සිංහල භාෂාව
Wikipedia වෙතින්
සිංහල යන්නේ වෙනත් භාවිත බලන්න
| සිංහල සිංහල siṁhala |
||||
|---|---|---|---|---|
| කතා කරන්නේ: | ශ්‍රී ලංකාව | |||
| කතා කරන ඡනගහනය: | මිලියන 15 | |||
| භාෂා පවුල: | ඉන්දු-ඉරානීය ඉන්දු-ආර්ය දකුණු ප්‍රදේහය සිංහල-මාල දිවයින සිංහල |
|||
| අක්ෂර ක්‍රමය: | සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි) | |||
| රාඡ්‍ය භාවිතය | ||||
| රාඡ්‍ය භාෂාව වන රට: | ශ්‍රී ලංකාව | |||
| පරිපාලනය කරනු ලබන්නේ: | පරිපාලනය කරනු නොලැබේ | |||
| භාෂා සංකේත | ||||
| ISO 639-1: | si | |||
| ISO 639-2: | sin | |||
| ISO/DIS 639-3: | sin | |||
|
||||
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාශය වන සිංහල ජනයාගේ මවු බස සිංහල වෙයි. එසේ වු ව ද අද වන විට මිලියන 16 කට අධික සිංහල සහ සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිතා කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙලි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි..
සිංහල භාෂාව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
සිංහල සාහිත්‍යය සැළකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බුදු දහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම වචන ද ඇතුළු වී ඇත.
ක්‍රි.ව. 20වන ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙන භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
සිංහල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ ජාතික භාෂාවක් ලෙස සලකයි.
පටුන |
[සංස්කරණය] සිංහල භාෂාවේ විකාශනය
[සංස්කරණය] සිංහල හෝඩිය
සිංහල හෝඩිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් ශුද්ධ සිංහල හොඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය වශයෙනි.
අඩවියෙන් බැහැරව නම් මෙතැන ක්ලික් කරන්න
[සංස්කරණය] සිංහල අක්ෂර
[සංස්කරණය] සිංහල යුනිකෝඩ්
යුනිකෝඩ් (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස ද ඇතුළත්ව ඇත Sinhala. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. පරිගණක ක්‍ෂේත්‍රය තුළ හෙළ බසෙහි ඇති පසුගාමී බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහල යුනිකෝඩ් සම්මතයට අනුකූල මෘදුකාංග ඇත්තේ අතලොස්සක් පමණි. බොහෝ දෙනා ඒ කෙරෙහි නැඹුරු වී නැත්තේ එක්කෝ නොදැනුවත්කම නිසාය; නැති නම් අපහැදීම නිසාය.
යුනිකෝඩ් සම්මතය ගැන ඇතමෙකු අපැහැදී සිටින්නේ එයින් සිංහල වරණ විකෘතිවන බැව් සිතීමෙනි. යුනිකෝඩ් සම්මතයේ (එනම් අභ්‍යන්තර නිරූපණයෙහි) එකම කේතයක් කෙටි පා පිල්ලක් යෙදීම එක් නිදසුනකි. අභ්‍යන්තර නිරූපණය හා තිරයේ දිස්වීම අතර වෙනස අවබෝධ කරගත් කල මෙවන් චෝදනා පදනම් විරහිත බව මොනවට පැහැදිලිය. පිල්ලම් සැමවිටම අදාළ ව්‍යංජනයට පසුව යතුරු කිරීම යුනිකෝඩ් සම්මතයයි; මෙහෙයුම් පද්ධතිය (operating system) එය නිසි පිළිවෙලට විදහා දක්වයි; සංකීර්ණ අකුරු සංයෝජන පවා එයින් නිරූපණය කර හැක (උදා:
).
මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේපය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.
පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට මෙතැන ක්ලික් කරන්න
[සංස්කරණය] සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
යොමුව http://groups.google.lk/group/SLICTC/browse_thread/thread/73a32fb172cd1905?hl=si සංස්කරණය කලේ ශිරෝෂන් රන්දික
[සංස්කරණය] සිංහල පරිගණක යෙදුම්
සිංහල යුනිකෝඩ් හා සබැඳි පරිගණක යෙදුම් පිළිබඳ තතු සෙවීමට මෙතැන ක්ලික් කරන්න