Jump to content

විකිපොත්

විකිපීඩියා වෙතින්
මෛත්‍රි බොසතාණන් වහන්සෙ
ගන්ධාරයෙන් හමුවූ මෛත්‍රෙය ප්‍රතිමාවක්, 2වන සියවස
සංස්කෘතमैत्रेय
(මෛත්‍රෙය)
පාලිMetteyya
බුරුමအရိမေတ္တယျ
[ʔəɹḭmèdja̰]
චීන彌勒菩薩
(Mílè Púsa)
ජපන්弥勒菩薩
(Miroku Bosatsu)
Karenမဲၣ်တယါ ဘူးဒး
(Mehtuhyah Boodah)
ඛෙමර්ព្រះសិអារ្យមេត្រី
(Preah Se A Metrey)
කොරියානු미륵보살
(Mireuk Bosal)
මොංගෝලියානුᠮᠠᠶᠢᠳᠠᠷᠢ᠂ ᠠᠰᠠᠷᠠᠯᠲᠣ;
Майдар, Асралт;
Mayidari, Asaraltu
Okinawan弥勒御迎
(Miruku Unkee)
Shanဢရီႉမိတ်ႈတေႇယႃႉ
සිංහලමෛත්‍රී බුදුන්
තායිพระศรีอริยเมตไตรย
(Phra Si Ariya Mettrai)
ටිබෙට්བྱམས་པ་
වියට්නාමDi-lặc (bồ-tát)
තොරතුරු
Venerated byමහායාන, ථෙරවාද , වජ්‍රයාන
AttributesGreat Benevolence
පූර්වප්‍රාප්තිකගෞතම බුදුරජාණන් වහන්සේ
Portal icon බුද්ධාගම ද්වාරය

හැදින්වීම

[සංස්කරණය]

ලිපිය පිලිබඳව

[සංස්කරණය]

මෙය බුදු දහම ආශ්‍රයෙන් වර්තමාණ කරුණුත් එක්-රැස්කොට තාර්කිකව ඉදිරිපත් කිරිමට උත්සහයක් දරණ ලිපියකි. නිදහස් විකිපිඩියා තුල බුදු දහම යන පුළුල් විශයක් සම්බුද්ධ සාසන දෙකක කරුණු වර්ථමාණයේ සිදු වෙමින් පවතින සහා සිදු වී අවසන් වූ කරුණු එක් රැස් කර මතභෙදාත්මකව විශ්ලේෂණය කරන ලද ලිපියකි.

මූලීක හැදින්වීම

[සංස්කරණය]

පාරමි සම්පුර්ණ කල වූ මෛත්‍රී බෝධිසත්වයො තුසිත දෙව්ලොව විරාජමානව වැඩ සිටිනා බව ත්‍රිපිටකයේ හා මහාවංශය යන ඉපැරණි ග්‍රන්ථවල සදහන් වේ, එනමුත් මෛත්‍රීය බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම් පුරණ කාලය, ද්වීපය, කුලය, මව ගැන කිසි කෙනෙකුට මේ වර්ථමාණය තුල ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කිරීමට නොහැක, මහරහතන් වහන්සේ නමකට පවා උන්වහන්සේ සිටින තැනක් ප්‍රකාශ කිරිමට අපොහසත් වනුයේ, මෛත්‍රි බෝධිසත්වයාණන් වහන්සේ පාරමිතා 19ක් සම්පුර්ණ කරන අධික විර්‍යයවන්ත සහා අධික ප්‍රඤඤාවක් සහිත එන මහා බොසතාණන් වහන්සේ නමක් වන නිසා බවත්, අනෙක් බොසතාණන් වහන්සෙලා නොකරපු පින්කමකුත් කර එන විශේෂ බොසතාණන් වහන්සේ නමක් වන නිසා බව ලංකාවේ වෙසු වනවාසි අභිඥාලාභි භික්ශුවක් හා තවත් භික්ශුණ් මෙය සනාථ කරති.

එපමණක් නොව, වර්ථමාන කාලය සිට ගත්කල තව විසි අසංඛ්‍ය කල්ප ලක්ෂ යක් උන්වහන්සේගේ සසුන සදහා තව බොහො කාලයක් තිබෙන බව ලංකාවේ යොගිවරුන් සදහන් කරති. එයට හෙතුව තව පාරමිතා 10ක් සම්පුර්ණ කිරිමට උන්වහන්සේට තිබෙන නිසා බව ඒ අයගේ මතය වී තිබෙන්නේ, නමුත් ස්ථීරවම ඒ කාරණා සනාථ කල හැක්කේ පෙරුම් පුරණ මෛත්‍රි බොසතාණන් වහන්සේටම පමණකි.

මේ මහාභද්‍ර කල්පයේ පස්වන බුදුරජාණන් වහන්සේ ලෙස මෛත්‍රි බෝධිසත්වයො අනාගතයේ පහළ වනු ඇත. මනුෂ්‍ය අවුරුදු අසුදහසක් ආයු වදාළන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බොහෝ සත්ත්වයන් සසර දුකින් මුදවන්නේය.

මෛත්‍රි බෝසතාණන් වහන්සේගේ ප්‍රභල පින්කම වනුයේ තමන්ගේ සසුන තවත් බොසතාණන් වහන්සේ නමක් වෙනුවෙන් පුජා කිරිමේ මහා පින්කම, සමස්ත තුන්ලෝකයේම සියලූම දානයන් අභිභවන එකම මහාදානය වන ධර්මය දන්දීම හෙවත් ධර්මදානය තරම් වැදගත් පින්කමක් තුන්ලොකේ නැති බව බුදුන් වහන්සේ දේශනා කල සේක, ඒය පිලිඹිබු කරමින් අනාගතයේ ලොකේ බලවත් බුදුවරයෙක් පහල වෙන්නේය, ඒ පිලිබදව කෙටි සටහනක් තමයි මේ දිගහැර දක්වන්නේ.

විවරණ සහා ගෞතම බුදුන් හා බැඳුනු සිදුවීම්

[සංස්කරණය]

අවසන් වරට නියත විවරණ ලැබීම

[සංස්කරණය]

"මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ පාරමිතා පිරීම අවසන් වන අතර බුද්ධත්වය ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ." මෙලෙසින් ආරම්භක විචාරය දිගහැරෙන්නේ මෙසේය :

ඉහත කී ලද වැකිය සදහන් වී තිබුණේ ත්‍රිපිටකයේය, එනමුත් මෛත්‍රි බොසතාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේ හමු වී ඇති අවස්ථාවේ මෙසේ කීමට හෙතුවක් තියෙනවා, ඒ නම් සාමන්‍යයෙන් බුදුවරයෙක් පාරමිතා පුරන්නේ දහයයි, දස පාරමිතා ලෙස සදහන් වෙන්නේ, නමුත් විර්‍යය අධික බුදුවරයෙක් නිසා දස පාරමිතා මෛත්‍රි බුදුන් වහන්සේට හරියන්නේ නැත, උන්වහන්සේ දහ නම පාරමිතා ප්‍රමාණයක් පිරිය යුතුය, ගෞතම බුදුන් වහන්සේ හම්බ වෙන විට උන්වහන්සේ පාරමිතා නවයක් සම්පුර්ණ කල හෙයින් උන්වහන්සේ පාරමිතා සම්පුර්ණ කර අවසන් ලෙස ගොඩක් ස්වමිණ්වහන්සෙලා සිතන්නට පටන් ගත්තා, නමුත් එය වැරදි කාරණාවක් ලෙසත් විර්‍යය අධික බුදුවරයෙකු පාරමිතා දහසයකට වඩා පෙරුම් පුරණ බව මේ ලිපියේ අවසානය දක්වා පාඨකයා පරිශීලනය කලහොත් සොයාගත හැක. ඉතා කෙටියෙන් මෙයට සාදක වූ කරුණ සලකා බලන කල්හි එය මෙසේය.

මෛත්‍රි බොසතුන් හා ගෞතම බොසතුන්ගේ පලමු  හමුවීම

[සංස්කරණය]

මේ පිලිබදව යුටියුබ් හී සදහන් සාකච්චාවට සවන් යොමු කීරිම සදහා මෙතැනින් යූ ටියුබ් වෙත පිවිසෙන්න. එහි අන්තර්ගතය පහල පරිච්චෙදයේ ලිඛිතව සහා කෙටියෙන් සදහන් කරනු ලැබේ.

කැලණිය රජ මහා විහාරයේ ස්ථාපනය කර ඇති අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව[1]

ලෙඛකයාගේ වාචික බස් වලින් ඒ සාක්ච්චාව සාරංශය කලහොත් එය මෙසේ දැක්විය හැක.

"මෛත්‍රි බොසතුන් වහන්සේ සහා ගෞතම බොසතුන් වහන්සේ මුලින්ම හම්බ වෙන්න පටන් ගත්තේ සසරේ සෙරවාණිජ ජාතකයේදිය, මේ ජාතකයේ දෙවදත්ත හාමුදුරුවො එකල වෙලෙන්දෙක්, ඒ වගෙමයි ගෞතම බොසතාණන් වහන්සේත් වලලු විකුණන වෙලෙන්දෙක්, මේ කතාවේ වලලූ විකුණා යන ගමණේදි රන්තැටියක් හමු වෙනවා, එහිදි ඒ රන්තැටිය මුලදි හමු වෙන්නේ දෙවදත්ත හාමුදුරුවන්ගේ එදා චරිතයට, නමුත් මොහු කපටි වෙලෙන්දෙක් නිසා පසුව වැඩි ගණනකට ඉල්ලා ගැනීමේ අරමුණෙන් ඔහු මේ රන්තැටිය කිසි වැඩකට නැති දෙයක් බව බොරුවට අඟවා විසි කර ඉවත් වී ගියා, ඊට පසුව අපේ ගෞතම බොසතාණන් වහන්සේ වෙළෙන්දා පැමිණුනා, උන්වහන්සේ මේ රන්තැටිය ඉතා අගනේය තමන් සතු තිබුනා වූ සියලු වළලූ දන්දී, තවද පසුව දන් දෙන්නම් ලෙස සිතා එහි වටිනාකම නිම කල නොහැකි ලෙස සිතා ඔහු රන්තැටිය අරගෙන ගියා....මෙ කතාව ඔබ අසා ඇත, නමුත් මේ කතාවේ ඔබ නොදන්නා කොටසක් තිබේ, කෙසේ නමුත් දෙවදත්ත වෙලෙන්දා මෙ රන්තැටිය ගන්න එන අවස්ථාවේදි ගෞතම බොසතාණන් වහන්සේ ගං ඉවුරේ එගෙඩ මෙගොඩ යන ඔරුවකට නැග සිටියේය, එහිදි දෙවදත්ත වෛරයෙන් වැලි කැට උඩ දා වෛර ප්‍රාථනා කරද්දි,ගෞතම බොසතාණන් වහන්සේ දිය බිදු උඩ දා මෛත්‍රි ප්‍රාථනාවන් සිද්ධ කලේය, ඒ දිය බිදු ආකාශයේ රැදි තිබුනේය, එය දැකපු මඟ මාණවකයා එනම් මෛත්‍රි බොසතුන් ලෙස පෙරුම් පුරණ මහා චරිතය මෙය දැක උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය "ඔබේ අවසාන අදහස මොකද්ද? ඔබට යම් ප්‍රධාන ප්‍රාථනාවක් තිබේ නේද?" එවිට උත්තර දුන් ගෞතම බොසතාණන් වහන්සේ, "මේ ලොකේ යම් ඉහලම ඵලයක් ඇත්ද ඒ ඵලයට යන පුද්ගලයකි මා, සසර සත්වයො නිවන්න පුදුම ආසවක් මා තුල තියෙනවා", උන්වහන්සෙලා දෙනම දැනගත්තා මේ ඉන්නේ මෛත්‍රි බොසතාණන් වහන්සේ, මේ ඉන්නේ ගෞතම බොසතාණන් වහන්සේ ලෙස දැනගත්තා, ඒ දැනගන්නා වෙලාවෙදි අහසේ රැදුනු ජල බිංදු මහා පොලොවට වැටුනේ නැත, එය ආකාශය හිල් කරගෙන මාර භවණට වැටුනේය, මාර භවණ හෙල්ලෙන්න පටන් ගත්තේය,ඒ අවස්ථාව වන විට මෛත්‍රි බොසතුන් වහන්සේ දේශනා කරනව ගෞතම බොසතාණන් වහන්සේට, "මම මේ බද්‍ර කල්පයේ හතරවෙනි තැනට බුද්ධත්වය ලබන කෙනෙකි, ඔබ තුමා පස් වෙනි බුදුන් වහන්සේ හැටියට පහල වෙන කෙනෙකි", මෛත්‍රි බොසතුන් වහන්සේ අපසු අසනව "ඉතින් ඔබතුමා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ", ගෞතම බොසතුන් දේශනා කරනවා "මට අසීමීත විර්‍යයක් තිබෙනවා", මෛත්‍රි බොසතුන් අපසු අසනවා, ඔබේ මේ විර්‍ය්ය පස් වෙනි බුදුන් වහන්සේ ලෙස එන නිසානේ, ඉතින් ඔබ මේ විර්‍යයෙන් ඔබ වහන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, ගෞතම බොසතුන් වහන්සේ මෛත්‍රි බොසතුන් වහන්සේට දේශනා කරනව "අනේ මට ඔබතුමාගේ සම්බුද්ධ රාජ්‍යය දන් දෙන්නකො", එවිට මෛත්‍රි බොසතුන් වහන්සේ "ඉක්මන් බුදුන් බුදුවුවාවේ" ලෙස ප්‍රාථනා කලා, ඒ ප්‍රාථනා කල වෙලාවේදි මාර භවණ හෙල්ලේන්න පටන් ගත්තා, මාරයාගේ ඔලුවට වතුර වැටිලා අහස කඩාගෙන කවදාවත් වතුර වැටෙන්නේ නෑ, හෙල්ලේන්නේ නැ, කොහොමද මෙහෙම උනේ කියලා මාර කකුල එලියට තියලා බලද්දි බොසතුන් වහන්සෙලා දෙදෙනෙකු අහම්බෙන් හම්බු වෙලා, දෙදෙනාට දෙදෙනා නියත විවරණ දිලා දෙපැත්තට යන අවස්ථාවක්, එහිදි මාරයා පැහැදිලා, මුන්වහන්සෙලා බොසත්ව කාලයේදි මෙච්චර බලසම්පන්න නම් බුදු උනාම කොහොම ඇත්ද? ගෞතම බොසතාණන් වහන්සේ ඉදිරියෙ වැද නමස්කාර කොට අනේ බොසතුනේ මට ඔබ වහන්සේට කරදර කරනන් සිද්ද වෙනවා, ඊට පස්සේ මෛත්‍රි බොසතුන් වහන්සේ දිහා හැරිලා, ඔබ වහන්සේට කරදර කරන්නෙම නැත."

මෙසේ විග්‍රහා කරන ලද සෙරවාණිජ ජාතකය පන්සිය පනස් ජාතක කතා වස්තුවේ දක්නට ලැබේ. කෙසේ නමුත් මේ ජාතක වස්තුව පමණක් නොව තව ආකරයකින් මෛත්‍රි බොදිසත්වයො සහා ගෞතම බොදිසත්වයො සසරේ හමුවූ අවස්ථා අපට පත පොත් වලින් දක්නට ලැබේ. එය මෙසේය. "ගෞතම බෝධිසත්වයෝ මෛත්‍රී බෝධි සත්වයොයි බුදුවෙන්ට පෙරුම් පිරුවා. ගෞතම බෝධිසත්වයන්ගේ ගුරුවරයා වූ මෛත්‍රී බෝධි සත්වයෝ තමයි මුලින්ම බුදු වෙන්නට පෙරුම් පිරුවේ දවසක් මේ දෙන්නා කැලෑවක් මැදින් ගමනක් ගියා. ඔහොම යනකොට කන්දක් පාමුල පැටවුන් බිහිකළ ව්‍යාඝ්‍ර දේනුවක් දැක්කා. කන්න කිසි දෙයක් නැතිව ව්‍යාඝ්‍ර දේනුව සිටියේ බඩගින්නේ. ගුරාටයි ගෝලයට යි දෙන්නට හරිම දුකයි. මෛත්‍රී බෝධි සත්වයෝ ගෝලයාව එතන නතර කරලා ව්‍යාඝ්‍ර දේනුවට කන්න දෙයක් සොයාගෙන එන්න ගියා.සෑහෙන වේලාවක් ගත වුණා. ව්‍යාඝ්‍ර දේනුව බඩගින්න වැඩිකමට පැටවුන් ගිල දමන්න සැරසුණා. පැටව් ටික බේරාගන්නත් දරුවන් මැරීම නිසා ව්‍යාඝ්‍ර දේනුවට සිදුවන පාපයෙන් ඈ ගලවා ගන්නත්, ඇගේ බඩගින්න නිවන්නත් සිතා ගත් ගෞතම බෝධී සත්වයෝ තම ගුරුවරයා වූ මෛත්‍රී බෝසත්තුමන් එනතෙක් බලා නොසිට “මේ ඇග මස් දන් දෙන පිනෙන් මා බුදු වේවා” කියලා හිතාගෙන කන්දෙන් පහළට පැන්නා. ව්‍යාඝ්‍ර දේනුවගේ කුසගින්න නිවුණා. සිදුවෙන්න ගිය පාපයෙනුත් ඇය මිදුණා. ඒ අතර කෑම සොයන්න ගිය මෛත්‍රී බෝධි සත්වයෝ කෑමත් අරගෙන ආවා.

ව්‍යාඝ්‍ර දේනුවගේ කුසගින්න නිවන්න තම ගෝලයා ජීවිතය පූජා කර තිබෙන හැටි ඇස් පනාපිටම දැක්කා. එතකොටම මෛත්‍රී බෝධි සත්වයන්ගේ මුවින් මෙසේ කියවුණා. “ඉක්මන් බුදුන් බුදු වුණා වේ” [2] ඒ සිද්ධියෙන් අනතුරුව සසුන දන් දි පසූ කකුසද, කොණාගමණ, කාශ්‍යප, මෛත්‍රි, ගෞතම ලෙස තිබුනා වූ නම් පිලිවෙල සම්බුද්ධ සාසන වෙනස් වුනා, එය කකුසද, කොණාගමණ, කාශ්‍යප, ගෞතම, මෛත්‍රි ලෙස මාරුවිය.

සැබැදි වලට අනුව එහි ඇති ධර්ම සක්ච්චා සවන් යොමුකොට සිටි පාඨකයා මෙලෙස විශ්ලෙෂණ නිගමණයට එළැබුනේය. එදා සිටින මාරදිව්‍ය පුත්ත්‍රයා මෛත්‍රි බොදිසත්වයන් වහන්සේට බාදා කරන්න කොහොමත් අවස්ථාවක් මෛත්‍රි බොදිසත්වයොන්ගේ කාලයේ හසු වෙන්නේ නැත, උන්වහන්සේ මාලිගාවේ උඩු වියෙනෙදි අධිශ්ඨාන කොට දවස් හතකදි සියලූ කෙලෙසුන් නසා උතුම් බුද්ධත්ව්යට පැමිණෙති. මාර සෙනාව සිතන්නට පෙර මෛත්‍රි බොසතුන් වහන්සේ බුද්ධත්වය ලබන බව එම ධර්මසාක්ච්චාවේ වැඩිදුරටත් සාක්ච්චාවට බඳුන් විය.

මෛත්‍රි බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන කල උපදින්නට නම්

[සංස්කරණය]

එකල උපැදින්න ඔබත් සිතා සිටිනවනම්, ඔබ මහා පින්කම් කරගත යුතු වේ.ේ, ජිවිතේ තියෙන තාක් පින් හා කුසල් කොට, තව්තිසා දිව්‍යතලයේ වාසය කරයුතු වේ. එමෙන්ම ඔබ දක්ශ නම් මෛත්‍රි බොදිසත්වයො පැමිනෙන තෙක් එහි වාසය කොට මෛත්‍රි බොදිසත්වයො මනුශ්ශ ලොකෙට පැමිණෙන විට තමන්ටද පැමිණෙන්න හැකියාව පවති. මනුශ්ශ ලොකේ ආයුශ වගේ නොව, දිව්‍යලොකේ ආයුශ කල්ප ගණන් දිගය. නමුත් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා බුදුනිය සිළට ගත් පස් බිඳ අරගෙන, "මෙපමණයි දිව්‍යලොකේ වාසය කරන්නේ මා ජිවමාණ සිටින කල" එනමුත් අපට සිතන්නට යමක් ඇත, එයනම් බුදුන් වහන්සේ ජීවමාණ වූ කල අද කෙසේ වී ඇත්ද? [3]

ගෞතම බුදුන් වහන්සේ සංකස්ස පුරයෙදි මෛත්‍රි බොසතුන්ට විවරණ ලබා දීම

[සංස්කරණය]

බුදුන් වහන්සේගේ මව වූ මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා ලෙස වේ. බුදුරජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කරමිනි.

වස් තුන් මාසය අවසන් වූ පසු උන්වහන්සේ "දේවාවරෝහණය" (දෙවියන්ගේ පෙරහරින් වැඩම කිරීම )ලෙස නම් කරන ඒ උත්සව දිනයේදී දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කලේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මිහිමතට පා තැබුවේ රන් හිණිමඟකිනි.

එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන (සුදත්ත)[4] නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සහ සැරියුත් මහ රහතන් වහන්සේගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කර, ඉන්පසු ස්වයංව ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මෛත්‍රි නමින් මහණ වන්නේය.

මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, බුදුරජාණන් වහන්සේට එක සිවුරකුත්, මහා සංඝයාට තව සිවුරකුත් පුජා කෙරිණි. එකල්හි මෙවැනි කඨින පින්කමක් අප කිසිදිනක දැක නොමැත යනුවෙන් දම් සෙනෙවි සැරියුත් මහා රහතන් වහන්සේ ඇතුලු මහා සංඝයා බුදුන් වහන්සේට ප්‍රකාශ කරද්දි, මේ මෛත්‍රි ලෙස පැවදි වී සිටින උත්තමයාණන් වහන්සේ කවුද ලෙස මහා සංඝයා ප්‍රශ්ණ කරද්දි, බුදුන් වහන්සේ ධර්ම දේශනාවක් තුලින්ම මේ මහා බද්‍ර කල්පයේ සම්බුද්ධ සාසනයකුත් දන් දී මෛත්‍රි නමින්ම ලොකේට පහල වෙන මහා විර්‍යයවන්ත අවසන් බොසතාණන් වහන්සෙ ලෙස නියත විවරණය ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රි බොසතුන් වහන්සේට අවසාන නියත විවරණය ලබා දුන් සෙක.

මෙලොව පහල වීම

[සංස්කරණය]

සියලුම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය (අවුරුදු 2500ක් පැරණි ඉතිහාස සහා ධර්ම කාරණා දැක්වෙන ධර්ම ග්‍රන්ථයක් වූ ත්‍රිපිටකයේ සදහන් වෙන කරුණකි), නමුත් විටින් විට මනු ලොවට එනවා පැය දෙකකට දිව්‍යලොකෙන්, එනම් අවුරුදු 100කට මනුශ්ශ ලොකෙන්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නැවත මෙලොව බුද්ධත්වය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.

එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැබ්ගනී.[5]]]

කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම (අභිනිෂ්ක්‍රමණය)

[සංස්කරණය]

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේය.

අනාගතයේදි බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය

[සංස්කරණය]

සතර පෙර නිමිති දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින්, මාලිගාවේ උඩු මහලේ වැඩ හිද, උතුම් වූ බුද්ධත්වය ලබා ගැනීමට වෙහෙසෙති. එසේ වෙහෙසෙමින චන්ද්‍රමුඛී (ආශ්චර්‍යයා) නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා, අහස් ගව්වට කෙස් වැටිය කපා අධිශ්ඨානකොට, බුද්ධත්වයට විර්‍යය වඩන්න පටන් ගනි, මෙසේ වඩන විට සතියක් ඇතුලතදී සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්; මේ අවස්ථාවේදි බුද්ධත්වය ලබන විට, තමන්ගේ සිටු මාලිග්ය අහස්ගව්වට පැන නගති, සෙරවාණිජ ජාතකයේදි කල පින්කමෙන් බොසතුන් වහන්සේ නමක්ව එගොඩ කරපු මහා පින්කමේ වෙගයට වඩා දසගුණයක වෙගයෙන් නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති, මේ අසිරිය දැකබලා ගන්න, අහසේ ගමන් කරන මාලිගාව, විශාල පිරිසක් පලවෙනි ධර්ම දේශනයට පැමිණෙන බව සදහන් වේ, ගෞතම බුදුන් වහන්සේට පස්වග තව්සන් සිටියත්, මෛත්‍රි බුදුන් වහන්සේට ලක්ශ ගණනක පිරිසක් ප්‍රාථ්තනා කර සිටින බවද සදහන්ය.

තවද, මෛත්‍රි බුදුන් වහන්සේ, මාරයා සිතන්නටත් පෙර, මාර සෙනාව හැරෙන්නටත් පෙර උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් බුද්ධත්වයට පැමිණෙන බවද සදහන්ය.[6]

බුද්ධ ශාසනය

[සංස්කරණය]

මෛත්‍රි බුදුන් වහන්සේගේ වසර අසු දහස තීරණය වන්නේ බුදු වීමෙන් පසුවයි, එකට ප්‍රධානතම හෙතුව වෙන්නේ, අපේ ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 120ක් ආයුශ වැළදීමට ඉඩ අවස්ථාව තිබියදි අවුරුදු 80කින් පිරිණිවන් පැම නිසාය, ඉතුරු ආයුශ ගණන මෛත්‍රි බොදිසත්වයානන් වහන්සේගේ අවසන් කාලයෙ වැඩි දියුණු වී උන්වහන්සේට බුදු වෙන්න පෙර අවුරුදු අසුදහස ප්‍රමාණාත්මක කාලයෙන් අඩු වෙන්නේ නැත, ගිහිගෙය සිටිම උන්වහන්සේට කැමති කලක් වාසය කර බුද්ධත්වයට පත් වී හැකි බවයි සදහන් වෙන්නේ, එනමුත් මෛත්‍රි බුදුන් වහන්සේ අවුරුදු අසු දහසම වැඩ සිටින බවත්, ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 80ක් වැඩ සිඳ උන්වහන්සේ මෙපැමණ අසූදහසක් ධර්මස්කන්දය දේශනා කලානම්, මෛත්‍රි බුදුන් වහන්සේ අවුරුදු අසු දහසක් වැඩ සිටින හෙයින් කොපමණක් ධර්මස්කන්දයක් උන්වහන්සේ දේශනා කරාවිද නොදනි, ඒ තරමටම මහා ධර්මස්කන්ද රැසක් ලොකෙට එලි පෙහෙලි වෙන කාලයක් වේ. ඒ නිසා ඔබට උන්වහන්සේව දැක බලාගැනීමට අවශ්‍යනම් "සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා" යන ගාථාවේ එන සියලු පව් අකුසල් වලින් බැහැරව වැඩිපුර කුසල් සහා පින් කර ගෙන තව්තිසාවට යැමට උත්සහා කරන්න, එසෙත් නොමැතිනම් නිවන් දැකීමට උත්සහා ගන්න(මෙය පෙර වෙසු භාවණායොගි භික්ශුණ් වහන්සෙලා සදහන් කර තිබු බව පැරණි සෙල් ලිපිවල සදහන් වේ).

තවද, මෛත්‍රි බොසතාණැන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් අනෙක් කිසිම සම්බුද්ධ සාසනයක වගේ නොව, ප්‍රභල ශාවක රත්නයන් උන්වහන්සෙට පහල වෙති, නුග රුක් සෙවනේ දස අතට පැතිරයන කේශයන් සේ, උන්වහන්සේට ශ්‍රාවකයන් දස දෙනෙකුගෙන් ආරක්ශාව පෙරුම් පුරණ කාල සීමාවෙදි උන්වහන්සේට උපකාර කරති. මැත කාලයේ සිට මෛත්‍රි බුදුන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යයට ඇති කාලය විසි අසංඛ කල්ප ලක්ශයක් යැයි අනුමාණ කරති, එය වෙනස් වෙන්නේ මෛත්‍රි බොදිසත්වයො සහා අග්‍ර ශාවක පදවි පතාගෙන එන අය පෙරුම් පුරණ කාල සීමාව අනුවයි.


මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන්නේ අසෝක සහ බ්‍රහ්මදේව යන මහා රහතන් වහන්සේලාය[7]

මෙහිදි අග්‍රශාවක විශේයෙද දුර්ලභ සිද්ධින් ගණනාවක් සිද්ද වෙනවා, එයත් අති දුර්ලභ කාරණාවක් මෛත්‍රි බුදුන්වහන්සේගේ සසුන තුල සිදු වෙන දුර්ලභ සිද්ධින්ය. ඒ අනුව මෙලොකෙට පහල වූ බුදු රජාණන් වහන්සෙලාගෙන් ප්‍රභලම අග්‍ර ශාවක දෙනම පහල වීමට නියමිතව තිබෙන්නෙ මෛත්‍රි සම්බුද්ධ රාජ්‍යයේ බව ලංකාවේ වෙසු භාවණායොගි රිශිවරු සදහන් කරති.. එකට ප්‍රධානතම හෙතුව බොසතාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යය දන් දීම නිසා බවත් වැඩි කාලයක් පෙරුම්පිරුමට අග්‍ර ශාවක දෙනමටත් සිද්ධ වෙන නිසාය.

අග්‍ර උපස්ථායක සහ ධර්ම භාණ්ඩාගාරික වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. බුදුන් වහන්සෙගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ අසු දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසානයේදි උන්වහන්සේ පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ මහා භද්‍ර කල්පය නිමාවට පත් වෙයි.

මේ සියලු දෙවල් දැකබලා ගන්න නම් ඔබ බොහො පින් කරගත යුතුය

පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි නමයක් බුදුවරු පහල වී ගිය කාලයත් අවසන් වෙනවා, එවැනිම කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනවා තව බුදුවරයෙක් ලොකෙට පහල වෙන්න. ඒ කාලයට අප කියනවා බුද්ධ ශුණ්‍ය කාලය, ඒ බුද්ධ ශූණ්‍ය කාලයේ බුදුවරයෙක් ලොකෙට පහල වෙන්නේ නැත අති දිර්ඝ කාලයක් ඔබට බලන් ඉන්න වෙනවා මෛත්‍රි බුදුන් වහන්සේ මග හැරුණොතින්.

මෛත්‍රි බුදුන් වහන්සේ දකින අය සහා නොදකින අය

[සංස්කරණය]

උන්වහන්සේගේ සසුන අවුරුදු අසු දහසක් දිවෙනවා, ඒ නිසා මෛත්‍රි බුදුන් වහන්සේව හම්බුවෙන්න තිරිසෙනෙක් පවා කුඹියෙකු පවා නිවන් දකිනකන් උන්වහන්සේ රැදි සිටිනවා, පව් කර්ම ගෙවා එනකන් උන්වහන්සේ රැදි සිටිනවා, ඊටත් වඩා පව්කරපු අය තමයි බුදුන් වහන්සෙව හම්බු වෙන්නේ නැත්තේ, ඒ මෙවැනි අයයි..

"අවුරුදු 2100දි සිදුවෙන දරුණු මහා විනාශයෙන්[8] පසුව, ලොකේ රාගය උග්‍ර අතට පත් වෙනවා සහොදර සහොදරියන්ව මතක නැති වෙනවා, අම්මව තත්තා අයියා අක්කා අමතක වී ගොස් සියලූම රාගාදි කෙල්ශධර්මයන් වැඩි වෙන්න පටන් ගන්නවා, එවැනි අයට මෛත්‍රි බුදුන් වහන්සේ හමු වෙන්නේ නැත.මෙයද වර්ථමාණයේ සදහන් කරුණක් වන්නේමය, ඒ වගෙම බුදුන් වහන්සේ කොසොල් මහා රජුගේ සිහින දහසයේ දේශනාවේ සදහන් වෙන කරුණකි.

තවද මෛත්‍රි බුදුන් වහන්සේව හම්බු නොවෙන කොට්ටාසය තමයි ගෞතම බුදුන් වහන්සේට අගෞරව කරමින් ධර්මය විකෘත්ති කරමින් යන බොසත් චරිත බුද්ධ චරිත වෙනස් කරමින් ලොකේට කීම තූල සිදුවෙන දරුණු මහා විනාශය කරන පුද්ගලයන් මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, ගෞතම බුදුන් වහන්සේගේ නම පවා වෙනස් කරපු අයටද එලෙසමය. [9]

සංඝ බෙද ඇති කරපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන්නේ නැත, මව පියා ඝහතනය කරපු අයට්ද හමු වෙන්නේ නැති බවයි පොත් වල සදහන් වෙන්නේ.

මෛත්‍රි බුදුන් හමු වෙන්නේ දවස් හතක් එක දිග්ට මහා දන් දීපු, නොකඩවා බුදුන් වහන්සේට දන් පැන් පිදු අය සිල් රැකපු අය සමාධිය වඩපු අයට මෛත්‍රි බුදුන් හමු වෙන බවද සදහන්ය.

මෛත්‍රි බොසතුන් බුද්ධත්වය සදහා පෙරුම් පුරණ කාලය

[සංස්කරණය]

සාමන්‍යයෙන් බොසතුන් වහන්සේ නමක් පෙරුම් පුරන්නේ පාරමිතා දහයයි, නමුත් පාරමිතාවන් දහනමයක් පෙරුම් පුරණව මෙ විර්‍යයන් වහන්සේ, මෛත්‍රි බොසතුන් සහා ගෞතම බොසතුන් නියත විවරණ ගන්නේ මේ ලොකෙට බුදුවරු 250 ක් පහල වු පසුවයි,[10] පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක් පසු කොට, ගෞතම බුදුන් වහන්සේට තම සාසනයද පුජා කොට ගෞතම බුදුන් වහන්සේ වගේ දෙගුණයකින් උන්වහන්සේ පෙරුම් පුරන්න පටන් ගනි, ගෞතම බුදුන් වහන්සේ එක්වාරයක් පැමිනෙන විට මෛත්‍රි බොසතාණන් වහන්සේ දෙපාරක් මනුශ්ශ ලොකෙට පැමිනෙනවා පෙරුම් පුරන්න, එකම පාරමිතාව දෙපාරක් පෙරුම් පුරණ නිසා අසීමීත විර්‍යයක් උන්වහන්සේ විසින් උදාකරගන්නවා, ඒ විතරක් නෙමෙ ගෞතම බුදුන් වහන්සේ සහා මෛත්‍රි බොසතාණන් වහන්සේ සසරේ පෙරුම් පුරණකොට ගෞතම බොසතාණන් වහන්සේත් මෛත්‍රි බොසතාණන් වහන්සේත් මේ ඊලඟ සම්බුද්ධ රාජ්‍යය පිලිබදව උන්වහන්සෙලා දෙනම විවිධ ආකාරයේ පින්කම් එක එක ආත්ම වලදි උන්වහන්සේ කර තිබෙනව, උන්වහන්සේ විර්‍යය අධික වගේම ගෞතම සම්මා සම්බුද්ධ සාසනයත් දන් දි ආ නිසා උන්වහන්සේ ප්‍රඤඤාව අතිනුත් අග්‍ර උන්වහන්සේ නමක්, මහා බලසම්පන්න බොසතාණන් වහන්සේ නමක් අනාගතයේ පහල වන්නේය.තවද කියනවනම් මෛත්‍රි බොසතාණන් වහන්සේ හො මෛත්‍රි බුදුන් වහන්සේ, පන්ලක්ශ දොලොස්දාස් හත්සිය විසි අටක බොසතාණන් වහන්සෙලා හා බුදුන් වහන්සෙලා අතර සුවිශේශ බොසතාණන් වහන්සේ නමක් සහා බුදුවරයෙක්,හෙතුව සම්බුද්ධ සසුනක් දන් දී එන බුදුවරයෙකු බැවින්ය. අපේ ගෞතම බුදුන් වහන්සේ දේශනා කලේ ධර්මය දන් දීම තරම් මහා ප්‍රභල පින්කමක් ලොකේ නැති බවත්ය, එය සනාථ කරමින් අනාගතයේ පහල වෙන මෛත්‍රි බුදුන් ලොකේ පස්වන සහා බද්‍ර කල්පයේ අවසන් බුදුන් වහන්සේ ලෙස තුන් ලොකේ තුල අතිතයේ සිට සාමන්‍ය ජනයා අතර ප්‍රකටය.

මෛත්‍රි බොදිසත්ව පුණ්‍යානුමොදනාව

[සංස්කරණය]

සම්බුද්ධ රාජ්‍යයක් දන් දී එන බොදිසත්වරයෙකු බැවින් පුණ්‍ය බලයෙන් පොහොසත් වූ මහා බොදිසත්වයො ගැන මහා රහතුන් වහන්සේ නමකට පවා ප්‍රකාශ කිරිමට අපොහොසත්ය.එනමුත් බොසතාණන් වහන්සේට පින් අනුමොදන් කරාට කමක් නැත, ඔබට යමක් කරගෙන මිස, ඒ නිසා මෛත්‍රි බොසතාණන් වහන්සේ උන්වහන්සෙගේ අග්‍ර ශාවකයො, තෘතිය ශ්‍රාවක, ධර්ම භාණ්ඩාගාරික වගේ මහා ශ්‍රාවකයො දෙපාර දෙපාර පෙරුම් පිරිය යුතුය වේ. ජනප්‍රවාදයේ කියමණක් මෙසේ සනිටුහන් කර ඇත, එනම් බත් ඇටයක් බුදුන් වහන්සේට පුජා කර ඇත්නම් මෛත්‍රි බොසතාණන් වහන්සේ සිහිකොට සහා ගෞතම බුදුන් වහන්සේ සිහිකොට, මෛත්‍රි බුදුන් වහන්සේ ඔබව සොයා එනවා සසරෙන් එගොඩ කරන්න, ඒ නිසයි උන්වහන්සේ මෙතරම් විර්‍යය අධික බුදුවරයෙක් ලෙස කර්මවිශයේ සටහන් වෙන්නේ.

බොදිසත්වයො රැගත් පුන්කළසෙහි තෙරුම

[සංස්කරණය]
ගාන්ධාරා ප්‍රාන්තයේ (වර්තමාන පකිස්ථානයේ) හමුවූ පුන්කලස ‍රැගත් මෛත්‍රි බොදිසත්ව හිටි පිළිමය
ගාන්ධාරා ප්‍රාන්තයේ(වර්තමාන පකිස්ථානයේ) හමුවූ පුන්කලස ‍රැගත් මෛත්‍රි බොදිසත්ව හිටි පිළිමය

ඔබ බොහො මෛත්‍රි බොදිසත්ව පිලිම වල දැක ඇති උන්වහන්සේ කළයක් රැගනවිත් සිටින ආකරය. මේ කළය ඔබට දැකගන්නට ලැබෙන්නේ, අප මහා ගෞතම බුදුන් වහන්සේ, ආනන්ද හාමුදුරුවො, මෛත්‍රි බොදිසත්වයො සහා රහතුන් වහන්සෙලා කිහිප නමක් සමග විශාලා මහනුවරදි තුන්බිය නසන වෙලාවේදි රතන සුත්‍රය සජ්ජායනා කිරිමෙන් අනතුරුව විශාලා මහනුවරටම පිරිත් පැන් ඉසිනු ලැබුවේය. ඉන් අනතුරුව ධර්ම භාණ්ඩාගාරික අනන්ද තෙරුන් බුදුන් වහන්සේගේ ප්‍රශ්න කර සිටියා පිරිත් පැන් කොපමණ ඉස්සත් ඉවර නොවි කළය මත පැන් රැදෙන බවය, ඉන් අනතුරුව ගෞතම බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට දේශනා කරනවා ඒ පැන් බද්‍ර කල්පයේ අවසන් සම්බුද්ධ රාජ්‍යය කරා එලබෙන මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේට පුජා පිණිස බුද්ධ අධිශ්ඨානයකින් රැදෙන පැන්ය. ඒ නිසා ඒ පැන් කළය මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේටම බාර දෙනු මැන ලෙස ගෞතම බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සෙට දේශනා කර, මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේගේ ගමණට බාදා කරන යම් කෙනෙක් වෙ නම් ඒ ගමණට බාදා කරන සියලුම පිරිස් දමණය කිරිම සදහා උන්වහන්සේට ඒ පිරිත් පැන් කළය බාර දෙන මෙන් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට සැළ කර සිටි සෙක. [11]

මෛත්‍රි බුදුන් වහන්සේගෙ රාජ්‍යයෙන් පසු බුදු වෙන බොසතුන් වහන්සේ

[සංස්කරණය]

මෛත්‍රි බුදුන් වහන්සෙගෙන් පසුව ත්‍රිපිටකයේ කිසිම බොසතාණ්න් වහන්සේ නමක් අප මහා ගෞතම බුදුන් වහන්සේ දේශනා කොට නැත, එකට හෙතුව මෛත්‍රි බුදුන් වහන්සෙගෙන් පසුව බුද්ධ විශයට අදාල කාරණාවක් බුදුන් වහන්සේ විග්‍රහා කල සිටි සෙක, ඒ කුමක්ද නම් ශුන්‍ය කල්පයි ශුණ්‍ය කල්පයෙන් පසුවයි තව බුදු කෙනෙකු මේ ලොකෙට පහල වෙන්නේය, ඒ බොසතාණන් වහන්සේ පවා මෛත්‍රි බුදුන් වහන්සේගෙන් නියත විවරණය ලබා ගත යුතු වෙ. එය ලොකේ නිති රිති වලට අනූකූලව සිදු වෙන නිතිමය කටයුත්තකි. ඒ වගෙම මෛත්‍රි බුදුන් වහන්සේ අසීරීමිත කුසලයෙන් පිනෙන් බලසම්පන්නම බුදු කෙනෙකු නිසා අනන්ත කියන වචනය විවිධ භාශාවලට පරිවර්ථනය කිරිම නිසා, එහි ප්‍රථිපලයක් හැටියට වෙන භාශාවකින් "අමිතාභ" කියන වචනය මේ ලොකෙට බිහි වුනේය, මෛත්‍රි බුදුන් වහන්සේගේ ආලොකය අනන්තය දක්වා විහිදිමින් යන හෙයින් අනන්ත යන වචනය මෛත්‍රි බුදුන් වහන්සේට තෙරවාදි භික්ශුණ් අප ලක්දිව අතිතයේ වැඩ හිද භක්තිමත්ව, අසිමිත ශද්ධාවකින් යුක්තව හැදින්වීම සිදු කලත් පසු කාලිනව අප ලක්දිවෙන් බටහිර ලොකෙට බුදු දහම ව්‍යාප්ත විමත් සමග භශාව පරිවර්තනය වීමේදි සිදුවු ගැටලු හෙයින් අද වන විට, තව බුදුවරයෙකුගේ නමකට මැත කාලයෙදි ආමන්ත්‍රණය කරයි. අනන්ත බුදුවරුන්ගේ එකම ගමණක් තිබෙන නිසා, නමුත් මෛත්‍රි බුදුන් වහන්සේ කුසලයෙන් පිනෙන් අග්‍ර වන නිසා අනිත් බුදුන් වහන්සෙලාට වඩා වෙනස් විදියකටයි සම්බුද්ධ රාජ්‍යය සැකසෙනු ඇති බව ප්‍රකාශිත වේ. අනන්ත වූ සසරේ බොදිසත්වයාණන් වහන්සෙලා පවා නිවණ පස්සට දාගන්නට කැමති වන්නේ නැත. එනමුත් සංසාර සාගරයේ අති දුර්ලභ දසුනක් වන බොසතාණන් වහන්සෙලා දෙදෙනෙක් සසුන දන් දීම සදහා අතිතයේ බුදුවරුන්ගෙන් පවා නියත විවරණ ලබාගත් පසු ඒ සසුන දන් දීම සදහා බොසතාණන් වහන්සෙලාගේ සිත් සුදුසුකම් ලැබුවේ මේ ලොකේ විශ්මජනක පුවතක් මේ තුන්ලොකෙටම ප්‍රකාශිත කරමින්ය. සාමන්‍යයෙන් බොසතාණන් වහන්සෙලා දෙදෙනෙක් තම නිවණ දන් දිමට ලෙහෙසියෙන් කැමති නොවෙන්නේ එයින් ශ්‍රාවක රත්නයන්ට නිවණ් මග පසු පස්සට යැම නිසා බවයි සදහන් වෙන්නේ, එනමුත් ඒ සියලුම ශ්‍රාවකයනුත් සසරෙන් එගොඩ කොට, තවත් අනන්ත ගණන් සත්වයො එතෙර කොට මෛත්‍රි සම්බුද්ධ රාජ්‍යය ලොකේ 2/3ක් සසරෙන් එතෙර කරන්නට උන්වහන්සේ වෙර දරමින් සසර ගෙවා අධික විර්‍යයකින් ගමන් ආරම්භ කරන බවයි සදහන් වෙන්නේ. ඒ නිසා මේ මහා සංසාර සාගරයේ මෛත්‍රි සහා ගෞතම සසුන් දෙක මාරු වීම අති දුර්ලභ සිද්ධියක් වන බව ඔබට පසක් වේ. එසේ හෙයින් උත්සහා කිරිම නිවන් දකින්න, එසේත් නොමැතිනම් මෛත්‍රි සාසනයේ හො නිවන් දැකීමට අධිශ්ඨාන කරගන්න, මෛත්‍රි බුදුන් වහන්සෙව අහිමි කරගතහොත් බුද්ධ ශුන්‍ය කල්පයේ මහා දුකක් විදින්නට සිද්ධ වෙන්නෙමය. [12] [13]


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. කේතුමතී රාජධානිය - කොටුගොඩ ධම්මාවාස හිමි රචිතs
  2. මෛත්‍රි ගෞතම බොසතාණන් වහන්සෙලාගේ ආගිය කතා පටිගත වූ දේශනා
  3. සද්ධර්මරතනාකරය/පරි‍ච්ඡෙද 5-6
  4. අශ්චර්‍යයමත් ශ්‍රි සද්ධර්මය - ත්‍රිපිටක මූලාශ්‍ර සහා සුත්‍ර දේශනා අසුරෙන්.
  5. අනාගත බුද්ධ වංශය
  6. පන්සියපනස් ජාතක පොත

බාහිර සබැඳි

[සංස්කරණය]
  1. ^ "Kelaniya Raja Maha Viharaya".
  2. ^ ""ඉක්මන් බුදුන් බුදු වුණාවේ" - චන්ද්‍රරත්න පෙරුම්බඩගේ - සුමග අසපුව".
  3. ^ "මහාමේඝ - නිය සිළට ගත් පස් බිඳ".
  4. ^ "නොඇසු සත්‍ය සොයා - මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේගේ ආත්මභාවයක් වන සුද්ධත්ත සිටුවරයාගේ ඔබ නොඇසූ කතාව".
  5. ^ "මතු බුදු වන මෛත්‍රී බුදු රජාණන් වහන්සේගේ පහල වීම".
  6. ^ "නොඇසු සත්‍ය සොයා - අනාගතයේ මෛත්‍රි බුදුන් බුදුවන අකාරය සම්පුර්ණ කොටස".
  7. ^ "අනාගත බුද්ධ වංශය - කේතුමතී රාජධානිය".
  8. ^ "නොඇසු සත්‍ය සොයා - අවු 2100දී ලොකයේ සිදුවෙන මහා දරුණු විනාශය".
  9. ^ "මෛතී්‍ර බුදුුන් නොදකින්නෝ by (කොටුගොඩ ධමමාවාස අනුනාහිමි)".
  10. ^ "යශොදරා දෙවින්වහන්සේ බොසත් භාර්‍යයා පදවිය ලබාගත් හැටි".
  11. ^ "2019 දි මෙත් බොදිසත්වයො වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම".
  12. ^ "No 51 'අන්තඃ කල්ප' 'අසංඛ්‍ය කල්ප' සහ 'මහා කල්ප' by Jinalanka Thero".
  13. ^ "කල්පය සහ බුද්ධ ශුන්‍ය කාලය - Ven Galigamuwe gnanadeepa Thero".


"https://si.wikipedia.org/w/index.php?title=විකිපොත්&oldid=702950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි