බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බස්නාහිර පළාත Western Province மேல் மாகாணம் |
|||
|---|---|---|---|
| — පළාත — | |||
|
|||
| ශ්‍රී ලංකාව තුල පිහිටුම | |||
| රට | ශ්‍රී ලංකාව | ||
| මෙනමින් පළාතක් ඇතිකිරීම | 1833 | ||
| පළාත් සභාව ස්ථාපිත කිරීම | 14 නොවැම්බර් 1987 | ||
| පරිපාලන නගරය | බත්තරමුල්ල | ||
| විශාලතම නගරය | කොළඹ | ||
| පාලනය / පරිපාලනය | |||
| • ආණ්ඩුකාර | අලවි මවුලානා | ||
| • ප්‍රධාන අමාත්‍ය | ප්‍රසන්න රණතුංග | ||
| වර්ගප්‍රමාණය | |||
| • සම්පූර්ණ | 3,709 කිමී2 (1,432 වර්ග සැත) | ||
| භූමිප්‍රමාණ අනුස්ථිතිය | 9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% ) | ||
| ජනගහණය (2001) | |||
| • සම්පූර්ණ | 5,361,200 | ||
| • අනුස්ථිතිය | 1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) | ||
| • ඝණත්වය | 1,400/කිමී2 (3,700/වර්ග සැත) | ||
| පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත | |||
| දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |||
| • සම්පූර්ණ | රු 2,178 බිලියන | ||
| • අනුස්ථිතිය | 1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% ) | ||
| වේලා කලාපය | කොළඔ (UTC+05:30) | ||
| පරිපාලන භාෂා | සිංහල, දෙමළ | ||
| වෙබ් අඩවිය | wpc.gov.lk/ | ||
බස්නාහිර පළාත (ඉංග්‍රීසි: Western Province වෙස්ටර්න් ප්‍රොවින්ස්, දෙමළ: மேல் மாகாணம் මේල් මාක්කානම්) ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇක.
බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 වර්ග කිලෝමීටර (1,400 වර්ග සැත) ක් වෙයි. බස්නාහිර පළාත විසින්, දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දදේනි වන ඇඑඩො 3,808 ක ඒක පුද්ගල දළ දේශය නිශ්පාදිතය වාර්තා කර ඇත.
පටුන |
දිස්ත්‍රික්ක [සංස්කරණය]
බස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත:
- කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය 642 කිමී2 (250 වර්ග සැත)
- ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය 1,386.6 කිමී2 (540 වර්ග සැත)[2]
- කළුතර පරිපාලන දිස්ත්‍රික්කය 1,606 කිමී2 (620 වර්ග සැත)
පළාත් පාලන සීමා [සංස්කරණය]
මහ නගර සභා සීමා [සංස්කරණය]
- කොළඹ
- මීගමුව
- ගම්පහ
- දෙහිවල ගල්කිස්ස
- කඩුවෙල
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ