වොලිබෝල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වොලිබෝල්
Volleyball game.jpg
ක්‍රීඩාවේ අවස්ථාවක්
උසස්ම පාලන මණ්ඩලය FIVB
පළමුව ක්‍රීඩා කලේ 1895, හෝලියෝකි, මැසචුසෙට්ස්, එක්සත් ජනපදය
ගුණාංග
සම්බන්ධය No Contact
කණ්ඩායම් සාමාජිකයෝ 6
මිශ්‍ර ලිංග Single
වර්ගීකරණය Indoor, Beach, Grass
උපකරණ Volleyball
ඔලිම්පික් 1964

වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි. ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.

වොලිබෝල් ක්‍රීඩාවේ උපත[සංස්කරණය]

විලියම් ජී. මෝගන්

1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.

විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින් ඕනෑම සංඛ්‍යාවක්ය. එක් තරඟයක් සෑම පන්දුවාරයකදීම එක් කණ්ඩායමකට ආරම්භක පන්දුව පිරිනැමීම් 3ක් ලැබෙන පන්දු වාර 9කින් සමන්විතය. එමෙන්ම කණ්ඩායම් 2කටම පන්දුව විරුද්ධ පැත්තට යැවීමට පෙර පන්දුවට ඕනෑම වාර ගණනක් පහර දීමට අවස්ථාව ‍ලැබේ. ආරම්භයේදී පන්දුව පිරිනැමීමේදී සිදුවන වැරදිමකදී දෙවන වරටද උත්සාහ කළ හැකිය. ආරම්භක පන්දු පිරි නැමීමේ උත්සාහයේදී හැර,දැලට පන්දුවෙන් ගැසීම ක්‍රීඩා නීතිවලට විරුද්ධ ලෙස සැලකේ. මෙමගින් එක් ලකුණක් අහිමි වීම හෝ (side out)විය හැක.

Alfred Halstead නැමති නිරීක්ෂකයා 1896දී ජාත්‍යන්තර YMCA පුහුණු පාසලේදී පැවැත් වූ (වර්ථමානයේදී Springfield college ලෙස හැඳින්වේ) ප්‍රථම ප්‍රදර්ශන තරඟයේදී මෙම ක්‍රීඩාවේ ඇති. පන්දුව බිම පතිත වීමට පෙර පහර දීමේ ස්වභාවය (volleying nature) නිරීක්ෂණය කිරීමෙන් එය ක්ෂණිකව Volleyball ලෙස ප්‍රචලිත විය. (ආරම්භයේදී මෙය Volley ball ලෙස වචන 2කට ලියනු ලැබිණි) Volleyball නීතිරීති ජාත්‍යන්තර YMCA පුහුණු පාසල විසින් සුළු වශයෙන් වෙනස් කොට ඇති අතර මෙම ක්‍රීඩාව රට වටා නොයෙක් තරුණ ක්‍රිස්තියානි සංගම් (YMCA) අතරට පැතරී ගියේය.

පිටියේ නීති රීති[සංස්කරණය]

වොලිබෝල් නීති මාලාව දීඝව විහිදී යන අතර සාමාන්‍යයෙන් ක්‍රීඩාව දිව යන්නේ පහත පරිදිය. එනම් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ ප්‍රතිවාදී පිටිය මත බෝලය පතිත කරවීමෙන් හෝ ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයකුගේ දුර්වල පහර දීමකිනි. මෙලෙස ලකුණු 25ක් රැස් කළ ප්‍රථම කණ්ඩායම දිනුම් කණ්ඩායම ලෙස සලකන අතර මෙලෙස තෙවරක් දිනන කණ්ඩායම තරගයේ ජයග්‍රහනය කළ කණ්ඩායම බවට සැලකේ. පන්දුවට පහර දීමේ දී තෙවරකින් පන්දුව ප්‍රතිවාදී පිළට ලබා දිය හැකි අතර එම අවස්ථා තුන ක්‍රීඩකයින් තිදෙනෙකු ලබා ගත යුතුයි. පන්දුවට පහර දීමේ දී දෑත් හෝ බාහු පාවිච්චි කළ හැකි අතර කෙටි පහර දීමක දී ශරීරයේ කුමන හෝ අංගයක් පාවිච්චි කළ හැකිය.

මෙතෙක් ඇති වූ තාක්ෂණයන්හි දියුණුවේ දී වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ අංගයන් ඉදිරියට විත් ඇත. එනම්, පන්දුව ලබා දීම, පන්දුව වැළකීම , ස්ථානගත කිරීම, සේම ප්‍රතිවාදීන් වැළැක්වීම, ආරක්ෂණය කිරීමේ ස්වරූපය ද ඉදිරියට ගොස් ඇත. දැලට ඉහළින් කෙරෙන සිරස් පිම්ම වොලි බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා කෞශල්‍යට පෙන්වන දක්ෂතාවයකි. මෙම ලිපියෙන් අපි වැඩි අවධානය යොමු කරනුයේ ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳවය. විවිධාකාර වූ වොලිබෝල් ක්‍රීඩාවන්, ඔලිම්පික් මට්ටම දක්වා දියුණු වී ඇත. උදා -“බීච් බෝල්” (Beach Ball).

පිටිය[සංස්කරණය]

වොලිබෝල් පිටිය
ක්‍රීඩකයන් ස්ථාන මාරුවීමේ ආකාරය

වොලිබෝල් ක්‍රීඩාව ක්‍රීඩා කරනුයේ දිගින් මීටර් 18 ක් ද පළලින් මීටර් 9 යක් ද වන අතර වර්ග මීටර් 9 x 9 ප්‍රමාණයේ සමාන භාගයන්ට වෙන් කර ඇත. මෙම වෙන් කිරීම සිදු කර ඇත්තේ මීටරයක් පළල දැලකිනි. මෙම දැල පිරිමි තරඟයක දී නම් පිටියේ මාධ්‍යයේ සිට මීටර් 2.43 ක් වන අතර කාන්තා තරඟයක දී නම් මීටර් 2.24 ක් වේ. (මෙම උස තරඟ ස්වරූප අනුව වෙනස් වේ)

දෙපිලේම දැලට සමාන්තරව මීටර් 3ක් ඔබ්බෙන් රේඛාවක් ලකුණු කර ඇති අතර එය පහර නෙ රේඛාව (attack line) ලෙස හඳුන්වයි. මෙම මීටර් 3 රේඛාව (අඩි 10) පිටිය ‍කොටස් දෙකකට බෙදනු ලබයි. එම “පසු‍පෙළ “ හා “ඉදිරි පෙළ” ලෙසයි. (ඉදිරි පිටිය හා පසු පිටිය ලෙසයි). මෙම බෙදීම නැවත කොටස් 3කින් නම් කරනු ලබයි. එන්ම අංක 1 බෝලය ලබා දෙන්නාගේ ස්ථානය (serving player)

බෝලය ලබා දුන් පසු එම පිළේ ක්‍රීඩකයින් ඔරලෝසුව ගමන් කරන ආකාරයට (දිශාවට) අංක 2 දිශාවේ සිට අංක 1 දිශාවටත් අංක 1 ප්‍රදේශයේ සිට අංක 6 දිශාවටත් යන ආකාරයටය.

කණ්ඩායම් පිටිය ‍අවමය මීටර් 3 ක් පළල වූ නිදහස් කලාපයකින් වටව ඇත. බෝලය පිරිනැමීමෙන් පසු ක්‍රීඩකයන් එයට ඇතුළු වී ක්‍රීඩා කරයි. කණ්ඩායම් පිටියේ හා ප්‍රහාරක කලාපයේ සියළු රේඛා හා සීමා අදාල ප්‍රදේශය තුල ඇඳ ඇති අතර එමනිසා ඒවා අදාල පිටියේ හෝ කොටසේ අංගයක් වේ. බෝලය රේඛාව සමඟ ස්පර්ශ වුව හොත් එම බෝලය ඇතුළත වූ එකක් ලෙස සැලකේ. පැති රේඛාවට ලම්භකව දැලෙහි එක් එක් පැත්තෙහි ඇන්ටනාවක් සවි කර ඇති අතර එය පිටියෙහි පැති සීමාවේ සිරස් දික් කිරීමක් වේ. දැල හරහා යන පන්දුවක් සම්පූර්ණයෙන්ම ඇන්ටනා අතරින් යා යුතු අතර ඒවා ස්පර්ශ නොකළ යුතුය.

පන්දුව[සංස්කරණය]

ක්‍රීඩා රටාව[සංස්කරණය]

ලකුණු ගැනීම[සංස්කරණය]

ලිබරෝ ක්‍රීඩකයා[සංස්කරණය]

නීති වල නව වෙනස්වීම්[සංස්කරණය]

ක්‍රීඩාවේ ඉරියව්[සංස්කරණය]

පිරිනැමීම[සංස්කරණය]

හිසට ඉහලින් කරන පිරිනැමීම
උඩපැන කරන පිරිනැමීම

වොලිබෝල් ක්‍රීඩාවේ පහර[සංස්කරණය]

යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීම (forearm pass) හෝ තදින් පහර (bump) දීම.


අත්පන්දු ක්‍රීඩාවේ වැළකීමේ පහර (pass), පිරිනැමීම (reception) ලෙසද හඳුන්වයි. මෙය ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පළමු පහර (serve) හෝ ඕනෑම ආකාරයක පහරක් සාර්ථකව හැසිරවීමට යොදාගත හැකිය.


සෛද්ධාන්තිකව වැළකීම් පහර දිය හැකි කුසලතාවයේ ක්‍රම දෙකක් පවතී. එනම් අතපහළින් වැළකීම (underarm pass) හෝ තද පහර (bump) හා හිසට උඩින් පහර (overhead pass) දීමයි. පළමු ක්‍රමයේදී අත් දෙක තදින් බැඳ පන්දුව යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීමද, දෙවන ක්‍රමයේදී හිසට ඉහළින් අත ඔසවා ඇඟිලි වලින් පන්දුව ස්පර්ශ වනසේ පන්දුවට පහර දීමද සිදුකරයි.


Set ‍(දෙවැනි පහර)[සංස්කරණය]

දෙවැනි පහර (set) යනු කණ්ඩායමක් විසින් දෙවන වර පන්දුවට පහරදෙන අවස්ථාවයි. මෙහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත වේගවත් පහරක් දීමට හැකිවන සේ පන්දුව ගුවනට යොමු කිරීමයි. කණ්ඩායමක මෙම පහර දෙන්නාට setter කියා හඳුන්වන අතර, ඔහු ආක්‍රමණශීලි පහරක් දෙනු ලබන්නේ අනිකුත් කුමන ක්‍රීඩකයාටද යන්නත් තීරණය කරයි.

අත උඩින් පහර දීම (over hand)

පහරදීමේදී, අත උඩින් පහර දීමේ (over hand) හා තද පහරක (bump set) ඇති වෙනස හඳුනා ගත යුතුය. over hand පහර bump set පහරට වඩා පන්දුවේ දිශාව පාලනය කිරීමට ඉඩ සලසා දේ. Bump set පහර දිය යුත්තේ පන්දුව තමන් වෙත සෙමින් පැම්ණෙන විටදි ඇඟිලි වලින් හැසිරවිය නොහැකි ආකාරයට ළඟාවෙන විටය. වෙරළ අත්පන්දු ක්‍රීඩාවේදී මෙම දෙවන වර්ගයේ පහරට බලපාන නීති තදබලය.


දෙවැනි පහර (set) හිදි setter සිටින ස්ථානය අනුව එය ඉදිරි දෙවැනි පහරක් (Front set) ලෙස හෝ පිටුපස දෙවැනි පහරක් (Back set) ලෙස වර්ග කිරීමක්ද සිදුකරයි. පැනීම් දෙවැනි පහරක් (Jump set) යනු පන්දුව දැලට වඩා ආසන්න අවස්ථාවක setter දකුණු පාදයෙන් උඩ පැන පහර දීමයි. Setter බොහෝවිට දැලේ වම් අන්තයේ සිට දකුණු අන්තයට ඇති දුරෙන් 3/2 දුරක සිට වම්පැත්තට මුහුණලා ස්ථානගතව සිටියි. එම ස්ථානයේ සිට ඔහුට විශාල ප්‍රදේශයක් දර්ශනය වේ.


සමහරවිට Setter පන්දුව එසවීමෙන් වැළකී අනිකුත් ක්‍රීඩකයෙකුට ඉක්මන් පහරක් දීමට ඉඩසැලසීමටත්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත කෙලින්ම පහරදීමටත් කටයුතු කරයි. මෙම ක්‍රියාව "dump" ලෙස හඳුන්වයි. වඩා සුලභ dump කිරීමක් වනුයේ Setter ට පිටුපසින් හෝ ඉදිරි‍පසින් "2" හා "4" කලාප වලට පන්දුව විසිකිරීමයි. වඩා අත්දැකීම් ඇති Setter ක්‍රීඩකයන් පන්දුව අත්පන්දු කොටුවේ අන්තවලට වැටෙන සේ උඩින් විසිකිරීමත්(toss) හෝ දෙවන පහරේදී අධික වේගයෙන් පහර දීමත්(spike) සිදුකරයි.


පහර දීම[සංස්කරණය]

කණ්ඩායමක් පන්දුව සමඟ ප්‍රතිවාදී පිළ සමඟ පවතින සම්බන්ධතා අතර තෙවන මට්ටමට පහර දීම ගත හැකිය. පහර දීමේ අරමුණු වනුයේ ප්‍රතිවාදී කණ්ඩායමට ආරක්ෂණයකින් තොරව පන්දුව පතිත කිරීම සඳහා හැසිරවීම සඳහායි. පන්දුවට පහර දීමට ප්‍රථම ක්‍රීඩකයකු පියවර කීපයක් අනුගමනය කරයි. පන්දුව එල්ලය කරා පැනීම හෝ දෙපසට පැද්දීමයි.

පන්දුවට පහර දීම තීරණය වනුයේ පහර දෙන්නාගේ පැනීමේ උස ප්‍රමාණය අනුවයි. පන්දුවට පහර දෙන අවස්ථාවේ පහර දෙන්නාගේ දෑත් තම හිසට ඉහළින් මඳක් ඉදිරියට නැඹුරුව හැකි තරම් ජවය ඒ අවස්ථාවේ දී සිය දෑත් පද්දමින් මැණික් කටුව ප්‍රදේශයෙන් තදින් පහර දෙන අතර සිය මුළු ශරීරයම පන්දුව තල්ලු කිරීම සඳහා ශක්තියක්, ලෙස භාවිතා කරයි. ඉහළ නගිමින් එන පන්දුවට බවුන්සර් පහරක් දීමේ දී පන්දුව කෙළින්ම ප්‍රතිවාදී කණ්ඩායමේ භූමියට කෙළින්ම පතිත වේ.

වර්තමානයේ පවතින පහර දීමේ තාක්ෂණයන්[සංස්කරණය]

  • පසු පෙළ පහරදීම - පසු‍ පෙළ ක්‍රීඩකයකු විසින් පහර දීම. මීටර් 3 සීමාවෙන් එපිට සිට පහර දෙන අතර සමහර විටක මීටර් තුනේ රේඛාව මත සිට ද පහර දේ.
  • රේඛා හා පිටිය හරහා පහරදීම - මීටර් 3 රේඛා සීමාවට ආසන්නව ආනතිව පැමිණෙන පන්දුවට පිටිය හරහා ගොස් පහරදීම. මෙය කෙටි පහර දීම ලෙස ද සැලකේ.
  • Dip/Pink / Tip / Cheat - පන්දුවට වැරයෙන් පහර දීමට ක්‍රීඩකයෝ අරමුණ නොකරන අතර බෝලයට යන්තමින් පහර දීමත් ප්‍රතිවාදී පිලේ පිටියට වැටෙන සේ පන්දුවට පහර දේ.
  • Tool / wipe / Block – abuse - මෙහිදී ක්‍රීඩකයා පන්දුවට තදින් පහර දෙන අතර ප්‍රතිවාදී පිළේ පිටියට පතිත වෙමින් පන්දුව බවුන්ස් වී පිටියෙන් ඉවතට යාමට සලස්වයි.
  • Off speed hits - මෙහිදී ක්‍රිඩකයා පන්දුවට වැරෙන් පහර නොදෙන අතර පන්දුවේ වේගය අඩු කරමින් පන්දුවට පහර දේ. මෙය ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන් අවහිර කරන අතර පන්දුව පිටියේ වැදී ඉවතට යයි.
  • Off speed hits - මෙහි දී ද ක්‍රීඩකයා පන්දුවට වේගයෙන් පහර නොදෙන අතර වේගය අඩුවන ලෙස පහර දී ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කරයි.
  • Quick hit / “one” - සාමාන්‍යයෙන් මැද ආවරණ කරුවා විසින් එල්ල කරන පහරකි. එනම් ස්ථාන ගත වන්නා පැමිණීමට පෙර එල්ල කරන පහරකි. මෙහිදී දැලෙන් ඉහළට යාන්තමින් පන්දුව ප්‍රතිවාදී පිළට යන අතර එය ප්‍රතිඵලදායී පහරක් වනුයේ මැද ආවරණ කරුවා පමණක් සිටින අවස්ථාවක දීය. මෙය ඉක්මන් පහරකි.
  • Slide- ඉක්මන් පහරක තවත් එක් අංගයක් ලෙස මෙය සැලකිය හැකිය. ස්ථාන ගත වන්නාට පිටුපසින් සිට පහර දීම මෙම ක්‍රමයයි.
  • Double quick hit / “stuck” / Tanem - මෙම අවස්ථාව ස්ථාන ගත වන්නාට පිටු පසින් හෝ ඉදිරියෙන් විත් ඉක්මන් පහරක් එල්ල කිරීමයි. මෙය ප්‍රතිවාදී පිළේ ආවරණකරුවන් රැවටීමට හා හයවන පහරදෙන්නා පසු පිටියේ සි‍ට පහර දීම නිදහස් කිරීම සඳහා යොදා ගන්නා උපක්‍රමශීලී පහරකි.


පහර ඇහිරීම[සංස්කරණය]

පහර ඇහිරීම සඳහා ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රියාකරයි.

ඇහිරීම ලෙස හඳුන්වනුයේ දැල ආසන්නයේම සිට ප්‍රතිවාදී පිළෙන් ලැබෙන පරිදිම වැළැක්වීම හෝ ඊට විකල්ප පියවරක් ගැනීමයි. මෙම වැළැක්වීමේ මූලිකම අරමුණ වූයේ ප්‍රතිවාදී පිලේ පහරදීම වැළැක්වීම සේම එම බෝලය නැවතත් ප්‍රතිවාදී පිළේම රැඳවීමයි. ඉහළ පෙළේ වැළැක්වීමකදී සිය බාහු හා දෑත් ඉහළට ඔසවා‍ දැලට ඉහළින් පහරදී නැවතත් බෝලය සිය ප්‍රතිවාදී පිළටම එල්ල කරයි. මෙම දැලට ඉහළින් දෑත් ඔසවා පැනීම කාලය හොඳින් මැන බලා එල්ල කළ යුතුය. එම වැළැක්වීමේ දී සිය අත්ල අංශක 45 – 60 අතර ප්‍රමාණයක් ප්‍රතිවාදී පිටියේ අභ්‍යන්තරයට ගොස් තිබිය යුතුය. ‘roof’ ඇහිරීම වේගය හා බලය යොදා ගැනෙන විශිෂ්ට පහරක් වේ.


ඊට ප්‍රතිවිරුද්ධව කෙරෙන වැළැක්වීම හඳුන්වනුයේ වැළැක්වීම නැතහොත් ආරක්ෂා කිරීම යනුවෙනි. එය ‘soft block’ ලෙසද හඳුවන්වයි. මෙම ඇහිරීමේදී වේගයෙන් ඇදී එන බෝලයේ දිශාව වෙනස් කිරීම, ගෝලය පාලනය කිරීම කළ හැකි අතර බෝලයේ වේගය පාලනය වී ඇහිරීම පහසු කරවයි. හොඳින් පුහුණු වූ මෘදු ඇහිරීමකදී අත්ලේ ඇඟිලි පිටුපසට විහිදෙන ලෙස දැල උඩින් බෝලය ප්‍රතිවාදී කණ්ඩායමේ පිටියටම යවනු ලබයි.

ඇහිරීම‍ හෝ වැළැක්වීම නැවතත් ඒ සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව අනුවද වර්ග කෙරේ. එය තනි, යුගල හා තුන් ආකාර යනුවෙනි.

සාර්ථක ඇහිරීමකදී නැතහොත් වැළැක්වීමේදී ‘roof’ ආකාරයටම පන්දුව රැකිය යුතු වේ. ආරක්ෂා කිරීම (defence) ආකාරයටද පන්දුව වැළැක්වීම සාර්ථකව කළ හැකිය.

එසේම ආවරණ ස්ථානය ප්‍රතිවාදී ‍පිළේ පහර දෙන්නා සභා ආරක්ෂකයාගේ ස්ථානය අනුව වෙනස් වීම්වලට බලපායි.

Dig – (පන්දුවට ඉතාම පහළ මට්ටමින් පහර දීම)[සංස්කරණය]

මෙම පහර දීම් ස්වරූපය කාන්තාවන් සඳහා සුවිශේෂීය

මෙම පහරදීමේ දක්ෂතාවය නම් පන්දුව (ප්‍රතිවාදී පිලෙන් ලැබෙන) භූමියට ආසන්නයේදීම භූමියේ ගෑවීමට පෙර එය වළක්වමින් පහර දීමයි. මෙම ස්වරූපය බොහෝ දුරට පන්දුව ඉතා පහළින් අනෙකා අතට පත්කිරීම (Passing) හෝ බම්ප් කිරීම (Bumping) හා සමාන ස්වරූපයක් ගනී. මේ හා සාමානවම ඇඟිලි තුළින් හෝ බාහු එකතුවෙන් ආරක්ෂණයද කළ හැකිය.

මෙම පන්දුව අනෙකාට ලබාදීම (parsing) පන්දුවට ඉතා පහළ මට්ටමින් පහර දීම (digging) වලට වඩා කැපීපෙනෙන තාක්ෂණයන් ඇත. එනම් පන්දුව රැකගැනීමට කිමිදුම් ස්වරූපයෙන් සිය ශරීරය චලනය කර උත්සාහ ගනිමින් සිය පපු පෙසෙදට පන්දුව ලබාගනී. එසේම සිය දෑත් භූමියට ඉතා ආසන්නව ආනතීය තලයක සිට පන්දුව යටින් බෝලය රැක ගැනීම ‘pancake’ තාක්ෂණය ලෙසද හඳුන්වයි.

එසේම බිම වැතිරෙමින් පන්දුව රැක ගැනීමද සිදු කරයි. මෙහිදී ඇති විය හැකි ආබාධ අවම කර ගැනීම සඳහා බහු පෙරළීමේ තාක්ෂණය භාවිතා කරයි.

තරග කිරීමේ උපාය මාර්ගයන්[සංස්කරණය]

ක්‍රීඩකයන් වර්ගීකරණය[සංස්කරණය]

සැකසුම්[සංස්කරණය]

වොල්බෝල් ‍ක්‍රීඩාවේ පිළිගත් තරග කිරීමේ අකාරයන් තුනක් ඇත. එනම් “4-2” , “6-2” හා “5-1” වශයෙනි. මෙම සැකසුම් පිළිබඳ තීරණය කරනුයේ පහර දෙන්නාගේ හා නියමිත ස්ථාන ගතවන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමෙනි.


මූලික අවස්ථාවන්හිදී 4 - 2 සැකසුම් භාවිතා තරග අතර ඉහළ පෙළේ ක්‍රීඩාවල දී පොදුවේ භාවිතා වනුයේ 5 – 1 සැකසුමයි.

4 – 2[සංස්කරණය]

මෙම ක්‍රමය තුළ පහර දෙන්නන් 4 දෙනෙකුත් නියමිත ස්ථාන ගත වන ක්‍රීඩාකයන් 2 තුන් වන ලෙස සැකසුම් කරයි. ස්ථානීය ක්‍රීඩකයින් ස්ථාන ගත කරනුයේ ඉදිරි මැද කොටසේ හා ඉදිරි දකුණු ප්‍රදේශයන්හි දීය. එබැවින් සැම විටම ඉදිරි පහර දෙදෙනෙකු නිතරම මේ කණ්ඩායම සතුව ඇත. ජාත්‍යන්තර 4.2 තරගවලදී ඉදිරි දකුණු දිශාව අනුව ස්ථානගත කරන අතර අන්තර් ජාතිකව 4 – 2 සැකසුම බොහෝ වැරදිවලට පෙරළීමට හේතු වේ.


ස්ථානගත වන්නේ එකිනෙකාට විරුද්ධ දිශාවලින් මාරුවෙන් මාරුවට ස්ථානගත වේ. නියම ස්ථානගත කිරීමක දී පහර දෙන්නන් දෙදෙනෙකු රේඛාවට පිටතින් රඳවයි. මාරුවෙන් මාරුවට ඔවුන් ඉදිරි හා පසු පෙළ සඳහා මාරුවෙයි. බෝලය අනිත් පිළට ලබා ‍දීමෙන් අනතුරුව ක්‍රීඩකයෝ සිය නියමිත ස්ථානය අනුව ස්ථානගත විය යුතුය. මෙහි දී “සෙටර්” (setter) ඉදිරි දකුණු පසට මාරුවෙන අතර එහි දී මැද හා බාහිර පහර දෙන්නා වේ. මෙහි අවාසිය නම් ප්‍රමාණවත් විරුද්ධ පිලේ පහර දෙන්නන් නොමැති වීමයි. මෙය විරුද්ධ පිලේ වළක්වන්නන්ට මැද පෙලේ ක්‍රීඩා කිරීමේ වංචා සහගත තත්වය උදාවීමයි.

තවත් කැපී පෙනෙන අවාසිය නම් විරුද්ධ පිලේ පහර දෙන්නාගේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමයි.

මෙය තව කෝණයකින් බැලූ විට “සෙටර්” පහර දෙන්නකු ලෙස දුර්වල ස්ථානයක පසුවීමයි. එනම් ඉදිරි කොටසේ සිටින විට ඔහුට පන්දුවට ඇඟිලි තුඩුවලින් පහර දීමට හෝ බිම දැමීමට හැකි වීමයි. මෙහි දී දෙවෙනි වරට බෝලය ඇල්ලීමේ දී ඔහුට එක අතකින් දැලට උඩින් පන්දුව යැවිය හැකිය. මෙය විරුද්ධ පිලේ පහර දෙන්නන්ට ඉතා පහසු අවස්ථාවක් වනු ඇත.

6 – 2[සංස්කරණය]

6 – 2 සැකසුමේ දී ක්‍රීඩකයා සැම විටම පසුපෙළ සිට ස්ථානගත වීමට ඉදිරියට පැමිණේ. ඉදිරි පෙළේ සිටින ක්‍රීඩකයන් තිදෙනාම පහර දෙන්නන් වේ. එලෙසම පිලේ හය දෙනාටම එක් අවස්ථාවක හෝ තව අවස්ථාවක දී පහර දෙන්නෙකු විය හැකි අතර දෙදෙනෙකුට ස්ථානගත වන්නන් ලෙස ක්‍රියා කළ හැකිය. 6 -2 සැකැස්ම 4 – 2 හා සමාන වන අතර වෙනසකට ඇත්තේ පසු පෙළ ස්ථානගත වන්නන්ට නිදහසේ ස්ථාන ගත වීමට ඇති හැකියාවයි.

6 – 2 සැකස්මේ දී මෙලෙස අවශ්‍ය වන ස්ථාන ගත වීම දෙදෙනා සිටිනුයේ එකිනෙකාට විරුද්ධ දිශාවන්හි දී වන අතර එම දෙදෙනා මාරුවෙන් මාරුවට ස්ථානගත වීම කරයි. ස්ථානගත වන්නන් දෙදෙනාට අමතරව මැද හා බාහිරව පහර දෙන්නන් දෙදෙනා බැගින් සිටිය යුතුයි. එහි දී එකිනෙකාට මාරුවෙන් මාරුවට විරුද්ධ පෙළේ ගැසිය යුතු අතර ඒ හැම විටම පසු පෙළ හා ඉදිරි පෙළින් මාරු වීම කළ යුතුයි. පන්දුව ලබා දීමෙන් අනතරුව ඉදිරි පෙළ ක්‍රීඩකයින් නියමිත ස්ථාවලට ස්ථානගත විය යුතුයි.

6 – 2 සැකැසුමේ වාසිය නම් නිතරම ඉදිරි පෙළේ පහර දෙන්නන් තිදෙනෙකු සිටීමයි. එය ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට මුහුණ දීමේ උපරිම ශක්තියෙනි. කෙසේ වුවත් 6 – 2 කණ්ඩායමට සුවිශේෂී දස්කම් සහිත ස්ථාන ගත වන්නෙක් හා ප්‍රතිවාදී පිළට ඉතා සාර්ථක පහර දෙන්නෙක් ද අවශ්‍යය. ජාත්‍යන්තර මට්ටමේ දී “කියුබානු ජාතික කාන්තා කණ්ඩායම පමණක් මෙවැනි සුවිශේෂී ක්‍රීඩකයන් යොදා ගැනීම සිදු කරයි.

5 – 1[සංස්කරණය]

5 – 1 සැකැස්ම එක් ක්‍රීඩකයෙකුට පමණක් සිය සමාන මාරු කිරීමේ හැකියාව ඇත. එම නිසා මෙම සැකසුමේ දී නිතරම ඉදිරි පෙළ පහර දෙන්නන් තිදෙනෙකු රැ‍ඳෙන අතර පසු පෙළ ස්ථානගත වන්නා රඳවයි. එසේම ස්ථාන ගත වන්නා ඉදිරි පෙළ ක්‍රීඩා කිරීමේ දී පසු පෙළ දෙදෙනෙකු රඳවයි.

5 – 1 සැකසුමේ ස්ථාන ගත වන්නාට විරුද්ධව සිටින්නා ප්‍රතිවාදී (විරුද්ධ) පහර දෙන්නා ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් විරුද්ධ පහරදෙන්නා, සිය ප්‍රතිවාදියා පන්දුව භාර දීමේ දී පන්දුව අතින් අත (Pass) ලබා දීම නොකරන අතර කණ්ඩායම් සාමාජිකයන්ට පිටු පසින් සිට ගෙන සිටියි. මෙම විරුද්ධ පහර දෙන්නා ස්ථාන ගත වන්නා ඉදිරි පෙළ ක්‍රීඩා කරන අවස්ථාවේ දී විකල්ප පහර දෙන්නෙක් ලෙස භාවිතා කළ හැකිය. මෙම සැකැස්ම වර්තමානයේ දී පහර දීමේ හැකියාව වැඩි කිරීම සඳහා යොදා ගන්නා උපක්‍රමයකි. කණ්ඩායමට සිටින හොඳම පහර දෙන්නා වනුයේ මෙම ප්‍රතිවාදී පහර දෙන්නාය. පසු පෙළ පහර දීම බොහෝ විට පසු පෙළ දකුණු දෙසින් සිදු කරන අතර සමහර අවස්ථාවලදී පසු පෙළ මධ්‍යයේ සිට පහර දීම ද සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

5 – 1 සැකසුමේ තවත් වාසියක් ඇත. එනම් ඉදිරි පෙළ පහර දෙන්නාට ඉදිරියට පැන පන්දුව විරුද්ධ පිළේ පන්දුව අවහිර කරන්නන් අපහසුවට පත් කරවන තරගයකි. මෙය දක්ෂ පහර දෙන්නෙකුගේ සුවිශේෂී දක්ෂකමකි.

මෙම සැකසුම් 6 -2 හා 4 – 2 ක්‍රමයන්හි එකතුවකි. නැතහොත් මිශ්‍රණයකි. සමාන ගතවන්නා (setter) ඉදිරි පෙළ ක්‍රීඩා කිරීමේ දී ප්‍රතිවාදී කණ්ඩායම 4 – 2 ස්වරූපය ගන්නා අතර ස්ථානගත වන්නා පසුපෙළ සිටිය ද ප්‍රතිවාදී පිළ 6 -2 ස්වරූපය ගනී.



ලකුණු රැස් කිරීම[සංස්කරණය]

පන්දුව ප්‍රතිවාදී පිළේ පිටිය මත එහි සීමාව තුළ පතිත වීම හෝ ඔවුන්ගෙන් සිදුවන වැරදි පහරකදී බෝලය ලබා දුන් කණ්ඩායමට ලකුණු හිමිවේ. එම ලකුණු පන්දුව ලබා දුන් අවස්ථාවක දී සේම වෙනත් අවස්ථාවක දී සිදු විය හැකිය. ඊළඟ ලකුණ සඳහා බෝලය ලබා දීම කලින් ලකුණු රැස් කරගත් කණ්ඩායමටම ලැබුනේ නම් එම පන්දුව ලබා දුන් ක්‍රීඩකයාට නැවත ලබා දීම ලැබුණේ නම් එම කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය සමාන ඔ‍රලෝසු මුහුණතේ ආකාරයට මාරු විය යුතුය. ලකුණු 25 ක් රැස් කරගන්නා තෙක් තරගය දිගටම පැවැත්වේ. මෙසේ වට පහ දක්වා යන අතර අවශ්‍ය නම් 5වන වටය ලකුණු 15කට සීමා කළ හැකිය. ලකුණු රැස් කිරීම තරගාවලියේ ස්වරූපය අනුව තීරණය කරයි.

1999 ට පෙර ලකුණු රැස් කළ හැකි වූයේ බෝලය ප්‍රතිවාදී පිළට ලබා දීමෙන් පමණි. ඒ අනුව රැස් කළ හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වූ‍යේ ලකුණු 15 කි. නමුත් වොලිබෝල් සංගමය 1999 දී එම නීතිය වෙනස් කළේය. ඒ අනුව 2000 වසරේ සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක පරිදි වර්තමාන ලකුණු රැස් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙම ලකුණු රැස් කිරීමේ ක්‍රමය බොහෝ නරඹන්නන් ඇද ගැනීමටත් රූපවාහිනිය වටා රැස් කර ගැනීමටත් , තරගයේ අනාවැකි ඵල කිරීමටත් හැකි තත්වයකට ගෙන ගොස් ඇත

"http://si.wikipedia.org/w/index.php?title=වොලිබෝල්&oldid=304281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි