දකුණු ආසියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දකුණු ආසියාව
දකුණු ආසියාවේ පිහිටුම
රටවල් 7 සිට 10 (පෙළ බලන්න)
භූමි බල ප්‍රදේශ 0, 1, හෝ 2 (පෙළ බලන්න)
දදේනි (නාමික) $1.854 ට්‍රිලියන (2009)
දදේනි ඒක පුද්ගල (නාමික) $1,079 (2009)
භාෂාවන් අසාමීස/අසොමියා, බලුකි, බෙංගාලි, බෝදෝ, බුරුම, ඩාරි,[1] දිවෙහි, ඩෝග්රි, සොන්කා, ඉංග්‍රීසි, ගුජරාටි, හින්දි, හින්ඩ්කො, කන්නඩා, කාෂ්මිර, කොංකනී, මයිතිලි, මලයාලම්, මරාටි, මනිපුරි, නේපාල, ඔරියා, පහාරි, පෂ්ටො, පංජාබි, සංස්කෘත, සන්තාලි, සින්දි, සිංහල, සරායිකි, දෙමළ, තෙලුගූ, ටිබෙටියානු, උර්දූ, සහ අනෙකුන්
වේලා කලාප UTC +6:30 (බුරුමය) සිට UTC +3:30 (ඉරානය)
විශාලතම නගර අහමදාබාද්, අම්රිට්සර්, බැංගලෝරය, චිටගොං, චෙන්නයි, කොචින්, කොළඹ, දිල්ලිය, ඩැකා, ෆයිසලාබාද්, හයිද්‍රබාද්, හයිද්‍රබාද්, ඉස්ලමබාද්, ජායිපූර්, කන්පූර්, කරච්චිය, කත්මන්දූ, කොල්කටා, කොලිකොර්, ලාහෝරය, ලාසා, ලක්නව්, මාලේ, මුම්බායි, පට්නා, පේෂවාර්, පූනේ, කුවේටා, රාවල්පින්ඩි, සක්කර්, සූරත්, තිම්පු, තිරුවානතපුරම්, විශාකපට්නම් සහ යැංගුං


දකුණු ආසියාව හෝ දක්ෂිණ ආසියාව යනු ආසියානු මහාද්වීපයෙහි දක්ෂිණ ප්‍රදේශය වන අතර, එය සමන්විත වන්නේ උප-හිමාලයානු රටවල් සහ, සමහරක් අධිකාරීන් අරභයා, අසබඩ බටහිරින් හා නැගෙනහිරින් පිහිටි රටවල් වලින්ද වෙති. භූලක්ෂණාත්මකව, එහි බහුතරයක්, හිමාලය සහ හින්දු කුෂ් කඳු වෙතට දකුණෙන් ඉන්දියානු අර්ධද්වීපය ලෙසින් මුහුදු මට්ටමෙහි සිට ඉහළට පැන නගින ඉන්දියානු තලය වෙතින් සමන්විත වෙයි. දකුණු ආසියාව දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයෙන් සීමා වන අතර භූමිය ඇති දිශාවෙන් ( බටහිර සිට දක්ෂිණාවර්තව) බටහිර ආසියාවෙන්, මධ්‍යම ආසියාවෙන්, නැගෙනහිර ආසියාවෙන්, සහ අග්නිදිග ආසියාවෙන් මායිම්වී ඇත.

ප්‍රදේශයට අයත්වන්නේ කුමන රටවල්ද යන්න පිළිබඳව විවිධවූ මූලාශ්‍ර විවිධ ප්‍රකාශ නිකුත් කර සිටිති. නිදසුනක් ලෙසින්, එක්සත් ජාතීන්ගේ භූවිද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණය අනුව,[2] දකුණු ආසියාව සමන්විත වන්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින්, නේපාලය, පකිස්තානය, සහ ශ්‍රී ලංකාව යන රටවලිනි. කෙසේවෙතත්, එක්සත් ජාතීන් සටහන් කොට දක්වන්නේ "විශේෂිතවු කණ්ඩායම් වලට රටවල් හෝ ප්‍රදේශ හෝ පැවරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව සඳහාම වන අතර රටවල් හෝ භූමිප්‍රදේශයන් හෝ අතර දේශපාලනමය හෝ වෙනත් හෝ අනුබැඳියක් හුවා නොදක්වයි."[3] සමහරක් අර්ථදැක්වීම් වලට අනුව, ජාතීන් සමහරක් ප්‍රදේශයෙහි කොටසක් නොවන අතර, තවත් සමහරක් අර්ථදැක්වීම් අනුව, ඉරානය, බුරුමය සහ ටිබෙටය යන රටවල්ද ප්‍රදේශයට අයත් වෙති (පහත බලන්න).

ලොව ජනගහණයෙන් පහෙන් පංගුවකට පමණ නිවහන සපයන්නේ දකුණු ආසියාව වන අතර මෙය නිසාවෙන් එය ලොව වඩාත්ම ජනාකීර්ණ හා වඩාත්ම ගහන ලෙස ජනයා සහිත භූගෝලීය ප්‍රදේශය වෙයි.[4] දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය යනු කලාපයේ පවතින ආර්ථික සහයෝගිතා සංවිධානයකි.

අර්ථදැක්වීම්[සංස්කරණය]

දකුණු ආසියාවේ විවිධ අර්ථදැක්වීම්.

එහි ගැබ සැදුනු රටවල් කිහිප ගණනක් පැවතුනද, විවිධ කට්ටලගත කිරීම් ඔස්සේ විවිධ රටවල් අන්තර්ගත වීමෙන් දකුණු ආසියාව තැනෙන අතර, කලාපය තුල පූර්ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි කොටස් වූ,[5] ඉන්දියාව, පකිස්තානය, හා බංග්ලාදේශය යන රටවල වත්මන් භූමිප්‍රදේශ අනිවාර්යයෙන්ම මැදිය වශයෙන් පවතිමින් ශ්‍රී ලංකාව සහ බුරුමය යන රටවල්ද එයට සමන්විත වෙති. [6] ඒඩ්න් කොලනිය, බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් විවිධ කාලයන්හිදී , රාජ් විසින් පරිපාලනය වුවද ඒවා දකුණු ආසියාවෙහි කිසියම් කොටස් විය යුතු යැයි යෝජනා වී නොමැත.[7]

රාජ් විසින් සෘජුව පාලනය නොකෙරුනු රක්ෂිත තුමාර රාජ්‍යයන් 562 ක්ද රාජ් හා සමන්විත වූයේ යැයි සැලකුණු අතර,[8] එයින් සමහරක් ඉන්දියානු ඒකාබද්ධ රාජ්‍යය වෙත සම්බන්ධවූ අතර තවත් සමහරක් පකිස්තානු ඩොමීනියන් රාජ්‍යය හා එක් වූහ.[9][10]

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාක්), යනු සංලග්න රටවල් කිහිපයක එකමුතුවක් වන අතර, ආරම්භයේදී රටවල් හතක් සමගින්— බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව —1985 දී පිහිටුවන ලද මෙය, අටවන සාමාජීකයා වශයෙන් ඇෆ්ගනිස්තානය ඇතුලත් කරගනු පරිදී 2006 දී සාමාජිකත්වය පුළුල් කරගති.

භූගෝලය[සංස්කරණය]

මෙයද බලන්න: ඉන්දියාවේ භූගෝලය , පකිස්තානයේ භූගෝලය , බංග්ලාදේශයේ භූගෝලය , භූතානයේ භූගෝලය , ශ්‍රී ලංකාවේ භූගෝලය , නේපාලයේ භූගෝලය , සහ මාලදිවයිනේ භූගෝලය


ඉතිහාසය[සංස්කරණය]

කලාපීය සංස්කෘතික ප්‍රාන්තයන්හී හා ප්‍රදේශයන්හී ස්ථායිතාවය සහ ඓතිහාසික නිත්‍යවාසය විදහාදක්වන දකුණු ආසියාවේ සිතියම.

දකුණු ආසියාවේ මානව ශිෂ්ටාචාරය පැවති බවට හමුවන පැරණිතම ‍සාක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්තේ බොලාන් කපොල්ලෙහි, ඉන්දු නදියේ බටහිර නිම්නය වන ක්වෙටා, කලාවි හා සිබ් නම් වර්තමාන පාකිස්ථානු නගර අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥයෙකු වන ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යා කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 දක්වා නොවනත්වා සිදුවිය.

මෙර්ගා නග‍රයේ පැරණිතම ජනාවාසය වන්නේ ඊසාන දිග කෙළවරෙහි පිහිටා ඇති අක්කර 495 ක විශාලත්වයකින් (වපසරිය වර්ග කි.මී. 2ක්) යුත් කුඩා ගොවි ගම්මානයකි. (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 5500 ) පැරණි මොර්ගා වැසියන් ගඩොල් වලින් තැනු නිවාසවල වාසය කර ඇත. ඔවුන් විසින් වගාකළ ධාන්‍ය, ධාන්‍යාගාර වල තැන්පත් කරන ලදී. දේශිය තඹ නිධි වලින් ඔවුන් විසින්ම ඔවුනට අවශ්‍ය ආයුධ නිපදවන ලදී. ඔවුන‍්ගේ විශාල පැසි බදුන් (ධාන්‍ය ගබඩා) බිටුමන් (තාර විශේෂයක් ) වලින් ආවරණය කරන ලදී. ඔවුන් බාර්ලි, එක්කණිකාව, එමර ධාන්‍ය, ජුජුබ්ස්, රට ඉදි වගා කළ අතර බැටළුවන්, එළුවන්හා කිරි ගවයින් පාලනය කරන ලදී. පසුකාලීන ජනයාට තම කර්මාන්ත සදහා වැඩි වෙහෙසක් යෙදීමට සිදුවිය. (ක්‍රි.ප්‍ර. 55000 සිට ක්‍රි. පූ. 2600 ) සේද විවීම, සම් පදම් කිරීම, පබළු නිෂ්පාදන ය හා ලෝහ කර්මාන්තය මෙම කර්මාන්ත වලට ඇතුලත් විය. මෙම පරිශ්‍රය ක්‍රි.පූ. 2600 දක්වා ජනවාස ලෙස පැවතී තිබේ.

වර්ෂ 2006 අප්‍රේල් හිදි 'නේචර්'විද්‍යාත්මක සඟරාවේ පළවූ අන්දමට ප්‍රාණවත් මනුෂ්‍යයින්ගේ දත් සිදුරු කිරීම පිළිබඳ පැරණිතම සාක්ෂිය මෙර්ගා වලින් හමුව තිබේ. පුරාවිද්‍යාඥ කැණිම් කටයුතුවලට (1974 දී ජරිග් එට් අල් විසින්) අනුව මෙර්ගා දකුණු ආසියාවේ පැරණිතම ගොවි ජනාවාසය බවට ෙහලිවී ඇත. එහි සාක්ෂිය ක්‍රි.පු. 7000 දක්වා දිව යයි. ‍එලෙසම දකුණු ආසියාවේ පැරණිතම මැටි කර්මාන්තය පවතින‍්නේද මෙහි බවට නම් කර ඇත. පුරාවිද්‍යාඥයින් මෙම ජනාවාස කාලය කොටස් කීපයකට බෙදා ඇත. කෙසේවුවත් මේර්ගා යනු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පුරෝගාමී ප්‍රදේශයක් ලෙස පෙනීයයි.

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඇෆ්ගනිස්තාන්". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. මධ්‍යම තොරතුරු කාර්යාංශය. දෙසැම්බර 13, 2007. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/af.html#People. 
  2. "යුනයිටඩ් නේෂන්ස් ජියෝස්කීම්". Millenniumindicators.un.org. 2011-09-20. http://millenniumindicators.un.org/unsd/methods/m49/m49regin.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-08-25. 
  3. "ස්ටැන්ඩර්ඩ් කන්ට්‍රි ඕ ඒරියා කෝඩ්ස් ෆො ස්ටැටිස්ටිකල් යූස්". Millenniumindicators.un.org. http://unstats.un.org/unsd/methods/m49/m49.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-08-25. 
  4. [1][මළ බැඳිය]
  5. බර්ට්‍රම් හියුස් ෆාමර්, ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු සවුත් ඒෂීයා, පිටුව 1, රට්ලෙජ්, 1993, ISBN 0-415-05695-0
  6. ආතර් බෙරිඩේල් කීත්, අ කන්ස්ටිට්‍යුෂනල් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා: 1600-1935, පිටු 440-444, මෙතුවන් සහ සමාගම, 1936
  7. එක්සත් ජාතීන්, ඉයර්බුක් ඔෆ් දි යුනයිටඩ් නේෂන්ස්, පිටු 297, මහජන තොරතුරු කාර්යාලය, 1947, එක්සත් ජාතීන්
  8. එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා: අ නිව් සර්වේ ඔෆ් යුනිවර්සල් නොලේජ් (වෙළ්ම 4), පඅට 177, එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා සමාගම., 1947
  9. ඉයන් කොප්ලන්ඩ්, ද ප්‍රින්සස් ඔෆ් ඉන්ඩියා ඉන් ද එන්ඩ්ගේම් ඔෆ් එම්පයර්: 1917-1947, පිටු 263, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2002, ISBN 0-521-89436-0
  10. බෙන් කාහූන්. "පාකිස්තාන් ප්‍රින්ස්ලි ස්ටේට්ස්". Worldstatesmen.org. http://www.worldstatesmen.org/Pakistan_princes.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-08-23. 

External links[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=දකුණු_ආසියාව&oldid=248442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි