ශ්‍රී ලංකා ගුවන් හමුදාව
| ශ්‍රී ලාංකික ගැටුම 1976 - 2009 |
| පසුබිම |
|---|
| ශ්‍රී ලංකාව · ශ්‍රී ලංකාවේ ඉතිහාසය |
| සිවිල් යුද්ධයේ මූලෝපත්තීන් |
| සිවිල් යුද්ධයේ මූලෝපත්තීන් · ශ්‍රී ලාංකික දෙමල ජාතිකවාදය · සිංහල බෞද්ධ ජාතිකවාදය · කෝලාහල · කළු ජූලිය |
| ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ |
| ඊලාම් යුද්ධය I · ඉන්දියානු මැදිහත්වීම · ඊලාම් යුද්ධය II · ඊලාම් යුද්ධය III · ඊලාම් යුද්ධය IV |
| ද්‍රඊවිකො |
| ද්‍රඊවිකො · කළු කොටීන් · පහරදීම් · මුස්ලිම්වරුන් පලවා හැරීම |
| ශ්‍රී ලංකාවේ හමුදාව |
| ශ්‍රී ලංකාවේ හමුදාව · පහරදීම් |
| ප්‍රධාන නායකයන් |
| එම්. රාජපක්ෂ · වී. ප්රභාකරන් · කරුණා · එස්. චන්ද්‍රකාන්තන් · ජී. රාජපක්ෂ · සරත් ෆොන්සේකා |
| ඉන්දියානු ඇලලීම |
| පූමාලෙයි ක්‍රියාන්විතය · ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම · ඉන්දියානු සාම සාධක හමුදාව · පවන් ක්‍රියාන්විතය · රජීව් ගාන්ධි · RAW |
| මෙයද බලන්න |
| සටන් · ආබාධිතයන් · මානව අයිතිවාසිකම් · ලමා සොල්දාදුවෝ · රාජ්‍ය භීෂණය පිළිබඳ චෝදනා · සංගණ්‍ය ඝාතනයන් · අතුරුදහන්කිරීම් · දෙමළ අවිගත් කණ්ඩායම් (ලැයිස්තුව) · TMVP · 2009 දෙමළ විසිරිතයේ විරෝධතා |
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකි. ගුවන් හමුදාවක් ලංකාවේ මුලින්ම ස්ථාපිත කරන ලද්දේ රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 මාර්තු 1 වනදාය. ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ලෙස පාර්ලිමේන්තු ව්‍යවස්ථානවේ ව්‍යවස්ථා ගත විය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, එයාර් මාෂල් ජී. එම්. මෙන්ඩිස් ය. ආරම්භයේ සිට අද දක්වා ගුවන්හමුදාව තුළින් ලංකාවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කෙරිණි. විශේෂයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදා මෙහෙයුම් උදෙසා ගුවන්හමුදාවෙන් අති විශාල මෙහෙයක් ඉටු කෙරේ.
පටුන |
[සංස්කරණය] ගුවන් හමුදාවේ ඉතිහාසය
අතීතයේ සිටම මිනිසා ගුවනේ පියාසර කිරීම සඳහා විවිධ චර්ගයේ උත්සාහයන් හා අත්හදා බැලීම් සිදුකර තිබේ. 1783 දී රොබට් හා චාල්ස් යන දෙදෙනා විසින් හයිඩ්‍රජන් වායුව පිරවූ බැලුමක් ආධාරයෙන් පියාසර කිරීම, 1851 දි මිනිසා විසින් සැහැල්ලු එන්ජිමක් භාවිතා කර පියාසර කිරීමට දැරූ උත්සාහය හා 1900 දී වැඩිදියුණු කරන ලද අවර පෙති සහිත ගුවන් යානයක් නිපදවීම ම මෙයට නිදසුනක් වේ. මෙලෙස ගුවන් යානා තාක්ෂණයේ ඇතිවූ වේගවත් දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් 1911 දී රාජකීය ගුවන් හමුදාවේ ඉංජිනේරු සේනාංකය පිහිටුවන ලද අතර, 1912 දී රාජකීය පියාසර සේනාංකය පිහිටුවන ලදී. එහෙත් 1914 දී පළමුවන ලෝක සංග්‍රාමය හේතුකොට ගෙන ලොව රටවල් ගණනාවක් එකිනෙකට විරුද්ධව යුද වදින ලදී. එලෙසම සංග්‍රාමයට සක්‍රීයවම දායක වීමට මහා බ්‍රිතාන්‍යයට සිදුවූ අතර, තමන් සතුව සවිමත් ගුවන් හමුදාවක් නොතීබීම හේතුවෙන් විවිධ අපහසුතා විඳීමට සහ පසුබෑම් වලට ලක්වීමට සිදුවිය. මෙම අඩුව මනා ලෙස තේරුම් ගත් මහා බ්‍රිතාන්‍යය 1948-04-01 දින ස්වාධීන හමුදාවක් ලෙස රාජකීය ගුවන් හමුදාව (Royal Air Force) පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාව වසර 450 කට අධික කාලයක් පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතුනි. බ්‍රිතාන්‍යයන් හෙවත් ඉංග්‍රීසීන් යටතේ ලංකාව පාලනය වන සමයේ දෙවන මහා ලෝක යුද්ධය ආරම්භ විය. 1939 දී දෙවන මහා ලෝක යුද්ධය ඇතිවන විට සතුරු බෝම්බ ප්‍රහාර හමුවේ ලංකාව ආරක්ෂා කිරිම බ්‍රිතාන්‍ය අවශ්‍යතාවක් විය. ලංකාව උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා තිබීම එයට හේතුව යි. මේ අවශ්‍යතාව මනා ලෙස තේරුම් ගත් එංගලන්ත මහ රජු විසින් ජෙෂ්ට් ඩේකන් නැමැති නිළධාරියාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා රාජකීය ගුවන් හමුදාව පිහිටුවන ලදී. මොවුන් මුල දී කොළඔ, කටුනායක, චීන වරාය, මන්නාරම, කොග්ගල, මින්නේරිය සහ සීගිරිය යන ස්ථානවල තම ගුවන් කටයුතු ආරම්භ කළ අතර පසු කලෙක චීන වරාය හා කටුනායක යන ස්ථානවල ස්ථිර ගුවන් කඳවුරු පිහිටුවන ලදී.
1948 දී ලද නිදහසෙන් පසුව ශ්‍රි ලංකාවට ස්වදේශීය ආරක්ෂක හමුදාවක් ලෙස ගුවන් හමුදාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව විශාල ලෙස දැනුනි. මේ අතර මෙය අවබෝධකරගත් එවක සිටි පාලකයින් එතෙක් පැවැති ආරක්ෂක හමුදාව, ලංකා යුධ හමුදාව, රාජකීය ලංකා හමුදාව ලෙස 1949 දී පනත් අංක 41 මගින් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලදී, එහෙත් රාජකීය ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ, 1951 මාර්තු පළමුවනදාය.
[සංස්කරණය] පියාසර පාඨමාලාව හා වර්තමානයේ භාවිතා වන ගුවන් යානා
රාජකීය ලංකා ගුවන්හමුදාවේ මූලික පුහුණු පියාසර කටයුතු රාජකීය ගුවන් හමුදාව මගින් සිදුකරන ලදී. පසුකලෙක මෙම පුහුණූ කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සිදුකරන ලදී. මේ සඳහා මුලදී චීප්මන්ක් (chipmunk) ගුවන් යානා යොදාගන්නා ලදී. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ඇතිවූ දියුණුවත් සමග පහත ඇති ගුවන් යානා පියාසර කටයුතු සඳහා යොදාගන්නා ලදී.
අවුරුදු 50 ක කාලයක් තුළ සීඝ්‍ර දියුණුවක් ලද රාජකීය ලංකා ගුවන් හමුදාව හා පසු කලෙක එම තත්වයට පත්වූ ශ්‍රි ලංකා ගුවන් හමුදාව වර්තමානයේ භාවිතා කරන ගුවන්යානා හා හෙලිකොප්ටර් යොදාගෙන ඇත. එම වර්තමානයේ භාවිතා වන ගුවන්යානා හා හෙලිකොප්ටර් පහත දැක්වේ.
| ගුවන්යානා | හෙලිකොප්ටර් යානා |
|---|---|
| AN - 32 | Bell Jetranger 206 |
| Y - 12 | Bell 212 |
| Y - 8 | Bell 412 |
| F - 7 | MI 17 |
| Kfir C2/C7 | MI 24 |
| MI - 27 | |
| Cessna | |
| PT-6 | |
| C - 130 | |
| Euro | |
| Mig - 27 | |
| Mig - 23UB | |
| Kelama |
1951 වසරේ මුල්භාගයේ දී රාජකීය ගුවන් හමුදාවේ ප්‍රථම උසස් නිලධාරීන් හා ආධුනික නිලධාරී පිරිස කොමිෂන් නිලධාරීන් බවට පත්කරන ලද අතර ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයට පිටත්කර හරින ලදී. 1952 වසරේ දී ප්‍රථම පියාසර ආධුනික නිලධාරීන් පුහුණු කරන ලදී. මෙලෙස පුහුණු කරන ලද නිලධාරීන් 1953 අගෝස්තු 01 දින එවකට සිටි අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවලගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී තම දක්ෂතා එළි දක්වන ලදී. ප්‍රථම නිලධාරී කණ්ඩායමේ මූලික යුධ පුහුණු කටයුතු රාජකීය ලංකා ගුවන් හමුදා කඳවුරේ දී සිදුකරන ලදී.
[සංස්කරණය] ගුවන් හමුදාවේ ආරම්භයේ සිට සිටි හමුදාපතිවරු
| නම | නිලයේ සිටි කාලය |
|---|---|
| ගුවන් කොමදෝරු ජී. සී. බ්ලේඩන් | 1950-1958 |
| එයාර් වයිස් මාර්ෂල් ජේ. එල්. බාකර් | 1958-1961 |
| එයාර් වයිස් මාර්ෂල් ඊ. ආර්. අමරසේකර | 1961-1970 |
| එයාර් වයිස් මාර්ෂල් ජී. එම්. මෙන්ඩිස් | 1970-1976 |
| එයාර් වයිස් මාර්ෂල් බී. එච්. එස්. ගුණතිලක | 1976-1981 |
| එයාර් වයිස් මාර්ෂල් සී. සී. පෙරේරා | 1981-1985 |
| එයාර් වයිස් මාර්ෂල් ඒ. ඩබ්. ප්‍රනාන්දු | 1985-1990 |
| එයාර් වයිස් මාර්ෂල් එම්. ජේ. එස්. ගුනවර්ධන | 1990-1994 |
| එයාර් වයිස් මාර්ෂල් ඩී. එම්. රණසිංහ | 1994-1998 |
| එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි | 1998-2002 |
| එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා | 2002-2006 |
| එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක | 2006-2011 |
| එයාර් මාර්ෂල් හර්ෂ දුමින්ද අබේවික්‍රම | 2011 සිට අද දක්වා |
[සංස්කරණය] ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වර්තමාන කඳවුරු හා ඒකක
| කඳවුරු | ඒකක |
|---|---|
| කටුනායක | කොළඹ, පලාළි |
| රත්මලාන | ඒකල ,දියතලාව |
| අනුරාධපුරය | පුලියන්කුලම, මොරවැව |
| වව්නියාව | කොග්ගල,සීගිරිය |
| හිඟුරක්ගොඩ | මාරවිල,මඩකලපුව |
| චීන වරාය | කටුකුරුන්ද,අම්පාර,පාලවි |
[සංස්කරණය] ගුවන් නිලයන්
[සංස්කරණය] ගුවන් නිලයන් හදුනාගැනීම
[සංස්කරණය] පහළ ගුවන් නිලයන් (අධිකාරී නොලත් නිලයන්)
- නායක ගුවන්භට (Leading Air Craftsman),
- කෝප්‍රල් (Corporal),
- සාජන්ට් (Sergeant),
- බලපන්ති සැරයන් (Flight Sergeant),
- වරලත් නිලධාරි (Warrant Officer),
- ප්‍රධාන වරලත් නිලධාරි (Master Warrant Officer).
[සංස්කරණය] ඉහළ ගුවන් නිලයන් (අධිකාරී ලත් නිලයන්)
- නියමු නිලධාරි (Pilot Officer),
- පියාසර නිළධාරි (Flying Officer),
- බලපන්ති ලුතිනන් (Flight Lieutenant),
- බලඝන නායක (Squadron Leader),
- වින්ග් කමාන්ඩර් (Wing Commander),
- සමූහ කපිතාන් (Group Captain),
- ගුවන් කොමදෝරු (Air Commodore),
- එයාර් වයිස් මාර්ෂල් (Air Vice Marshal),
- එයාර් මාර්ෂල් (Air Marshal),
- එයාර් චීෆ් මාර්ෂල් (Air Chief Marshal).
[සංස්කරණය] ගුවන් නිලයන් අතර සම්බන්ධය
ආරක්ෂාව හා සම්බන්ධ සියලු කටයුතුවල දී නිලයන් අතර සම්බන්ධය ඉතා වැදගත් වේ. ඒ අතර අරමුණු කිහිපයක් ද වේ. වගකීම සුපරික්ෂාකාරීව බෙදා ගැනීම, ඉහළ නිලයන්ට වගකීමට බැදී සිටීම, පොදු පරමාර්ථ ඉටුකරගැනීමට උදව්වීම යනාදිය වේ. නිලයන් අතර මෙසේ සම්බන්ධයක් ඇතිකිරීම මඟින් බලාපොරොත්තු වනුයේ, වගකීම් හා යුතුකම්වලින් පරිපූර්ණ වූ ආරක්ෂක සේනාංකයකි.
[සංස්කරණය] ගුවන් හමුදා භටයකු සතු වගකීම
ගුවන් භටයකු යනු ශ්‍රි ලංකාවේ ගුවන් හමුදාවේ ඉදිරි කාර්යන් සාර්ථක කරගැනිමට බඳවාගන්නා ලද පුද්ගලයෙකි. මොහු ශ්‍රි ලංකා නිතියට අනුව බඳවා ගන්නා ලද පුද්ගලයෙකු වේ. සියලුම විනය හා ගුවන් හමුදාවේ ඉදිරි අනාගතය සාර්ථකව ගෙනයාමට මූලික විනය පුහුණුව ලත් පුද්ගලයෙකු ලෙස ගුවන් හමුදා භටයෙකු යනු ඉතා සුවිශේෂී පුද්ගලයෙකි. මේ අනුව ගුවන් හමුදා භටයෙකු ලෙස තමා ලබා සිටින වෘත්තීමය දැනුම තුළින් තම සේවා ස්ථානයේ ඉදිරි පැවැත්මට කටයුතු කරන පුද්ගලයෙක් ගුවන් භටයකු වේ.ගුවන් භටයකු සෑම මොහොතකම පවතින රජයට රාජ පාක්ෂික විය යුතුය. පැය 24 පුරා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටීම, රට දැය උදෙසා විනය ගරුකව සේවය කිරීම, උසස් නිළයන්ට ගරු කිරීම ,ගුවන් හමුදාවේ රහස්‍ය තොරතුරු රැකගැනීම, සාමාන්‍ය ගුවන් හමුදා නීතියට හා සිවිල් නීතියට ගරු කිරීම, යන වගකීම් ගුවන් හමුදා භටයකු සතු වගකීම් වේ.
[සංස්කරණය] ගුවන් හමුදා නීතිය
කිසියම් රාජ්‍යයක හෝ සංවිධානයක බලයේ සිටින පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් නියම කරනු ලබන කාර්‍යයන් "නීතිය" ලෙස හදුන්වයි. යුධ නාවික හෝ ගුවන් හමුදාවන් වෙනම සේවාවක් ලෙස පිහිට වූ පසු එම සේවාවල විනය නිසි අයුරින් පවත්වාගෙන යාමට 1948 අංක 01 දරණ ගුවන් හමුදා ආඥා පනත සම්මත කරන ලදී. ගුවන් හමුදා නීතියට අනුව ගුවන් හමුදා භටයකු සාමාන්‍ය නීතියට ද අනිවාර්යයෙන් යටත් වේ. ගුවන් හමුදා නීතිය සාමාන්‍ය නීතිය ද රටේ ස්ථාවර නිති පද්ධතියේ කොටසකි. රටේ සාමාන්‍ය අපරාධ නීතිය මෙන් ම ගුවන් හමුදා නීතිය ද සාක්ෂි මත පදනම් වූවකි. ගුවන් හමුදා නීතියක් තිබීමේ අරමණු කිහිපයකි. එනම් අධිකාරියක් මගින් දැඩිවිනයක් පවත්වාගෙන, යාම ගුවන් හමුදාවේ නීතිගරුකබව රැක ගැනීම, නීතියට පටහැනි අපරාධ සඳහා ගුවන් හමුදාව මඟින් දඬුවම් ලබාදීම යනාදිය වේ. ගුවන් හමුදා අධිකරණ වර්ග දෙකකි. එනම්
- . පරීක්ෂණ අධිකරණ
- . පුනරීක්ෂණ අධිකරණ
නඩු විභාග වර්ග: ගුවන් හමුදා නීතියේ 40 වන වගන්තියට යටතේ නඩු විභාග ගුවන් හමුදාපතිතුමාට යවයි. අනදෙණ නිළධාරී විසින් පත්කරන ලද නිළධාරියෙකු විසින් ඉහත කාර්යයට පෙර පරීක්ෂණ සිදුකරයි. ගුවන් හමුදා නීතියට අනුව අයත් නොවන වැරදි සම්බන්ධව ක්‍රියාකිරීම (සිවිල් වැරදි) යුද හමුදා නීතියේ 123-i වගන්තිය යටතේ සිදුකරයි.
- උදා:මිනී මැරුම් ,ස්ත්‍රි දූෂන
ගුවන් හමුදා නීතිය තුළ මූලිකවම අඩංගු වන්නේ ගුවන් හමුදා භටයෙකු විසින් අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය නොකළ විට පැනවිය හැකි දඬුවම් ක්‍රම ආදිය වේ.

