ඉන්දුනීසියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉන්දුනීසියා ජනරජය
Republik Indonesia
උද්යෝග පාඨය: Bhinneka Tunggal Ika  (Old Javanese)
Unity in Diversity

National ideology: Pancasila[1]
ජාතික ගීය: Indonesia Raya
අගනුවර Jakarta
6°10.5′S 106°49.7′E / 6.175°S 106.8283°E / -6.175; 106.8283
විශාලතම නගරය capital
නිල භාෂාව(න්) Indonesian
ජාති නාමය Indonesian
රජය Unitary presidential republic
 -  President Susilo Bambang Yudhoyono
 -  Vice President Boediono
Independence following Dutch colonial rule 
 -  Declared 17 August 1945 
 -  Acknowledged 27 December 1949 
වර්ග ප්‍රමාණය
 -  Land 1,919,440 කිමී2 (16th)
735,355 සතරැස් සැත 
 -  Water (%) 4.85
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 238,000,000[2] (4th)
 -  2010 ජන සංගණනය 237,556,363 
 -  ඝණත්වය 123.76/කිමී2 (84th)
323.05/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $1.027 trillion[3] 
 -  ඒක පුද්ගල $4,379[3] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $670.421 billion[3] 
 -  ඒක පුද්ගල $2,858[3] 
Gini (2002) 34.3
මධ්‍යම
HDI (2007) 0.734[4]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 111th
ව්‍යවහාර මුදල Rupiah (IDR)
වේලා කලාපය various (UTC+7 to +9)
 -  ගිම්හාන (DST) not observed (UTC)
රිය පදවන්නේ Left
අන්තර්ජාල TLD .id
ඇමතුම් කේතය +62


නිල වශයෙන් ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරුව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.


යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුණේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරුව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමඟ ද වෙළඳ සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන්හි සිට දේශීය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්‍රයන්හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාවට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ආභාශය නිසා ඉන්දුනීසියානු ඉතිහාසයට බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශ ගවේෂණ සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද, මලුකුහි ද (Maluku) වෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමඟ දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන, දූෂණ, බෙදුම් වාදය, ප්‍රජාතන්ත්‍රිකරණ ක්‍රියාවලිය, ඉක්මන් ආර්ථික වෙනස්කම් සිදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ අභියෝග හේතු කොට ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බඳුන් වුයේය.


ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග, භාෂාමය හා ආගමික කණ්ඩායම් වෙති. ‍විශාලම ජනවර්ගය වූ ජාවානුවැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජන කණ්ඩායමයි. ජාතික භාෂාව, ජනවාර්ගික අසමානකම්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ ආගමික බහුත්වවාදය, අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබඳව ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නා වූ අනන්‍යතාවන් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. ඉන්දුනීසියාවේ ජාතික ආදර්ශ පාඨය වන 'බිනේකා තුන්ගල් කා' (unity in Diversity' )ව්‍යාංගාර්ථ අනුව 'Many yet one' යන පාඨය “ඊට හැඩගස්වන අසමානතා” යන්න පැහැදිලි කරයි. විශාල ජනගහනයක් සිටියද, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශ තිබුණද, ලොව දෙවන ඉහළම ජෛව විවිධත්වයට උරුම කියන්නා වූ ඉන්දුනීසියාවේ ඊට සහාය වන්නා වූ ජනශුන්‍ය හා වල්බිහිව පවතින ප්‍රදේශ රාශියක්ද තිබේ. මෙම රට ස්වාභාවික සම්පත් වලින් අනූනව වුව ද, නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාවය පුළුල් ලෙස පැතිර යමින් රැදී තිබේ.

References[සංස්කරණය]

  1. US Library of Congress; Vickers (2005), page 117.
  2. Department of Economic and Social Affairs Population Division (2009) (PDF). World Population Prospects, Table A.1. 2008 revision. United Nations. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. Retrieved 12 March 2009. 
  3. 3.0 3.1 3.2 3.3 "Indonesia". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=536&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=48&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 April 2010. 
  4. "Human Development Report 2009. Human development index trends: Table G". The United Nations. http://hdr.undp.org/en/media/HDR_2009_EN_Complete.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 October 2009. 
"http://si.wikipedia.org/w/index.php?title=ඉන්දුනීසියාව&oldid=277678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි