ශ්‍රී ලංකා ජාතික කොඩිය
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත් රන් පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ තද රතු පැහැති පසුබිමක් තුළ බො කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි.පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇත එසෙම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි.සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර සතර බො කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සිවු ගුණයන් වේ. තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය දමිළ ජනයා නිරුපණය වන අතර කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලීම් ජනයා සහ මැලේ , බර්ගර් ජනතාව නියෝජනය වේ තද රතු පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකවෙ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවකගෙ නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කර වීය.
ඉතිහාසය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ පළමු රජු වු විජය රජතුමා, බු.ව.486 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බව පැවෙසේ. එදා සිට සිංහයාගේ සංකේතය ඉතා වැදගත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුලින් පැමිණේ. දකුණු ඉන්දියාවෙන් ආ පාලකයකු වු විජය රජු මෙය භාවිතා කලේ නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් වන අයුරිනි. දුටුගැමුණු රජු එකල උතුරු හා බටහිර ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටි එළාර රජු සමග යුධ වැදීමේදී එම යුද කටයුතු වලට ද සංකේතාත්මක ධජ භාවිතා කල ඉතිහාසයෙන් පැවසේ. දුටුගැමුණු රජු යුධ වැදිමෙදී ඔහු සමගින් රැගෙන ගිය ධජය තුල ඉහලින් හිරු හා සදු තිබු අතර තේජාන්විත සිංහයකු දකුණු අතින් කඩුවක් දරා ගෙන සිටිය බව ද පැවසේ.
ඉන් පසුව ධජයක් භාවිතා වූයේ 1815 දී මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වු අන්තිම රජුගේ රාජ්‍ය පාලන කාලය අවසන් වීමේදී නුවර රදලපෙළයන් විසින් බ්‍රිතාන්‍ය සමග මාර්තු 2 දින අත්සන් තැබු නුවර ගිවිසුමේදීය. මෙම ගිවිසුම මගින් තුන් වන ජෝර්ජ් රජු ශ්‍රී ලංකවේ රජු බවට පත්විය. එහිදී සිංහලයන් රැගෙන ආ සිංහ කොඩිය එක්සත් කොඩිය බවට පත් වී එය ජාතික කොඩිය බවට නම් කලහ. ඉංග්‍රීසි ජාතිකයන්ගේ භාවිතයට ඔවුන්ගේම වු කොඩියක් තිබිණ. එම සිංහ කොඩිය ඉංග්‍රීසින් විසින් එංගලන්තය රැගෙන ගොස් එය රාජ්‍ය ආරෝග්‍යශාලා භූමියේ තැම්පත් කල බව පැවසේ.
වර්ෂ 1948 දී එවකට පැවැති කොඩිය ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කලද එය 1953 හා 1972 යන වර්ෂ වලදී වෙනස්කම් වලට භාජනය විය. එම වර්ෂය තුලදීම කොඩියට බෝ ගසේ කොළ සතරක් සෑම මුල්ලකම පිහිටන අයුරින් ඇතුලත් කරනු ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මුලිකත්වය මතය. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. එතුමා විසින් ඇතුලත් කල මෙම සතර බෝ කොළ තුලින් මෙත්ත( ආදරය, කරුණාව ), කරුණාව ( දයාව ), මුදිතා ( සතුට ) සහ උපේක්ඛා ( උපේක්ෂාව ) යන සතර ගුණයන්ය.
සංකේත භාවිතය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ ජාතික ධජය මගින් නිරැපණය වන්නේ ප්‍රතාපවත් දේශයක් සමගින් ලාංකික උරුමයන් ඔප් නංවමින් සුළු ජනයා සමගින් බහුතර ජනයාද එකමුතුව ජීවත් වන බවයි. කෙසේ වෙතත් සුළු ජනයා පෙන්නුම් කරනු ලබන්නේ යම් ප්‍රතිශතයක් පදනම් කරගෙනයි. ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකටම විශේෂ අර්ථයක් ගැබ්ව පවතී.
සංකේතය | නිරෑපණය |
---|---|
රත් පැහැයෙන් වර්ණවත් වු සිංහයා | ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය සහ සිංහල ජනවර්ගයයි. |
බෝ කොළ | බෞද්ධ ජාතිය හා එහි බලපෑම වන අයුරුයි. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සුචරිත ලක්ෂණ මෙයින් පිළිබිඹු වේ. |
සිංහයාගේ කඩුව | ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බලපරාක්‍රමයයි. |
සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් | ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානයයි. |
කෙස් අටක් ඇති සිංහයාගේ වලිගය | ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. |
සිංහයාගෙ රැවුල | පවිත්‍ර වචනයි. |
කඩුවෙ ඇති මිට | වාතය, ජලය, ගින්දර සහ පොළව යනාදියෙන් රට සමන්විත වු බවයි. |
සිංහයාගෙ නාසය | බුද්ධිමත්කමයි. |
සිංහයාගේ ඉදිරි පාද දෙක | සම්පත් පරිහරණයේ නිවැරදි බවයි. |
තැඹිලි පැහැති තීරුව | දෙමළ ජනවර්ගයයි. |
කොළ පැහැති තීරුව | මුස්ලීම් ජනවර්ගයයි. |
කහ පාටින් වට වු මායිම | ලන්දේසි, බර්ගර් සහ පෘතුගීසි ඇතුළු සියලුම සංස්කෘතික වලින් සිටින මිනිසුන් සමඟ එකට වාසය කරන බවයි. |
තද රතු පැහැති පසුබිම | බහුතර සිංහල ජනයාය. සිංහයා මෙන්ම මෙම වර්ණයද රජවරුන් විසින් පැරණි කොඩිවල භාවිතා කර ඇත. |
මේවා බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- Lanka Library
- The Proposer of the lion flag. Mudaliyar Sinnalebbe
- Sri Lanka Government Web Portal
- The Sri Lankan Lion flag -how it came to be
බාහිර සබැදීම්[සංස්කරණය]
![]() |
Flags of Sri Lanka හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- A few examples of European Heraldic Lions and the Sri Lankan national flag
- Lion Flag as depicted in the Constitution of Sri Lanka