Jump to content

භද්‍ර කල්පය

විකිපීඩියා වෙතින්

වර්තමාන කල්පය භද්‍ර කල්පය නම්වේ.සම්බුදු රජාණන් වහන්සේලා පස් නමක් ලොව පහලවන්නා වූ මේ කල්පය "මහා භාග්‍යයවන්ත" හෙවත් භද්‍ර ලෙස හදුන්වයි. මෙම කල්පයේ බුදුරජාණන් වහන්සේලා සතර නමක් පහල වී පිරිණිවන් වැඩි අතර අනාගතයේ මහ පොලොව යොදුන් ගණනක් වැඩුනු කල නැවත ලොවට සෙත සලසමින් මෛත්‍රී නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහල වන්නාහුය. වසර 80,000 ආයු වලද දම් අමා දිය ලොවට දායාද කොට උන්වහන්සේ පිරිණිවන්පෑම වූ කලින් නැවත උදා වනුයේ කල්ප ලක්ශයක් ගිය තැන පවා බුදුන් යන නාමයවත් ,ලොව කලුනික සේ සැගවී ගිය මහා කෙලෙස් අදුරින් ගිලී ගිය මහා භයානක කාලයක ඇරඹුමයි .

ඉන් වසර ගණනක ඇවෑමෙන් සප්ත සූර්යයන් නෑගී මහා කල්ප විනාශය සිදු වේ.ඉන් පසු නැවත බුද්ධ ශුන්‍ය(බුදු රජාණන් වහන්සේලා ලොව පහළ නොවන)කල්ප ඇරඹුමයි .

"https://si.wikipedia.org/w/index.php?title=භද්‍ර_කල්පය&oldid=767703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි