නේපාලය

විකිපීඩියා වෙතින්
संघीय लोकतान्त्रिक गणतन्त्र नेपाल
සංඝීය ලෝක්තාන්ත්‍රික් ගණතන්ත්‍ර නේපාල්
නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
නේපාලය හී කොඩිය
කොඩිය
උද්යෝග පාඨය: जननी जन्मभूमिश्च स्वर्गादपि गरीयसी(Devanāgarī)
"Mother and Motherland are Greater than Heaven"
ජාතික ගීය: "Sayaun Thunga Phool Ka"
නේපාලය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
කත්මණ්ඩු (Nepali: काठमाडौं)
නිල භාෂා(ව)නේපාලි[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්මෛතිලි, නේපාල් භාසා, භෝජ්පූරි, තරු, ගුරුං, ටමං, මාගර්, ආවාධි, ෂර්පා, කිරන්ති, ලිම්බු සහ තවත් නේපාලයට ආවේණික භාෂා 100ක් පමණ.
ජාති නාම(ය)නේපාල
රජයජනරජය
විද්‍යා දේවී භණ්ඩාරි
පර්මානන්ද් ජා
ශෙර් බහදුර්
Unification
• රාජධානිය ප්‍රකාශයට පත් කළේ
1768 දෙසැම්බර් 21 වැනිදා
• රජය ප්‍රකාශයට පත් කළේ
2007 ජනවාරි 15 වැනිදා
• ජනරජය ප්‍රකාශයට පත් කළේ
2008 මැයි 28 වැනිදා
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,181 km2 (56,827 sq mi) (93rd)
• ජලය (%)
2.8
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
29,331,000 (40th)
• 2007 ජන සංගණනය
28,875,140
• ඝණත්වය
199.3/km2 (516.2/sq mi) (56th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$33.643 billion
• ඒක පුද්ගල
$1,205
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.615 billion
• ඒක පුද්ගල
$452
ගිනි (2003–04)47.2
ඉහළ
මාසද (2007)Increase 0.553
දෝෂය: අනීතික HDI අගය · 144th
ව්‍යවහාර මුදලරුපියල් (NPR)
වේලා කලාපයUTC+5:45 (NPT)
• ගිම්හාන (DST)
UTC+5:45 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය977
අන්තර්ජාල TLD.np

නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.

නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත.

හින්දු ආගම නේපාලයේ වැඩිම දෙනෙක් අදහන ආගමයි. රටේ ජනගහණයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.


Administrative zones[සංස්කරණය]

1 මේචී 2 කෝශී 3 සාගර්මාතා 4 ජනක්පූර් 5 බාග්මතී 6 නාරායණී 7 ගණ්ඩකී 8 ලුම්බිණි 9 ධවලගීර් 10 රාප්තී 11 කර්ණාලී 12 භේරී 13 සේතී 14 මහාකාලී

පාද සටහන[සංස්කරණය]

  1. අන්තර්වාර ව්‍යවස්ථාවට අනුව නේපාලි එකම නිල භාෂාවයි (අංක 2, ඡේදය 5).මව් භාෂා ලෙස භවිතා වන අනෙක් සියලු භෂා " ජාතික භෂා" වේ(අංක 1, ඡේදය 5). එම සියලු භෂා "නිල භාෂා" ලෙස ප්‍රාදෙශීය මට්ටමේ දි පිලිගැනේ (අංක 3, ඡේදය 5. Nepal_Interim_Constitution2007
"https://si.wikipedia.org/w/index.php?title=නේපාලය&oldid=525534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි