කාම්බෝජය

විකිපීඩියා වෙතින්

වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය Nokoreach රාජකීය රාජධානිය
             සිතියම
අගනුවර සහ විශාලම නගරය නොම් පෙනී
උතුරු අක්ෂාංශ 11°33′ බටහිර දේෂාංශ 104°55′
රාජ්‍ය භාෂාව ක්මර්
රාජ්‍ය ලේඛන ක්මර් ලේඛන
රාජ්‍යය ව්‍යවස්ථාදායකය මොනාච්, පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි
රජු නොරොඩොවි සිනාමොන්
අගමැති හුන් සෙන්
නීති සම්පාදකයා පාර්ලිමේන්තුව
උත්තරිතර සභාව (බලය ඇති පක්ෂය) සභාව
විපක්ෂය ජාතික සමුහය
        සැකැස්ම
ක්ෂිර අධිරාජ්‍යය 802
ප්‍රංශ ජනපදකරණය 1863
නිදහස ප්‍රංශය සිට නොවැම්බර් 09,1953
මොනාචි අත්හැරීම මාර්තු 18,1970
මොනාචි ප්‍රතිසංස්කරණ සැප්තැම්බර් 24,1993
         වර්ග ප්‍රමාණය
එකතුව 181,035 වර්ග කිලෝමීටර, 69,898 වර්ග සැතපුම්
ජලය (%) 10
            ජනගහනය
2011 තක්සේරුව 14,805,000
2008 ජන සංඛ්‍යාකය 15,388,910
ඝනත්වය 81.8 වර්ග කිලෝමීටර, 211.8 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) 2010 තක්සේරුව
එකතුව 50.181 ඩොලර් බිලියන
සාමාන්‍ය 2,470 ඩොලර්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව 11,629 ඩොලර් බිලියන
සාමාන්‍ය 1,040ඩොලර්
මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) 0.494(මධ්‍යය)
මුදල් රියාල් සහ ඇමරිකානු ඩොලර් (බැංකු නෝට්ටු)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .kh
දුරකථන සංකේත +855

කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් විය‍ට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කාම්බෝජය&oldid=542809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි