බුදු දහම
Wikipedia වෙතින්
|
බුද්ධ ධර්මය |
|---|
|
ප්‍රමුඛ චරිත |
|
චතුරාර්ය සත්‍යය |
|
බුද්ධත්වය · බෝධිසත්ව |
|
|
බුදු දහම ආර්ය ශිෂ්ඨාචාරයේ විකසිත වූ අනාර්ය ආගමික සංකල්ප රාශියක විකසිත අවස්ථාවයි. බුදු දහමෙහි ආරමිභය ඉංදුනිමින ශිෂ්ඨාචාරය තෙක් දුරාතීතයකට අයත්බව රිවිර පුවත් පතට ශාස්තීය ලිපියක් ලියමින් මුලිම හෙලිදරවි කළේ ලලීන්ද සන්නස්ගම මහතාය. ඉංදුනිමිනයෙන් හමු වූ මුදාවල [භාවනා] මගින් අධ්‍යාත්මික ගෙවිශනයක් කිරීමි ක්‍රමය සදහා පැරණිම සාදකය හමුවෙයි. නමුත් ඊටත් බොහෝ පසුකාලීන ආර්යන් ස්භාවික වස්ත වලට බාහිර පූජා පවත්වා ආත්ම විමුක්තිය ලබාගන්නා ක්‍රමයක් දක්වයි. ඒ දෙකෙන් බුදුන් වහන්සේ තෝරාගත්තේ ඉංදුනිමින ක්‍රමයයි. ඉංදුනිමින ආගමික සංකල්ප ආර්ය ශිෂ්ඨාචාරය තලට කාන්දු වී සියවස් ගනනාවක් පුරා නවීකරණය වීමෙි ප්‍රතිඵලය වූයේ බුදුදහම පහල වීමයයි බුදුන් වහන්සේ ජීවත් වුනේ ක්රිර. පූ. 566 – 486 මධ්යක ඉංදියාෙව ගංඟා නදී නිමින ප්ර්දේශයේය. උන් වහන්සේ ආර්්යව ශිෂ්ඨාචාරය විසින් මෙන්ම මුලු මහත් මානව සංහතිය විසින්ම බිහිකළ උසස්ම පුද්ගලයා ලෙස නිසැaකවම කිවහැකිය. ආර්යන් ක්රින. පූ.1500 දී ඉංදියාවට කඩාවැදුන සංචාරක එෙඩිර ගෝත්ර කීපයකින් සැදුමි ලත් ආක්රමමණිකයන් පිරිසකි. සෘග් ෙවිදය සමාවුන්ගේ ආගමික ග්ර්න්තයයි. වඩාත් කාව්යාමය අගයකින් යුත් එහි ස්භාවික දේව වන්දනා පිළිබද චමත්කාර විස්තර මිස ඇත්ත වශයෙන්ම දාර්ශනික සංකල්ප නොමැති තරමිය. ආර්යන් ගේ එෙඩිර ආර්ථික ක්රදමය නිසා ඔවුන්ගේ ආගමික පිළිවෙත් මෙලෙස සකස් වු බව නිසැකවම සිතිය හැකිය. ආර්යන් ගේ එෙඩිර ආර්ථික පදනම විග්රවහ කළවිට වෙනත් පැරණි ශිෂ්ඨාචාරයක ඇසුර නෙමැතිව ආර්ය ශිෂ්ඨාචාරයට බුදු දහම වැනි දර්ශනයක් බිහිකළ හැකි බව පිළිගත නොහැකිය.[ [සෘග් ෙවිදයේ]] සදහන් ආගමික අදහස් යජුර් ෙවිදය, සාම ෙවිදය, අථර් ෙවිදය, යන වෛදික ග්රුන්ත අනුව ක්රිය. පූ.1500 සිට ක්රි්. පූ. 900 තෙක් වෛදික චින්තනය තනිකරම ස්භාවික වන්දනාවකි. නමුත්, ඓතරේය බ්රා්හ්මණය වැනි බ්රාූහ්මණ ග්ර0න්ත අනුව ක්රි්. පූ. 900 න් පසුව වෛදික ආර්යන් ඒක දේව වාදයක් සකස් කරගෙත ඇති බව පැහැදිළිය. ක්රි. පූ. 700 න් පසුව එන උපනිෂද් යුගයේදී එම ඒක දේව වාදය තාර්කික පදනමකින් තහවුර කර , දාරශනිය අගයකින් යුතු ව සකස් කිරීමට වෛදික ආර්යන් කටයුත කර ඇත. නමුත් ක්රින. පූ.1500 දී පටන් ගන්නා සෘග් වෛදික යුගයේසිට 700 න් පසුව එන උපනිෂද් යුගය දක්වා සියලු කාලයන්හි වෛදික දර්ශනය මූලික වශයෙන් බාහිර වත් පිළිවෙත් මගින් ආත්ම විමුක්තිය පතන දේවවාදී වන්දනා ක්ර මයකි.මෙබදු වෛදික ආර්යන්ගේ ස්වාධීන චින්තන ධාරාවක් මෙහෙයවීෙම ප්රමථිඵලයක් ලෙස බුදු දහම පහල වූ බව පිළිගත නොහැකිය. බුදු දහම සිද්ධාර්ධ ගෞතම උතුමානන්ගේ තනි පුකාශනයක් බව සැබෑවකි. නමුත් , සෘග් සාහිතයේ සිට උපනිෂද් යුගය දක්වා වෛදික[ [සංස්කෘතියේ]] ඉතිහාසය සියුමිව පරීක්ෂාකළ කල්හි, වෛදික ආර්යන් අතරම සිටි වෛදික සංකල්ප වලට පටහැනි විකල්ප මත දැරෑ ආර්ය කණ්ඩායමි පිළිබද තොරතුරැ හමුවෙයි. මෙකී සාමිප්රවදායික ආර්ය මත විචාරයට ලක්කළ කැරළිකාර ආර්යන් ඉංදියාෙව තිබූ පැරණි අනාර්ය ආගමි - දර්ශනවාද හදාරන්නට විය. මෙම පිරිස ජෛන- ආජීවක-ෙබෟද්ධ ආදී වෛදික චින්තනයට පටහැනි දර්ශනවලට පදනම දැමූ බව නිසැකය. බාහිර වත් පිළිවෙත් මගින් ආත්ම විමුක්තිය පැතු වෛදික
ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ ඉන්දියාවේ පහළ වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුද්ධ ධර්මයයි. චිත්ත සමාධියෙන් උපදවාගත් අසාමාන්‍ය ප්‍රඥා මහිමයෙන් කිසිවකුගේ බාහිර උපකාරවලින් තොරවම ලොව සැබෑ තතු අවබෝධ කරන්නට උන්වහන්සේට හැකිවිය.
බුද්ධ දේශනා තුළ පවතින පණිවිඩය ඉතා පැහැදිලිය. දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන මේ ජීවිත පැවැත්ම ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය එයින් කියවෙන්නේ.
එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් මේ පැවැත්ම මේ ජීවිතයෙන්ම නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙල ඉතාමත් පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
බුද්ධ දේශනාවන් ඒ ආකාරයෙන්ම කිසිඳු වෙනසක් නොවී රැකගෙන ඇති සම්ප්‍රදාය ථේරවාදී|ථේරවාදී බුද්ධ ධර්මය බෞද්ධ සම්ප්‍රදායයි. දැනට ලංකාව, තායිලන්තය, බුරුමය චැනි රටවල මේ සම්ප්‍රදාය පවතියි. මූලික ඉගැන්වීම්වලය යම් සංස්කරණ කරමින් වෙනස් මඟක ගිය සම්ප්‍රදාය මහායාන ධර්මය| මහායාන බුද්ධ ධර්මය සම්ප්‍රදායයි. ජපානය, කොරියාව, චීනය වැනි රටවල ඇත්තේ මෙයයි.
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
| “ | යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ |
” |
|
— අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය |
||
මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා), මරණයට පත් වීම, සෝක කිරීම, වැළපීම (පරිදේව), කායික දුක් (දුක්ඛ), මානසික දුක් (දෝමනස්ස), සුසුම් හෙලීම (උපායාස), ප්‍රිය වස්තු සහ පුද්ගලයන්ගෙන් වෙන් වීම (පියේහි විප්පයෝගෝ දුක්ඛෝ), අප්‍රිය වස්තුන් මෙන්ම පුද්ගලයින් හා එක් වීම (අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව ගැඹුරෙන් සිතන කෙනෙකුට දැක ගත හැකිය.
මේ ධර්මයට ඇත්තේ එකම ඉලක්කයකි. එනම් සසර පැවැත්මෙන් මිදීම හෙවත් නිර්වාණය ළඟා කර ගැනීමයි. ධර්මයේ හරය විමුක්තියයි. ඒ සඳහා ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ වැඩ පිළිවෙලයි. එය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වඩා ගත යුතු ආකාරය කිසිඳු අඩුවකින් තොරවම දේශනාවල ඇතුළත්ය. මේ දහම මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ළඟාකරගත හැකි (සංදිට්ඨික), තමා තුළින්ම අවබෝධ කළ යුතු (ඕපනයික) දහමක් නිසා මෙය ප්‍රඥාවන්ත මනුෂ්‍යයින්ට තම කල්පනාව මෙහෙයවන්නට සැබෑ අවස්ථාවක් සළසා දෙයි.
පටුන |
[සංස්කරණය] බුදු දහම සැකෙවින්
| “ |
තථාගතෙන, භික්‌ඛවෙ, අරහතා සම්‌මාසම්‌බුද්‌ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං අප්‌පටිවත්‌තියං සමණෙන වා බ්‍රාහ්‌මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්‌මුනා වා කෙනචි වා ලොකස්‌මිං, යදිදං – චතුන්‌නං අරියසච්‌චානං ආචික්‌ඛනා දෙසනා පඤ්‌ඤාපනා පට්‌ඨපනා විවරණා විභජනා උත්‌තානීකම්‌මං. කතමෙසං චතුන්‌නං?
|
” |
|
— සච්‌චවිභඞ්‌ගසුත්‌තං [2] |
||
බෞද්ධයන් ශ්‍රී සද්ධර්මය යනුවෙන් ගෞරවාදරයෙන් හඳුන්වන්නේ බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත්, සසර දුක ඇතිවන ආකාරය හෙළිදරවු කරන, සත් තිස් බෝධි පාර්ශ්වික ධර්මයන්ගෙන් සැදුම් ලත් නිවන් මඟ ඉදිරිපත් කරන, චතුරාර්ය සත්‍ය ධර්මයයි.
සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම යනු සූත්‍ර දේශනාවල 'අභිධර්මය' ලෙස දක්වා ඇති සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්මප්මදාන වීර්යය, පංච ඉන‍්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ නිවන වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.
එය අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් උතුම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: සූත්‍ර පිටකය යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, නවාංග ශාස්තෘ ශාසනයට අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; විනය පිටකයෙහි ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; අභිධර්ම පිටකය යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
බෞද්ධයකු ගේ ධර්මයේ හැසිරීමේ අරමුණ වනුයේ
- ජීවිතයෙහි පවතින දුක පිරිසිඳ දැක ගැනීම යි (පරිඤ්ඤෙයිය); එනම් පටිච්ච සමුප්පාදය නමින් හැඳින්වෙන හේතු-ඵල වශයෙන් නැවත නැවත දුක සකස් වන ආකාරය ගැන අවබෝධයක් ඇති වීමයි
- දුකට හේතුව වන පුනර්භවය ඇති කරන (පෝනෝභවිකා), ආස්වාදයෙන් ඇලීම ඇතිකරන (නන්දිරාග සහගතා), ඒ ඒ තැන සතුටින් පිළිගැනීම ඇති කරන (තත්‍ර තත්‍රාභිනන්දනී) යම් තණ්හාවක් ඇත් ද, එය ඉතිරි නැතිව නො ඇල්මෙන් දුරු කිරීම යි (අසේස විරාගනිරෝධා); අත් හැර දැමීමයි (චාගෝ); දුරින් දුරු කිරීමයි (පටිනිස්සග්ගෝ); මුත්තී (මිදීම); ඇල්ම දුරු කිරීමයි (අනාලයෝ). එනම් තණ්හාව පහ කිරීම යි (පහාතබ්බ)
- දුකින් මිදීම වන නිවන සාක්‍ෂාත් කිරීම යි (සච්චිකාතබ්බ)
- දුකින් මිදීම සඳහා වන වැඩ පිළිවෙල, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සීල, සමාධි සහ ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කර ගැනීම යි (භාවේතබ්බ)
[සංස්කරණය] තිසරණය
බෞද්ධයකු එකම සරණ ලෙස සළකන්නේ බුදු රජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය සංඝයා යන තෙරුවනයි.
බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයන් ට අනුදැන වදාළේ තමා ම සරණ කරගෙන; ධර්මය ම සරණ කරන ගෙන වාසය කරන ලෙස යි.
| “ | අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා. පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න. අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා |
” |
|
— අත්‌තදීපසුත්‌තං[3] |
||
[සංස්කරණය] බුදු දහමේ විකාශනය
[සංස්කරණය] බෞද්ධ පොත පත
[සංස්කරණය] ත්‍රිපිටකය
[සංස්කරණය] කලාව සහ බෞද්ධ සංස්කෘතිය
[සංස්කරණය] යොමුව
[සංස්කරණය] වැඩිදුරට කියවීම සඳහා
[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු
- Arya Sangha
- damruwana.org- Dhamma Desana in Sinhala, Guide to attain Nibbanic bliss
- Buddhist Society of Western Australia
- Tipitaka and Articles (SL)
- Complete Tipitaka in Pali
- International home page of the organizations which offer courses in Vipassana Meditation in the tradition of Sayagyi U Ba Khin as taught by S.N. Goenka
- About Buddhism - the Teachings of Buddha
- Buddhism Portal for the Milton Keynes area (UK)
- E-Sangha Buddhism Portal
- His Holiness The Dalai Lama teachings on Buddhism
- Hongaku Jodo, a major American movement of Pure Land Buddhism
- Access to Insight Readings in Theravada Buddhism.
- BuddhaNet
- BuddhaChat.org - A Buddhist's learning community.
- Buddhism.about.com
- Buddhist Studies WWW Virtual Library: the Internet guide.
- DharmaNet
- Essentials of Buddhism
- Mahamevnava - මහමෙව්නාව
- ReligionFacts.com on Buddhism facts, glossary, timeline and articles.
- Tathagatagarbha Buddhism five of the main "tathagatagarbha" sutras in full (or in part)
- "Nirvana Sutra Buddhism": full text and discussion of the Mahayana Mahaparinirvana Sutra
- Journal of Global Buddhism by Charles S. Prebish, Pennsylvania State University (USA) and Martin Baumann, University of Lucerne (Switzerland)