ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන

විකිපීඩියා වෙතින්

ජන ජීවිතය සංස්කෘතිය කුරි - ආනයන

බොහෝ මුස්ලිම්වරැ අල් කුර් - ආනයේ කඩදාසි පිටපත් සදහාද මහත් භක්තියක් දක්වයි. ඔවුන් අල් කුරි - ආනය පාරායනය කිරීමට පෙර සිරිතකි ලෙස දෝවනයක යෙදේ. ඉරා, පිටු ගැලවී ගොස් අබලන් තත්ත්වයේ පවතින පිටපත් නවුවත් අපද්‍රව්‍ය ලෙස ඉවත නොදමා ගගක් දිගේ ගලා බැසිමට හෝ කිසියම් ස්ථානයක සුරක්ෂිතකව තැබීමට හෝ කිසියම් ඈත ප්‍රදේශයක වළ දැමීමට හෝ සළස්වයි. බොහෝ මුස්ලිම්වරැ අල්කුර් - ආනයේ කොටසක් වත් එහි ප්‍රකෘති අරාබි භාෂාවෙන් කඩපාඩම් කර තබා ගනියි. මෙය සාමාන්‍යයෙන් යාඥා ඉටු කිරීම සදහා භාවිතා වේ. සම්පුර්ණ කුර් - ආනයම කට පාඩමින් දන්නා තැනැත්තාට හැෆිස් යන පදවියට උරැමකම් කිව හැක.

56:77-79 සූ‍රාවෙහි සම්ප්‍රදායානුකූල සහ පදගතාර්ථ විවරණයක් පදනම් කළ විට, මෙය අති ගෞරවනීය, මනාව සුරක්ෂිත කළ පුස්කයක්මැයි පිවිතුරැ වුවන් හැරෙන්නට අන් අය මෙම ස්පර්ශ කිරීම කළ යුතු නොවේ" බොහෝ මුස්ලිම් පින්වතුන් සිතින ආකාරයට අල් කුර් - ආනයමය මනාව සැගවුණු පවිත්‍ර වුවෝ හැර අන් අය මෙය ස්පර්ශ නොකරයි" (පරිවර්තනය .....) මෙම පරිවර්තනයට අනුව වුබ්: දෝවනය ඉටු කිරීම අත්‍යාවශ්‍ය නොවන බව හැග වේ.

ශුද්ධ වු කුර් - ආනයන කොළෙසීම යන්නෙන් අදහස් වන්නේ එය අවමානයට ලක් කිරීමෙන්හෝ ඉරා දැමීමෙන් නිග්‍රහ කිරිමයි. මුස්ලිම්වරැ සැමවිටම මෙම පුස්තකයට නමස්කාර පුර්වකව සැලකිය යුතුය. එය ප්‍රතිචක්‍රීකරණය කරීම හෝ අබලන් වු පසු ඉවත දැමිම තහනම් කොට ඇත. අල්කුර් - ආනයේ ලේඛනගත කොට ඇති වදන් සදහා ගෞරවය දැක්විමත් ඉස්ලාම් ධර්මයේ වැදගත් අංගයකි. උවමානවෙන්ම අල් කුර් - ආනයට නිග්‍රහ කිරිම දේව අපහාසයට කරැණක් බව බොහෝ මුස්ලිම්වරැ විශ්වාස කරයි.