චීනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
චීන මහජන ජනරජය
中华人民共和国[a]
Zhōnghuá Rénmín Gònghéguó
ජාතික ගීය: 

March of the Volunteers
《义勇军进行曲》(Pinyin: "Yìyǒngjūn Jìnxíngqǔ")
චීනයේ පිහිටීම
චීනයේ පිහිටීම
අගනුවර බෙයිජිං
39°55′N 116°23′E / 39.917°N 116.383°E / 39.917; 116.383
විශාලතම නගරය ෂැංහයි
නිල භාෂාව(න්) සම්මත මැන්ඩරීන්[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් චීනයේ භාෂා බලන්න
රාජ්‍ය අක්ෂරමාලාව සරල චීන[1]
ජනවාර්ගික කණ්ඩායම්  92% Han; 55 recognised minorities
ජාති නාමය චීන
රජය Single party-led republic [2]
 -  ජනාධිපති හු ජින්තාඕ
 -  අගමැති වෙන් ජියාබාඕ
 -  NPCSC Chairman Wu Bangguo
 -  CPPCC Chairman Jia Qinglin
ව්‍යවස්ථාදායකය National People's Congress
Establishment
 -  People's Republic of China proclaimed. 1 October 1949 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 9,640,821 කිමී2 [c] or 9,671,018 km²[c](3rd/4th)
3,704,427 සතරැස් සැත 
 -  ජලය (%) 2.8[d]
ජනගහණය
 -  2010 ඇස්තමේන්තුව 1,338,612,968[3] (1st)
 -  2000 ජන සංගණනය 1,242,612,226 
 -  ඝණත්වය 139.6/කිමී2 (53rd)
363.3/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $10.084 trillion[4] (2nd)
 -  ඒක පුද්ගල $7,518[4] (99th)
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $5.745 trillion[4] (2ndUNIQ88f89ddb84fea027-nowiki-00000016-QINU5UNIQ88f89ddb84fea027-nowiki-00000017-QINU)
 -  ඒක පුද්ගල $4,283[4] (98th)
Gini (2007) 41.5[6]
bug දෝෂය: අනීතික Gini අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික Gini අගය
HDI (2010) 0.663[7]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 89th
ව්‍යවහාර මුදල Chinese yuan (renminbi) (¥) (CNY)
වේලා කලාපය China Standard Time (UTC+8)
දින ආකෘති yyyy-mm-dd
or yyyymd
(CE; CE-1949)
රිය පදවන්නේ right, except for Hong Kong & Macau
අන්තර්ජාල TLD .cn[d] .中國[8] .中国
ඇමතුම් කේතය +86[d]


පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන ජනරජය යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි.[9] චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර[10] විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.[11]

වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන[12] ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි.[13] චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. මොන්ගෝලියාවට සහ රුසියානු සයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහ බුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන හිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් දකුණු චීන මුහුදෙන් ද නැගෙනහිරින් නැගෙනහිර චීන මුහුදින් ද සීමාවී ඇති අතර තායිවානය, කොරියාව සහ ජපානය මින් ඔබ්බෙන් පිහිටයි.

ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගඟෙන් පෝෂණය විය.[14] වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් (රාජ වංශ) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ සියා රාජ වංශය (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී කින් රාජ වංශය (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය (Qing) 1911 දී සමාප්ත වූයේ කුඕමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම චීන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේ නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ තායිවානය, කින්මෙන්, මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ ස්වාධීනත්වය සහ දේශපාලන තත්වය පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "Law of the People's Republic of China on the Standard Spoken and Written Chinese Language (Order of the President No.37)". Gov.cn. සම්ප්‍රවේශය 27 April 2010. 
  2. "China". Encyclopaedia Britannica. http://www.britannica.com/EBchecked/topic/111803/China. Retrieved 15 March 2010. "Form of government: single-party people's republic with one legislative house". 
  3. China – People. https://www.cia.gov.+2009. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ch.html. Retrieved 1 January 2010. 
  4. 4.0 4.1 4.2 4.3 "People's Republic of China". International Monetary Fund. සම්ප්‍රවේශය 6 October 2010. 
  5. 16 August 2010, China Overtakes Japan as World's Second-Biggest Economy, Bloomberg
  6. CIA World Factbook [Gini rankings]
  7. "Human Development Report 2010". United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010. 
  8. "ICANN Board Meeting Minutes". ICANN. සම්ප්‍රවේශය 25 June 2010. 
  9. වෝල්ටන්, ග්‍රෙග්; මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය වෙනුවෙන්වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (2001). "විධායක සාරාංශය". චයිනාස් ගෝල්ඩන් ෂීල්ඩ්: කෝපරේෂන්ස් ඇන්ඩ් ද ඩිවලප්මන්ට් ඔෆ් සර්වේලන්ස් ටෙක්නලජි ඉන් ද පිපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා. රයිට්ස් & ඩිමොක්රසි. p. 5. ISBN 9782922084429. http://books.google.com/?id=S9rP0A2q14UC&lpg=PA4&dq=single-party%20%22people's%20republic%20of%20china%22&pg=PA5#v=onepage&q=%22single-party%20state%22. Retrieved 29 අගෝස්තු 2009. 
  10. "සයිනෝ-බ්‍රිටිෂ් ජොයින්ට් ඩෙක්ලරේෂන්". සම්ප්‍රවේශය 8 සැප්තැම්බර් 2008. 
  11. "කන්ස්ටිට්‍යුෂන් ඔෆ් පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා". පීපල්ස් ඩේලි ඔන්ලයින්. http://english.people.com.cn/constitution/constitution.html. Retrieved 23 නොවැම්බර් 2009. "වගන්තිය 138. චීන මහජන සමූහාණ්ඩුයෙහි අගනගරය බෙයිජිං වෙයි." 
  12. මෙම වර්ගීකරණය එක්සත් ජනපදයත් සමග මතභේදයට තුඩු දී ඇති අතර තුන්වැනි හෝ හතරවැනි තැන දැයි නිශ්චිත නැත
  13. "Countries of the world ordered by land area". Listofcountriesoftheworld.com. සම්ප්‍රවේශය 27 April 2010. 
  14. "Rivers and Lakes". China.org.cn. සම්ප්‍රවේශය 15 June 2009. 
"http://si.wikipedia.org/w/index.php?title=චීනය&oldid=260133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි