සබරගමුව පළාත
Wikipedia වෙතින්
ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකක් වන මෙය, ලංකාවේ ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය, ඉතිහාසය ආදිය පිළිබඳ උනන්දු වන සහ විවිධ වික්‍රමාත්විත ක්‍රියාවන් හි යෙදීමට කැමති සංචාරකයන්ට තෝතැන්නක් ලෙස සැලකිය හැකිය. සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයයි.
මෙතැන් සිට මෙම ලිපියේ අවසානය දක්වාම සබරගමුව පළාත විශේෂ ප්‍රසිද්ධියක් උසුලන විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් කරැණු ඉදිරිපත් කර තිබේ. මෙම පිටුවේදී තොරතුරු සාරාංශ ගත කර දක්වා ඇති අතර ඒ ඒ මාතෘකා පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා සබරගමු පළාත පිළිබඳව වැඩිදුර තොරතුරු යන මාතෘකාව යටතේ ඇති නිල් පැහැ ගත් යටින් ඉරි ඇඳි ෙකාටස් මත 'ක්ලික්' කරන්න.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
සබරගමුව පළාතේ ප්‍රාග් ෙඑතිහාසික දායාදයන් දකින්නවුන්ව ශත වර්ෂ ගනණක් ඈත අතීතයට ගෙන යයි. සිදු කරන ලද ගල් ගුහා කැනීම් වලින් තහවුරු වී ඇත්තේ සබරගමුව පළාතේ ඉතිහාසයට වසර 29, 000 ක් පමණ වූ අතීතයක් උරුම බවය. ආදි මානවයාගේ ඇට සැකිළි, ආයුධ, ඔවුන් භාවිතා කළ විවිධ පාෂාණ වර්ග, ඉතිරිව තිබූ විවිධ ආහාර කොටස් ආදී දේ කිතුල්ගල බෙලිලෙෙනන්, කෑගල්ලේ අලුලෙනෙන්, කුරුවිට බටදොඹ ලෙනෙන් සහ බලන්ගොඩ බෙල්ලන්බැඳි පැලැසැස්සෙන් සොයා ෙගන ඇත.
ආදි මානවයා විසින් නිර්මාණය කර ඇති පනහකට නොඅඩු සතුන්ගේ සහ වෙනත් නොයෙක් දෙයෙහි චිත්‍ර වරකාපොළට ආසන්නයේ පිහිටි දොරවක කන්ද අත්ලෙනෙන් සොයා ගෙන ඇත. එමතුද නොව ප්‍රාග් ෙඑතිහාසික මානවයා තනන ලද ආදිකල්පිත ගල් මේසයක් මුළු ශ්‍රීර් ලංකාවේම දක්නට ලැබෙන්නේ සබරගමුව පළාතේ පදවිගම්පොළ ප්‍රදේශෙය්දී පමණි.
බුද්ධ වර්ෂ තුන් වන සියවසේදී ලංකාවට බුදු දහම පැමිණි බව තහවුරු ෙකරෙන සාක්ෂිද මෙම පළාතේ ඓතිහාසික ස්ථානයන්ගෙන් සොයා ගෙන ඇත.
[සංස්කරණය] පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසනසනයේ පිහිටා ඇත. පුරාවෘත්ත වල සඳහන් වන පරිදි සහ අතීතයේ සිට පැවත එන මතයන්ට අනුව සමන් දේවාලය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1236 ත් 1270 ත් අතර කාල වකවානුව තුල දෙවන පරාක්‍රමබාහු රජතුමා විසිනි.
රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර සෑම මසකම අගෝස්තු මාසයේ මහා බැතිමතුන් පිරිසකගේ සහ විශාල ජනකායකගේ සහභාගීත්වෙයන් එම දේවාලයේදී පැවැත්වේ.
බෙරෙන්දි කෝවිල, මානියන්ගම රාජකීය විහාරස්ථානය, සංකපාල විහාරය, දෙල්ගමුව රජමහා විහාරය, අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලය, බෙලිගල විහාරය, දැදිගම කොට වෙහෙර, දනකිරිගල ගල් විහාරය, නිකපිටිය පොතුගල විහාරය,අරනායක සාලාව විහාරය, දෙවනගල විහාරය, අම්බුළුලෙන විහාරය ආදිය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික ස්ථානයන් සදහා ඉතා හොද නිදසුන්ය .
[සංස්කරණය] මැණික් කර්මාන්තය
මැණික් කර්මාන්තය පිළිබඳව සබරගමුව පළාත මහත් ප්‍රසිද්ධියක් උසුලන අතර එය ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයන් අතර මූලික ස්ථානයක් ගනී. බොහෝ දුරට මෙම ප්‍රදේශයේ සිටිනා බහුතරයක් ජනතාව මැණික් කර්මාන්තයේ නියැලී සිටිනු දැකිය හැකි වේ. එහිදී ඉල්ලම් හෑරීම, මැණික් කැපීම, ඔප මට්ටම් කිරීම, මැණික් යොදා ආභරණ තැනීම හෝ මැණික් සහ ආභරණ විකිණීමවැනි රැකියාවන් මූලික වශයෙන් දක්නට ලැබේ.
[සංස්කරණය] තුරු ලතා සහ සත්ත්ව වර්ගයා
සිරිලක පුරා පමණක් නොව මුළු ලොවෙහිම ප්‍රචලිත සිංහරාජ වනාන්තරයෙන්ම සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම අරඹන්නේ නම්, සිංහරාජ වනාන්තරය යනු ලෝකයෙහි තවමත් අදූෂිතව පවතින වනාන්තර සුළු ප්‍රමාණයන්ගෙන් එකකි. හෙක්ටයාර 8900 ක භූමි ප්‍රමාණයක් වසා පැතිරුණු මෙම වනාන්තරය ස්වභාවයෙන්ම දිය ඇළි, ගංගා, දිය උල්පත්, වන සත්ත්වයින්සහ දේශීය මෙන්ම ලංකාවට පමණක් ආවේනික දුර්ලභ ශාක, වටිනා පැළෑටි, බෙහෙත් සඳහා යොදා ගන්නා ශාක ආදියෙන් සමන්විතය. එම නිසා මෙම නිවර්තන තෙත් වනාන්තරය ස්වභාව සෞන්දර්යය අගය කරන්නන්හට තෝතැන්නක් බව පැවසිය යුතුය.
උඩවලව ජාතික වනෝද්‍යානය, කුරුල්ලන් සදහාම විශේෂිත වූ කෑගල්ලේ "කුරුළු කැලය" නම් කුරුළු අභය භූමිය, බුළුෙතාට කන්ද ආදිය සබරගමුව පළාතේ ස්වභාව සෞන්දර්යය මනාව පෙන්නුම් කරන ස්ථානයන්ය.
[සංස්කරණය] විශ්මය ජනක ස්ථාන
සිරීපාදයසබරගමුව පළාෙත් පිහිටි අතිශය විශ්මය ජනක ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඔබ වික්‍රමාන්විත ගමන් යෑමට කැමති අයෙකු නම් ඒ සඳහා හොඳම ගමනක් ෙලස අවාරයේ සිරිපා වන්දනා කිරීම හැඳින්විය හැකිය. සිරීපාදය හෝ ශ්‍රී පාදය ලෙස හැඳින් වෙන්නේ මුළු ලොවෙහිම ප්‍රචලිත "Adam’s Peak" යන්නයි.
ඉස්තරම් දර්ශන නරඹමින් සහ සොබා දහමේ අසිරිය විඳිමින් ලෝකාන්තයට යන පටු අඩිපාර ඔස්සේ කෙරෙන ගමන අවසාන වන්නේ මිටියාවතේ සිට අඩි 4000ක් පමණ වූ අති මහත් බෑවුමකිනි. මීදුමෙන් වැසී ගත් හෝර්ටන් තැන්නට ගොස් ස්වභාව සෞන්දර්යය රස විඳීමෙන් ලබන්නා වූ සතුටට සම වූ සතුටක් කිතුල්ගල ඇති පොකුණු වලින් මාළු බෑමෙන්ද ලබා ගත හැකිය.
සබරගමුව පළාතේ ඇති විශ්මය ජනක ස්ථාන පිළිබඳව යම් තාක් දුරට අවබෝධයක් මෙමගින් ඔබට ලැබෙන්නට ඇත. සබරගමු පළාත පිළිබඳව වැඩිදුර තොරතුරු නම් මාතෘකාව යටතේ ඇති විශ්මය ජනක ස්ථාන නම් උප මාතෘකාව හරහා යෑමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැන ගත හැකි වේ.
[සංස්කරණය] සංස්කෘතිකමය වටිනාකම
සබරගමුව පළාෙත් සංගීතය, ප්‍රධාන වශයෙන්ම තාලම්පට වැනි තාල වාද්‍ය භාණ්ඩ සමග මුසු වූ බෙර වාදනයන්ගෙන් සමන්විත වේ. මෙම සංගීත භාණ්ඩයන් එකට වැයෙන කළ ඒවායේ ගැඹුරු අනුනාදයන් සහ සංකීර්ණ රිද්මයන් මෙය ශ්‍රවනය කරන්නකුගේ හෘද ස්පන්දනය සමග නාද වෙතැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
විවිධ ජන කතා වල එන චරිතයන්ට අනුරූප වන පරිදි නිර්මාණය කර ඇති වෙස් මුහුණු වලින් අලංකෘත වූ සබරගමු නර්තනයන් විටෙක විවිධ වර්ණවත් සහ ආශ්චර්යවත් භාවයන් නිරූපණය කරන අතර තවත් විටෙක හාස්‍ය රසය උපදවයි.
[සංස්කරණය] බෞද්ධාගමික කටයුතු
බෞද්ධාගමික කටයුතු වශයෙන් මෙහිදී මූලිකවම අවදානය යොමු ෙකරෙනුයේ භාවනාමය කටයුතු සඳහාය. සබරගමුව පළාතේ නිස්කලංකව භාවනා කටයුතු කර ගැනීම සඳහා යෝග්‍ය වූ භාවනා මධ්‍යස්ථානභාවනා මධ්‍යස්ථානද රැසක් පවතී.
කෑගල්ලේ පිහිටි "කුරුළු කැලය" නම් වූ කුරුළු අභය භූමිය, නිල්මල්ගොඩ කරුඳු ලෙන වන සේනාසනය ආදිය මෙවන් භාවනා මධ්‍යස්ථාන සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.
[සංස්කරණය] සබරගමු පළාත පිළිබදව වැඩිදුර තොරතුරු
(1) පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන
(2) මැණික් කර්මාන්තය
(4) විශ්මය ජනක ස්ථාන