට සීග්‍රයෙන් නැති වෙලා යනවා. එමනිසා මේවට බැදීල හිත හිත ඉන්න වැඩක් නැහැ.
අනිච්ච -> මගේ සිතට මේ එන වේගය මට ඔනෑ විදියට පවත්තන්න, නවත්වන්න බැහැ
අනත්ත -> මේ දුක, එක වගේ තියෙන්නේ නැහැ, ඒක අවසාන වෙන්ව, විපරිණාමයට ලක් වෙන්ව
දුක්ක -> මේක ඇතුලට ගත්තොත් හිත කිලිටි වෙන්ව. එමනිසා අයෙමත් මේ දුකට මුහුණ දෙන්න වෙන්ව. එම නිසා මම මේ සිතුවිල්ල බදා ගන්නේ නැහැ. එකට නොබැදි මම නිදහස් වෙන්ව.
මේ සමත විපස්සනා පියවර දෙකෙන් මොහොතෙන්, මොහොතට එන දෙව්ෂ සිත් පලමුව ස්මතයට පත්කර, දෙවනුව උදුරා ඉවත් කිරීම.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- සමාධි
- බුද්ධඝෝෂ හිමි
- විදර්ශනා භාවනා ක්‍රමය-රේරුකානේ චන්දවිමල හිමි[permanent dead link]
- බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද? https://panhinda.sirisaddharmaya.net/category/21/
- යුගනද්ද භාවනාව Please Search in YOU TUBE
ප්‍රසිද්ධ බෞද්ධ භාවනා ගුරුවරු
[සංස්කරණය]ශ්‍රී ලංකාව
[සංස්කරණය]- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
- පූජ්‍ය කොට්ටාවේ සුමන හිමි
- පූජ්‍ය මාතර ඥානාරාම හිමි [2]
- පූජ්‍ය මීතිරිගල ධම්මාවාස හිමි
- පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි [3]
- පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමි [4]
- පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි [5]
- මහා ප්‍රාඥ මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ https://panhinda.sirisaddharmaya.net/about/
ඉන්දියාව
[සංස්කරණය]තායි ලන්තය
[සංස්කරණය]බුරුමය
[සංස්කරණය]- ^ අසුභ භාභාවනාව යනු
- ^ Mitirigala Nissarana Vanaya - Matara Sri Nanarama Maha Thero
- ^ Katukurunde Nyanananda Maha Thero - Seeing Through The Net
- ^ Udairiyagama Dhammajiva Maha Thero
- ^ Ellawala Vijithananda Thero - Medamawatha
- ^ Dipa Ma Web
- ^ Ajahn Mun - accesstoinsight
- ^ Achariya Mun - BuddhaNet (pdf)
- ^ Ajahn Chah -ajahnchah.org
- ^ Ajahn Chah Biography - Forest Sangha
- ^ Ajahn Lee- accesstoinsight
- ^ Ajahn Jumnien, http://forestretreat.org/ajahn-jamnian/, ප්‍රතිෂ්ඨාපනය 2017-07-24
- ^ Mahasi Sayadaw Biography - BuddhaNet
- ^ U Panditha Sayadaw - Panditharama, http://www.panditarama.net/pgsbs/sayadaw.html, ප්‍රතිෂ්ඨාපනය 2017-07-24