ශ්‍රී ලංකාවේ සංගීතය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාවේ සංගීතය[සංස්කරණය]

බෙරවාදකයන්

ශ්‍රී ලංකාවේ සංගීතය සාම්ප්‍රදායික චාරිත්‍ර මුල්කරගෙන පැවතගෙන එන අතර ඒ සඳහා කරුනු තුනක් මුලික වේ: බෞද්ධාගමික පසුබිම, පෘතුගීසීන් ජනපද පිහිටුවිමෙන් පසුව ඇති වන බලපෑම,ඉන්දියනු සංස්කෘතියෙන් ඇතිවන වාණිජමය හා ඵෙතිහාසික බලපෑම- විශේෂයෙන්ම ඉන්දියනු සිනමාව. බුද්ධාගම සහස්‍ර වර්ෂ දෙකකට ප්‍රථම ලංකාවට පැමිණීමත් සමගම ශ්‍රී ලාංකීය සංගීතයට ථෙරවාද බුදුදහමින් විශාල බලපෑමක් සිදුවිය.

වර්ෂ 1400 මැද භාගයේ දී පෘතුගීසීන් ජනපද පිහිටවිමත් සමගම උකුලෙලෙස, ගිටාරය හා ජනකවි ශ්‍රී ලාංකීය සංගීතයට එකතු විය. තවද අප්‍රිකානු වහලුන් කපිරිඤ්ඤා බයිලාද ශ්‍රී ලාංකීය සංගීතයට එකතු කළහ.

ජනකවි[සංස්කරණය]

විවිධ කුල ( ගොවි,කරත්ත,පතල්කරු ) සදහා ආවේනික ජනකවි පංති ශ්‍රී ලාංකිය සංගීතයේ පවති. එදිනෙදා ජීවිතයේ නොයෙක් කාර්යයන් සිදුකරන විට මහන්සිය, කාලය ගෙවාගැනීම පිණිස මොවුන් මෙවැනි ජනකවි භාවිතා කලද, මෙවැනි ජනකවි සාම්ප්‍රදයික භාවප්‍රකාශනයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ලාංකීය සංගීතය මනාව ඔපුනන්වමිනි.

ජනකවි ජනචාරිත්‍ර හා අත්වැල් බැන්දගත්තද වර්තමනයේ ජනචාරිත්‍ර මිනිසුන් හැර ගියද ජනකවි මිනිසුන් අතර ප්‍රචලිතව පවතී.

තවත් ශ්‍රී ලාංකීය ජනකව් අංගයක් වනුයේ විරිඳු ගායනයයි. විරිඳු ගායනය සඳහා ක්ෂණිකව පිළියෙල කළ ගී හා රබානක් යොදාගැනේ. අතීතයේ විරිඳු ගායකයන් අතර විරිඳු තරඟද පැවතුනි.

ආවේනික වාද්‍ය භාණ්ඩ[සංස්කරණය]

ඵෙතිහාසික තොරතුරු හා සාක්ෂින් වලට අනුව වාද්‍යය භාණ්ඩ විශාල වශයෙන් නොයෙක් කණ්ඩායම් යොදා ගත්තද වර්තමානයේ වාද්‍යය භාණ්ඩ වර්ග 7ක් ශ්‍රී ලාංකීය සංගීතය සඳහා යොදාගැනේ.

ගැට බෙර වාදකයෙක්

1. ගැටබෙර -: උඩරට බෙර ලෙසද සැලකේ. අත් දෙකෙන් වාදනය කරයි.

2. තම්මැට්ටම -: බෙර දෙකකින් සැදුම්ලත් තම්මැට්ටම වාදනය කිරිම සඳහා කෝටු දෙකක් යොදාගැනේ. මෙය බොන්ගෝ වාද්‍යය භාණ්ඩය ආකාරය ගනී.

3. යක් බෙරය -: පහතරට බෙරය ලෙසද සලකන අතර අත්දෙක භාවිතයෙන් මෙය වාදනය කෙරේ.

4. උඩැක්කිය -: කුඩා, වැලි ඔරලෝසුවක හැඩයෙන් යුත් බෙරයක් වන අතර එක් අතකින් රෙදිකඩේ ආතතිය වෙනස් කරමින් අනික් අතින් මෙම වාද්‍යය භාණ්ඩය වාදනය කෙරේ.

5. අත් රබාන -: තම්බොරින් වාද්‍යය භාණ්ඩය ආකාරය ගත් රබානකි.

6. දවුල -: යක් බෙරයට සමානකම් තිබුනද ඵක් හිසක් ඵක් අතකින්ඩ අනෙක් හිස කෝට්ටක් යොදාගෙන වාදනය කෙරේ.

7. බංකු රබාන -: අත් රබානට ඉතා සමීපකමක් තිබුනද ප්‍රමානයෙන් ඉතා විශාල වේ.

වර්ෂ 2000 දී කලාශූරී පියසර ශිල්පදීප්ති විසින් ගවුල නම් වූ බෙරයක් හදුන්වා දී ඇත.මෙය එක් ගැටබෙර හිසක් හා එක් දවුල් හිසකින් සැදුම්ලන අතර මෙම වාද්‍යය භාණ්ඩය වාදනය කිරීම සදහා විවිධ රිද්ම රාශියක්ද මොහු විසින් හදුන්වා දී තිබේ. තවත් වාද්‍යය භාන්ඩයක් වන ඩොල්කිය ඉන්දියානු සම්බවයෙන් ලාංකීය සංගීතයට දායාද වුවද වර්තමාන සංගීතඥයින් විශාල වශයෙන් මෙම වාද්‍යය භාණ්ඩය භාවිත කරයි. ඵනමුත් දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමාජීය වෙනසක් මේ තුලින් ඇති වු බවට සාක්ෂි නොමැත.


බටහිර සංගීතය[සංස්කරණය]

19 වන සියවසේ බ්‍රිතාන්‍යය ජනපද ඇතිවිම සමග බටහිර සංගීතය ලාංකීය සංගීතයේ මුල්බැස ගත්හ. තවද බටහිර සංගීතය විශයක් ලෙස ද්වීතික පාසල් වල උගැන්වුවද ඉහල පැලැන්ති වල පුද්ගලයන් බටහිර සංගීතය ඔපුනන්විමේලා මහත් වෙහෙසක් ගත්හ. දකුණු ආසියවේ පැරණිම වාද්‍යය වෘන්දය වනුයේ සින්පෝනි වාද්‍යය වෘන්දයයි. තවද ජාතික යෞවන වාද්‍යය වෘන්දය,බටහිර සංගීතය කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි ප්‍රචලිත කිරීම උදෙසා මහත් වෙහෙසක් දැරූහ.

බටහිර සංගීතය

පටිගතකල සංගීතය[සංස්කරණය]

කෝළම්, සොකරි, නාඩගම් වැනි සාම්ප්‍රදායික ඵළිමහන් රංගපීඨ ප්‍රචලිත වීමත් සමගම පටිගත කළ සංගීතයද ශ්‍රී ලංකවේ මුල් බැස ගත්හ. වර්ෂ 1903 දී නුර්ති නම් වු පටිගත කළ සංගීත තැටියක් මුල් වරට ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය තුලින් විකාශනය විය.

Haydn20-4.jpg

වර්ෂ 1939 දී ආනන්ද සමරකෝන් ශූරීන්, රවීන්ද්‍රනාත් තාගෝර් තුමන් යටතේ ශාන්තිකේතලන් හී සංගීතය පිළිබඳ පුහුනුව ලබා මෙරටට පැමිනෙන්නේ ශ්‍රී ලාංකීය සංගීතය දියුනු කිරීමටය. මොහු පුංචි සුදා, ඵන්නැද්ද මැණිකෙ වනි සරල ගී ගායනයේළා මහත් වෙහෙසක් දැරූහ. තවද ආනන්ද සමරකෝන් ශූරීන්, නමෝ නමෝ මාතා නම් වු ශ්‍රී ලාංකීය ජාතික ගීය නිර්මාණයෙලා මහත් පරිශ්‍රමයක් දැරූහ. තවද දේවසූරිය සේන මහතාද ජන කවි ඉංග්‍රීසි සාහිත්‍යය තුල ඉහළ නැන්වීම උදෙසා මහත් වෙහෙසක් දරන ලදී.

වර්ෂ 1940 හා 1950 අතර කාලය තුල සිංහල චිත්‍රපට ක්‍රේෂ්ත්‍රය තුල ලාංකිකයන් තුල මහත් ප්‍රසාදයක් ලබා ගත්හ. විශේෂයෙන්ම මුල්ම සිංහල චිත්‍රපටිය වන කඩවුනු පොරොන්දුව ප්‍රධාන වේ. තවද ඩබ්ලිව්. ඩී. අමරදේව, සුනිල් ශාන්ත, සූරිය ශාන්ත මොල්ලිගොඩ වනි සංගීතඥයින් ශ්‍රී ලාංකීය සංගීතය දියුණු කිරීම උදෙසා මහත් වෙහෙසක් දැරීය.

මහගම සේකර චන්ද්‍රරත්න මානවසිංහ වැනි ගීත රචකයන්ද තමන්ගේ ස්වකීයත්වය, ජාතිකාභිමනය ඔප් නැංවෙන අයුරින් ගීත රචනා කලහ.

1960 දශකයේ දී ශ්‍රී ලංකාවේ පොප් සහ සිනම සංගීත වෙළඳ පොලෙන් වැඩි ප්‍රමාණය තමන් සතු කර ගැනීමට සමත් විය. නමුත් 1980 දශකයේදී මෙම තත්වය වෙනස් විය. මක්නිසාද යත් රසිකයන් වැඩි ප්‍රමණයක් ඉන්දියානු සිනමා සංගීතයට යොමු විය. මේ වකවානුවේදී මෙරට වේදිකාව උඩු යටිකුරු කරමින් පෑයූ තරුව නමින් රූකාන්ත ගුණතිලකයි. ඒත් සමඟම ඔහු ශ්‍රී ලංකාවේ ජන සමජය තුල ඉමහත් ජනාදරයට පාත්‍ර විය.

ඩිස්කො-පොප් සංගීතය 80 දශකයේ ශ්‍රී ලංකාවේ ජන සමාජය තුල ජනප්‍රියත්වය ලබා ගත්තද එම වකවානුව තුල සරල ගී ගායනයේ ජනප්‍රියත්වය ලබා සිටි එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, ගුනඩස කපුගේ වැනි ප්‍රවීන ගායකයන්ගේ ජනප්‍රියත්වයට කිසිදු හනියක් සිදු නොවීය.

ක්ලැරන්ස් විජේවර්ධන

1998 වර්ශයේ පටන් විශාල වශයෙන් පොප්/R&B සංගීත කණ්ඩයම් වල විශාල වර්ධනයක් දක්නට ලැබුණි. මීට කදිම නිදසුනක් වන්නේ භාතිය-සන්තුෂ් යන ගායකයින් දෙපලයි. ඔවුන් ශ්‍රී ලාංකීය සංගීතය ලොව පුර ගෙන යමටත් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත් විය.

එතුලින් මොවුන්ට ජයග්‍රහන විශාල ප්‍රමාණයකට හිමිකම් කීමට අවශ්ථාව උදා විය. තවද ශ්‍රී ලංකිකයෙකු ප්‍රථම වරට විදේශීය සංගීත සමාගමක් සමග ගීත පටිගත කිරීමේ ගිවිසුමකට එලබීමේ අවස්ථාව උදා විය.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

පරිශීලනය[සංස්කරණය]

බාහිර සබැඳිය[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_සංගීතය&oldid=249964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි