සිංහල භාෂාව
-
වෙනත් භාවිතා සඳහා, සිංහල බලන්න.
| සිංහල | ||
|---|---|---|
| සිංහල siṁhala | ||
| කතා කරන්නේ | ||
| කතා කරන ජනගහනය | මිලියන 18 | |
| භාෂා පවුල | Indo-European | |
| අක්ෂර ක්‍රමය | සිංහල අබුගිඩා (බ්රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි) | |
| Official status | ||
| රාජ්‍ය භාෂාව වන රට | ||
| පරිපාලනය කරනු ලබන්නේ | පරිපාලනය කරනු නොලැබේ | |
| භාෂා සංකේත | ||
| ISO 639-1 | si | |
| ISO 639-2 | sin | |
| ISO 639-3 | sin | |
| Linguasphere | ||
| Note: This page may contain IPA phonetic symbols in Unicode. | ||
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 15කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැබුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20 වන ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික භාෂාවක් ලෙස පිළිගනු ලැබ තිබේ.
පටුන |
[සංස්කරණය] සිංහල භාෂාවේ විකාසනය
[සංස්කරණය] සිංහල හෝඩිය
සිංහල හෝඩිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය. එනම් ශුද්ධ සිංහල හොඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය වශයෙනි.
[සංස්කරණය] සිංහල අක්ෂර
[සංස්කරණය] සිංහල අක්ෂර වින්‍යාසය
[සංස්කරණය] සිංහල යුනිකේත
යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස ද ඇතුළත්ව ඇත Sinhala. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. පරිගණක ක්ෂේත්රය තුළ හෙළ බසෙහි ඇති පසුගාමී බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහල යුනිකේත සම්මතයට අනුකූල මෘදුකාංග ඇත්තේ අතලොස්සක් පමණි. නොදැනුවත්කම හෝ අපැහැදීම නිසා බොහෝ දෙනා ඒ කෙරෙහි නැඹුරු වී නැත.
යුනිකේත සම්මතය ගැන ඇතමෙකු අපැහැදී සිටින්නේ එයින් සිංහල වරණ විකෘති වන බැව් සිතීමෙනි. යුනිකේත සම්මතයේ (එනම් අභ්‍යන්තර නිරූපණයෙහි) එක ම කේතයක් කෙටි පා පිල්ලක් යෙදීම එක් නිදසුනකි. අභ්‍යන්තර නිරූපණය හා තිරයේ දිස්වීම අතර වෙනස අවබෝධ කරගත් කල මෙවන් චෝදනා පදනම් විරහිත බව මොනවට පැහැදිලි ය. පිල්ලම් සැමවිට ම අදාළ ව්‍යංජනයට පසුව යතුරු කිරීම යුනිකේත සම්මතය යි; මෙහෙයුම් පද්ධතිය (operating system) එය නිසි පිළිවෙලට විදහා දක්වයි; සංකීර්ණ අකුරු සංයෝජන පවා එයින් නිරූපණය කර හැක (උදා:
).
මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.
පරිගණකයට සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීමට මෙතැන ක්ලික් කරන්න
[සංස්කරණය] සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
යොමුව http://groups.google.lk/group/SLICTC/browse_thread/thread/73a32fb172cd1905?hl=si
[සංස්කරණය] සිංහල පරිගණක යෙදුම්
සිංහල යුනිකෝඩ් හා සබැඳි පරිගණක යෙදුම් පිළිබඳ තතු සෙවීමට මෙතැන ක්ලික් කරන්න
වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් සිංහල යතුරු ලියනය කිරීම සදහා 2012 වර්ෂයේ දී නව පරිගණක මෘදුකාංගයක් නිකුත් කොට ඇත. මෙය බාගත කිරීම සදහා සහ වැඩි විස්තර ලබා ගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.* ලැන්ග්ප්ලස් දෙමළ සීංහල යතුරු පුවරුව (යුනිකෝඩ්)
[සංස්කරණය] යුගල පද
ණය - තුරුස්, බල - තල, වැඩක් - පලක්, ලෙහෙසි - පහසු, වඳින - පුදන, අරුම - පුදුම, වත් - පොහොසත්, අතුරු - ආන්තරා, රැකී - රක්ෂා, වග - විභාග, වෙර - වීරිය, ඇත්ත - නැත්ත, ගහක් - කොළක්, ඇප - කැප, වස් - දොස්, අග - හිඟ, කොට්ට - මෙට්ට, සැර - වැර, සිත් - පිත්, සුන් - බුන්, යමක් - කමක්, ඇද - කුද, බණ - දහම්, අවුල් - වියවුල්, අරුම - පුදුම, කෙළි - සෙල්ලම්, උස් - පහත්, යන - එන, ලොකු - කුඩා, දිනුම් - පැරදුම්, රළු - පරළු, ලට - පට, වදෙන් - පොරෙන්, තද - බද, පරක් - තෙරක්, නැටුම් - ගැයුම්, ඉන්න - හිටින්න, උස - මහත, හිතක් - පපුවක්, අකට - විකට, අතට - පයට, අතුරු - සිදුරු, අර - පරිස්සම්,දුර-දිග,අනෙ-අපොයි දුක-සතුට,බෙර-පද,කන්න-බොන්න
[සංස්කරණය] සමාන පද
එළිය = ආලෝකය.මව = දිනිතිය.ගැහැනිය = දිගැසිය. සමාන පද කිහිපයකි
[සංස්කරණය] උපමා
malsara
[සංස්කරණය] තනි වචන
වචන කිහිපයක් වෙනුවට යොදන තනිවචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.
- පාද හතරක් ඇති - සිවුපා
- පොත් ගබඩාකර ඇති ස්ථානය - පුස්තකාලය
- දෑසම නොපෙනෙන - අන්ධයා
- ප්‍රගතියට යාමට කැමති - ප්රගතිශීලී
- බිය උපදුන සුළු - බියජනක
- පව්ලක උපන් පළමු දරුවා - කුළුඳුල්
- සමාජයට කැමති - සමාජශීලී
- මිලකළ නොහැකි - අමිල
- දොළොස්මසකට වරක් - වාර්ෂික
- ගසක අතු බෙදෙන තැන - දෙබල
- ජනතාව අඩු - ජනශුන්‍ය
- මෙරටට ගෙන එන - ආනයන
- මෙරටින් විදේශවලට යවන - අපනයන
- ඇඳුම් මසන්නා - සන්නාලියා
- කොණ්ඩය කපන්නා - කරනවැමියා
- කෑම උයන්නා - අරක්කැමියා
- සපත්තු මහන්නා - සපතේරුවා
- ගමෙහි වාසයකරන - ගැමියා
- රජුට තුති ගී ගයන්නා - වන්දිභට්ටයා
- ස්වාමියා මල ස්ත්‍රිය - වැන්දඹුව
හිසි වෙන්වූ මළ කද - කවන්ධය වැඩි විස්තර සඳහා සිංහල භාෂාවේ තනි වචන වෙත යන්න
[සංස්කරණය] ප්රස්ථා පිරුළු
- ආච්චි මල දවස වගේ - අධික ප්‍රීතියක් ඇතිවීම
- උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම - ඇතැම් වැඩ කල නොහැකි වීම
- කිරි ගහට ඇනීම - හරියටම හරි
- කුඩම්මාගේ ආදරය - ව්‍යාජ ආදරය
- කිඹුල් කඳුළු හෙලීම - බොරුවට අඬනවා
- කබරයාට තලනවා - නිෂ්පල දඬුවමක් දීම
- උනහපුලුවට කඳුළු ඒම - දුර්ලභ සිද්ධියක් සිදුවීම
- කනා පල්ලම් බැහීම - අවදානම් වැඩ කිරීම
- ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ - යම් කරදරක වැටුණු පුද්ගලයෙක් තවත් කරදරයක් වීම
- පොල්ලට ලොකු වලං
- වක්කඩේ හකුරු හැංගුවා වගේ - නිස්පල ක්‍රියවක යෙදීම.
- දීකිරට බළල්ලු සාක්කි
- නයාට ගහලා පොල්ල වරද්දගන්නවා
- බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
- අතීසාරයට අමුඩ ගහනවා වගේ
- මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ
[සංස්කරණය] සන්ධි
[සංස්කරණය] විරුද්ධ පද
[සංස්කරණය] සමාස
ලොකු ද කුඩා ද ළමයි සියල්ලෝම පාන් ද බත් ද කමින් දිවා ආහාරය ගත්හ.
ලොකු කුඩා ළමයි සියල්ලෝම බත් පාන් කමින් දිවා ආහාරය ගත්හ.
මෙම වාක්‍ය දෙකෙන් ම එකම අර්ථය දෙන අතර දෙවන වාක්‍ය කෙටිය. මෙසේ පද කෙටිවීම සමාස ලෙස හැදින්වේ. අර්ථයට අදාල වන ලෙස මනාලෙස ගැලපීම මෙහිදී සිදුවිය යුතුය. ප්‍රධාන වශයෙන් සමාස වර්ග පහකි.
1. 'ද' කාරාර්ථ සමාසය
'ද' යන නිපාතයෙන් සම්බන්ධ වී ඇති පදවල එම නිපාතය ඉවත්කර ලොප් කිරීම මගින් තනි පදයක් සැදීම
හිරු ද සඳු ද = හිරු සඳු
මුතු ද මැණික් ද = මුතු මැණික්
2. අව්‍යය සමාසය
3. විශේෂණ සමාසය
4. විභක්ති සමාසය
5. අන්‍යාර්ථ සමාසය
[සංස්කරණය] විභක්ති
ප්‍රථමා විභක්තිය
උදා: පුතා අලුයම පිබිදෙයි.
මෙහි ක්‍රියාව කරනේ 'පුතා' ය. 'පුතා' යන පදය උක්ත වී ඇති නිසා එය උක්ත කතෘ වේ. වාක්‍යයක උක්ත වන පදය ප්‍රථම විභාක්තියේ යෙදේ.
[සංස්කරණය] විදේශීය බලපෑම්
ඈත අතීතයේදී සිට පාලි සහ සංස්කෘත වචන සිංහල ලිඛිත සිංහල බසට එක්විය. සියවස් ගණනාවක් අධිරාජ්‍යවාදී පාලනයන නතු වීම නිසා පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ඍණීකරණය වූ වචන සිංහල භාෂාවේ අඩංගු වේ.