ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Sri Lanka Freedom Party
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (Sri Lanka Nidahas Pakshaya)
Sinhala name ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Tamil name இலங்கை சுதந்திரக் கட்சி
Leader Mahinda Rajapaksa
Founder S.W.R.D Bandaranaike
Secretary Maithripala Sirisena
Founded සැප්තැම්බර් 2, 1951 (1951-09-02)
Split from United National Party
Preceded by Sinhala Maha Sabha
Headquarters 301 T. B. Jayah Mawatha, Colombo 10
Newspaper Singhale, Dinakara
Ideology Democratic socialism, populism, Sinhalese nationalism
National affiliation United People's Freedom Alliance
Parliament of Sri Lanka
103 / 225
Election symbol
Hand
Politics of Sri Lanka
Political parties
Elections

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ආරම්භ වූයේ 1951 සැප්තැම්බර් මස 2 වන දින ය. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු මෙමෙ පක්ෂය පිහිටුවා ගන්නා ලදී.

ශ්‍රී. ලං. නි. ප. සිය පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ 1952 වසරේ ය. එහිදී එම පක්ෂයට ආසන 9 ක් දිනා ගත හැකි වූ අතර, බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත් වූයේ ය.

පටුන

[සංස්කරණය] 1956 ජයග්‍රහණය

1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ (ම. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගන්නා ලදී. එහි අනෙක් සාමාජිකයන් වූයේ සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය ය. මෙමෙ පෙරමුණෙහි එක සටන් පාටයක් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි. මහජන එක්සත් පෙරමුණ, එවකට රටේ පවතී ප්‍රධානතම වාමාංශික පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය (ල. ස. ස. ප.) සමඟ නිතරඟ ගිවිසුමකට එළඹියේය.

මහා මැතිවරණයේදී, මහජන එක්සත් පෙරමුණ ආසන 51 ක් දිනා විශිෂ්ට ජයක් ලැබීය. ල. ස. ස. ප. ආසන 14 ක් ලබා දෙවැනි තැනට පත් විය.

[සංස්කරණය] බණ්ඩාරනායක ඝාතනයෙන් පසු

1959 සැප්තැම්බර් 25 වනදා බණ්ඩාරනායක මහතාට චීවරධාරියකු විසින් වෙඩි තබන ලදී. ඒ මහතා ඊට පසු දින ජීවිතයෙන් සමු ගත්තේය. ඉන් පසු ශ්‍රී. ලං. නි. ප. අර්බුදකාරී තත්වයකට පත් විය. නව අගමැති වරයා වූයේ විජයානන්ද දහනායක මහතා ය. කෙසේ වුවද, ඔහුට පක්ෂය එක්සත්ව තබාගත නොහැකි විය. අවසානයේ ඔහු ද, ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මෙවැනි තත්වයක් යටතේ වුවද, 1960 මාර්තු මාසයේ පැවැති මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් දිනා ගත නොහැකි වීමට මූලිකවම බල පෑවේ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය හේතුවෙන් ගලා ආ 'සානුකම්පිත ඡන්ද' ය. මේ අනුව, අලුතෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බිඳ වැටිණ. ජූලි මාසයේ නැවත මැතිවරණයක් පවත්වන්නට සිදු විය.

[සංස්කරණය] සිරිමා බණ්ඩාරනායක මැතිනිය අගමැති වීම

1960 ජූලි මාසයේදී පැවැති ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී. ලං. නි. ප. විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මේ අනුව බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ පළමු අගමැතිනිය බවට පත් වූවාය. ඇය, ස්වකීය ධූර කාලය තුල දී ප්‍රගතිශීලී තීරණ රාශියක් ගත්තා ය. 1962 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් ගැලවුණු ඇය 1964 දී ල. ස. ස. ප. සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වූවා ය. එහෙත්, සී. පී. ද සිල්වා ප්‍රමුඛ පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ රාජාසන කතාව පරාජය කිරීමට විපක්ෂයට හැකි වීමෙන්, 1964 දෙසැම්බරයේ දී ආණ්ඩුව බිඳ වැටිණ.

[සංස්කරණය] 1970 සමගි පෙරමුණු රජය

1965 බිහිවූ හත් හවුල් ආණ්ඩුව කල් යත්ම අවුලක් බවට පත් විය. 1970 මැතිවරණයේ දී, ශ්‍රී. ලං. නි. ප., ල. ස. ස. ප. සහ ශ්‍රී. ල. කො. ප. එක්ව සමගි පෙරමුණ ලෙස තරඟ වැදුනි. එයට ආසන 168 න් 116 ක්, එනම් 2/3 ක්, දිනා ගත හැකි විය. නැවතත් මැතිනිය අගමැති ධූරයට පත් වූවාය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, 1972 මැයි 22 දා ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීම, 1975 දී ල. ස. ස. ප. ය සමඟි පෙරමුණෙන් ඉවත් වීම, 1976 පස් වෙනි නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීම ආදිය මේ සමයහි සිදු වූ වැදගත් සිදු වීම කිහිපයකි.

[සංස්කරණය] 1977 පරාජය

1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා දෙමිනි. ශ්‍රී. ල. නි. ප. ආසන 8 කට බැස්සේය. එයින් සමහරක් ආසන දිනා ගත්තේ, බහු මන්ත්‍රී ආසන වූ හෙයිනි.

1980 දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කරන ලදී. ශ්‍රී. ල. නි. ප. සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් අසමඟිව භේද භින්න වී තිබීම එ. ජා. ප. රජයට මහත් පිටිවහලක් විය. 1988 දී, මැතිනිය යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එහිදී ඈ ප්‍රේමදාස මහතාට පරාජය වූවා ය.

[සංස්කරණය] 1994 බලයට පත් වීම

ශ්‍රී. ල. නි ප. ප්‍රමුඛ පක්ෂ කිහිපයක් විසින් පොදුජන එක්සත් පෙරමුණ (පො. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගනු ලැබුනේ එ. ජා. ප. රජය පරාජය කිරීම මූලික අරමුණ කරගෙන ය. 1993 දකුණු පළාත් සභාවේ බලය ලබා ගැනීමෙන් ඇරඹි මෙමෙ ගමන 1994 නොවැම්බරයේදී කූටප්‍රාප්තියට පැමිණියේ බණ්ඩාරනායක යුවලගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජය ගැනීමෙනි. එයට පෙර ඇය බස්නාහිර පළාතේ මහා ඇමතිවරිය ලෙස ද, 1994 අගෝස්තු මැතිවරණයෙන් පසු අගමැතිවරිය ලෙස ද කටයුතු කළා ය.

[සංස්කරණය] එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවීම

පො. එ. පෙ. 2001 පැවැති මහා මැතිවරණය පරාජය වූ අතර එ. ජා. ප. රජයක් බිහි විය. 2004 මුලදී පො. එ. පෙ. සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය (එ. ජ. නි. ස.) පිහිටුවා ගන්නා ලදී. 2004 අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් සන්ධානය ජය ලැබූ අතර ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් විය. 2005 නොවැම්බරයේදී ඒ මහතා ජනාධිපති ධූරයට පත් විය.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්