වියට්නාමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වියට්නාම සමාජවාදී සමූහාණ්ඩුව
Cộng hòa Xã hội chủ nghĩa Việt Nam
උද්යෝග පාඨය: Độc lập – Tự do – Hạnh phúc
"Independence – Freedom – Happiness"
ජාතික ගීය: Tiến Quân Ca
"Army March" (first verse)
Location of  වියට්නාමය  (green)in ASEAN  (dark grey)  —  [Legend]
Location of  වියට්නාමය  (green)

in ASEAN  (dark grey)  —  [Legend]

අගනුවර Hanoi
21°2′N 105°51′E / 21.033°N 105.85°E / 21.033; 105.85
විශාලතම නගරය Ho Chi Minh City
නිල භාෂාව(න්) Vietnamese
Official scripts Vietnamese alphabet
ජාති නාමය Vietnamese
රජය Unitary socialist republic,
Single-party state
 -  President Nguyễn Minh Triết
 -  Prime Minister Nguyễn Tấn Dũng
 -  General Secretary of the CPV Nguyễn Phú Trọng
ව්‍යවස්ථාදායකය National Assembly of Vietnam
Formation
 -  Đại Việt 1054 
 -  French annexation 1853 to 1883 
 -  Independence from France 2 September 1945 
 -  Reunification 2 July 1976[1] 
 -  Current constitution 15 April 1992 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 331.698 කිමී2 (65th)
128,565 සතරැස් සැත 
 -  ජලය (%) 1.3
ජනගහණය
 -  2011 ජන සංගණනය 90,549,390 (13th)[2] 
 -  ඝණත්වය 259/කිමී2 (46th)
668/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $273.967 billion[3] 
 -  ඒක පුද්ගල $3,104.179[3] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $104.600 billion [4] 
 -  ඒක පුද්ගල $1,168[3] 
Gini (2002) 37
මධ්‍යම · 59th
HDI (2012)  0.617[5]
මධ්‍යම · 127වන
ව්‍යවහාර මුදල đồng (₫)[6] (VND)
වේලා කලාපය ICT (Indochina Time) UTC+7 (UTC+7)
 -  ගිම්හාන (DST) No DST (UTC+7)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .vn
ඇමතුම් කේතය 84
1 According to the official name and 1992 Constitution.

වියට්නාමය (නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි.

ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී පළමු ඉන්දු-චීන සටනේ දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර වියට්නාම යුද්ධයෙන් පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය.

වියට්නාමය ඉන්පසුව කොමියුනිස්ට් රජයක් යටතේ ඒකීය වුණ නමුත් දේශපාලනමය වශයෙන් හුදෙකලා වූ දුප්පත් රාජ්යයක් බවට පත් වී තිබිණි. 1986 දී එවකට පැවති රජය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංවිධාන රැසක් ආරම්භ කළේ අන්තර්ජාතික සම්බන්ධතා නැවත ගොඩ නැගීමේ අභිප්‍රායෙනි. වසර 2000 වන විට එය ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් වූ අතර 2011 දී එය ගෝලීය සංවර්ධන මිනුම අනුව 11 වැනි තැන ගන්නා ලදී. මේ ශීඝ්‍ර සංවර්ධනය 2007 දී වියට්නාමය ලෝක වෙළෙඳ සංවිධානය සමග එකතු වීමට මග පෑදුවේය. කෙසේ නමුත් ආදායම් විෂමතාවය, දුර්වල සෞඛ්ය සේවය වැනි අංශවලින් තවමත් රට පීඩා විඳියි.

ජනවිකාසය[සංස්කරණය]

උතුරු වියට්නාමයේ, බැක් හා හී, මොං කාන්තාවෝ සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී.

2009 අප්‍රේල් 1 දින පැවැති ජන සංගණනය විසින් වාර්තා කෙරුණු පරිදී වියට්නාමයේ ජනගහණය දළ වශයෙන් මිලියන 85.8 ක් විය. ඒකාබද්ධිත වියට්නාමයේ ජනගහණය මිලියන 52.7 ක් ලෙසින් පෙන්වූ 1979 ජන සංගණනයෙහි සිට සැලකිය යුතු ලෙසින් ජනගහණය වර්ධනය වී තිබුණි.[7] 2012 දී, රටේ ජනගහණය ඇස්මේන්තු කළේ දළ වශයෙන් මිලියන 90.3 ලෙසිනි.[3]

වාර්ගිකත්වය[සංස්කරණය]

2009 ජන සංගණනය පරිදී, ප්‍රමුඛ වියට් හෝ කිං වාර්ගික කණ්ඩායම මිලියන 73.6 ට කිට්ටු ජන සංඛ්‍යාවක් හෝ, ජනගහණයෙන් 85.8% කට හිමිකම් දැරූහ.


ආගම[සංස්කරණය]

වියට්නාම ඉතිහාසයෙහි අති මහත් කාලයක් තුලදී, මහායාන බුද්ධාගම, ටාඕ ධර්මය සහ කොන්ෆියුශියානු ධර්මය යන්නන් ප්‍රමුඛ ආගම්ව පැවත ඇති අතර, ජාතික සංස්කෘතිය කෙරෙහි ප්‍රබල බලපෑම් එල්ල කර ඇත. වියට්නාම ජාතිකයන්ගෙන් 85% පමණ බුද්ධාගම අදහන බව පවසතත්, ඔවුන් සියළුදෙන ක්‍රමවත් අයුරකින් පිළිවෙත් පුරන බවක් නොපෙනෙයි. [8] [9] [10] [11] [12] [13] [14] වියට්නාමයේ රාජ්‍ය සංඛ්‍යාන කාර්යාලයේ 2009 අප්‍රේල් 1 දින වාර්තාව පරිදී, 6.8 මිලියන (මුළු ජනගහණයෙන් 7.9% ක්) ප්‍රමාණයක් බුද්ධාගම අදහන්නෝද, 5.7 මිලියන (6.6%) ප්‍රමාණයක් කතෝලිකයෝද, 1.4 මිලියන (1.7%) ප්‍රමාණයක් හොවා හාවෝ භක්තිකයන්ද, 0.8 මිලියන (0.9%) ප්‍රමාණයක් කාවෝ ඩායි අදහන්නන් සහ, 0.7 මිලියක (0.9%) ප්‍රමාණයක් ප්‍රොතෙස්තන්තවරුද වෙති. සම්පූර්ණයෙන් ගත් කළ, වියට්නාම ජාතිකයන් 15,651,467 ප්‍රමාණයක් (18.2%) විධිමත් ලෙසින් ආගමක් හා ලියාපදිංචිව සිටිති. [15] වාර්තාගත වන අයුරින්, වියට්නාම ජාතිකයක් අතුරින් 81% ක් දෙවියන් කෙරෙහි විශ්වාස නොකරති. [16]

2009 සංගණනය පරිදී, 10 මිලියන ප්‍රමාණයකට වඩා ජනතාව, තෙරුවන් සරණ යද්දී,[17][18] වියට්නාම ජනතාවගෙන් අති මහත් බහුතරයක්, යම් ආකාරයකට මුතුන්මිත්තන් ඇදහීම සිදු කරති.

2007 සංගණනය පරිදී, ජනගහණයෙන් 8% පමණ ක්‍රිස්තියානින් වන අතර, එයින් මිලියන එයක් පමණ රෝමානු කතෝලිකයන්ද මිලියනයකට අඩු ප්‍රමාණයක් ප්‍රොතෙස්තන්ත භක්තිකයන්ද වෙති. ක්‍රිස්තියානි ආගම, වියට්නාමයට මුලින්ම හඳුන්වාදෙන ලද්දේ, 16වන සහ 17වන සියවස්හිදී පෘතුගීසි සහ ඕලන්ද වෙළෙඳුන් විසින් වන අතර, 19වන සහ 20වන සියවසෙහි ප්‍රංශ මිෂනාරිවරුන් විසින් තවදුරටත් ධර්ම ප්‍රචාරය කරන ලද අතර, වියට්නාම යුද්ධය පැවති කාළයේදී විශේෂයෙන් දකුණු වියට්නාමයේ මොන්ටන්යාවරුන් අතර සුළු වශයෙන් ධර්ම ප්‍රචාරය ඇමරිකානු ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් විසින් කෙරිණි. විශාලතම ප්‍රොතෙස්තන්ත සභාවන් වන්නේ, වියට්නාම ධර්මදූත සභාව සහ මොන්ටෙන්යා ධර්මදූත සභාව වෙති. වාර්තා වන පරිදී වියට්නාම ප්‍රොතෙස්තන්තවරුන්ගෙන් තුනෙන් දෙකක් වාර්ගික සුළුතරයට අයත් වෙති. [19]

ටෙයි නිං නගරයේ ප්‍රධාන කාවෝ ඩායි සිද්ධස්ථානය.

වියට්නාම රජය, රෝමානු කතෝලික ආගම දෙස අවිශ්වාස භාවයකින් බැලීම පුළුල් ලෙසින් නිරික්ෂණය කර ඇත. මෙම අවිශ්වාසය 19වන සියවසෙහිදී ඇරඹුනේ, රට යටත් කර ගැනීමට සහ පාලනය කිරීමට ප්‍රංශ යටත් විජිත කරුවන්ට සහය සැපයීම සහ 1833 දී සිදුවූ ලේ වන් කොයි විප්ලවය වැන්නන්හීදී කතෝලික අධිරාජයන් යලි බලයෙහි පිහිටුවීමට දැරුණු ප්‍රංශ ප්‍රයත්නයන්ට සමහරක් කතෝලිකයන් සහය පල කිරීම යන කරුණු නිසාය. තවදුරටත්, කතෝලික සභාවේ දැඩි කොමියුනිස්ට්-විරෝධි ආකල්පය නිසා, වියට්නාම් රාජ්‍යය හා සමග සතුරු වීමට හේතු කාරක විය. වතිකානු සභාව නිල වශයෙන් තහනමකට ලක්වී ඇති අතර, රජයේ පාලනයට නතු කතෝලික සංවිධාන පමණක් අවසරය ලබා ඇත. කෙසේවෙතත්, වියට්නාමය හා සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවා ගැනීමට සාකච්ඡා කිරීමට වතිකානය මෑත වසර කිහිපය තුලදී උත්සාහ දරා ඇත. [20]

තවත් සුළු ඇදහිලි කිහිපයක් වියට්නාමය තුල පවතියි. ජනගහණයෙන් 3% පමණ කාවෝ ඩායි භක්තිකයන් වන අතර, මෙය බහුමතවාදී නූතන ආගමක් වන අතර එහි විශ්වාසකයන් බහුල ලෙසින් ඒකරාශී වී ඇත්තේ ටෙයි නිං පළාතෙහිය. සුන්නි සහ චම් බනි ඉස්ලාම් යන් ආගම් ප්‍රාථමික වශයෙන්, චම් සුළුතරය විසින් ඇදහෙන අතර, නිරිතදිග වියට්නාමයෙහිද වාර්ගික වියට්නාම භක්තිකයන් සුළු ප්‍රමාණයක් සිටිති. සම්පූර්ණ වශයෙන් ගත් කළ, වියට්නාමයේ මුස්ලිම්වරුන් දළ වශයෙන් 70,000 සිටින අතර, [21] හින්දු භක්තිකයන් 50,000 පමණද බහයිභක්තිකයන් සුළු ප්‍රමාණයක්ද සිටිති.

ආගමික නිදහස ලබා නොදෙන බවට නැගෙන චෝදනා වියට්නාම රජය ප්‍රතික්ෂේප කරයි. ආගම පිළිබඳ රාජ්‍යයේ නිල ස්ථාවරය වන්නේ, තමන්ගේ විශ්වාසය ඇදහීමට සියළු පුරවැසියන්ට නිදහස ඇති අතර, නීතිය හමුවේ සියළු ආගම් සම තැන ලබන බවයි. [22] කොස්වෙතත්, රජයේ අනුමැතිය ලද ආගමික සංවිධානයන්ට පමණක් පැවතීමට ඉඩ දෙනු ලැබෙයි; නිදසුනක් ලෙසින්, දකුණු වියට්නාම සම්භවයක් සහිත වියට්නාම එක්සත් බෞද්ධ සභාව තහනම් කොට ඇත්තේ කොමියුනිස්ට්-අනුමැතිය ලද සංවිධානයකට ඉඩ සලසමිනි. [23]

අධ්‍යාපනය[සංස්කරණය]

හැනෝයිහී වෛද්‍ය විශ්වවිද්‍යාලයය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. Robbers, Gerhard (2007-01-30). Encyclopedia of world constitutions. Infobase Publishing. p. 1021. ISBN 9780816060788. http://books.google.com/books?id=M3A-xgf1yM4C&pg=PA1021. Retrieved 1 July 2011. 
  2. CIA – The World Factbook
  3. 3.0 3.1 3.2 3.3 "Vietnam". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21. 
  4. GDP năm 2010 của Việt Nam vượt 100 tỷ USD – VnExpress
  5. "2013 Human Development Index and its components – Statistics" (PDF). UNDP. 2013. සම්ප්‍රවේශය 15 මාර්තු 2013. 
  6. Local Currency
  7. "වියට්නාම් – පොප්‍යුලේෂන්". Countrystudies.us. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2011. 
  8. "බැක්ග්‍රවුන්ඩ් නෝට්: වියට්නාම්". US Department of State. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  9. ද ලාජස්ට් බුඩිස්ට් කමියුනිටීස් – adherents.com. මෙම උපහරණ විසින් දක්වනුයේ එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැක්වුනු 85% අගයට වඩා අඩු ප්‍රමාණයකි.
  10. "වියට්නාම්". APEC. Archived from the original on 6 අප්‍රේල් 2008. 
  11. "එන්සයික්ලොෆීඩියා ඔෆ් ද නේෂන්ස් – වියට්නාම්". Nationsencyclopedia.com. 14 අගෝස්තු 2007. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  12. "වියට්නාම් ට්‍රැවල් ඇන්ඩ් හොලිඩේස් – වියට්නාම්ස් රිලිජන්ස්". Vietnam-holidays.co.uk. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  13. "රිලිජන් ඔෆ් ද වියට්නාමිස්". Mertsahinoglu.com. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  14. "වියට්නාම්: ඉන්ටර්නැෂනල් රිලිජස් ෆ්‍රීඩම් රිපෝට් 2007". එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව: ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සහ ශ්‍රමිකයන් පිළිබඳ කාර්යාංශය. 14 සැප්තැම්බර් 2007. සම්ප්‍රවේශය 21 ජනවාරි 2008. 
  15. "ද 2009 වියට්නාම් පොපියුලේෂන් ඇන්ඩ් හවුසිං සෙන්සස්: කම්ප්ලීටඩ් රිසල්ට්ස්". වියට්නාමයේ රාජ්‍ය සංඛ්‍යාන කාර්යාලය: මධ්‍යම ජනගහණ සහ නිවාස සංගණන සිසැරවීම් කමිටුව. 2010-06. p. 281. සම්ප්‍රවේශය 12 මාර්තු 2012. 
  16. සුකර්මාන්, ෆිල්. "ඊතිස්ම්: කන්ටෙම්පරරි රේට්ස් ඇන්ඩ් පැටර්න්ස්" (PDF), කේම්බ්‍රිජ් කම්පෑනියන් ටු ඊතිස්ම් (2007) වෙතින්, සංස්කරණය මයිකල් මාටින්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මුද්‍රණාගය. සම්ප්‍රෙව්ශය 23 මැයි 2012.
  17. "බිලීෆ්ස් ඇන්ඩ් රිලිජන්ස්". වියට්නාම තානාපති කාර්යාලය. Archived from the original on 10 පෙබරවාරි 2010. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  18. "සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් - වියට්නාම්". මධ්‍යම තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2011. 
  19. ජෝර්ඩන්, සන්ඩ්‍රා (15 ඔක්තොම්බර් 2004). "වියට්නාම්ස් ක්‍රිස්ටියන්ස් පර්සිකියුටඩ් ඈස් ස්ටේට් සීස් හිඩ්න් එනිමි". දි ඉන්ඩිපෙන්ඩන්ට් (ලන්ඩනය). http://www.independent.co.uk/news/world/asia/vietnams-christians-persecuted-as-state-sees-hidden-enemy-543805.html. 
  20. "හෝලි සී ඇන්ඩ් වියට්නාම් ඩිස්කස් ඕපනිං ඔෆ් ඩිප්ලොමැටික් රිලේෂන්ස්". AsiaNews.it. 27 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 16 මැයි 2012. 
  21. "හිස්ට්‍රි ඔෆ් ඉස්ලාම් ඉන් වියට්නාම්". Angelfire.com. 30 අප්‍රේල් 1975. සම්ප්‍රවේශය 28 අප්‍රේල් 2010. 
  22. "No: 21/2004/PL-UBTVQH11 ඕර්ඩිනන්ස් ඔය් බිලීෆ්ස් ඇන්ඩ් රිලිජන්ස්". අධිකරණ අමාත්‍යාංශය. 29 ජූනි 2004. සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2011. 
  23. "වියට්නාම්: ද සප්‍රෙෂන් ඔෆ් ද යුනිෆයිඩ් බුඩිස්ට් චර්ච් ". හියුමන් රයිට්ස් වොච්. මාර්තු 1995. සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2011.
"http://si.wikipedia.org/w/index.php?title=වියට්නාමය&oldid=274700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි