ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පටුන

[සංස්කරණය] පුරාතන ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරි‍භෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්‍රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි.

Fish man.jpg

පුරාතනයේ මසුන් ඇල්ලීමට භාවිතා කළ ආමිපන්න සහ ක්‍රම


බිලී --- බිලී බෑම
ජාල --- දැල් දැමීම
කුමන --- කෙමන
කරක --- කරක් ගෙඩිය
මදන ඵල --- මසුන් මත් කිරීමට ජලාශ වලට තලා දමන ගෙඩ් වර්ගයක් (කුකුරුමාන්)
වල් ඉසීම --- කුඩා ජලාශ හිස්කර මාළු ඇල්ලීම
මස් කෙටීම --- දියේ පීනන මසුන්ට කඩුවෙන් කොටා අල්ලා ගැනීම

[සංස්කරණය] ශ්‍රී ලංකාවේ වර්තමාන ධීවර කර්මාන්තය

[සංස්කරණය] කරදිය ධීවර කර්මාන්තය(salt water fishing)

මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට


මෙම කර්මාන්තය ලංකාවේ කොරල්පර සහ ගල්පර ආදිය ඇතුලත් මහද්වීප තටකය(continental shels) ඇතුළත සහ වෙරළෙන් ඔබිබෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ. මෙයින් මහද්වීප තටකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු(rock fish) වර්ග සහ ගල්පර ආශ්‍රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා, සාලයා, කුමිබලාවා, කාරල්ලා,පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. කරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ‍කොටසකට දායක වන මේ මත්ස්‍ය අස්වැන්න මුළුමනින්ම වාගේ සාමාන්‍ය ජනයාගේ දෛයිනික පරිභෝජනයට ගනු ලැබේ. මෙම මාළු බිම්වල මසුන් ඇල්ලීමට බිලිපිති, දැල්, සහ අතංගු භාවිතා කෙරේ. නොගැඹුරු මුහුදේ සිටුවන ලද රිටිමත හිඳගෙන බිලී පිත්තෙන් මසුන් ඇල්ලීම මෙම කර්මාන්තයේ විශේෂ අංගයකි. "රිටිපන්නය" නම් එම ක්‍රමය දකුණු පලා‍තේ තැන් තැන්හි භාවිතා වෙයි. (උදා_ අහංගම සහ ම්රිස්ස)

ටෝලර් සහ යාන්ත්‍රික ‍බෝටිටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිතා වෙයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට(thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලමත් ආදී විශාල මත්ස්‍යයින් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා "බහුදින යාත්‍රා" නමින් හැදින්වේ. මේ ලොකු මසුන්ගෙන් කොටසක් සාමාන්‍ය පාරිභෝගිකයන් අතරටත් විශාල කොටසක් ලොකු හෝටල් සහ අවන්හල්වලටත් යයි. මෑතක සිට කටුමෝරු නම් කුඩා මෝර වර්ගය අල්ලා උන්ගේ අක්මාවෙන් තෙල් ගැනීම සිදුවේ. මෙම ශුද්ධ නොකළ මෝර තෙල් අපනයනය සදහා නිපදවන්නකි.


[සංස්කරණය] මිරිදිය ධීවර කර්මාන්තය

ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය


ලංකාවේ ගොඩබිම ඇති වැවි අමුණු, ගංගා, සහ ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය(frech water fishing) සිදු වේ. ලූලා, කාවයියා, මගුරා, ගං තෙලියා, පෙතියා සහ කොරලියා මෙසේ අල්වනු ලබන දේශීය මත්ස්‍ය වර්ගයි. දශක දෙකක කාලයක පමණ සිට විදේශවලින් ගෙනවිත් මෙරට ජලාශවලට හඳුන්වා දෙන ලද තිලාපියා, තෙප්පිලි, ගුරාමි, සහ කාෆ් ආදී මසුන් ඇල්ලීම මිරිදිය ධීවර කර්මාන්තයේ වැදගත් අංගයක් වී තිබේ.


[සංස්කරණය] කිවුල් දිය ධීවර කර්මාන්තය

මසුන් ඇල්ලීම සදහා දැල්

ලංකාව වටා ඇති ගංමෝය(estuories), කලපු(lagoons) සහ කඩොලාන(mangroves) ආශ්‍රිතව කාලයක සිටම මෙම ධීවර කර්මාන්තය සිදුවේ. ඉස්සා, කකුළුවා සහ පොකිරිස්සා වැනි කවච මසුන් සහ ගොඩයා, මුරුල්ලා, ආඳා බඳු කරදිය මිරිදිය දෙකටම හුරු මසුන් මේ තැන්වලදී අල්ලා ගනු ලැබේ. බිලී පිත්ත, කරක් ගෙඩිය, අතංගුව සහ හීන් දැල එහිදී භාවිතා කෙරෙන උපකරණයි. ධීවරයෝ කලපුවල දණක් පමණ වතුරේ බැසගෙන හෝ සැහැල්ලු කුඩා ඔරු ආදියෙන් ගොස් මසුන් අල්ලති. මීට දශක එකහමාරක පමන සිට වයඔ වෙරළ තීරයට අයත් තොඩුවාව, හලාවත, මුන්දලම, කල්පිටිය සහ පුත්තලම යන ස්ථානවල ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපාර මහා පරිමාණයෙන් සිදුවේ. මේ අස්වැන්නෙන් විශාල කොටසක් අපනයනය කෙරෙන අතර ඉතිරිය දේශීය වෙළදපොළේ අලෙවි කෙරේ.


[සංස්කරණය] සාම්ප්‍රදායික නොවූ ධීවර කටයුතු

ඉහත කී ප්‍රධාන ධීවර කර්මාන්තය අංශ තුන හැරුණු විට මුතු බෙල්ලන්, හක් බෙල්ලන්, මුහුදු කැකිරි සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිදුවේ. මෙම මුහුදු නිෂ්පාදන අපනයනය සදහාම කරයි. චීනය එහි ප්‍රධාන ගැණුම්කරුවා වෙයි.


[සංස්කරණය] ශ්‍රි ලංකාවේ භාවිතා වන ධීවර යාත්‍රා

ශ්‍රි ලංකාවේ ධීවර යාත්‍රා

සැහැල්ලු තනි ඔරු, කොල්ලෑව සහිත රුවල් ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර්ග්ලාස් බෝට්ටු, කොල්ලෑව සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන්, පහුරු, යාන්ත්‍රික වූ විශාල ධීවර බෝට්ටු, බහුදින ට්‍රෝලර් යාත්‍රා(multiday trawlers) සහ පිටත ඇති ෆයිබර්ග්ලාස් බෝටිටු(out board motor boats) වේ.


[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ධීවර වරාය

හලාවත, මීගමුව, මෝදර(කොළඹ), බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, කල්කුඩා(මඩකලපුව), මයිලිඩ්ඩි(පේදුරුතුඩුව), ත්‍රිකුනාමලය.


[සංස්කරණය] වර්තමාන ධීවර කර්මාන්තයේ භාවිත කරන නව තාක්ෂණය

[සංස්කරණය] ප්‍රතිධ්වනි මානය(echo sunder)

මුහුදේ මාළු සහ මාළු අහින්(shoals) සිටින ස්ථාන නිෂ්චිතව දැන ගැනීමට උපකාරී වේ. මෙය අද ධීවර යාත්‍රාවල භාවිත වේ.


[සංස්කරණය] සෝනාර්(sonar)

සෝනාර්

මෙම උපකරණයෙන් මුහුද යට ඇති ගල්පර සහ ගිලීගිය නැව් ආදී ධීවර යාත්‍රාවලට හානි සිදුකළ හැකි දේ ඇති තැන් ගැනත්, මාළු අහින් සහ මුහුදේ ගැඹුර ගැනත් දැන ගැනීමට පිළිවන.


[සංස්කරණය] රේඩියෝ මෙවලම්

මේවා ඔස්සේ ගොඩබිම සමඟත් ඈත මුහුදේ තිබෙන ධීවර යත්‍රා එකිනෙක අතරත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන්මිදීමට මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.


[සංස්කරණය] කාලගුණ දෙපාර්තමේන්තුවේ සහය

කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මඟින් වැස්ස, කුණාටු සහ සැඬසුළං ආදිය ගැන රේඩියෝ මෙවලම් මගින් ධීවරයන්ට කල්තියා තොරතුරු ලබා දේ. එමඟින් කල්තියා සූදානම් විය හැකිය. එසේම ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ උෂ්නත්වය, මුහුදේ සුළං හැමීම, දියවැල් ගැලීම, උදම් රළ(tidal waves) නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක්රොක් වී සිටින තැන් සහ උන්පීනා යන දිශාව ආදිය නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල් NOAA / AVHRR , TERRA / MODIS , IRSIC / NIFS R ආදී චන්ද්‍රිකා වලින් ලැබෙන තොරතුරු භාවිතා කරයි.


[සංස්කරණය] විද්‍යාත්මක මත්ස්‍ය අභිජනනය

ජීව විද්‍යාව (Biology) සහ ජෛව තාක්ෂණය (Bio-technology) ආදියෙහි උපකාරයෙන් කෑමට ප්‍රිය, රසැති, ගුණැති සහ අපත්‍ය නොවන මත්ස්‍ය පැටවුන් වැව් ආදී අභ්‍යන්තර මිරිදිය ජලාශ වලට මුදා හැරීමේ ක්‍රමයක් මෙරට මධ්‍යස්ථාන කිහිපයකම සිදු වේ.

[සංස්කරණය] ආශ්‍රිත ග්‍රන්ථ

ශ්‍රී ලංකාව-සරත් රණවීර