කෝට්ටේ රාජධානිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කෝට්ටේ රාජධානිය ලංකාව |
||||
|
||||
|
ධජය |
||||
| අගනුවර | කෝට්ටේ | |||
| භාෂාව(න්) | සිංහල | |||
| රජය | රාජාණ්ඩුව | |||
| කෝට්ටේ රාජධානිය | ||||
| - 1412-1467 | හයවන පරාක්‍රමබාහු රජ (පළමු) | |||
| - 1508-1528 | නවවන ධර්ම පරාක්‍රමබාහු රජ (කැළණියෙහි) | |||
| - 1551-1597 | ධර්මපාල රජ (අවසන්) | |||
| ඉතිහාසය | ||||
| - සමස්ත ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම | 1412 | |||
| - අවසානය | 1597 | |||
| Warning: Value specified for "continent" does not comply | ||||
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (වර්තමාන කොළඹට මදක් බැහැරින් පිහිටි) කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය (ඉංග්‍රීසි: Kingdom of Kotte) යනු, 15වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ සමෘධිමත්ව වැජඹුනු රාජධානියකි. එහි රජු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජු විය.
පටුන |
ශබ්දනිෂ්පත්තිය [සංස්කරණය]
සිංහල භාෂාවෙන් කෝට්ටේ යන පදයෙහි අරුත (බල)කොටුව යන්නයි. එබැවින් මෙයින් හැඳින්වෙන්නේ අලකේශ්වර විසින් තැනුනු බලකොටුව බව පිළිගැනෙයි.
ස්ථාපනය [සංස්කරණය]
බටහිර වෙරළ තීරය ඔස්සේ එල්ල වුනු උතුරු ආක්‍රමණකාරීන්ගේ ප්‍රහාරයන් නිෂ්ක්‍රීය කිරීමට තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙහිදී ගම්පොළ රාජධානියෙහි අමාත්‍ය අලකේශ්වර (1370–1385) විසින් ස්ථාපිත මෙම බලකොටුව, පසුකාලීනව, එනම් 1412දී සයවන පරාක්‍රමබාහු රජු විසින් ඔහුගේ අගනගරය බවට තෝරා ගන්නා ලදි. ප්‍රදේශය වටකොට ඇති මහත් වගුරු බිම නිසාවෙන් එය ඉතා හොඳින් ආරක්ෂිතව පැවතිණි.[1]
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ "ද කෝට්ටේ කිංඩම් ඩිනස්ටි ඇන්ඩ් ඉට්ස් පෝචුගීස් ඇලයිස්". හම්ප්‍රි කොඩ්රිංටන්. http://lakdiva.org/codrington/chap06.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-01-03.