වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.
- ශ්‍රී ලංකා මාතා
- අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
- සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
- ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
- අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
- පිළිගනු මැන අප භක්තී පූජා
- නමෝ නමෝ මාතා
- අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
- ඔබ වේ අප විද්‍යා
- ඔබ මය අප සත්‍යා
- ඔබ වේ අප ශක්ති
- අප හද තුළ භක්‍තී
- ඔබ අප ආලෝකේ
- අපගේ අනුප්‍රාණේ
- ඔබ අප ජීවන වේ
- අප මුක්තිය ඔබ වේ
- නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
- ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
- එක මවකගෙ දරු කැල බැවිනා
- යමු යමු වී නොපමා
- ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
- අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා