උඩරට ගිවිසුම
Wikipedia වෙතින්
(Kandyan Convention) වසර 1815 මාර්තු 04වන දින ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ශ්‍රී ලංකාවේ එකල පැවති එකම නිදහස් රට වූ කන්ද උඩරට විසූ රට කරවූ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
ඒ වන විට කන්ද උඩරට සෙංකඩගල නම් රාජධානිය පැවැතියේ අපේ රාජාවලියේ අවසන් රජු වූ වඩුග පරම්පරාවේ හතරවැනියා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු යටතේ ය. පෘතුගීසිහු ද ලන්දේසීහු ද මෙරට ජනතාව බෙදා පාලනය කිරිමට වග බලා ගත්තෝ ය. පෘතුගීසීහු බුවනෙකබාහු විජයබාහු හා මායාදුන්නේ තෙසොහොයුරන් අතර භේද වපුළෝ ය. මුහුදුබඩ වෙළෙඳ්‍රමේ යෙදී සිටි යෝනක පිරිස් ද භේද කැරවූවෝ ය.
1815 මාර්තු 02 උඩරට ගිවිසුම අත්සන් කළ දා
ෆන්හුන්ස් ලන්දේසි ආණ්ඩුකාර පිය පුතු දෙපළ ද මේ බෙදීම් පිණිස වක‍්‍ර ව සහයෝගය දෙමින් මේ රටේ උඩරට සහ පහතරට වශයෙන් සිංහලයා බෙදා වෙන් කරමින් ශත වර්ෂ ගණනක් පාලනය ගෙන ගියෝ ය. රටෙහි සෙසු පෙදෙස සෙංකඩගල රාජධානිය වශයෙන් වඩුග පාලනයට යටත් විය. මේ පසුබිමෙහි ය ඉහත සඳහන් උඩරට ගිවිසුම අත්සන් කිරිම සිදු වූයේ.
එදා උඩරට රාජධානිය ලංකා පොළොවෙන් 5/8 ක් වූ වර්ග සැතපුම් 15800 ක් වූ භූමි ප‍්‍රදේශයක් විය. අද උතුරු නැඟෙනහිර නමින් හඳුන්වන මඩකලපුව පානම්පත්තුව වන්නිය වියන්කුලම හා මන්නාරම ද එදා අයත් වූයේ උඩරට රාජධානියට ය.
එංගලන්ත රජය විසින් අතිශය හදිසි රාජ්‍ය පාලන කර්තව්‍යයක් ලෙස සලකා 1873 දී කේබල් පණිවිඩයක් මඟින් බෙදා වෙන් කරන ලද උතුරු මැද පළාතේ ප‍්‍රධාන නගරය වූ අනුරාධපුරයෙහි, දිසාපතිවරයකු ස්ථානගත කරන ලද අතර, වව්නියාවේ හා විලන්කුලම්හි උප ඒජන්තවරුන් දෙදෙනකු ස්ථානගත කෙළේ එදා ඒ පිළිබඳ ව බි‍්‍රතාන්‍ය රජය වෙනුවෙන් කටයුතු කළ ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ය.
උඩරට රාජධානියට අයත් ව තිබූ නුවරකලාවිය, තමන්කඩුව හා දෙමළහත්පත්තුව ද උතුරු මැද පළාතට යා කරන ලදී. පසු ව දෙමළහත්පත්තුව 1874 දී ඇති කළ වයඹ පළාතට ඇතුළත් කැරුණු අතර, පසුව තමන්කඩුව ද නැඟෙනහිර පළාතට එක්කරන ලදී.
ගිවිසුම
උඩරට ගිවිසුම කොන්දේසි දොළහකින් යුක්ත ය. බි‍්‍රතාන්‍යයේ එවකට සිටි තුන්වන ජෝර්ජ් රජු හා රාජ්‍ය පාලනය මෙහෙයැවූ වේල්ස්හි ජෝර්ජ් කුමාරයා ද වෙනුවෙන් ගිවිසුම අත්සන් කෙළේ ලොයිතන් ජනරාල් රොබට් බ‍්‍රවුන්රිග් ය.
සිංහලයේ වැසියන් වෙනුවෙන් අදිකාරම්වරුන්, සිංහල රටවල දිසාවේවරුන් ඇතුළු වෙනත් ප‍්‍රධාන රදළවරුන්, මොහොට්ටාලලා කෝරාළලා සහ අනෙකුත් සුළු මුලාදෑනින් ඇතුළු පිරිස් අභිමුඛයේ දී මේ ගිවිසුම අත්සන් කැරිණි. මෙය සියලු පිරිස් අභිමුඛයෙහි ප‍්‍රසිද්ධියේ කියවා අත්සන් කළ නිසා හොර ගිවිසුමක් නො වේ. සියලු ම පිරිස්වලට ගිවිසුමෙහි අත්සන් තැබීමට නො හැකි නිසා, මහ නිලමේ ඇතුළු දිසාවේවරුන් දහ දෙනකු මෙහි අත්සන් තබා ඇත.
මෙහි පළමු කොන්දේසි තුන වන්නේ රජතුමාට හෝ කවරාකාරයකින් හෝ ඔහුට ඥාති සම්බන්ධකම් දක්වන අයවලුන්ට රටට ඇතුළුවීමට හෝ රජකමට උරුමකම් කීමට බැරි බව ය. ඉංග‍්‍රීසීහු මේ කොන්දේසි ඒ ආකාරයෙන් ම ගරු කර ආරක්‍ෂා කළ බවට එක් උදාහරණයක් පමණක් මෙහි දී දක්වමි.
1848 මාතලේ කැරැල්ලේ දී රජතුමා ගේ ඥාතියකු ලෙසින් පෙනී සිටි කන්දසාමි නමැත්තා කැරැල්ලට නායකත්වය සපයමින් රජකම බලාපොරොත්තු වූ නමුත්, ඉංග‍්‍රීසීන් එයට ඉඩ ලබා දුන්නේ නැත.
රජතුමා වෙල්ලෝරයට පිටත් කර යැවූ පසු මෙහි ඉතිරි වූ කිසි ම ඥාතියකුට ද ඉංග‍්‍රීසීන් ගෙන් කිසි ම අනුග‍්‍රහයක් ලැබී නැත. මේ කොන්දේසි අනුව පෙනී යන අනෙක් කරුණ නම් ”සමීප රටවලින් ගන්ඩ පුළුවන්ව තිබුණු ප‍්‍රයෝජනවත් ගනුදෙනු කිරීම ද ලබාගන්ඩ පුළුවන් වීමට කාරණාව වූ විශ්වාසය ද මෙම රජ්ජුරුවන් ගේ ආඥාවේ කි‍්‍රයාවල සහ ගුණයෙහි ද මුළුමනින් තිබුණේ නැත.
” යන වගන්තියයි. එයින් හැඟී යන්නේ මේ වන විට රජතුමා ගේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා බිඳ වැටී තිබූ බව යි. හතරවන කොන්දේසිය දෙපාර්ශ්වයට ම එක හා සමාන අයිතිවාසිකම් හා බලපුළුවන්කාරකම් පිරිනමයි.
”යුතු ප‍්‍රකාර ඉංග‍්‍රීසි ගෝවැරනමේන්තුවේ බලයක් පිට පත් කරන අදිකාරම්වරුන්ට ද දිසාපතිවරුන්ට ද මොහොට්ටාලලාට ද කෝරාලලාට ද විදානේවරුන්ට ද සහ අනෙකුත් සෑම රදලවරුන්ට සහ සුළු මුලාදෑනින්ට ද ඔවුනොවුන්ගේ තානාන්තරවල නියමවල් ද යුතුකම් ද බලය ද දී නානාප‍්‍රකාර වැසියන්ට ද ඔවුනොවුන් ගේ දේපළවලට ද වෙනත් ඔවුනොවුන් ගේ යුතුකම්වලට සහ නින්දගම්වලට ද ඔවුනොවුන් අතරේ නොකඩවා පවත්නා පුරාණ සිරිත් චාරිත‍්‍ර නඩු ප‍්‍රකාර ආරක්‍ෂා ඇතිව සිංහලයේ රටවල්වල ආණ්ඩුව ඉංග‍්‍රීසි මහා රාජෝත්තමයාණන් වහන්සේට යටත්වෙන්ට යෙදුණා සහ ඒ ආඥාව ලංකාවට පැමිණි ගෝවැනුදෝරු නොහොත් ලොයිතන් ගෝවැනුදෝරු උතුමාණන් වහන්සේලා විසින් ද උන්වහන්සේලා වෙනුවෙන් පත්වෙන්නා වූ ඒජැන්ට් සහ මුලාදෑනි විසින් ද පවත්වා ගන්නට යෙදෙනවා ඇත.”
පස්වන කොන්දේසිය ආගමික නිදහස තහවුරු කර දෙයි. මුල දී මේ කොන්දේසිය අඩංගු නො වූ බැවින් ගලගොඩ නුවර කලාවිය දිසාව ගිවිසුම අත්සන් කිරීම පැහැර හැරි බව කියැවේ.
බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා කොතෙක් ඇවිටිලි කළත් පස්වන කොන්දේසිය ගිවිසුමට ඇතුළත් කරන තුරු ගලගොඩ, ලියැවිල්ලට අත්සන් තැබුවේ නැත. හය සහ හත්වන කොන්දේසිවල ඇත්තේ නඩු නොවිසඳ්‍ර දඬුවම් කිරීමට හෝ වධහිංසා කිරීමට යටත් නොකටයුතු බව ය. හත්වන කොන්දේසියේ සඳහන් වන්නේ ‘සිවිල් හා කි‍්‍රමිනල්’ නීති කි‍්‍රයාත්මක විය යුතු ආකාරය යි.
මේ සියලු ම කොන්දේසි ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එකඟ වූ කාරණාවලින් සමන්විත ය.
රාජ්‍ය පාලනය
උඩරට රාජධානියේ අගනුවර මහනුවර විය. මේ ඓතිහාසික ගිවිසුම මහනුවර මඟුල් මඬුවේ දී අත්සන් තැබිණි. උඩරට පාලනයට රෙසිඩන්ට් යන නිල නාමයෙන් ජෝන් ඩොයිල් පත් විය. ජෝන් ඩොයිල් ආණ්ඩුවේ භාෂා පරිවර්තක ද විය.
ගිවිසුම සැබෑ බවට සහතික කෙළේ ආණ්ඩුවේ උපලේකම් වූ ජේම්ස් සදර්ලන්ඩ් ය. ඩොයිල් ගේ දෙවන නිලධාරියා වූයේ ජේම්ස් ග්‍රේ ය. තුන්වන නිලධාරියා සයිමන් සෝවර්ස් විය. මෙසේ අපෙන් පාලනය භාර ගත් ඉංග‍්‍රීසීහු මේ රට පළාත් හතකට සහ දිස්ති‍්‍රක්ක දහහතරකට බෙදා පාලනය ගෙන ගියෝ ය. 1948 අප නිදහස ලබන තෙක් ම මේ ගිවිසුමේ ප‍්‍රකාර ව රට පාලනය කිරීමේ වගකීම ඉංග‍්‍රීසින් විසින් ඉටු කරන ලදී.
ස්තූතිය - ඇස්. බී. කරල්ලියද්ද මැතිතුමා