මහියංගනය රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
මහියංගන ස්ථූපය

මයියංගණ රජ මහ විහාරය


පපප[ඌව පළාත|ඌව පළාතේ]] බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හෙවත් මහියංගණයේ  පිහිටා ඇති පන්සලකි. මෙම පන්සල සුවිශේෂී වන්නේ මෙහි ඇති බුදුන්වහන්සේගේ කේෂ ධාතු තැන්පත්කර ඇති දාගැබ නිසාවෙනි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංගණය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි.

දාගැබ[සංස්කරණය]

ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂ ධාතු ලබාගෙන රන් කරඬුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කළ තැනින් ශ්‍රීවාස්ථි ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දාගැබක් ඉදි කරවා ඇත. එම දාගැබ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු ප්‍රතිසංස්කරණය කරවා ඇත.

සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත. මෙම ප්‍රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අග්බෝ රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.