Jump to content

දස්කොන්

විකිපීඩියා වෙතින්

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගේ රාජසභා සභිකයෙක් ලෙස සැලකෙන දස්කොන් (Daskon), පේද්‍රෝ ද ගැස්කොන් නම් නාමයෙන් සිංහලයට බිඳී ආවෙකි. ප්‍රංශ ජාතික පියකු ගේ හා පෘතුගීසි ජාතික මවක ගේ[1] පුතු වන මොහු, සිංහල බස මැනැවින් හැදෑරූවෙකි. ඔහුට රජු ගේ ඉන්දීය බිසොවක වූ ප්‍රමිලා කුමරිය සමග අනියම් සම්බන්ධතාවක් තිබිණැ යි ජනප්‍රවාදයෙහි එයි. එවකට (1709 දී) මොහු රජු ගේ මහ අදිකාරම් ධුරයේ කටයුතු කරන්නට තරම් රජු ගේ කුළුපග මිතුරෙක් විය.

ජනප්‍රවාදයට අනුව, ප්‍රමිලා බිසොවට වැළදී තිබූ සාංකා දෝෂයක් වෙනුවෙන් කළ බලි යාගයක දී ඇගේ රුවට සමාන මැටියෙන් කළ රුවක් නිමවා ඇත. දස්කොන් එහි කලවයෙහි උපන් ලපයක් සලකුණු කළ හ යි කියැවේ. ඒ දැනගත් නරේන්ද්‍රසිංහ රජු 1715 දී ඔහු ගේ හිස ගසා දැමූ බව කියැවේ.

ජනශ්‍රැතියෙහි එන දස්කොන් ප්‍රමිලා පෙම් කවක් මෙසේ ය. මෙය දස්කොන් හිස්ගැසුම් කෑමට යන මොහොතේ කියන ලද්දකැ යි කියැවේ.

සක්මන් කරන මලුවේ දී බැදි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවා ද
ඉක්මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්කොන් මගේ නමට ජීවීත දෙනවාද

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
    "https://si.wikipedia.org/w/index.php?title=දස්කොන්&oldid=779380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි