නාර්මර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නාමෙර් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

නාර්මර් යනු මුල්කාලීන රාජවංශික යුගයේ පුරාතන ඊජිප්තු රජ කෙනෙකි.[1] ප්‍රාක්රාජවංශික රජවරුන් වූ ස්කෝර්පියන් සහ/හෝ කා රජවරුන්ගේ අනුප්‍රාප්තිකයා විය හැකි මොහුව ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා සහ පළමු රාජවංශයේ ආදිකර්තෘවරයා ලෙසයි. එය එසේ වී නම් මොහු එක්සත් ඊජිප්තුවේ පළමු රජු වේ.

නාර්මර්ගේ අනන්‍යතාව තවමත් විවාදයට තුඩු දී ඇත. නමුත් ප්‍රධාන ඊජිප්තුවේදී සමීක්ෂණ[2][3][4][5] මගින් නාර්මර් යනු පළමු රාජවංශ පාරාවෝ මෙනෙස්ම යැයි සලකා ඇත. ඇතැම් අවස්ථාවල දී පළමු පාරාවෝ ලෙස ඊජිප්තුව එක්සත් කළේ මොහු යැයි පැවසේ. මෙම නිගමනයට පාදක වී ඇත්තේ නාර්මර් ඵලකය (මෙහි නාර්මර් ඊජිප්තුව එක්සත් කළ තැනැත්තා ලෙස දක්වා ඇත) සහ ඇබයිඩොස්හි සුසාන භූමියෙන් හමුවූ මුද්‍රා දෙකකි. මෙහි ඔහු පළමු රාජවංශයේ ප්‍රථම රජු ලෙස දක්වා ඇත.

නාර්මර්/මෙනෙස්ගේ ආසන්න දිනයන් ක්‍රි.පූ. 31 හෝ 32වන සියවස්වලට සමීප අගයයන් යැයි ඇස්තමේන්තු කෙරේ. නමුත් මෑතකාලීන ඊජිප්තුවේදී සාහිත්‍යය තුළ ක්‍රි.පූ. 34 සිට 30 දක්වා සියවස් අතර අගයයන් ඔහුට යෝජනා කොට ඇති අවස්ථා ද හුමවේ.[6]

රාජ්‍ය සමය[සංස්කරණය]

1898දී ජේම්ස් ඊ. ක්විබෙල් විසින් හයරොකොන්පොලිස්වලින් සොයාගන්නා ලද සුප්‍රකට නාර්මර් ඵලකය තුළ[7] නාර්මර් ඉහළ සහ පහළ ඊජිප්තුව යන දෙකෙහිම නිල සංකේත දරා සිටිනු නිරූපිත ය. මේ හේතුවෙන් ඔහු රාජධානි ද්විත්වය එක්සත් කළේ ය යන මතය ගොඩනැගී ඇත.[8] මෙය සොයාගත් දිනයේ සිට, නාර්මර් ඵලකය තුළින් ඓතිහාසික සිදුවීමක් නිරූපණය වන්නේ ද[8][9] නැතහොත් හුදු සංකේතාත්මක නිරූපණයක් පමණ ද යන්න මතභේදයට තුඩු දී ඇත.[10][11] 1993දී, කෙසේනමුත්, ගන්තර් ඩ්‍රයර් විසින් ඇබයිඩොස්වලින් නාර්මර් ඵලකයේ දැක්වෙන සිදුවීමම ඇතුළත් නාර්මර්ගේ වර්ෂ නම් ඵලකයක් සොයාගත් අතර, මේ අනුව නාර්මර් ඵලකයේ සිදුවීම සැබෑ ඓතිහාසික සිදුවීමක් බව පැහැදිළිව පෙනිණි.[12]

නාර්මර් යනු මෙනෙස් යැයි හඳුනාගන්නා ප්‍රධාන ඊජිප්තුවේදීය පිළිගැනීම සාර්වත්‍රික එකක් නොවේ. මෙය එකඟ වී ඇති පුරාතන ඊජිප්තුවේ ඉතිහාසය සමග අතු විහිදුණකි. ඇතැම් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ මෙනෙස් යනු හොර්-අහාම බවත්, ඔහු ඒ වනවිටත් එක්සත් වූ ඊජිප්තුව නාර්මර්ගෙන් දායාද කරගත් බව්ත ය;[13] සෙස්සන් විශ්වාස කරන්නේ නාර්මර් එක්සත් කිරීමේ ක්‍රියාවලිය ඇරඹූ නමුත්, ඔහුට එය සම්පූර්ණ කළ නොහැති වූ බවයි. මේ නිසා මෙනෙස් විසින් එය සම්පූර්ණ කළ බව ඔවුහු පවසති. නාර්මර් යනු මෙනෙස්ම බවට යෝජනා වී ඇත්තේ ඇබයිඩොස්වලින් හමුවූ මඩ මුද්‍රාවේ ඔහුගේ සටහන "mn" නම් ක්‍රීඩාපුවරු රූපාක්ෂරය සමග සන්ධිව දක්වා ඇති හෙයිනි. මෙය නැතහොත් සාක්ෂි නොමැති රජකුගේ සමකාලීන වාර්තාවක් ලෙස පෙනේ.[14]

තවත් භව්‍ය මතයක් වන්නේ නාර්මර් යනු ඊජිප්තුව එක්සත් කළ රජුගෙන් (ඇතැම්විට හයරකොන්පොලිස්වලින් හමුවූ සෙං‍කෝල හිසක නාමය සනිටුහන්ව ඇති ස්කෝර්පියන් රජු විය හැක) වහාම පසුව රජවූ අනුප්‍රාප්තිකයා බවයි. නමුත් ඔහු ඒ වනවිටත් පරම්පරාවේ භාවිතයට ගෙන තිබූ ඒකාබද්ධබාවයේ සංකේත භාවිතා කරන්නට ඇත.[15]

මෑතක දී ඩෙන් සහ කා’ආ රජවරුන්ගේ සොහොන්ගැබ්වලින් (ඇබයිඩොස්හි පිහිටි) හමුවූ සුසාන මඩ මුද්‍රා දෙකක රජවරුන්ගේ ලැයිස්තුවල නාර්මර් යනු පළමු රාජවංශයේ ආදිකර්තෘ ලෙස දක්වා ඇත. අනතුරුව හොර්-අහා රජ වූ බැව් එහි දැක්වේ. කා’ආගේ මුද්‍රාකරණයෙහි නාර්මර්ගෙන් ඇරඹි පළමු රාජවංශයේ රජවරුන් අටදෙනා නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇත.[16] මෙම ලැයිස්තු දෙකෙන් එකකවත් මෙනෙස්ගේ නාමය සඳහන් නොවන්නේ එකල ස්මාරකවල සාමාන්‍යයෙන් භාවිත වූයේ හොරස් නාමය වීම නිසායි. මෙනෙස් යන්න පෞද්ගලික නාමයකි.[17]

2016 ජනවාරි වන තෙක්ම, නාර්මර්ගේ බිසව යැයි විශ්වාස කෙරුණේ නෙයිත්හොටෙප් නම් තැනැත්තියයි. ඇගේ නාමයේ අර්ථය "නෙයිත් සතුටට පත්වන" යන්නයි. මෙම මතය අනුව, ඇය පහළ ඊජිප්තුවේ කුමරියක වන්නට ඇතැයි සැලකිණි. ඇගේ නාමය ඇතුළත් අභිලේඛන නාර්මර්ගේ වහාම අනුප්‍රාප්තිකයින් වූ හොර්-අහා මෙන්ම ඩ්ජෙර්ගේ සොහොන්ගැබ්වලින් ද හමු විය. මේ නිසා ඊජිප්තුවේදීන් යෝජනා කළේ ඇය හොර්-අහාගේ මෑණියන් බවයි.[18] කෙසේනමුත්, 2016 ජනවාරි මස පියරේ ටැලට්ගේ අධිකාරීත්වය යටතේ සිදුවූ විමර්ශනවල දී සිනායිවලින් හමුවූ ශිලා ලේඛන අනුව සනාථ වී ඇත්තේ නෙයිත්හොටෙප් යනු සැබැවින්ම ඩ්ජෙර්ගේ රාජ්‍ය සමයේ මුල් කාලයේ විසූ රාජ්‍යාධිකාරී රැජිනක බවයි. මේ අනුව ඇය හොර්-අහාගේ භාර්යාවක විය හැකි බැව් පෙනේ.[19]

සොහොන්ගැබ සහ පුරාවස්තු[සංස්කරණය]

උම් එල්-කා’අබ්හි කුටීර B17 සහ B18 මගින් නාර්මර්ගේ සොහොන්ගැබ සමන්විත වේ.

නාර්මර්ගේ සොහොන්ගැබ ඇබයිඩොස්හි උම් එප්-කා’අබ් ප්‍රදේශයේ පිහිටි සංයුක්ත කුටි දෙකකින් (B17 and B18) සමන්විත ය. මෙය ඔහුට පෙර ඉහළ ඊජිප්තුව පාලනය කළ කාගේ සොහොන්ගැබට යාබදව පිහිටා ඇත.[20]

නාර්මර් පිළිබඳ සාක්ෂි මුළු ඊජිප්තුව පුරාම සහ දකුණු කනාන්වලින් හමුවේ. ඊජිප්තුව තුළ ඔහුගේ සෙරෙඛ් සංකේතය ස්ථාන 12කින් හමුවී ඇත: ඉන් තුනක් ඉහළ ඊජිප්තුවෙන් (හයරකොන්පොලිස්, නැකාඩා, සහ ඇබයිඩොස්) ද, හතක් පහළ ඊජිප්තුවෙන් (ටර්ඛාන්, හෙල්වාන්, සවියෙට් එල්’අර්යන්, ටෙල් ඊබ්‍රහිම් අවාඩ්, එස්බෙට් එල්-ටෙල්, මින්ෂාට් අබු ඕමාර්, සහ කාෆර් හසන් ඩාවූඩ්[21]) ද, නැගෙනහිර කාන්තාරයෙන් (වැඩි එල්-කාෂ්) සහ බටහිර කාන්තාරයෙන් (ඛර්ගා ක්ෂේමභූමිය) එක බැගින් ද හුමව තිබේ.[lower-alpha 1]

නාර්මර්ගේ රාජ්‍ය සමයේ, ඊජිප්තුව සහ දකුණු කනාන් පෙදෙසේ සක්‍රීය ආර්ථිකයක් පැවතී ඇත. ස්ථාන ගණනාවකින් මැටි බඳුන් කැබලි හමුවී ඇති අතර, මේවා අතර ඊජිප්තුවේ නිර්මිත මෙන්ම කනාන් වෙත ආනනයනය කෙරුණු ඒවා සහ ප්‍රදේශික අමුද්‍රව්‍යවලින් ඊජිප්තු ශෛලියෙන් නිමවූ ඒවා ද වේ. මෙම පසුකාලීන සොයොගැනීමත් සමග නිගමනය කෙරුණේ කනානයේ ඊජිප්තු පැවැත්ම වෙළඳාමේ ප්‍රතිඵලයකට වඩා ජනපදය්ක ලෙස පවතින්නට ඇති බවයි.[23] කනානයේ ඊජිප්තු පැවැත්ම යුධ ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස පැහැදිළි කෙරුණ ද,[24] මෙම මතය පුළුල්ව පිළිගැනෙන්නේ නැත.[25][26] මෙම යුගයට අයත් යැයි සැලකෙන ටෙල් එස්-සකාන්හි ආරක්ෂක ගොඩනැගිලි නටබුන් අනුව පෙනීයන්නේ යුධ ආක්‍රමණයක් නොවූයේ නම්, යුධ පැවැත්මක් සිදුව ඇති බවයි.[27]

දකුණු කනානයේ ඊජිප්තු ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය කනාන්හි ස්ථාවලින් හමුවූ ප්‍රාක්රාජවංශික යුගයේ සිට පළමු රාජවංශයේ ආරම්භය දක්වා කාලයට අයත් මැටි බඳුන් කැබලිවලින් හමුවූ සෙරෙඛ් 33 මගින් පෙනී යයි.[28] මින් දහතුනක් නාර්මර්ට අයත් ය. ඒවා වෙනස් ස්ථාන හයකින් හමුවී ඇත: එනම් ටෙල් අරාඩ්, එන් බෙසෝර් (ඒන් හාබෙසෝර්), ටෙල් එස්-සකාන්, නහාල් ටිල්ලා (හලිෆ් මළුව), ටෙල් එරානි සහ ලොඩ් ය.[29] ලොඩ්වලින් හමුවූ වෙනත් සෙරෙඛ් සංකේතයක් නාර්මර්ගේ පූර්වප්‍රාප්තිකයා විය හැකි කාට අයත් යැයි යෝජනා කොට ඇත.[30] වැදගත් ලක්ෂණය වන්නේ මින් එකක් පමණක් නාර්මර්ගේ අනුප්‍රාප්තිකයාට අයත් යැයි පෙනී යාමයි. ඔහු හොර්-අහා . සෙසු සෙරෙඛ් සංකේත කිසිදු නාමයක් නොදරන ඒවා හෝ මෙතෙක් හඳුනන පාරාවෝවරුන් එක් අයකුටවත් අයත් යැයි සැලකිය නොහැකි නම් සහිත ඒවා වේ..[28] නාර්මර්ගේ සෙරෙඛය සමග වෙන් පූර්වරාජවංශික සහ මුල්කාලීන රාජවංශික රජවරුන්ගේ සෙරෙඛ් දකුණු සිනායිහි වැඩි ‘අමෙයිරාවලින් හමුවී ඇත. මෙහි අභිලේඛනවල එම ප්‍රදේශයේ ඊජිප්තු පතල් කටයුතු පිළිබඳ සඳහන් වේ.[31]

1994 ග්‍රීෂ්මයේ දී, දකුණු ඊශ්‍රායලයේ නහාල් ටිල්ලා ගවේෂණයේ කැනීම්කරුවන් විසින් නාර්මර්ගේ සෙරෙඛ් සංකේතය සහිත සෙරමික් මැටි බඳුන් කැබැල්ලක් සොයාගන්නා ලදී. මෙම කැබැල්ල හමුවූයේ විශාල වෘත්තාකාර වේදිකාවක් මතිනි. මෙය හලිෆ් පේසාවේ ධාන්‍ය ගබඩාවේ අත්තිවාරම විය හැක. ක්‍රි.පූ. 3000ට පමණ අයත් යැයි නිර්ණිත මෙම කැබැල්ලේ ඛනිජ විද්‍යාත්මක අධ්‍යයනය අනුව නිගමනය වී ඇත්තේ මෙය නයිල් නිම්නයේ සිට කනාන් වෙත ආනයනය කෙරුණු වයින් බුජමක කොටසක් බවයි.[32]

වසර 200ක පමණ ක්‍රියාකාරී පැවැත්මකින් පසුව, කනාන්හි[33] ඊජිප්තු ජනාවාස නාර්මර්ගේ සමයේ උච්චත්වයට පත්වූ අතර, ඉන් පසුව ශීඝ්‍රයෙන් හායනයට ලක් විය.[28]

පින්තූර ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. මෙම සෙරෙඛ් දෙකක් හැර අන් සියල්ල මෙහි ලැයිස්තුගත කොට ඇත: Jiménez-Serrano 2007, pp. 372–73, table 9. අනෙක් ද්විත්වය ටෙල් එල්-ෆර්ඛා[22] සහ කාෆර් හසන් ඩාවුඩ් වලින් හමු විය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Wilkinsonn 1999, p. 67.
  2. Lloyd 1994, p. 7
  3. Edwards 1971, p. 13
  4. Cervelló-Autuori 2003, p. 174
  5. Heagy 2014, pp. 59–92
  6. Dee et al. (2013): "recent estimates range from 3400 to 2900 BCE", based on: J. Mellaart, 1979, Egyptian and Near Eastern chronology: a dilemma?. Antiquity 53, 6–1;J. von Beckerath, 1997, Chronologie des Pharaonischen Agypten. Mainz, Germany: Verlag Philipp von Zabern; KA Kitchen, 2000, Regnal and genealogical data of ancient Egypt (absolute chronology I). In The synchronisation of civilisations in the Eastern Mediterranean in the Second illennium BC I (ed. Bietak M), pp. 39–52. Vienna, Austria: Austrian Academy of Sciences;R. Krauss and DA Warburton, 2006, 'Conclusions' in: Ancient Egyptian Chronology (eds Hornung E, Krauss R, Warburton DA), pp. 473–489. Leiden, The Netherlands: Brill;D Wengrow, 2006, The archaeology of Early Egypt. Cambridge, UK: Cambridge University Press.
  7. Quibell 1898, pp. 81–84, pl. XII–XIII.
  8. 8.0 8.1 Gardiner 1961, p. 403–4. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "FOOTNOTEGardiner1961403–4" defined multiple times with different content
  9. Edwards 1961, pp. 41–43.
  10. Baines 1995, p. 117.
  11. O'Connor 2011.
  12. Dreyer 2000, pp. 6–7.
  13. Midant-Reynes 2000, pp. 243–50.
  14. Gardiner 1961, pp. 404–5.
  15. Schulman 1991–92, p. 85.
  16. Cervelló-Autuori 2005, pp. 31–37.
  17. Seidlmayer 2010, p. 25.
  18. Tyldesley 2006, p. 26–29.
  19. Owen Jarus, Live Science, Early Egyptian Queen Revealed in 5,000-Year-Old Hieroglyphs, [1] [2]
  20. Dreyer 1999, pp. 110–11.
  21. Hassan 2000, p. 39.
  22. Ciałowicz 2011, p. 63.
  23. Porat 1986–87, p. 119.
  24. Yadin 1955, pp. 1-16.
  25. Campagno 2008, pp. 695–96.
  26. Porat 1986–87, p. 109.
  27. de Miroschedji 2008, p. 2028–29.
  28. 28.0 28.1 28.2 Anđelković 2011, p. 31.
  29. Jiménez-Serrano 2007, pp. 372–73, Table 9.
  30. Jiménez-Serrano 2007, p. 370, Table 8.
  31. Tallet & Laisney 2012, pp. 383–389.
  32. Levy et al. 1995, pp. 26–35.
  33. Anđelković 1995, p. 72.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Anđelković, B (1995), The Relations Between Early Bronze Age I Canaanites and Upper Egyptians, Belgrade: Faculty of Philosophy, Center for achaeological Research, ISBN 86-80269-17-4 .
  •     (2011), "Political Organization of Egypt in the Predynastic Period", in Teeter, E, Before the Pyramids, Chicago: Oriental Institute of the University of Chicago, ISBN 978-1-885923-82-0 .
  • Baines, J (1995), "Origins of Egyptian Kingship", in O’Connor, D; Silverman, DP, Ancient Egyptian Kingship, Leiden, New York, Cologne: EJ Brill, pp. 95–156, ISBN 90-04-10041-5 .
  • Braun, E (2011), "Early Interaction Between Peoples of the Nile Valley and the Southern Levant", in Teeter, E, Before the Pyramids, Chicago: Oriental Institute of the University of Chicago, ISBN 978-1-885923-82-0 .
  • Campagno, M (2008), "Ethnicity and Changing Relationships between Egyptians and South Levantines during the Early Dynastic Period", in Midant-Reynes; Tristant, Y, Egypt at its Origins, 2, Leuven: Peeters, ISBN 978-90-429-1994-5 .
  • Cervelló-Autuori, Josep (2003), "Narmer, Menes and the seals from Abydos", Egyptology at the dawn of the twenty-first century: proceedings of the Eighth International Congress of Egyptologists, 2000, 2, Cairo: The American University in Cairo Press, https://books.google.com/books?id=pJ48YP14qZQC&printsec=frontcover&source=gbs_v2_summary_r&cad=0#v=onepage&q&f=false .
  • Cervelló-Autuori, Josep (2005), "Was King Narmer Menes?", Archéo-Nil 15 .
  • Ciałowicz, KM (2011), "The Predynastic/Early Dynastic Period at Tell el-Farkha", in Teeter, E, Before the Pyramids, Chicago: Oriental Institute of the University of Chicago, pp. 55–64, ISBN 978-1-885923-82-0 .
  • Dodson, Aidan; Hilton, Dyan (2004), The Complete Royal Families of Ancient Egypt, Thames & Hudson, ISBN 0-500-05128-3 .
  • Dreyer, G (1999), "Abydos, Umm el-Qa'ab", in Bard, KA; Shubert, SB, Encyclopedia of the Archaeology of Ancient Egypt, New York: Routledge, ISBN 0-415-18589-0 .
  •     (2000), "Egypt's Earliest Event", Egyptian Archaeology 16 
  • Edwards, IES (1971), "The early dynastic period in Egypt", The Cambridge Ancient History, 1, Cambridge: Cambridge University Press .
  • Edwards, WB (1961). Archaic Egypt: Culture and Civilization in Egypt Five Thousand Years Ago. London: Penguin Books. .
  • Gardiner, Alan (1961), Egypt of the Pharaohs, Oxford University Press .
  • Hassan, FA (2000), "Kafr Hassan Dawood", Egyptian Archaeology 16: 37–39 .
  • Heagy, Thomas (2014), "Who was Menes?", Archeo-Nil 24: 59–92 
  • Jiménez-Serrano (2007) (in Spanish), Los Primeros Reyes y la Unificación de Egipto, Jaen, ES: Universidad de Jaen, ISBN 978-84-8439-357-3 .
  • Kinnaer, Jacques (2004), "What is Really Known About the Narmer Palette?", KMT: A Modern Journal of Ancient Egypt .
  • Lloyd, Alan B (1994) [1975], Herodotus: Book II, Leiden: EJ Brill, ISBN 90-04-04179-6, https://books.google.com/books?id=GQ7e1nuD9tcC .
  • Levy, TE; van den Brink, ECM; Goren, Y; Alon, D (1995), "New Light on King Narmer and the Protodynastic Egyptian Presence in Canaan", The Biblical Archaeologist 58 (1): 26–35, doi:10.2307/3210465 .
  • Midant-Reynes, B (2000), The Prehistory of Egypt .
  • de Miroschedji, P (2004), "Sakan, Tell Es-", in Stern, E; Geva, H; Paris, A, The new Encyclopedia of Archaeological Excavations in the Holy Land, Supplementary Volume, 5 .
  • O'Connor, David (2011), "The Narmer Palette: A New Interpretation", in Teeter, E, Before the Pyramids, Chicago: Oriental Institute of the University of Chicago, ISBN 978-1-885923-82-0 .
  • Porat, N (1986–87), "Local Industry of Egyptian Pottery in Southern Palestine during the Early Bronze Period", Bulletin of the Egyptological Seminar 8 .
  • Quibell, JE (1898). "Slate Palette from Hierakonpolis". Zeitschrift für ägyptische Sprache und Altertumskunde. 36..
  • Schulman, AR (1991–92), "Narmer and the Unification: A Revisionist View", Buletin of the Egyptological Seminar 11 .
  • Seidlmayer, S (2010), "The Rise of the Egyptian State to the Second Dynasty", in Schulz, R; Seidel, M, Egypt: The World of the Pharaohs .
  • Shaw, Ian (2000), The Oxford History of Ancient Egypt, Oxford University Press .
  • Talllet, P; Laisney, D (2012), "Iry-Hor et Narmer au Sud-Sinaï: Un complément à la chronology des expéditions minères égyptiennes", Bulletin de l'Institut français d'archéologie orientale 112 .
  • Tyldesley, Joyce (2006), Chronicle of the Queens of Egypt, London: Thames & Hudson .
  • Wilkinson, TAH (1999), Early Dynastic Egypt, London, New York: Routlege .
  • Yadin, Y (1955), "The Earliest record of Egypt Military Penetration into Asia?", Israel Exploration Journal 5 (1) .

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=නාර්මර්&oldid=415097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි