මොල්ලිගොඩ වලව්ව

විකිපීඩියා වෙතින්

මොල්ලිගොඩ ග්‍රාමයේ තිබූ සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විසින් ඉදිකළ වලව්ව මොල්ලිගොඩ වලව්ව ලෙස ජනවහරට එක් විය.

වලව්වේ සම්බවය[සංස්කරණය]

වාද්දුවට සමීප මොල්ලිගොඩ ග්‍රාමයේ ඉතිහාසය රයිගම යුගය දක්වා අතීතයකට දිවේ. රයිගම බණ්ඩාර රජුගේ දියණියකවූ දෝන මොල්ලිනා පෙරේරා හෙවත් මොල්ලිගොඩ බිසෝ වාසය කළ ග්‍රාමය මොල්ලිගොඩ ලෙස නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මොල්ලිනා බිසෝ විසින් තම දරු තනතුරේ තබා ඇති දැඩිකලේ ඇයගේ සේවයට කැපවූ දොන් සුසෙව් ප්‍රනාන්දු නම් හේවායාගේ දරුවන් බව ද ජනප්‍රවාද ගත කරුණකි. සුසෙව් හේවායාගෙන් පැවතෙන එකී දරු පරපුරු ප්‍රදේශයේ බහුලය. ලංදේසි යුගයට සමකාලීනව මොල්ලිගොඩ සිට වස්කඩුවේ තෝම්බුවේ වැඩ බලන තනතුර,ප්‍රොපනේන්ත තනතුර සහ කොරනෙල් තනතුර ඇතුලු ලන්දේසි ආණ්ඩුවේ සැලකිය යුතු තනතුරු හතක් දැරුවා වූ එම පරපුරේ සුසෙව්හේවාගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විසින් ඉදිකළ වලව්ව හැදින්වූවේ කොමදෝරු ගෙදර නාමයෙනි. කාළයාගේ ඇවෑමෙන් සුසෙව්හේවාගේ කොරනේලිස් පිලිපිස් ප්‍රනාන්දු අප්පුහාමි (මොල්ලිගොඩ නන්දසිරි ගණින්නාන්සේ) නොහොත් ඔහුගේ පුතුට හිමිවිය. එතුමා පැවිදි දිවියට පත්ව පොතුපිටියේ වාලුකාරාම විහාරය අරඹණ ලද අනතුරුව ඔහුගේද මුණුබුරු පරම්පරාව විසින් පොතුපිටියේ වාලුකාරාම විහාරයට පවරා දුන් මෙම වලව්ව වර්ථනාමයේ මොල්ලිගොඩ සුමනාරාම විහාරය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙයි .වර්ථනාමයේ වලව්ව දක්නට නැති අතර The Dutch building of road side කෘතියේ සඳහන් අන්දමට ලන්දේසි සමයේ මොල්ලිගොඩ ග්‍රාමයේ පැවති උළුසෙවිල්ලූ නිවාස දෙකකි.

1.සුසෙව්හේවාගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු ආරච්චි විසූ කොමදෝරු ගෙදර

2. මැට්ටියගේ දොන් කොන්ස්තන්තිනෝ තෝම්බු ආරච්චි විසූ තෝම්බු ගෙදර

මෙම නිවාස දෙකම එකම හැඩයෙන් නිමවූ අතර ඇතුලත අවකාශ භාවිතයද සමාන විය.

  • සුසෙව්හේවගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විදානේ -වලව්ව ඉදිකළේ
  • සුසෙව්හේවගේ කොරනේලිස් පිලිප් අප්පුහාමි (මොල්ලිගොඩ නන්දසිරි ගණින්නාන්සේ )
  • සුසෙව්හේවාගේ කොරනේලිස් පිලිප් අප්පුහාමි හෙවත් නන්දසිරි ගණින්නාන්සේ (අතපත්තු රාළ -ලංදේසි හමුදාව) -පුතු
  • සුසෙව්හේවගේ හාමියෙල් ප්‍රනාන්දු අප්පුහාමි (මොල්ලිගොඩ පොලිස් විදානේ) -මුණුබුරු
  • සුසෙව්හේවගේ ගිරිගෝරිස් පෙරේරා ධර්මසේන රාලහාමි 1835-1905 (පොතුපිටිය විදානේ ආරච්චි ඇතුලු සැලකිය යුතු තනතුරු පහක් දැරීය ) -මීමුණුබුරු

සුසෙව්හේවගේ පරපුරේ අතීතය වීදියබණ්ඩාර යුගයට දිවෙයි. වීදියේ බණ්ඩාර සහය පතා ඉන්දියාවේ කොරමැන්ඩල් වරායේ සිට ගෙන්වාගත් රණශූර දොන් සුසේ ද සූසා ගේ බෑනා වූ දොන් සුසෙව් ප්‍රනාන්දු කොළඹ කොටුවේ වුල්ෆන්ඩාල් ග්‍රාමයේද පසුව පොතුපිටිය ග්‍රාමයේද පදිංචි වී පසු කාලයේ මොල්ලිගොඩ ග්‍රාමයට පැමිණ රයිගම පෙළපතේ මොල්ලිනා කුමරියගේ සහයට කැපවූ අයෙකු විය.අනතුරුව සුසෙව් ගේ මව අහිමි දරුවන් වෙනුවෙන් මොල්ලිනා කුමරිය මවක වූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වේ. කුමරිය මියගිය පසු මොල්ලි කුමරිගේ ගම මොල්ලිගොඩ ලෙස ව්‍යවහාර කරවා තිබෙන්නේ ද මෙම දරුවන් බව කියැවේ.

මෙම වලව්ව විසින් සමීප සබඳතා සිදුකල ලංකාවේ ප්‍රබල පෙළේ පවුල් ගනනාවකි.

  • තුඩුගල තෙන්නකෝන් පරපුර (පසු කාලයේ විජේවර්ධන ලෙසින් ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සිදුකල පරම්පරාව
  • පොතුපිටියේ පට්ටිකාරවාසල ධර්මසේන පරපුර
  • නල්ලූරුව රොද්‍රිගෝ පරපුර
  • කතළුවේ ඔබේසේකර පරපුර
  • කළුවාමෝදර තේන්කුට්ටිගේ පරපුර(කළුවාමෝදර මහගෙදර)
  • ආනන්ද රාජකරුණා ශූරීන්ගේ කලමුල්ලේ මහගෙදර දැල්කඳුර ආරච්චිගේ පරපුර

ජනප්‍රවාදයට අනුව නින්ද ගම නොහොත් වැඩිවියට පත් වන සෑම කතකගේම මංගල රාත්‍රියේ නින්දේ අය්තිය හිමි වන්නේ නින්දගමේ අධිපති නොහොත් එම ග්‍රාමයේ රාජකුල ස්වාමිදරුවා වෙතයි. මොල්ලිගොඩ ග්‍රාමයේ ප්‍රතිගාල් සමයේ සිටම මෙකී නින්දගම් අය්තිය හිමිවූවේ මෙම සුසෙව්හේවගේ පෙළපතටයි. එබැවින් ගම්වැසියන් අතුරින් බොහෝ දෙනෙකු එකී ප්‍රෞඩ අතීතයේ කොටස් කරුවන් බව කිව යුත්තේය.

සීතාවක යුගයේ පෙළපත් සොයා යාත්‍රා කල මහාචාර්ය රිසිමන් අමරසිංහ මැතිතුමාගේ යකුන්දූව රජ පෙළපත ලිපියෙන් කළ උපුටා ගැනීමකි.

"https://si.wikipedia.org/w/index.php?title=මොල්ලිගොඩ_වලව්ව&oldid=611631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි