Jump to content

බෝධිය

විකිපීඩියා වෙතින්

බුද්ධගයාවේ ශ්‍රී මහාබෝධි විහාරස්ථානයේ පිහිටි මහාබෝධි වෘක්ෂය
බුදුන් වහන්සේ බුද්ධගයාවේ බෝධීන් වහන්සේ යට වැඩ සිටි තැන තැනූ දියමන්ති සිංහාසනය නොහොත් වජ්‍රශිලාව
බෝධීන් වහන්සේ ඉදිරිපිට බෞද්ධ භික්ෂුවක්

බෝධිය (බුද්ධත්වයේ ගස[1]), මහාබෝධි වෘක්ෂය හෝ බෝ ගස[2] ලෙසද හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටි විශාල පූජනීය අත්තික්කා ගණයේ ගසකි (Ficus religiosa).[1][3] බුදුන් නමින් ප්‍රකට අධ්‍යාත්මික ගුරුවර‍යෙක් වූ සිද්ධාර්ථ ගෞතම බෝදිසථ්වයන් බුද්ධත්වයට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 500 දී පමණ මෙම ගස යට බව පැවසේ.[4] ආගමික ප්‍රතිමූර්තියේ දී, බෝධි වෘක්ෂය එහි හෘද හැඩැති පත්‍ර මගින් හඳුනාගත හැකි අතර, ඒවා සාමාන්‍යයෙන් කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරේ.[5]

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වැඩ සිටි මුල් වෘක්ෂය දැන් ජීවමාන නැත, නමුත් "බෝ ගස්" යන යෙදුම පවතින ඇසතු ගස් සඳහා ද යෙදේ.[6] පවතින ගසක් සඳහා ප්‍රමුඛතම උදාහරණය වන්නේ බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ වැඩෙන මහාබෝධි වෘක්ෂය වන අතර එය බොහෝ විට මුල් ගසෙන් සෘජුව පැවත එන්නක් ලෙස සඳහන් වේ. ක්‍රිස්තු පූර්ව 250 දී පමණ රෝපණය කරන ලද මෙම ගස වන්දනාකරුවන් සඳහා නිතර පැමිණෙන ගමනාන්තයක් වන අතර එය ප්‍රධාන බෞද්ධ වන්දනා ස්ථාන හතරෙන් වඩාත් වැදගත් වේ.[7]

බුද්ධාගමේ ඉතිහාසයේ විශාල වැදගත්කමක් ඇති අනෙකුත් ශුද්ධ වූ බෝධි වෘක්ෂයන් වන්නේ උතුරු ඉන්දියාවේ ශ්‍රාවස්ති හි ජේතවනයේ ආනන්දබෝධිය සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි. මේ දෙකම මුල් බෝධීන් වහන්සේගෙන් ප්‍රචාරණය වූ බව ද විශ්වාස කෙරේ.

ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනය 2007 සිට ගස නඩත්තු කිරීමට සහාය වේ.[8][9][10] ක්ලෝනකරණය 2008 දී සලකා බලන ලදී.[11] එහි පත්‍ර වන්දනාකරුවන්ට සිහිවටන ලෙසද මිලදී ගත හැකිය.[11] කෘමීන් ඇද ගන්නා ආගමික පූජා, ගසෙන් යම් දුරකට මාරු කරන ලදී.[11]

සම්භවය සහ පැවත එන්නන්

[සංස්කරණය]

බුද්ධගයාව

[සංස්කරණය]
1810 බෝධි වෘක්ෂයට යටින් ඇති කුඩා විහාරස්ථානයක පින්තූරය, බුද්ධගයාව[12]
2015 දී බුද්ධගයාවේ මහාබෝධි වෘක්ෂය
අශෝක විසින් බෝධීන් වහන්සේ වටා බෝධිගයාවේ ඉදිකරන ලද විහාරයේ නිදර්ශනය. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ සාතවාහන යුගයේ සාංචියේ මූර්ති නිර්මාණයකි.

මහාබෝධි විහාරයේ ඇති බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලෙස හැඳින්වේ. ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට("බෝධි") පත් වූයේ "Ficus religiosa" ගසක් යට භාවනා කරමින් සිටියදීය. බෞද්ධ ග්‍රන්ථවලට අනුව බුදුන් වහන්සේ සති හතක් (දින 49ක්) මෙම ගස යට ආසනයෙන් නොසෙල්වී භාවනා කළ බව සඳහන් වේ. පසුව උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ අනිමිසලෝකන චේතිය නමින් සිද්ධස්ථානයක් ඉදිකරන ලදී.[13]

The spot was used as a shrine even in the lifetime of the Buddha. Emperor Ashoka the Great was most diligent in paying homage to the Bodhi tree, and held a festival every year in its honour in the month of Kattika.[14] His queen, Tissarakkhā, was jealous of the Tree, and three years after she became queen (i.e., in the nineteenth year of Asoka's reign), she cursed the tree to be killed by means of mandu thorns.[15] The tree, however, grew again, and a great monastery was attached to the Bodhimanda called the Bodhimanda Vihara. Among those present at the foundation Kattika the Mahā Thūpa are mentioned thirty thousand monks from the Bodhimanda Vihara, led by Cittagutta.[16]

In the 7th century CE, Chinese traveler Xuanzang wrote of the tree in detail.

බෝධි වෘක්ෂ ලකුණ, 2013

Every time the tree was destroyed, a new tree was planted in the same place.[17]

ජේතවනය, ශ්‍රාවස්ති

[සංස්කරණය]
බුද්ධගයාවේ අශෝකගේ මහාබෝධි විහාරය සහ දියමන්ති සිංහාසනය, ක්‍රිස්තු පූර්ව 250 දී පමණ ඉදිකරන ලදී. චෛත්‍ය ආරුක්කු අතර ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන් වේ: "භගවතෝ සකමුනිනෝ/ බෝධෝ", එනම් "ශුද්ධ වූ සකමුනි බෝධිය වටා ඇති ගොඩනැගිල්ල". [18] භාරුත් ෆ්‍රයිස් (ක්‍රි.පූ. 100 පමණ).

It is said that in the ancient Buddhist texts[19] in order that people might make their offerings in the name of the Buddha when he was away on pilgrimage, the Buddha sanctioned the planting of a seed from the Bodhi tree in Bodhgaya in front of the gateway of Jetavana Monastery near Sravasti. For this purpose Moggallana took a fruit from the tree as it dropped from its stalk before it reached the ground. It was planted in a golden jar by Anathapindika with great pomp and ceremony. A sapling immediately sprouted forth, fifty cubits high, and in order to consecrate it, the Buddha spent one night under it, rapt in meditation. This tree, because it was planted under the direction of Ananda, came to be known as the Ananda Bodhi.

ජය ශ්‍රී මහා බෝධිය

[සංස්කරණය]
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන් වැටවල් අතරින් දිස්වන අයුරු

මහාවංශය,දීපවංශය,බෝධිවංශය ආදී වංශ කතාවලට අනුව ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ රෝපණය කර ඇත්තේ ක්‍රි.පූ.288 වැනි වර්ෂයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී ය.මෙම බෝධීන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ සෙවන සලසාලූ මහා බෝධීන් වහන්සේගේම දක්ෂිණ ශාඛාව වීම විශේෂත්වයකි.එබැවින් මෙම බෝධීන් වහන්සේ බෞද්ධයන්ගේ අතිපූජනීයම බෝධීන් වහන්සේ ලෙස සලකනු ලබයි.ධර්මාශෝක රජුගේ 12 වන රාජ්‍ය වර්ෂයේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් දඹදිව සිට වැඩමවනු ලැබූ මහ බෝ ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් උත්සවාකාරයෙන් මහාමේඝ රාජකීය වනෝද්‍යානයේ දී රෝපණය කළ බව සදහන් වේ.එසේම ඒ බෝධීන් වහන්සේ වැඩම වීම බුදුරජුන් පිරිනිවන් මංචකයේ වැඩසිටින විට සිදුකළ අධිෂ්ඨාන අනුව සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වේ.ඒ බෝධීන් වහන්සේ තවමත් අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමලුවේ විරාජමානව වැඩ සිටී.

ආනන්ද බෝධිය

[සංස්කරණය]

බුදුරදුන්ගේ ජීවමාන සමයේම බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ගෙන් ලබාගත් බීජයක් සැවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේ රෝපණය කර ඇත.මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධියෙන් ගිලිහෙන බෝ බීජයක් බිමට පතිත වීමට නොදී තම සිවුරට අල්ලාගෙන විත්,අනාථපිණ්ඩික සිටුතුමා විසින් උත්සවාකාරයෙන් රන් භාජනයක රෝපණය කර ඇත.එයින් මතු වූ අංකුර දළු ලා වැඩී රියන් පනහක් පමණ උස්ව වැඩී ගොස් ඇත.ජේතවනාරාමයට බුදුරජුන් බැහැදැක වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල වන්දනා කිරීම පිණිස ආනන්ද මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රෝපණය වූ නිසා"ආනන්ද බෝධිය"ලෙස ව්‍යාවහාර වේ.එහි පූජනීයත්වය වැඩිවීම පිණිස බුදුරජාණන් වහන්සේ එහි සෙවනෙහි එදිනම සවස සිට පසුදා පහන්වනතුරු සමවත් සුවයෙන් වැඩසිටි බවද සදහන් වේ.ආනන්ද බෝධීන් වහන්සේ ශ්‍රාවස්තියේ, ජේතවනාරාම මහා විහාරයේ දොරටුව අසල තවමත් විරාජමානව වැඩසිටිනු දක්නට ලැබේ.

අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේලා

[සංස්කරණය]

ධර්මාශෝක රජු විසින් ලංකාවට එවන ලද බුද්ධගයාවේ මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන්කටාරම තුල ශාඛා පහක් වන ලෙස මූල රෝපණය වී ගියේ ය.ඒ බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කළ පසු එම ශාඛා පහෙන් බීජ පහක් හටගත් බව සදහන් වේ.

එම බීජ පහෙන් නැගෙනහිර ශාඛාවේ වූ පැසුණු බීජය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලබා ගෙන දේවානම්පියතිස්ස රජු මගින් රන් බඳුනක රෝපණය කළේය.ඒ බීජයෙන් බෝ පැල අටක් පැන නැගුණු අතර ඒවා"අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේලා"ලෙස හදුන්වනු ලබයි.එම බෝධීන් වහන්සේලාගෙන් වර්තමානයේ ජීවමානව වැඩසිටිනු ලබන්නේ මිහින්තලය අෂ්ඨඵලරුහ බෝධින්ධී වහන්සේ සහ කතරගම අෂ්ඨඵලරුහ බෝධීන්හ වහන්සේ පමණකි.ඒ බෝධීන් වහන්සේලා වැඩසිටි හා වැඩසිටින ස්ථාන පහත පරිදි වේ.[20][21]

අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ

වර්තමානයේ හදුන්වන නාමය

විශේෂ කරුණු

දඹුලුතොට අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ දඹකොළපටුන රජමහා විහාරය වර්තමානයේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩනොසිටී.ඒ වෙනුවට බෝධීන් වහන්සේ නමක් පවතී.(යාපනය පරලෙයි ගම්මානයේ පිහිටි මුරුගන් කෝවිලේ වැඩසිටින සංඝමිත්තා බෝධිය බවට ද විශ්වාසයක් පවතින අතර,එම බෝධීන් වහන්සේ තවමත් වැඩ සිටී)
තිවක්ක බමුණුගම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නිශ්චිත ව හදුනාගෙන නොමැත. දඹුකොළ පටුනේ සිට අනුරාධපුරය තෙක් ගමන් මාර්ගයේ මෙම ගම පිහිටි බවට ප්‍රකාශ වේ.නමුත් එම ස්ථානය නිශ්චිතව හදුනාගෙන නොමැත.සමහරු තන්තිරිමලය රජමහා විහාරය ලෙස සැලකූවත් නිශ්චිත සාධක නොමැත.
ථූපාරාමය ථූපාරාම මහා සෑ භූමිය වර්තමානයේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩනොසිටී.ඒ වෙනුවට බෝධීන් වහන්සේ නමක් ද නොපවතී.ථූපාරාම මහා සෑයට පසෙකින් පැරණි බෝධිඝරය පමණක් දක්නට ඇත.
කසුන්ගිරි වෙහෙර අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ ඉසුරුමුණිය රජ මහා විහාරය වර්තමානයේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩනොසිටී.ඒ වෙනුවට බෝධීන් වහන්සේ නමක් පවතී.පුරාණ ඉසුරුමුණිය වර්තමානයේ වෙස්සගිරිය ලෙස හදුන්වන ස්ථානය බවටද මතයක් පවතී.
සෑගිරිය අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ මිහින්තලය රජ මහා විහාරය වර්තමානයේ ද ඒ උතුම් අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ ජීවමානව වැඩසිටී.
සඳුන්ගම(චන්දන ග්‍රාම)අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. තොරතුරු නොමැතිමුත් සමහරු රත්නපුර දිස්ත්‍රික්කයේ සඳගිරිය නම් ස්ථානය බවටත්,තවත් සමහරු රුහුණේ සඳගිරිය බවටත් සලකනු ලබයි.
පඨමක චේතිය අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ/පළමුවන සෑ මළුව නිශ්චිතව හදුනාගෙන නොමැත. මල්වතු ඔය අසළ නිවත්තක චේතිය විහාරය හෝ පළමුවන සෑ මළුව ලෙස හදුන්වන බැවින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රෝපණය කල ස්ථානයේ පරිවාර බෝධියක් ලෙස සලකයි.
කාචරගාම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ කතරගම කතරගම දේවාලය අසල බෝධීන් වහන්සේ මෙය බවට සලකනු ලැබුවත් නිශ්චිතව සනාථ කර නොමැත,සලකනු ලබන බෝධිය වර්තමානයේ ද විරාජමානව වැඩසිටී.

දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේල

[සංස්කරණය]

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිරි ශාඛා හතරෙන් ඇති වූ බීජ හතරෙන් ද ඒ එක් බීජයකින් පැල 8 බැගින් 32 ක් ඇති විය.ඒවා "දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේලා" ලෙස හදුන්වනු ලබයි.එම බෝධීන් වහන්සේල පිහිටි ස්ථාන පහත පරිදි වේ.[22][23]

දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ

වර්තමානයේ හදුන්වන නාමය

විශේෂ කරුණු

මල්වැස්සා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගොඩකවෙල මල්වැස්ස වෙහෙර රජ මහා විහාරය වර්තමානයේ ද විරාජමානව වැඩසිටී.
තන්ත්‍රිමාල වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ තන්තිරිමලය රජ මහා විහාරය තවම වැඩ සිටී.නිශ්චිතව හදුනාගෙන නොමැති තිවංක බමුණුගම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ බවට ද මතයක් පවතී.
මුහුදුබඩ මහාජල්ලික කෙවුල්ගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කල්පිටිය නාවික හමුදා කඳවුර අසල බෝධීන් වහන්සේ තවමත් විරාජමානව වැඩසිටී.
කොට්ටියාරම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. අතීතයේ 'කොට්ඨසාර'ලෙස හදුන්වා ඇති සේරුවිල ප්‍රදේශයේ පිහිටා තිබුණු බවට සැලකේ.එම කොට්ටියාරාම ප්‍රදේශයේ කිලවෙඩ්ඩි ප්‍රදේශයේ තිබූ ශ්‍රී වර්ධන බෝධිය[24]බවට මතයක් පවතී.වසර දෙදහස් ගණනක් පැරණි එම බෝධීන් වහන්සේ හින්දු ජාතිකයන් විසින් 1970 ගණන් වලදී සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.වර්තමානයේ එම ස්ථානයේ කිලිවෙඩ්ඩි ශ්‍රී මුත්තු මාරියම්මාන් කෝවිල ඉදිකර ඇත.
පොලොන්නරුව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. තොරතුරු නොමැත.
මාතලේ රුසිගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මාතලේ රුසිගම දෙතිස්ඵලරැහ බෝධිරාජ මහා විහාරය වර්තමානයේ දී ද විරාජමානව වැඩසිටී.
රුහුණේ මාගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. වැඩිදුර තොරතුරු නොමැත.
විල්වල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නිශ්චිතව හදුනාගෙන නොමැත. වැඩිදුර තොරතුරු නොමැත.
මහියංගනය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මහියංගනය රජ මහා විහාරය තවම වැඩ සිටී.
සේරුවිල නයින්ගෙ විල්ගම්වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අයත් සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය වන බවට සලකනු ලබයි,තවත් සමහරු එය මීට ඉහතදී සදහන් කෙරුණ කිලවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධීය බවට ද සලකනු ලබයි.දෙතැනම පුරාණ බෝධීන් වහන්සේ වැඩ නොසිටී.විල්ගම්වෙහෙර විහාරයේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් පරිවාර බෝධීන් වහන්සේල 4 නමක් සමඟ වැඩසිටී.
මුතියංගණය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මුතියංගණ රජ මහා විහාරය තවමත් වැඩසිටී.
බුත්තල හප්පෝරු වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බුත්තල හප්පෝරුව පුරාණ විහාරය තවමත් වැඩසිටී.
සිතුල්පව් වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ සිතුල්පව්ව රජ මහා විහාරය තවමත් වැඩසිටී.
වනවාස වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ තංගල්ල වනවාස රජ මහා විහාරය තවමත් වැඩසිටී.
වැලිගම් වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය තවම වැඩසිටී.
පරගොඩ දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගාල්ල පරගොඩ රජ මහා විහාරය තවම වැඩසිටී.
මැද්දේගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ මැද්දේගම රජ මහා විහාරය(මද්දේගම රජ මහා විහාරය) තවමත් වැඩසිටී.
ගණේගම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ගණේගම රජ මහා විහාරය තවම වැඩ සිටී.
පුසුල්පිටිය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය රජමහා විහාරය තවම වැඩ සිටී.
මායා රට වතුර කෑගල්ල,පරණකූරු කෝරළයේ මාවත පත්තුව වැඩිදුර තොරතුරු නොමැත.
බෙලිගල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බෙලිගල රජ මහා විහාරය තවම වැඩසිටී.බෙලිගල සෑය තුල පාත්‍රා ධාතූන් වහන්සේ ද වැඩ සිටින බවට සලකනු ලබන මත ද පවතී.
බෙල්ලන්විල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බෙල්ලන්විල රජමහා විහාරය තවම වැඩසිටී.
වඳුරව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ වඳුරව රජ මහා විහාරය තවම වැඩසිටී.
වට්ටාරම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ කෑගල්ල,වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය තවම වැඩසිටී.
රජ මහා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
සුළුගල්ල දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ සුළුගල්ල රජමහා විහාරය,ඉබ්බාගමුව තවම වැඩසිටී.
රැස්වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ රැස්වෙහෙර රජ මහා විහාරය තවම වැඩ සිටී.
කටියාව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
ගිරිබා වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
යාපහුව සුන්දරගිරි පව්ව දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
කසාගලු වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ
ඇඹලව රහත්ගල් වෙහෙර

අනෙකුත් බුදුවරුන්ගේ මහාබෝධි වෘක්ෂ

[සංස්කරණය]

අටවිසි බුදුවරුන්ගේ බෝධීන් වහන්සේල වූ ශාකයන් පහත දැක්වේ.[25]

බුදුරජාණන් වහන්සේ(පාලි නාමය) බෝධි වෘක්ෂය (පාලි නාමය) ද්විපද නාමය
1 තණ්හංකර බුදුරජාණන් වහන්සේ රුක්කත්තන
2 මේධංකර බුදුරජාණන් වහන්සේ කෑල
3 සරණංකර බුදුරජාණන් වහන්සේ පුළිල
4 දීපංකර බුදුරජාණන් වහන්සේ පිප්ඵලී (කිරිපැල්ල) Ficus obtusifolia
5 කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ සලාකල්යාණිකා (තොටිල) Oroxylum indicum
6 මංගල බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
7 සුමන බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
8 රේවත බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
9 සෝභිත බුදුරජාණන් වහන්සේ නාග (නා) Mesua ferrea
10 අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අජ්ජුන (කුඹුක්) Terminalia arjuna
11 පදුම බුදුරජාණන් වහන්සේ මහාසෝන (තොටිල) Oroxylum indicum
12 නාරද බුදුරජාණන් වහන්සේ මහාසෝන (තොටිල) Oroxylum indicum
13 පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සලාල (ඉන්දියානු පයින්) Pinus roxburghii
14 සුමේධ බුදුරජාණන් වහන්සේ මහනීප (බකිනි) Neolamarckia cadamba
15 සුජාත බුදුරජාණන් වහන්සේ මහාවේලු (උණ) Bambusa bambos
16 පියදස්සී බුදුරජාණන් වහන්සේ කකුධ Crateva religiosa
17 අත්තදස්සී බුදුරජාණන් වහන්සේ කම්පක (සපු) Magnolia champaca
18 ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ බිම්බිජල (පාවට්ටා) Pavetta indica
19 සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ කනිකර Pterospermum acerifolium
20 තිස්ස බුදුරජාණන් වහන්සේ ආසන Terminalia elliptica
21 ඵුස්ස බුදුරජාණන් වහන්සේ අමාකල (නෙල්ලි) Phyllanthus emblica
22 විපස්සී බුදුරජාණන් වහන්සේ පාඨලී (පලෝල) Stereospermum chelonoides
23 සිඛී බුදුරජාණන් වහන්සේ පුන්ඪරීක (අඹ) Mangifera indica
24 වෙස්සභූ බුදුරජාණන් වහන්සේ සාල (සල්) Shorea robusta
25 කකුසඳ බුදුරජාණන් වහන්සේ සිරීස (සූරිය මාර) Albizia lebbeck
26 කෝණාගමන බුදුරජාණන් වහන්සේ උදුම්බරා (අත්තික්කා) Ficus racemosa
27 කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිග්‍රෝදා (නුග) Ficus benghalensis
28 ගෞතම බුදුරජාණන් වහන්සේ (වර්තමාන බුදුන්) අශ්වත්ත (ඇසතු) Ficus religiosa
29 මෛත්‍රී බුදුන් වහන්සේ (අනාගත බුදුන්)[26] නාග (නා) Mesua ferrea

ගැලරිය

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
  2. ^ "Buddhism Fast Facts". CNN. 11 November 2013. සම්ප්‍රවේශය 2019-10-14.
  3. ^ Simon Gardner, Pindar Sidisunthorn and Lai Ee May, 2011. Heritage Trees of Penang. Penang: Areca Books. ISBN 978-967-57190-6-6
  4. ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
  5. ^ For more on the topic see also the chapter "Buddha, Buddhism, and the bodhi tree" in "Belief, Bounty, and Beauty" by Albertina Nugteren.
  6. ^ "Ficus religiosa – Plant Finder". www.missouribotanicalgarden.org. සම්ප්‍රවේශය 2020-12-08.
  7. ^ "Botanic Notables: The Bodhi Tree – Garden Design". GardenDesign.com. සම්ප්‍රවේශය 2020-12-08.
  8. ^ Kazmi, S M A (7 August 2007). "Forest institute suggests methods to save Bodhi tree – Indian Express". The Indian Express Archives. සම්ප්‍රවේශය 2022-04-07.
  9. ^ Qadir, Abdul (31 August 2017). "Two Forest Research Institute scientists examine Bodhi tree, collect sample". The Times of India (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-04-07.
  10. ^ Sahay, Anand Mohan (25 October 2007). "Branch of bodhi tree was cut 3 years ago: Report". www.rediff.com. සම්ප්‍රවේශය 2022-04-07.
  11. ^ a b c Bedi, Rahul (9 April 2008). "Scientists turn to cloning in attempt to save Buddhism's holiest tree for posterity". The Irish Times (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-04-07.
  12. ^ A small Hindu temple beneath a banyan tree, Bodhgaya British Library.
  13. ^ Malalasekera, G. P. (14 September 2003). Dictionary of Pali Proper Names. Asian Educational Services. ISBN 978-81-206-1823-7 – via Google Books.
  14. ^ "CHAPTER XVII_The Arrival Of The Relics". Mahavamsa, chap. 17, 17.
  15. ^ "CHAPTER XX_The Nibbana Of The Thera". Mahavamsa, chap. 20, 4f.
  16. ^ "CHAPTER XXIX_The Beginning Of The Great Thupa". Mahavamsa, chap. 29, 41.
  17. ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
  18. ^ Luders, Heinrich (1963). Corpus Inscriptionum Indicarum Vol.2 Pt.2 Bharhut Inscriptions. p. 95.
  19. ^ "Guide to Buddhism a to Z".
  20. ^ https://www.budusarana.lk/budusarana/2020/11/22/tmp.asp?ID=fea08
  21. ^ https://amazinglanka.com/wp/ashta-pala-bodhi/
  22. ^ https://amazinglanka.com/wp/dethis-pala-bodhi-si/
  23. ^ https://www.budusarana.lk/budusarana/2020/12/08/tmp.asp?ID=fea05
  24. ^ https://amazinglanka.com/wp/siriwardhana-bodhi-si/
  25. ^ Lua දෝෂය in Module:Citation/CS1 at line 3162: attempt to call field 'year_check' (a nil value).
  26. ^ "Cakkavatti Sutta: The Wheel-turning Emperor". www.accesstoinsight.org.

වැඩිදුර කියවීම

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බෝධිය&oldid=721801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි