ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ
Wikipedia වෙතින්
| මෙම ලිපිය හෝ ලිපි කොටස ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් සමගින් ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) |
කිසියම් ජීව විශේෂයක් යම් භූගෝලීය කලාපයකට ආවේනික හෙවත් ඒකදේශික වීම යනුවෙන් අදහස් කරන්නේ එම ජීව විශේෂය ස්භාවීකව හමුවන්නේ එම විශේෂිත භූගෝලීය කලාපය තුළ පමණක් බවයි. මේ අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාව හැර ලොව අන් කිසිදු ප්‍රදේශයක හමු නොවෙති. එම ඒකදේශික විශේෂ බිහි වන්නේ භූගෝලීය විසංගමනය යන පරිණාමික සංසිද්ධිය හේතුවෙනි. භූගෝලීය විසංගමනය යනු කිසියම් සත්ව කාණ්ඩයක් යම් භූගෝලීය බාධකයක් (උස් කඳූ වැටියක්,විශාල ජල තලයක්) හේතුකොට ගෙන තම විශේෂයේ සෙසු සාමාජිකයන්ගෙන් ප්‍රජනක වශයෙන් හුදෙකලා වීමයි. වර්තමාන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුලූ වගර් සංඛ්‍යාව 23ක් නැතහොත් 26කි.මෙම විචල්‍යතාවයට හේතුව ඇතැම් විද්වතුන් හිස කළු කොණ්ඩයා කඳුකර වී කුරුල්ලා සහ හීන් කොට්ටෝරුවා යන කුරුල්ලන් තිදෙනා ආවේනික උප විශේෂ ලෙසත්,ඇතමුන් ආවේනික විශේෂ ලෙසත්, සැලකීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂ ගණනාවක් ඇත. මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට අමතරව ඉංදියාව සහ අග්නිදිග ආසියාව වැනි ප්‍රදේශ වල හමුවන මුත් අපගේ ප්‍රභේද අප රටට ආවේනිකය. එකම විශේෂයක් තුළ හමු වන මෙවන් ප්‍රභේද එකිනෙකින් වෙනස් වන්නේ පැහැය, දේහ ප්‍රමාණය සහ හඩ ආදී කරුණු වලිනි.
පටුන |
[සංස්කරණය] ආවේනික කුකුළන්
මොණරා, වලිකුකුළා, හබන් කුකුළා, වටුවන් සහ උස්ස පැටවුන් හෙවත් වටු කුකුළන් ශ්‍රී ලංකාවේ වාසය කරන කුකුළු ගෝත්‍ර යට අයත් පක්ෂීහු වෙති. මොවුන් සියල්ල අයත් වන්නේ සැවුල් කුලයටය. මේ අතරින් වලි කුකුළා සහ හබන් කුකුළා ලංකාවට ඒකදේශිකය.
[සංස්කරණය] ආවේනික ගිරවුන්
ශ්‍රී ලංකාවේ ගිරා වර්ග 05කි. එයින් දෙකක් ඒකදේශිකය. එනම් අළු ගිරවා සහ ගිරා මලිත්තා හෙවත් පොල් ගිරවාය.
[සංස්කරණය] ආවේනික කොවුලන්
ශ්‍රී ලංකාවේ කොවුල් වර්ග 17ක් ඇත. මෙයින් ඒකදේශික වන්නේ කොවුල් වර්ග 2කි.
[සංස්කරණය] ආවේනික තිරාසිකයන්
භූමිවාසී සහ රුක්වාසී දිවිපෙවෙතක් සහිත ලගින පක්‍ෂියෙක් වේ. වර්‍ග දෙකක් අපට ආවේනිකය.
[සංස්කරණය] ආවේනික දෙමලිච්චන්
ලංකාවේ ඇති විශේෂ 8 අතුරින් 3ක් මෙරටට ඒකදේශිකය. ප්‍රමාණයෙන් පොල්කිච්චා තරම් වේ. දිවයින පුරාම වාගේ හමුවන සුලභ පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.
[සංස්කරණය] උපුටා ගැනීම
"කුරුල්ලෝ"
විහඟ වත ෙගාත විමර්ශනය
මංජුල ඒස් වීරසුන්දර