පාකිස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය
Islāmī Jumhūrī-ye Pākistān
'Motto: 'اتحاد، تنظيم، يقين مُحکم
Ittehad, Tanzeem, Yaqeen-e-Muhkam  (Urdu)
"Unity, Discipline and Faith"
ජාතික ගීය
"Qaumī Tarāna"
අගනුවර ඉස්ලාමාබාද්
33°40′N 73°10′E / 33.667°N 73.167°E / 33.667; 73.167
විශාලතම නගරය කරච්චිය
නිල භාෂාව(න්) උර්දු (ජාතික)
ඉංග්‍රීසි
ප්‍රාදේශීය භාෂා පංජාබි, පෂ්ටෝ, සින්ධි, සෙරයිකි and බලොචි
Demonym පකිස්තානු
රජය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජය
 -  Founder මොහොමඩ් අලි ජින්නා
 -  ජනාධිපති අසිෆ් අලි සර්දාරි (PPP)
 -  අගමැති යූසෆ් ගිලානි (PPP)
 -  Chief Justice Iftikhar Chaudhry
 -  Chair of Senate Farooq Naek (PPP)
Legislature Majlis-e-Shoora
 -  Upper House Senate
 -  Lower House National Assembly
Formation
 -  Pakistan Resolution 23 March 1940 
 -  Independence from the United Kingdom 
 -  Declared 14 August 1947 
 -  Islamic republic 23 March 1956 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 796,095 km2 (36th)
307,374 වර්ග සැතපුම් 
 -  ජලය (%) 3.1
ජනගහන‍ය
 -  1998 සංගණනය 132,352,279[1] 
GDP (PPP) 2010 estimate
 -  Total $451.972 billion[2] 
 -  Per capita $2,713[2] 
GDP (nominal) 2010 estimate
 -  Total $177.901 billion[2] 
 -  Per capita $1,067[2] 
Gini (2005) 31.2 (medium
HDI (2007) 0.572[3] (medium) (141st)
ව්‍යවහාර මුදල් ‍ඒකකය පාකිස්ථාන රුපියල් (Rs.) (PKR)
වේලා කලාපය PST (UTC+5)
 -  Summer (DST) PDT (UTC+6)
Drives on the left[4]
Internet TLD .pk
දුරකථන සංකේතය 92

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.

ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.


[සංස්කරණය] ආශ්‍රිත

  1. "Area, Population, Density and Urban/Rural Proportion by Administrative Units". Population Census Organization, Government of Pakistan. http://www.statpak.gov.pk/depts/pco/statistics/area_pop/area_pop.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-02-13. 
  2. 2.0 2.1 2.2 2.3 "Pakistan". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=564&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=43&pr.y=19. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21. 
  3. "Human Development Report 2009. Human development index trends: Table G". The United Nations. http://hdr.undp.org/en/media/HDR_2009_EN_Complete.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-05. 
  4. Loureiro, Miguel (28 July 2005). "Driving — the good, the bad and the ugly". Daily Times (Pakistan). http://www.dailytimes.com.pk/default.asp?page=story_28-7-2005_pg3_5. Retrieved 10 January 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=පාකිස්ථානය&oldid=211178" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්