ඇෆ්ගනිස්ථානය
| ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය | ||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ජාතික ගීය: ඇෆ්ගන් ජාතික ගීය
|
||||||
| අගනුවර | කාබුල් 34°31′N 69°08′E / 34.517°N 69.133°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | ඩාරි (පර්සියානු) සහ පෂ්ටෝ[1] | |||||
| ජාති නාමය | ඇෆ්ගනිස්ථාන [alternatives] | |||||
| රජය | ඉස්ලාමික ජනරජය | |||||
| - | ජනාධිපති | හමීඩ් කර්සායි | ||||
| - | උප ජනාධිපති | මොහොමඩ් ෆාහිම් | ||||
| - | උප ජනාධිපති | කරීම් ඛලිලි | ||||
| - | නීතිපති | අබ්දුල් සලාම් අසිzමි | ||||
| Establishment | ||||||
| - | First Afghan state[2] | October 1747 | ||||
| - | Independence | August 19, 1919 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 647,500 කිමී2 (41st) 251,772 සතරැස් සැත |
||||
| - | ජලය (%) | negligible | ||||
| ජනගහණය | ||||||
| - | 2009 ඇස්තමේන්තුව | 29,150,000[3] (42 වැනියා) | ||||
| - | 1979 ජන සංගණනය | 13,051,358 | ||||
| - | ඝණත්වය | 43.5/කිමී2 (150 වැනියා) 111.8/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $27.014 billion[4] | ||||
| - | ඒක පුද්ගල | $935[4] | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $14.044 billion[4] | ||||
| - | ඒක පුද්ගල | $486[4] | ||||
| HDI (2007) | 0.352 (low) (181st) | |||||
| ව්‍යවහාර මුදල | Afghani (AFN) |
|||||
| වේලා කලාපය | D† (UTC+4:30) | |||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .af | |||||
| ඇමතුම් කේතය | 93 | |||||
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.[5] මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.[6]
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි[7]. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ[5][6] හමුදා ආක්‍රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.
පටුන |
ශබ්දනිෂ්පත්තිය[සංස්කරණය]
"ඇෆ්ගන් මිනිසුන්ගේ දේශය" යන අර්ථය ඇතිව පර්සියන් බසින් සෑදී ඇත. "ඇෆ්ගන්" යන්න මිනිසුන්ගේ ගෝත්‍රය හැඳින්වීමටත් "තාන්" යන්න ප්‍රදේශය යන අරුත ඇති උපසර්ගයක් ලෙසත් යෙදී ඇත. මුල් කොටස වූ ඇෆ්ගන් යන්න අතීතයේ සිටම මෙහි මුල්ම හා විශලතම ජන කොට්ඨාශය වන පෂ්තුන් ජනයා හැඳින්වීමට යොදාගන්නකි. මෙය 3 වන සියවසේ "අබ්ගන්" ලෙසත් 6 වන සියවසේ "අවගන" ලෙසත් භාවිතා කෙරී ඇත.
භූ ලක්ෂණ[සංස්කරණය]
නිරිත දිගින් හා දකුණින් තැනි සහිත ගොඩ බිමින් වට වූ කඳුකර රටකි.විවිධ අවස්ථා වල දකුණු අසියාවේ, මධ්‍යම අසියාවේ, හෝ බටහිර දිග අසියාවේ (මැද පෙරදිග ) පිහිටි බවට විස්තර කෙරේ.එය උතුරු අක්ෂාංශ 29°-39° හා නැගෙනහිර දේශාංශ 60°-75° අතර පිහිටා ඇත.උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 24557ක් (මීටර් 7485 ) උසින් වූ නව්ෂාක් වේ. දේශගුණය ප්‍රදේශානුගතව සීඝ්‍ර ලෙස වෙනස් වේ. රටේ බොහෝ කොටස් වියලි අතර නැවුම් ජලය හිඟය.අන්තර්වාහී සිස්තානීය තටකය යනු ලෝකයේ වියලිතම ප්‍රදේශ වලින් එකකි.
ඉතිහාසය[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "Languages of Afghanistan". Central Intelligence Agency. The World Factbook. https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2098.html?countryName=Afghanistan&countryCode=af®ionCode=sas&#af. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-09-16.
- ↑ "Afghanistan". The World Factbook. Central Intelligence Agency. 2007-12-13. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/af.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-06-24.
- ↑ Department of Economic and Social Affairs Population Division (2009) (PDF). World Population Prospects, Table A.1. 2008 revision. United Nations. http://www.un.org/esa/population/publications/wpp2008/wpp2008_text_tables.pdf. Retrieved 2009-03-12.
- ↑ 4.0 4.1 4.2 4.3 "Afghanistan". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=512&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=40&pr.y=11. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
- ↑ 5.0 5.1 "The Afghans - Their History and Culture". Center for Applied Linguistics. June 30, 2002. http://www.cal.org/co/afghan/ahist.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-09-10.
- ↑ 6.0 6.1 Griffin, Luke (January 14, 2002). "The Pre-Islamic Period". Afghanistan Country Study. Illinois Institute of Technology. http://www.gl.iit.edu/govdocs/afghanistan/PreIslamic.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-14.
- ↑ "Afghanistan country profile". BBC News. 2 October 2010. http://news.bbc.co.uk/2/hi/south_asia/country_profiles/1162668.stm. Retrieved 2010-11-07.