ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ශ්‍රී ලංකා‌වේ ‌පහත දැක්වෙන ස්ථාන හත යුනෙස්කෝ සංවිධානය විසින් යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලයිස්තුවට ඇතුළුකර ඇත.

  • පොළොන්නරුව ඓතිහාසික පුරවරය (1982)
  • සිගිරි පෞරාණික පුරවරය (1982)
  • අනුරාධපුර පූජනීය පුරවරය (1982)
  • ගාලු නගරය සහ ආශ්‍රිතය (1988)
  • මහනුවර පූජනීය පුරවරය (1988)
  • සිංහරාජ රක්ෂිත වනාන්තරය (1988).
  • දඹුල්ලේ රංගිරි විහාරය (1991)
  • ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්

මහනුවර පූජනීය පුරවරය[සංස්කරණය]

දළදා මාලිගාව-පිටත පෙනුම

මහනුවර නගරයේ පිහිටා ඇති පූජනීය ස්ථානයක් වන දළදා මාලිගා‍වේ බුදුන් වහන්‍‍සේගේ දන්ත ධාතුව තැන්පත් කර ඇත. රාජ්‍ය ‍දේශපාලන වැදගත් සංකේතයක් වන දන්ත ධාතූන් වහන්සේගේ හිමිකරු ර‍ටෙහි පාලකයා බව සැලකෙන මතයක් පුරාණ කාල‍යේ සිටම පවති. වර්ෂ 1592 සිට 1815 දක්වා කාල සීමාවෙහි දී ලංකාවේ අගනුවර ලෙස මහනුවර පැවති අතර දළදා මාලිගාව නිසාවෙන් මහනුවර නගරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය. අස්ගිරි මල්වතු නිකා‍යේ හිමිවරු විසින් මාලිගාවේ ආගමික වතාවත් දිනකට තුන් වරක් උදෑසන, දහවල් සහ සවස පවත්වනු ලබයි. වසරකට වරක් ආගමික වතාවත් පැවැත්වී‍මේ අවස්ථාව අස්ගිරි මල්වතු ‍දෙපාර්ශවය අතර හුවමාරු ‍වේ. බදාදා දින වලදී නානුමුර මංගල්ලය නමින්, දන්ත ධාතුන් වහන්සේ දෝවනය කර වි‍ශේෂ ආගමික වතාවත් සිදු කරනු ලබයි. ‍මෙහිදි සුගන්ධවත් මලින් හා ජල‍යෙන් ‍දෝවනය කිරිම සිදු ‍කෙරෙන අතර එම ජලය රැස්ව සිටින පිරිස අතර ‍බෙදා ‍දෙන්නේ එහි ඇතයි සැලකෙන රෝග සුව කිරී‍මේ ගුණය නිසාය. ත්‍රස්තවාදි ප්‍රහාරයකින් හානි සිදු වුවද දැන් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත.

සීගිරිය[සංස්කරණය]

සීගිරිය

සීගිරිය ලොව අට වන පුදුමය ලෙස හඳුන්වයි. ‍මෙය කාශ්‍යප රජු විසින් හතරවන සියව‍සේ දී ඉදිකරන ලද බල‍කොටුවක් ‍ලෙස සලකනු ලබයි. සීගිරි ගල මුදු‍නෙහි මාළිගාවක නටබුන්ද, ගල මධ්‍යයේ සිංහ දොරටුවක් ද බිතූ සිතුවම් සහ කැටපත් පවුර පිහිටා ඇත.‍ ‍මෙහි ඇති ‍වෙනත් වැදගත් අංග ‍ලෙස බිතු සිතුවම්, පර්වතය පහළින් පිහිටා ඇති මාලිගා සංකීර්ණය, දිය අගල්, පවුරු සහ පර්වත‍යේ සිට මිටර සිය ගණනක් දුරට විහි‍‍දෙන උද්‍යාන දැක්විය හැකිය. රජ මාළිගාවක් ‍මෙන් ම බල‍කොටුවක් ද වන ‍මෙය නිර්මාණකරුව‍න්‍‍‍ගේ විස්මයජනක හැකියාව නිරූපණය කරයි. පර්වතය මුදු‍නෙහි පිහිටි ඉහළ මාළිගාව ආශ්‍රිතව අදටත් පවතින පොකුණු දැකගත හැකිය. පහළ මාළිගාව වටා ඇති දිය අගල් මනරම් දර්ශනයක් මවා පායි.

අනුරාධපුරය[සංස්කරණය]

රුවන්වැලිසෑය-අනුරාධපුරය

අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක්ව පැවති අතර අදටත් ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාර‍යේ සුරැකිව පවතින නටබුන් සදහා ලෝක ප්‍රසිද්ධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය ආසියා‍වේ පැවති විශිෂ්ඨත ම එකකි. දැනට එක්සත් ජාතින් ‍ලෝක උරුමයක් වන මෙය වර්තමාන අගනුවර වන ‍කොළඹ සිට කි.මී. 205 උතුරින්, උතුරු මැද පළාත මල්වතු ඔය ඉවුර මුල් කර‍ගෙන පිහිටා ති‍බේ. බු.ව.4 වන සියව‍සේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය, 11 වන සියවස දක්වා ම දකුණු ආසිය‍‍වේ ස්ථාවරත ම ‍‍දේශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ලෙස වැජඹුණි.‍ බෞද්ධ ලෝකයට පූජනීය නගරයක් වූ, වර්ග කි.මි. 40 පුරා විහිදුනු ‍‍බෞද්ධ ආරාම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ලෝකයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

ගාල්ල[සංස්කරණය]

ප්‍රදීපාගාරය-ගාල්ල

ගාල්ල, ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍වෙරළ තීර‍යේ ‍කොළඹ සිට කි.මි. 119 දුරින් පිහිටි නගරයකි. පෘතුගීසීන් පැමිණීමට ‍පෙර 16 වන සියව‍සේ දී ධීවර වරායක් ලෙස පැවති මෙය එවකට ගිම්මතිත්ත ‍ලෙස හදුන්වා ඇත. (ඉබන්බතුතා ක්වලි (Qali) ලෙස හදුන්වා ති‍බේ.) 18 වන සියව‍සේ බ්‍රිතාන්‍ය පාලකයින් කොළඹ ප්‍රධාන වරාය ‍ලෙස සැලකීමට ‍පෙර ගාල්ල එහි දියුණු‍වේ උපරිමයට එළඹ තිබිණ. 2004.12.26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.


පොළොන්නරුව[සංස්කරණය]

දෙමළ මහාසෑය(රන්කොත් වෙහෙර)-පොළොන්නරුව

‍චෝල ආක්‍රමණිකයින් පරදවා පළමුවන විජයබා රජු විසින් අගනුවර කර ගත් ‍පොළොන්නරුව ලංකා‍වේ ‍දෙවන පැරණිතම නගරයයි. එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරු මහා පරාක්‍රමබාහු රජුය. කෙටි චෝල පාලන සමයේ දී ‍මෙම නගරය ජනනාත මංගලම් ‍ලෙස ද හදුන්වා ති‍බේ. එ‍හෙත් ඉන් පසු පත් වූ පාලකයින්‍ අතරින් නිශ්ශංකමල්ල රජු හැරුණු විට පත් වූ අ‍නෙක් පාලකයින් එතරම් සාර්ථක ‍නොවූහ. එම රජවරු ඇති කර ගත් දකුණු ඉන්දියානු විවාහ සම්බන්ධතා පසු කාලීනව ඇති වූ දකුණු ඉන්දියානු ආක්‍රමණවලට ද රාජධානිය දඹ‍දෙණියට සංක්‍රමණය වීමටද හේතු විය. අද වන විට ‍පොළොන්නරු රාජධානි‍යේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන, මුල් කාලීන රජුන්ගේ සෞභාග්‍යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍මෙම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ලෝක උරුමයක් ‍ලෙස නම් කර තිබේ. [www.galle.mc.gov.lk]

රන්ගිරි දඹුලු ගල් විහරය[සංස්කරණය]

රන්ගිරි දඹුලු ගල් විහාරය)-දඹුල්ල

දඹුලු ‍ලෙන් විහාරය (රන්ගිරි දඹුලු ගල් විහාරය) රට මැද භාගයට වන්නට පිහිටි, ලෝක උරුමයක් ‍ලෙස නම් කර ඇති ස්ථානයකි. ‍කොළඹින් කි.මි. 148 නැ‍ගෙනහිරින්ද මහනුවරින් කි.මි. 72 උතුරින්ද පිහිටා ඇති ‍මෙය ඉතා ‍හොදින් සුරැකිව ඇති විහාර සංකීර්ණයකි. තැනිතලාවෙන් මි.160 උසින් පිහිටි පර්වතයක, 80 ට අධික ‍ලෙන් සංඛ්‍යාවක් පවතින අතර ‍ලෙන් පහක් ආශ්‍රිතව විහාර අංගනය පිහිටා ඇත. බුද්ධ චරිතයට අදාළ ස්තූප සහ බිතු සිතුවම් නිසා ‍මෙම විහාරය ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇත. බුද්ධ ස්තූප 153, සිංහල රජුන්ගේ ප්‍රතිමා 3 සහ දැව ප්‍රතිමා 4 ක් වර්ග මි. 2100 ප්‍ර‍දේශයක පිහිටා ති‍බේ. බිතු සිතුවම් මගින් බුදුන්ගේ මාර පරාජය සහ පළමු ධර්ම දේශනාව නිරූපණය කර ඇත.

සිංහරාජ රක්ෂිතය[සංස්කරණය]

සිංහරාජ රක්ෂිතයේ කඳුමුදුන්)

ශ්‍රී ලංකා‌වේ ව‍න උද්‍යානයක් වන සිංහරාජ වනය, යුනෙස්කෝව මගින් ‍ජෛව ගෝලීය රක්ෂිතයක් හා ලෝක උරුමයක් ‍ලෙස නම් කර ති‍බේ. නො ඉදුල් වැසි වනාන්තරයක් වන ‍මෙය, ළඟා වීමට ඇති අපහසු බව නිසා ම දැව කර්මාන්ත‍යේ ග්‍රහණ‍යෙන් මිදී ඇත. ‍මෙය 1889 දී ලෝක උරුමයක් ද 1978 දී ලෝක උරුමයක් ද ලෙස ද නම් කර තිබේ. ‍මෙහි න‍මෙහි අරුත සිංහයාගේ රාජධානිය යන්නයි. නැගෙනහිර - බටහිර දිශා ඔස්සේ කි.මි. 21 ද උතුරු- නැගෙනහිර දිශා ඔස්සේ කි.මි. 7 පමණක් වුව ද ඉතා සරු ‍ජෛව විවිධත්වයකට සහ ආ‍වේනික වි‍ශේෂ (කෘමීන්, ශාක, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීර‍පායීන්) රැසකට ‍සෙවණ සපයයි. ශාක ගහණය නිසා යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයක දී ‍මෙන් වන සතුන් දැක ගැනීම අපහසුය. අලින් දැක ගත නො හැකි වුව ද දිවියන් වර්ග 15 ට ආසන්න සංඛ්‍යාවක් කළාතුරකින් දැක ගත හැකිය

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

බාහිර පුරුක්[සංස්කරණය]