බුද්ධංගල ආරණ්‍ය සේනාසනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වූ ස්ථූපය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරයට ආසන්නව අක්කර 1280 ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වසර 2300 කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පුද බිමකි.එය අම්පාර නගරයට කි.මී. 4.5ක් පමණ උතුරින් පිහිටි අතර ඉතා රමණීය පරිසරයකින් යුතු භූමි භාගයකි. සුවිශාල පර්වත තලා කූට පහක් සිටින සේ මතු වී ඇති අතර එකිෙනක කූට තද බෑවුම් සහිත වැහි සමයේදී ආරවල් බවට පත් වන කපොලු වලින් සාර්ථක ලෙස වෙන් කරයි. එනිසා මෙම මුදුන් වලට නැගිය හැක්කේ වෙන වෙනම වැටුණු මං වලිනි. පූජනීය නටඹුන් පිහිටි භූමියෙහි සිට උතුර ෙදසට පැතිර යන මිටි ගල් තලා රැස මෙහි එකම කොටස් ලෙස සැළකිය හැකිය. වැහි සමයේ තැන තැන දිය ආරවල්, ගල් ෙකම්, පිරී ඉතිරන රමණීය‍ නෙත් සිත් අදනා ෙමම භූමිය අක්කර දහස් ගණනක් ඈතට ගමන් කරන බිහිසුණු වනය වේ. සිය ගණන් වල් ඇතුන් හා අලින් නිබදව දැක්ය හැකි වුවත් ඔවුන්ෙගන් කිසි ෙවකුට හානියක් ෙනාසිදු වීම ඉමහත් අසිරියකි. [1]

සේනාසනයෙහි වූ අඩි 500 ක් පමණ උස්වූ ගල් මස්තකයක ඉදි කරන ලද ස්ථූපයෙහි, ගෞතම බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වහන්සේලා දෙනම වූ සැරියුත් රහතන් වහන්සේගේ හා මුගලන් රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට තිබේ.[2] මිහිදු මහරහතන් වහන්සේ විසින් දඹදිව විදිසාවෙන් වැඩම කරවූ මෙම සර්වඥධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා, සංචා ස්ථූපයේ අනුරුවකට අනූව සැකසූ දඹ රන් කරඩුවක තැම්පත් කර එවක රුහුණට තිබූ එකම වටදාගෙය වූ මෙහිලා නිදන් කර තිබේ. පසුකාලීනව ගරා වැටී තිබූ මෙම ස්ථූපය තුල සිදු කරනු ලැබූ කැණීම් අතරතුරදී හමුවූ ධාතූන් වහන්සේලා බුදුන් වහන්සේගේ හා අග්‍රශ්‍රාවක වහන්සේලාගේ බැව්, ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් තහවුරු කරන ලදී.

පුද භූමියෙහි දක්නට ලැබෙන වර්ථමාන නව ස්ථූපය 1974 වසරේදී විලියම් ගොපල්ලව මහතා විසින් විවෘත කොට තිබේ.[3]

අතීතයේ මෙම පුද භූමිය කරක්ධිගල යනුවෙන් හඳුන්වා තිබෙන බව පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

ඉතිහාසය[සංස්කරණය]

සේනාසනයේ වූ ගල්ලෙනක්
සේනාසනයේ වූ දම්සක් පැවතුම් සූත්‍රය දැක්වෙන පුවරුව

ක්‍රිස්තු පූර්ව 2-3 වන සියවස් කාලයේ පණ්ඩාවාසදේව රජ සමයේ ලක් දිවට පැමිණි දීඝායු කුමාරයා දීඝගම, දීඝවාපිරට්ඨ, දිගාමඩුල්ල යන නම්වලින් හැඳින්වූ මෙම දිගාමඩුලු ප්‍රදේශයේ රජකම් කරන ලදී. මහින්දාගමනයෙන් පසු ප්‍රබෝධමත්භාවයට පත්වූ මෙම බුද්ධංගල අරණ රහතුන් වහන්සේලාගේ නිජ භූමියක් බවට පත්විය. චිත්‍රා දේවියගේ ආදායම් පාලක ප්‍රමුඛ උත්තියගේ පුතු, සුජාතාගේ ලෙනද දීඝති ප්‍රභූකරවූ ලෙනද, මෙම ආරණ්‍යයේ පැමිණි නොපැමිණි සංඝයා වෙත පූජා කල බව ගල්ලෙන් වල සඳහන් වෙයි.


භාවනා කිරීම සඳහා සකස් වූ තපෝවනය, දෙවන පෑතිස් රජුගේ ඇවෑමෙන් උත්තිය රජුගේ ඥාතීන්ගේ අනුග්‍රහයෙන් ආරම්භ වූ බව ශිලා ලිපි වලින් පැහැදිලි කොට තිබේ.


කාලය ගත වීමත් සමග ක්‍රමයෙන් ජන ශුන්‍යත්වයට පත්වූ මෙම ප්‍රදේශය මෑත කාලීනව කොටි ත්‍රස්ථවාදීන්ගේ බලපෑමට යටත්ව තිබුණි. මෙම උතුම් පිං භූමිය ආරක්ෂා කරනු වස් 1964 වසරේදී බුද්ධංගලට වැඩම කරවූ කළුතර ධම්මානන්ද හිමි (බුද්ධංගල ලොකු හාමුදුරුවෝ) සහ බටයායේ ආරියවංශ හිමි විසින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව බුද්ධංගල සිංහල ජනපදය බිහි කොට, විහාරය වැඩි දියුණු භාවයට පත් කරන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://srilanka.travel/lesserknown/index.php?route=product/category&path=20&place=68 බුද්ධංගල මොනාස්ට්‍රි
  2. http://www.srisalike.com/Temple/Ampara/Buddangala%20Temple.aspx බුද්ධංගල ටෙම්පල්
  3. http://amazinglanka.com/wp/buddhangala/ බුද්ධංගල ආරන්‍ය සේනාසනය

බාහිර සබැඳි[සංස්කරණය]