අම්පාර
අම්පාර | |
---|---|
නගරය | |
අම්පාර ඔරලෝසු කණුව | |
ඛණ්ඩාංක: 7°17′0″N 81°40′0″E / 7.28333°N 81.66667°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | අම්පාර දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | අම්පාර නගර සභාව |
• සභාපති | ඉන්දික නලීන් ජයවික්‍රම |
ජනගහණය(2011) | |
• මුළු | 20,309 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
අම්පාර යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අග නගරයයි. අතීතයේදි අම්බරගම ලෙස හදුන්වා ඇති අතර පසුව එය අම්බර වි පසුව අම්පාර වි ඇත. ජනගහනය (වර්ෂ 2001 දි) 20,309 වු අතර එයින් බහුතරය (96%) සිංහල ජාතිකයන්ය. අම්පාර නගරය, ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග පිහිටා ඇත. නගරයේ සිට දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසටද වැඩි දුරක් නොපවතී. කොළඹ නගරයේ සිට අම්පාරට 350 km පමණ දුරක් ඇත. මහනුවර සිට දුර 250 km පමණ වේ.
ඉතිහාසය
[සංස්කරණය]අම්පාර එතරම් පැරණි නගරයක් නොවේ. 1949 දී ගල්-ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය ඇරඹීමට පෙර මෙහි නවීන නගරයක් නොවී ය. කෙසේ වුවද, දුටුගැමුණු රජ සමයේදී පවා (ක්‍රි. පූ. 2 වන සිය වස) මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට සාධක ඇත. එකල, දිගාමඩුල්ල ප්‍රදේශය කෘෂි කර්මාන්තයට නම් දැරූ ප්‍රදේශයක් විය.
දේශගුණය
[සංස්කරණය]අම්පාර නගරය ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් වේ. අවුරුද්දේ බොහෝ කාළවල ප්‍රදේශයට වර්ෂාව නොලැබේ. මාර්තු-සැප්තැම්බර් මාසවල එතරම් වර්ෂාව නොලැබේ. නගරයට වැසි ලැබෙන්නේ ඊසානදිග මෝසම් වර්ෂා සමයෙහි, එනම් ඔක්තෝම්බර්-පෙබරවාරි කාලයේදී ය.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය මීට වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි. සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.
- සාම චෛත්‍යය, අම්පාර - අම්පාරේ පිහිටා ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ලොව පුරා ඉදිකරන ලද සාම චෛත්‍යය අතුරින් එකක් වෙයි.
- අම්පාර වැව - නගරයට සෘජුවම සම්බන්ධ වී අම්පාර වැව පිහිටා තිබේ.
අධ්‍යාපනය
[සංස්කරණය]අම්පාර නගරය අවට පිහිටි වෙනත් නගර
[සංස්කරණය]ආශ්‍රිත ලිපි
[සංස්කරණය]සිතියම්
[සංස්කරණය]- East of Sri Lanka
- Divisions of Ampara සංරක්ෂණය කළ පිටපත 2007-10-30 at the Wayback Machine
- Detailed map of Ampara vicinity and Sri Lanka
- Google Map සංරක්ෂණය කළ පිටපත 2012-02-24 at the Wayback Machine