හොරස් නාමය
Horus name (Serekh name) රූපාක්ෂර වලින් | |||
---|---|---|---|
srḫ serekh facade (of the palace) | |||
![]() | |||
![]() |

හොරස් නාමය (ඉංග්‍රීසි: Horus name) යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ පූර්වරාජවංශික යුගයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.[1]
හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ සෙරෙඛයක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.[1]
අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ සෙත්-පෙරිබ්සෙන් පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට සෙත් දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමයට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.[1]
නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b c ටෝබි ඒ. එච්. විල්කින්සන්: Early Dynastic Egypt. රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 1999, ISBN 0-415-18633-1, පි. 74-75.