සිරියාව

විකිපීඩියා වෙතින්
tiny globe
             කොඩිය
ජාතික ගීය හොමැට් එල් ඩියර් ගර්ඩියන්ස් ඔෆ් ද ලැන්ඩ්
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ඩෙමස්කස්
උතුරු අක්ෂාංශ 33 30' නැගෙනහිර දේෂාංශ 36 18'
රාජ්‍ය භාෂාව අරාබි
වෙනත් භාෂා නියෝ, ඇරමයන්, ලැන්ගුආග්ස්, ආමේනියන්, කර්ඩිෂ්, ටර්කිස්
රාජ්‍ය ජනාධිපති
ජනාධිපති බෂ්‍ය අල් - අසාඩ්
අගමැති මොහොමඩ් නජි අල් - ඔටාරි
පාර්ලිමේන්තු කථානයක මහමුඩ් අල් - අබ්රාෂ්
නිදහස ප්‍රංශ නිල නියෝගයෙන් පසුව
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 185 180
වර්ග සැතපුම් 71 479
ජලය (%) 0.06
            ජනගහනය
2009 තක්සේරුව 21 906 000
ඝනත්වය වර්ග කිලෝමීටර 118.3
වර්ග සැතපුම් 306.5
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 94.563
සාමාන්‍ය ඩොලර් 4.756
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 55.024
සාමාන්‍ය ඩොලර් 2 767
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.742 (මධ්‍යම)
මුදල් සිරියන් පවුන්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .sy
දුරකථන සංකේත 963

සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන‍‍්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්‍රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරග‍ලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂ‍යේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සිරියාව&oldid=539283" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි