මහාබෝධි විහාරය, බුද්ධගයා

විකිපීඩියා වෙතින්
බුද්ධ ගයාවේ විහාර සංකීර්ණය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
මහාබෝධි විහාරය
නිර්ණායකයසංස්කෘතික: (i)(ii)(iii)(iv)(vi)
මූලාශ්‍ර1056
අභිලේඛනය2002 (26වන සැසිය)
ඛණ්ඩාංක24°41′46″N 84°59′29″E / 24.696004°N 84.991358°E / 24.696004; 84.991358ඛණ්ඩාංක: 24°41′46″N 84°59′29″E / 24.696004°N 84.991358°E / 24.696004; 84.991358
මහාබෝධි විහාරය, බුද්ධගයා is located in බිහාරය
මහාබෝධි විහාරය, බුද්ධගයා
බිහාරය තුළ මහාබෝධි විහාරය, බුද්ධගයා හි පිහිටුම

බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතා වේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්, බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ, බිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර,[1] එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ.

මහාබෝධි විහාර භූමිය පිළිබඳ බෞද්ධ ජනප්‍රවාද[සංස්කරණය]

බෞද්ධ අටුවා ලියවිලි අනුව, බුද්ධගයාවෙහි බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් සඳහා පොදු වෙයි[2]. ජාතක කථාවන් අනුව, එය පෘථිවියෙහි නාභිය නිර්මාණය කරන අතර [3], බුද්ධත්වයට පත්වීමෙහි මහා බරපතල බව වෙන කිසියම් ස්ථානයකින් හෝ දරා ගැනුමට නොහැකි බව කියැවේ[4].

මෙම ස්ථානයෙහි බෝ වෘක්ෂයක් නොවැඩෙන අවස්ථාවකදී, බෝධි වෘක්ෂය අවට රාජකීය ක්‍රොෂ් එකක දුරක් වන තුරු කිසිම පැලෑටියක්, තණ ගසක් හෝ නොවැවෙන බවත්, සුමුදු වැලි වලින් පිරි රිදී තැටියක් වැනිව සුමුදු වනු බවත් පැවසේ. මෙම භූමි භාගය වට කොට තණ, වැල් සහ වෘක්ෂ පමණක් පවතින බවත් පැවසේ. මෙම පෙදෙසට මෑත අහසින් වුවද කිසිවෙකුට ගමන් කල නොහැකි බවද ශක්‍රයාට වුවද එසේ කල නොහැකි බවද කියැවේ [5].

කල්පාන්තයෙහිදී ලෝකය විනාශවන කල්හී, අවසානයට අතුරුදහන් වන ස්ථානය බෝධිමන්ද වේ; ලෝකය නැවත පැවතීමට ආරම්භ වන විට, හටගන්නා පළමු දෙයද එය වේ. එය දර්ශනපථයට ගෙන ඒම සඳහා, එහි නෙළුමක් මතු වන අතර, එවන විට ඇරඹුනු කල්පයෙහි බුදු කෙනෙකු ඉපදීම සිදුවීමට තිබේ නම්, බුදුවරුන් ගණන අනුව, නෙළුම පුෂ්ප දරන බව කියැවේ [6].

ගෞතම බුදුරජාණන් වහන්සේ විෂයෙහි, එතුමාණන්ගේ බෝධි වෘක්ෂය එතුමාණන් උපත ලද දිනයෙහිදී පැණ නැග ඇත [7].

ඉතිහාසය[සංස්කරණය]

බුද්ධාගමෙහි උන්නතිය[සංස්කරණය]

සාම්ප්‍රදායික කතාන්තර වලට අනුව, ක්‍රියුපෙ 530, ගෞතම බුදුරජාණන් වහන්සේ, තවුසකු ලෙසින් චාරිකාවෙහි යෙදෙමින් සිටියදී, ඉන්දියාවෙහි ගයා නගරය අසල, ෆල්ගු නදිය ආශ්‍රිත ආරණ්‍ය ගං තෙරට පිවිසි සේක. එහිදී පීපුල් (ෆිකස් රිලිජිඕසා හෝ පූජනීය ඇහැටු), පසුව බෝධි වෘක්ෂය ලෙසින් හැඳින්වීමට ඇරඹුනු, වෘක්ෂයක් යට එතුමා භාවානුයෝගීව වැඩසිටියේය. බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්ට අනුව, තුන් දිනකට හා තුන් රාත්‍රියකට පසුව, සිද්ධාර්ථ ගෞතමයන් ‍බුද්ධත්වයට එළඹ එතුමන් පිළිතුරු අපේක්‍ෂා කල ගැටළු වලට විසඳුම් වටහා ගත්හ. මහාබෝධි විහාරය තැණුනේ එම ස්ථානය සණිටුහන් කරනු වස්ය.

බුදුන් වහන්සේ අනතුරුව පැමිණි සති හත තුළ එම ස්ථානය අවට භාවනා කරමින් සහ තම අත්දැකීම් මෙනෙහි කරමින් කල් ගත කළ සේක. වර්තමාන මහා බෝධි විහාරයේ ස්ථාන කිහිපයක් මෙම සති හත ගත කළ ස්ථාන වශයෙන් විශේෂ කොට පෙන්වා දී තිබේ.

පළමු සතිය ගත කරන ලද්දේ බෝරුක් සෙවණේය. දෙවැනි සතිය එක් තැනකට වී හිටි ඉරියව්වෙන් නොසෙල්වී බෝරුක දෙස බලා සිටි සේක. මෙම ස්ථානය අනිමිස ලෝචන ස්තූපයෙන් සලකුණු වේ. මෙය මහා බෝධි විහාර සංකීර්ණයේ ඊසාන දෙසින් පිහිටා ඇත.එම ස්ථානයේ බෝ රුක දෙස එක එල්ලේ බලා සිටින බුදු හිමියන්ගේ ප්‍රතිමාවක්ද පිහිටුවා ඇත. අනිමිසලෝච ස්තූපය හා බෝධිය අතර බුදුන් වහන්සේ සක්මන් කළ බව කියනු ලැබේ. පුරා වෘත්ත අනුව එම මාර්ගයෙහි නෙළුම් මල් පැන නැංග බව සඳහන් වේ. මෙම ස්ථානය අද හැඳින්වෙන්නේ රත්න චන්ක්‍රම යනුවෙනි.

ගොඩනැගීම[සංස්කරණය]

කි.පූ 250 දී පමණ එනම් බුදුන් වහන්සේ බුදු වීමෙන් අවුරුදු 250 කට පමණ පසු බෞද්ධ අධිරාජයෙකු වූ අශෝක අධිරාජයා බුද්ධගයාව නැරඹීමට පැමිණ ඇත. ඔහුගේ අදහස වූයේ එම ස්ථානයේ ආශ්‍රමයක් කරවීමයි. ඔහු තැනවූ ආරාමයේ කොටසක් වශයෙන් දියමන්ති සිංහාසනයක් (වජ්‍රාසනයක්) තනවන ලද්දේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ නිශ්චිත ස්ථානය සතිමුහන් කිරීමේ උත්සාහයක් වශයෙනි. මහා බෝධි විහාරයේ ආරම්භකයා අශෝක රජතුමා ලෙස සලකනු ලැබේ.

පරිහාණිය[සංස්කරණය]

සුදුහන් වරුන්ගේ සහ මොහොමඩ් බින් කාසිම්ගේ මුස්ලිම් ආක්‍රමණ නිසා බුද්ධාගමට අනුග්‍රහය දැක්වූ රජ පරම්පරාවල පරිහාණිය සමග බුද්ධාගමද පරිහානියට ලක් විය. අර්ධද්වීපයේ ඊසාන පෙදෙස් පාලන අධිරාජ්‍ය පැවති කාලයේ නැවත විශාල පුණර්ජීවනයක් ඇති විය. (දැනට විහාරය පිහිටුවා ඇත්තේ මෙම පෙදෙසේය.) 8 වෙනි සහ 12 වෙනි ශත වර්ෂවල රජවරුන්ගේ පාලන කාලය තුළ මහායාන බුද්ධාගම පුනර්ජීවනයක් ලැබීය. හින්දු සේන රජ පරම්පරාව විසින් පාල රජවරුන් පරාජය කිරීමෙන් පසු බුද්ධාගමේ තත්වය නැවන පරිහාණියට පත් වූ අතර නැත්තටම නැති වීමේ තත්වයක තිබුණි. 12 වෙනි ශත වර්ෂය කාලයේ බුද්ධගයාව සහ ආසන්න ප්‍රදේශ මුස්ලිම් හමුදා ආක්‍රමණයට ලක් විය. විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නොකෙරුණි. සම්පූර්ණයෙන්ම වාගේ එය අතහැර දමනු ලැබිණ. 16 වෙනි ශත වර්ෂයේ ශන්කරාචාර්ය මාත් නම් ශිව ආශ්‍රමයක් බුද්ධගයා ආසන්නයේ පිහිටුවනු ලැබීය. අනතුරුව ගත වූ සියවස් කීපයකට පසු එම ආශ්‍රමයේ අධිපතියා නොහොත් මහන්ත් එම ප්‍රදේශයේ ප්‍රධාන ඉඩම් හිමියා විය. ඔහු මහාබෝධී විහාර භූමියේ අයිතිය ඔහුගේ බව කියා සිටියේය.

නැවත ගොඩනැංවීම[සංස්කරණය]

1790 දී මහබෝධි විහාරය දිස් වු අයුරු.

1880 දශකයේදී එවකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය රජය ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම්ගේ මග පෙන්වීම යටතේ විහාරය නැවත ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළේය. කෙටි කලකට පසු 1891 දී ශ්‍රී ලාංකේය බෞද්ධ නායකයෙකුවූ අනගාරික ධර්මපාල තුමා විහාරයේ භාරකාරත්වය බෞද්ධයන්ට ලබා ගැනීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළේය. මහන්තාගේ විරෝධය මේ සඳහා එල්ල විය. 1949 දී එම ව්‍යාපාරය මදක් සාර්ථක විය. එම අවස්ථාවේදී මහන්තා යටතේ තිබුණු විහාර පාලනය බිහාර් රජයට පැවරුණි. එම රජය විසින් විහාරය පාලනය කිරීමට කමිටුවක් පත් කරන ලදී. කමිටුවට නව දෙනෙක් ඇතුළත් වූහ. සභාපතිද ඇතුළුව කමිටුවේ වැඩි ප්‍රමාණයක් හින්දුවරුන්ගෙන් සමන්විත විය යුතු බවට නීති පනවා තිබුණි. මෙම පාලනය යටතේ මහාබෝධියෙහි පළමු ප්‍රධාන හිමි වූයේ අනගාරික මුනින්ද්‍ර නම් වූ බෙංගාල ජාතික භික්ෂුවකි. ඔහු මහාබෝධි සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විය.

මහාබෝධි විහාරය පිළිබද මතභේදය[සංස්කරණය]

මහාබෝධි විහාරයේ භාරකාරත්වය හා කළමනාකාරිත්වය පිළිබඳ හින්දු හා බෞද්ධාගමිකයන් අතර කීපවරක්ම මතභේද හට ගැනිනි. 2005 අගෝස්තු මාසයේ ‍ මහාබෝධි විහාරයේ ඇතුළත පිහිටි පූජාසනයක ශුද්ධ ජලය පූජා කීරිම සඳහා ඇතුල් වීමට තැනු භාරතීය ජනතා පක්ෂ (BJP) සමාජීකයන් පිරිසක් පොලීසිය විසින් නවත්වන ලදී. BJP සමාජීකයන් පැවසුවේ විහාරය තුළ ඇති පූජාසනය ශිව ලිංගයක කොටසක් විය හැකි බැවින්, හින්දුන්ට පන්සලට ඇතුල් වී වැඳුම් පිඳුම් කිරීමට අවසර ලබා දිය යුතු බවය. නමුත් මහාබෝධි විහාරික භික්ෂුන් වහන්සේලා පැවසුවේ මෙම සිද්ධිය බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරය බවට ඇති හින්දු මතය නිසා විහාරයේ බලය ලබා ගැනීමට සිදු කරන හින්දු ජාතිවාදයේ කොටසක් බවයි. තවදුරටත් උන්වහන්සේලා පැවසුවේ ශීව ලිංගයක් ලෙස හඳුන්වන කොටස සැබවින්ම බුද්ධ ප්‍රතිමාවක කැඩි ගිය පාදමක් බවයි.

2006 දී බෝධි වෘක්ෂයේ අත්තක් ඉවත් කර එය තායිලන්තයේ ධනවත් ගැණුම්කරුවෙකු විහාරයේ ‍ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සහයද ඇතුව විකුණු බවට චෝදනාවක් එල්ල විය. විහාරයේ හිටපු ලේකම්වරයෙකු වන කාලිචරන් යාදෙව් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මෙම අත්ත විහාරයේ උද්භිද විද්‍යාඥයන්ගේ උපදෙස් පරිදි සිදුකරන ලද කප්පාදුවකට අනුව මීට බොහෝ කලකට පෙර ඉවත් කරන ලද්දක් බව පැවසීය. රාජ්‍ය නියෝජිතයෝ ද වෘක්ෂයේ පෙර වසරවල සිට ඡායාරූප ඉදිරිපත් කරමින් බෝධි වෘක්ෂය අලුතින් කපා දැමීමකට හෝ හානියකට ලක්වී නැති බවට ප්‍රකාශ කළෝය. තවදුරටත් බිහාර් ප්‍රාන්තයේ ලේකම්තුමාට බෝධි වෘක්ෂය පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලදී.

අරුප් බ්‍රහ්මචාරී නම් හින්දු පූජකතුමා විහාරයේ කළමනාකාරිත්වය දරන්නන්ගේ පෞද්ගලික මුල්‍ය තත්වය හා විහාරයේ ගිණුම් පරික්ෂා කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඔහු විහාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ දුෂණ හා අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කළේය. ඉන්දීය භික්ෂු සංගමයේ භාණ්ඩාගාරික, ප්‍රඥාදීප් විහාරයට පරිත්‍යාග ලෙස ලැබෙන මුදල්වල භාවිතය හා විහාරයේ ගිණුම පරික්ෂා කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේය.

2007 සැප්තැම්බර් මසදී විහාර කළමනාකාරී කමිටුවේ තුන් අවුරුදු කාලය අවසන් වු අතර නව කමිටුවක් පත් කිරීම වෙනුවට බිහාර් ආණ්ඩුව විහාර කමිටුවේ හිටපු සමාජිකයෙක් වන ගයා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා පන්සලේ තනි පාලකයා බවට පත් කළේය. 2008 මාර්තු වන විටත් නව කමිටුව පත්කර නොතිබු අතර මෙය හින්දු හා බෞද්ධාගමිකයන් දෙපිරිසගේම විවේචනයට ලක්විය. සමහර බෞද්ධයන්ගේ චෝදනාව වුයේ මෙය විහාර පාලනයට බෞද්ධ මැදිහත් වීම වැලැක්වීමට ගත් උපක්‍රමයක් බවයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. පාලියෙහි, රෝම අකුරෙන් දැක්වෙන උච්චාරණ සළකුණු භාවිතා කරමින්, මෙම වචනය උසුරුවනුයේ Bodhimaṇḍa. පාලි ත්‍රිපිටිකයෙහි, මෙම පදය බුද්ධවංශය පුරා දක්නට ඇති අතර, ජාතක කථා (Ja iv.238) හි එක් තැනක හමු වේ. හෝනර් (2000) විසින් Bodhimaṇḍa පරිවර්තනය කරනුයේ "අවබෝධතා වෘක්ෂයෙහි පෝරුව" ලෙසිනි (නි.ද., පිටු. 15 v. 65, 25 v. 183, passim).
  2. BuA.247
  3. J.iv.233 (පුතුවිනාභි)
  4. J.iv.229
  5. J.iv.232f
  6. DA.ii.412
  7. DA.ii.425; BuA.248