ශ්‍රී ලංකාව
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය Democratic Socialist Republic of Sri Lanka இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு ශ්‍රී ලංකා
இலங்கைශ්‍රී ලංකා |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ජාතික ගීය: "ශ්‍රී ලංකා මාතා" |
||||||
| අගනුවර | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ[1][2] | |||||
| විශාලතම නගරය | කොළඹ | |||||
| නිල භාෂාව(න්) | සිංහල, දෙමළ | |||||
| ජන වර්ගs (2001) | ≈73.9% සිංහල,[3] ≈12.6% දෙමළ,[3] ≈7.4% මුස්ලිම්,[3] ≈5.2% ඉංදියානු සම්භවය සහිත දෙමළ,[3] ≈0.5% වෙනත්[3] |
|||||
| Demonym | ශ්‍රී ලාංකික | |||||
| රජය | ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය | |||||
| - | ජනාධිපති | මහින්ද රාජපක්ෂ | ||||
| - | අගමැති | දී. මූ. ජයරත්න | ||||
| නිදහස | මහා බ්‍රිතාන්‍යයෙන් | |||||
| - | ඩොමීනියන් (ස්වයං පාලන) | 1948 පෙබරවාරි 04 | ||||
| - | ජනරජය | 1972 මැයි 22 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 65,610 km2 (122nd) 25,332 වර්ග සැතපුම් |
||||
| - | ජලය (%) | 4.4 | ||||
| ජනගහනය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 20,238,000[4] (53rd) | ||||
| - | July 2008 ජූලි සංගණනය | 21,324,791[5] | ||||
| - | ජන ඝනත්වය | 308.4/km2 (35th) 798.9/sq mi |
||||
| GDP (PPP) | 2009 estimate | |||||
| - | Total | $96.527 billion[6] | ||||
| - | Per capita | $4,768[6] | ||||
| GDP (nominal) | 2009 estimate | |||||
| - | Total | $41.323 billion[6] | ||||
| - | Per capita | $2,041[6] | ||||
| Gini (1999–00) | 33.2 (medium) | |||||
| HDI (2007) | ▲0.759[7] (medium) (102nd) | |||||
| ව්‍යවහාර මුදල් ඒකකය | ශ්‍රී ලංකා රුපියල් (LKR) |
|||||
| වේලා කලාපය | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) | |||||
| Drives on the | left | |||||
| Internet TLD | .lk, .ලංකා, .இலங்கை | |||||
| දුරකථන සංකේතය | 94 | |||||
ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
පටුන |
[සංස්කරණය] අගනුවර
එහි වානිජ අග නගරය වන්ෙන කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
[සංස්කරණය] වර්ග ප්‍රමානය
- ගොඩබිමි වර්ග ඵලය 65525 sq km
- අභ්‍යන්තර මිරිදිය 1570 sq km
- කරදිය ජල වර්ග ඵලය 487100 sq km
- සමස්ථ වර්ගඵලය 554200 sq km
[සංස්කරණය] ඉතිහාසය
[සංස්කරණය] ප්‍රාග් ඓතිහාසික යුගය
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකාවේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.
[සංස්කරණය] ඓතිහාසික යුගය
ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
[සංස්කරණය] යටත් විජිත යුගය
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතර තුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.
ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම
[සංස්කරණය] පසු යටත්විජිත යුගය
[සංස්කරණය] කොටි ත්‍රස්තවාදය
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.
[සංස්කරණය] 2004 සුනාමි විපත
ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.
[සංස්කරණය] ශාක සහ සත්ත්ව සංහතිය
විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[8] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නොකරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[9]
[සංස්කරණය] දේශපාලන සහ පරිපාලන ඒකක
[සංස්කරණය] පළාත්
- මධ්‍යම පළාත
- බස්නාහිර පළාත
- නැගෙනහිර පළාත
- උතුරු පළාත
- දකුණු පළාත
- වයඹ පළාත
- ඌව පළාත
- උතුරු මැද පළාත
- සබරගමු පළාත
සිතියමේ අදාල දිස්ත්‍රික්‌කය උඩ සළකුණු කරන්න
[සංස්කරණය] පරිපාලන දිස්ත්‍රික්ක
- අනුරාධපුරය
- අම්පාර
- ගම්පහ
- ගාල්ල
- බදුල්ල
- කළුතර
- කෑගල්ල
- කිළිනොච්චිය
- කුරුණෑගල
- කොළඹ
- ත්‍රිකුණාමලය
- නුවරඑළිය
- පොළොන්නරුව
- පුත්තලම
- මහනුවර
- මාතලේ
- මාතර
- මඩකලපුව
- මන්නාරම
- මුලතිවු
- ෙමාණරාගල
- යාපනය
- රත්නපුරය
- හම්බන්තොට
- වවුනියාව
[සංස්කරණය] සමාජය
[සංස්කරණය] භාෂා
සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.
[සංස්කරණය] ආගම්
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ සුභ පැතීමේ ක්‍රම
[සංස්කරණය] සමාජ සිරිත්
[සංස්කරණය] බොජුන්
ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ජනගහනය
| වර්ෂය | බෞද්ධ | හින්දු | ඉස්ලාම් | කතෝලික | වෙනත් | එකතුව | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | සංඛ්‍යව | % | |
| 1881 සංගණනය | 1,698,100 | 61.53% | 593,600 | 21.51% | 197,800 | 7.17% | 268,000 | 9.71% | 2,300 | 0.08% | 2,759,800 | 100.00% |
| 1891 සංගණනය | 1,877,000 | 62.40% | 615,900 | 20.48% | 212,000 | 7.05% | 302,100 | 10.04% | 800 | 0.03% | 3,007,800 | 100.00% |
| 1901 සංගණනය | 2,141,400 | 60.06% | 826,800 | 23.19% | 246,100 | 6.90% | 349,200 | 9.79% | 2,500 | 0.07% | 3,566,000 | 100.00% |
| 1911 සංගණනය | 2,474,200 | 60.25% | 938,300 | 22.85% | 283,600 | 6.91% | 409,200 | 9.96% | 1,100 | 0.03% | 4,106,400 | 100.00% |
| 1921 සංගණනය | 2,769,800 | 61.57% | 982,100 | 21.83% | 302,500 | 6.72% | 443,400 | 9.86% | 800 | 0.02% | 4,498,600 | 100.00% |
| 1931 තක්සේරුව | 3,266,600 | 61.55% | 1,166,900 | 21.99% | 354,200 | 6.67% | 518,100 | 9.76% | 1,100 | 0.02% | 5,306,900 | 100.00% |
| 1946 සංගණනය | 4,294,900 | 64.51% | 1,320,400 | 19.83% | 436,600 | 6.56% | 603,200 | 9.06% | 2,200 | 0.03% | 6,657,300 | 100.00% |
| 1953 සංගණනය | 5,209,400 | 64.33% | 1,610,500 | 19.89% | 541,500 | 6.69% | 724,400 | 8.95% | 12,100 | 0.15% | 8,097,900 | 100.00% |
| 1963 සංගණනය | 7,003,300 | 66.18% | 1,958,400 | 18.51% | 724,000 | 6.84% | 884,900 | 8.36% | 11,400 | 0.11% | 10,582,000 | 100.00% |
| 1971 සංගණනය | 8,536,800 | 67.27% | 2,238,600 | 17.64% | 901,700 | 7.11% | 1,004,300 | 7.91% | 8,400 | 0.07% | 12,689,800 | 100.00% |
| 1981 සංගණනය | 10,288,300 | 69.30% | 2,297,800 | 15.48% | 1,121,700 | 7.56% | 1,130,600 | 7.62% | 8,300 | 0.06% | 14,846,700 | 100.00% |
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුජනීය ස්ථාන
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුරාවස්තු
[සංස්කරණය] දේශපාලනය
[සංස්කරණය] ප්‍රධාන දේශපාලන පක්‍ෂ
[සංස්කරණය] තනි පක්‍ෂ
- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
- එක්සත් ජාතික පක්‍ෂය
- ජනතා විමුකිති පෙරමුණ
[සංස්කරණය] හවුල් සංධාන
- එක්සත් ජනතා නිදහස් සංධානය
- එක්සත් ජාතික පෙරමුණ
- ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය
[සංස්කරණය] අධ්‍යාපන
ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය
[සංස්කරණය] ග්‍රාමීය ජනාවාස
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ අපනයන බෝග
[සංස්කරණය] උරුමයන්
- ශ්‍රී ලංකාවේ ලෝක උරුමයන්
- ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ
- ශ්‍රී ලංකාවට ආවේනික ක්ෂීරපායීන් ලැයිස්තුව
- දියඇලි - ශ්‍රී ලංකා
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ කර්මාන්ත
[සංස්කරණය] ක්‍රීඩා
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන්ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන, යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානයද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟා වලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරල අසබඩ ද, නිසල ජල තටාක වලද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශ සංචාරකයන්ගේද සිත් පැහැර ගනී.
[සංස්කරණය] සමාජ
[සංස්කරණය] ආශ්‍රිත ලිපි
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ Official Website of Sri Lanka tourist Board - Facts at a glance.
- ↑ Sri Lanka: Parliament History.
- ↑ 3.0 3.1 3.2 3.3 3.4 Demographics of Sri Lanka#CIA World Factbook demographic statistics.
- ↑ Department of Economic and Social Affairs Population Division. "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. Retrieved on 2009-03-12.
- ↑ Census.gov
- ↑ 6.0 6.1 6.2 6.3 "Sri Lanka". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=524&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=58&pr.y=8. Retrieved 2010-04-21.
- ↑ "Human Development Report 2009. Human development index trends: Table G". The United Nations. http://hdr.undp.org/en/media/HDR_2009_EN_Complete.pdf. Retrieved 2009-10-05.
- ↑ "Unique and threatened biodiversity". biodiversityhotspots.org. Conservation International. http://www.biodiversityhotspots.org/xp/Hotspots/ghats/Pages/biodiversity.aspx. Retrieved 2009-09-15.
- ↑ "Forest Resources". Forest resources of Sri Lanka Country report. Food and Agriculture Organization. Rome, 2001. http://www.fao.org/docrep/007/ad678e/AD678E04.htm. Retrieved 2009-09-15.
[සංස්කරණය] වැඩි විස්තර සඳහා
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු
- ශ්‍රී ලංකා රජය
- රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය
- Heritage
- ග්රී ලාංකීය ඉතිහාසයේ පින්තූර
- Historic Photographs of Sri Lanka
- ස්ථාන