නේපාලය
|
संघीय लोकतान्त्रिक गणतन्त्र नेपाल
Sanghiya Loktāntrik Ganatantra Nepāl නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: जननी जन्मभूमिश्च स्वर्गादपि गरीयसी(Devanāgarī) "Mother and Motherland are Greater than Heaven" |
||||||
| ජාතික ගීය: "Sayaun Thunga Phool Ka" |
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) |
කත්මණ්ඩු (සැකිල්ල:Lang-ne) 27°42′N 85°19′E / 27.7°N 85.317°E |
|||||
| නිල භාෂාව(න්) | නේපාලි[1] | |||||
| පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | මෛතිලි, නේපාල් භාසා, භෝජ්පූරි, තරු, ගුරුං, ටමං, මාගර්, ආවාධි, ෂර්පා, කිරන්ති, ලිම්බු සහ තවත් නේපාලයට ආවේණික භාෂා 100ක් පමණ. | |||||
| ජාති නාමය | නේපාල | |||||
| රජය | ජනරජය | |||||
| - | ජනාධිපති | රාම් බරන් යාදව් | ||||
| - | උප ජනාධිපති | පර්මානන්ද් ජා | ||||
| - | අගමැති | මාධව් කුමාර් නේපාල් (මීළඟ අගමැති තෝරා පත්කරගන්නා තෙක් වැඩ බලයි) | ||||
| Unification | ||||||
| - | රාජධානිය ප්‍රකාශයට පත් කළේ | 1768 දෙසැම්බර් 21 වැනිදා | ||||
| - | රජය ප්‍රකාශයට පත් කළේ | 2007 ජනවාරි 15 වැනිදා | ||||
| - | ජනරජය ප්‍රකාශයට පත් කළේ | 2008 මැයි 28 වැනිදා | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 147,181 කිමී2 (93rd) 56,827 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 2.8 | ||||
| ජනගහණය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 29,331,000 (40th) | ||||
| - | 2007 ජන සංගණනය | 28,875,140 | ||||
| - | ඝණත්වය | 199.3/කිමී2 (56th) 518.1/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $33.643 billion | ||||
| - | ඒක පුද්ගල | $1,205 | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $12.615 billion | ||||
| - | ඒක පුද්ගල | $452 | ||||
| Gini (2003–04) | 47.2 (high) | |||||
| HDI (2007) | ▲ 0.553 (medium) (144th) | |||||
| ව්‍යවහාර මුදල | රුපියල් (NPR) |
|||||
| වේලා කලාපය | NPT (UTC+5:45) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC+5:45) | ||||
| රිය පදවන්නේ | left | |||||
| අන්තර්ජාල TLD | .np | |||||
| ඇමතුම් කේතය | 977 | |||||
නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.
නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත.
හින්දු ආගම නේපාලයේ වැඩිම දෙනෙක් අදහන ආගමයි. රටේ බෞද්ධ ප්‍රතිශතය සාපේක්ෂව අඩු වුණත් බුදුන් වහන්සේගේ උපන් ස්ථානය මෙහි පිහිටන නිසා බුද්ධාගම සමග මෙහි ඓතිහාසික සම්බන්ධයක් ඇත. රටේ ජනගහණයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.
Administrative zones [සංස්කරණය]
1 මේචී 2 කෝශී 3 සගරමාථා 4 ජනකපුර 5 බාගමතී 6 නාරායණී 7 ගණ්ඩකී 8 ලුම්බිනී 9 ධවලාගිරී 10 රාප්තී 11 කර්ණාලී 12 භේරී 13 සේතී 14 මහාකාලී
පාද සටහන [සංස්කරණය]
- ↑ අන්තර්වාර ව්‍යවස්ථාවට අනුව නේපාලි එකම නිල භාෂාවයි (අංක 2, ඡේදය 5).මව් භාෂා ලෙස භවිතා වන අනෙක් සියලු භෂා " ජාතික භෂා" වේ(අංක 1, ඡේදය 5). එම සියලු භෂා "නිල භාෂා" ලෙස ප්‍රාදෙශීය මට්ටමේ දි පිලිගැනේ (අංක 3, ඡේදය 5. Nepal_Interim_Constitution2007