අභිනිෂ්ක්‍රමණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිද්ධාර්ථ කුමාරයා හිස මුඩු කර ශ්‍රමන ජීවිතයට ඇතුලත් වෙයි. - අටවැනි සියවස - බොරෝ බුදූර් - ඉන්දුනීසියාව

වයස අවුරුදු 29 දී සිද්ධාර්ථ කුමරු තම රට වැසියන් හමුවීම සඳහා මාළිගයෙන් බැහැර ගියේය. ඔහු‍ෙග් පිය රජු මහල්ලන් සහ ලෙඩුන් දර්ශනය වීම වැලැක්වීමට පියවර ගෙන තිබුනු නමුදු සිද්ධාර්ථ කුමරු එම ගමනේදි මහල්ලෙකු දුටු බව කියනු ලැබේ. ඔහුගේ රථාචාර්යයා වූ චන්න විසින් “සියලු මනුෂ්‍යයන් කල් යාමේදි මහලු වන බව සිද්ධාර්ථට පහදා දුන් විට ඔහුගේ සිත කැළඹුනේය. මෙයින් පසු ඔහු මාළිගයෙන් බැහැරට ගිය තවත් අවස්ථා කීපයකදි රෝගියෙකු, මළමිනියක් සහ පැවිද්දෙකු දුටුවේය. මේවා දැකිමෙන් කළකිරුණු ඔහු වයස්ගත වීම, ලෙඩ රෝග සහ මරණය ජය ගැනීමට නැතහොත් එයින් වැළකීමේ මාර්ගයක් සොයා ගැනිම සඳහා පැවිදි දිවියට ඇතුලත් වීමට අපේක්ෂා කළේය. මහාභිනිෂ්ක්‍රමණය, ගාන්ධාර - දෙවැනි සියවස.

සිද්ධාර්ථ තමන්ගේ රාජකීය ජීවිතය හැර දමා චන්න සහ කන්ථක නම් අසුද සමග පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා මාළිගාවෙන් පලා ගියේය. මෙම අවස්ථාවේදි රැකවලෙහි සිටි මුර භටයින්ට අශ්ව කුර හඬ නෑසෙනු පිනිස දෙවියන් විසින් කුර වැසෙන සේ ආවරණයක් යොදන ලදැයි කියති. මෙම සිද්ධිය “මහාභිනිෂ්ක්‍රමනය” යනුවෙන් හැඳින්වේ.

බුදුන් වහන්සේ ශ්‍රමණයෙකු ලෙසින් - ගාන්ධාර - 2-3 සියවස බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

සිද්ධාර්ථ පළමුවෙන්ම රජගහනුවරට වැඩම කර එහි වීදි වල පිඬු සිඟා වඩිමින් තම ශ්‍රමණ දිවිය ආරම්භ කළේය. බිම්බිසාර රජු තම සේවකයින්ගේ මාර්ගයෙන් සිද්ධාර්ථ පිළිබඳව දැනගත්තේය. බුද්ධත්වයට පත් වීමට අපේක්ෂා කරන බව අසා තම සිහසුන භර ගන්නා ලෙස රජතුමා සිද්ධාර්ථගෙන් ඉල්ලා සිටියේය. සිද්ධාර්ථ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා වුවද බුද්ධත්වය ලබා ගත් පසු ප්‍රථම චාරිකාව වශයෙන් රජුගේ දේශය වූ මගධ දේශයට වඩින බවට ප්‍රතිඥා දුන්හ.

සිද්ධාර්ථයන් රජගහ නුවරින් නික්මී තවුසන් දෙදෙනෙකු යටතේ ධර්මය ප්‍රගුණ කළේය. ආලාරකාලාම නම් තවුසාගේ ධර්මය ප්‍රගුණ කිරීමෙන් අනතුරුව අලාරකාලාමගේ ස්ථානය භාර ගන්නා ලෙස කාලාම ඉල්ලා සිටි නමුත් ඔහුගේ ඉගැන්වීම් ගැන සෑහිමකට පත් නොවූ සිද්ධාර්ථ එතැනින් නික්මුනේය. ඉන්පසු උද්දකරාම පුත්ත තවුසා වෙත ගොස් ඔහුගේ ශිෂ්‍යයෙකු ලෙස භාවනා ක්‍රම ගැන මැනවින් හැදෑරුවේය. උද්දකරාමපුත්තගෙන් පසු ඔහුගේ ස්ථානය ලබා ගන්නා ලෙස උද්දකරාම පුත්ත ඉල්ලා සිටියේය. එහෙත් ඔහුගේ ඉගැන්වීම් ගැනද සෑහිමකට පත් නොවූ සිද්ධාර්ථ එතැනින්ද නික්මුනේය.

සිද්ධාර්ථ කොන්ඩඤ්ඤ තවුසා ප්‍රමුඛ පස්වග මහනුන් සමග තව දුරටත් උග්‍ර තපස් රැකීම සඳහා පිටත් විය. සියලු ලෞකික දේවල්, එනම්; ආහාර වලින් පවා වැළකෙමින් මෝක්ෂ සැපත ලබා ගැනීම සඳහා උග්‍ර තපස් දම් පිරූහ. දිනකට කොලයක් හෝ ගෙඩියක් වැනි දෙයක් පමණක් ආහාරයට ගනිමින් සම්පූර්ණයෙන්ම වාගේ නිරාහාරව ගත කළ ඔහු දිනක් ග‍ඟෙහි දිය නාමින් සිටියදි ක්ලාන්තව ඇද වැටී දියෙහි ගිලී මරණයට පත් වීමට ආසන්න තත්වයකට පත් විය. තමා යන මාර්ගය නිවැරදිදැයි නැවත කල්පනා කර බැලීමට සිද්ධාර්ථ සිතුවේය. සිද්ධාර්ථයන් එසේ ක්ලාන්ව සිටි අවස්ථාවේ අසලින් ගිය ඔරුවක සිටි සංගීත ශිල්පීන් දෙදෙනෙකුගේ දෙබසක් ඔහුට ශ්‍රවණය විය. එයින් එකෙකු කීවේ “මේ වර පට තදින් ඇද්දොත් එය කැඩි යාවී. එමෙන්ම බුරුල්ව තිබුනොත් සංගීතමය හඬක් මතු නොවේවි” යනුවෙනි. මෙය ඇසු සිද්ධාර්ථයන් අනන්තයට නොගොස් බුද්ධත්වය ලැබීමට නම් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු යයි සිතුවේය. මෙම අවස්ථාවේදි තමන් කුඩා කල පියා කුඹුරක (වප් මගුල් උත්සවයකදි) සී සාමින් සිටි අවස්ථාවේ ඔහු තම සිත එකඟ කර ධාන්‍ය ගතව සිටි අයුරුත් එයින් ලැබුණු අධ්‍යාත්මික සුවයත් ඔහුට මෙනෙහි විය. එම ධාන්‍යයෙන් මිදුනු විට සුජාතා නම් ගැමි තරුණියක් ආහාර බඳුනක්ද අතැතිව ඔහු ඉදිරිපිට පෙනී සිටියාය.

"https://si.wikipedia.org/w/index.php?title=අභිනිෂ්ක්‍රමණය&oldid=188107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි