පොන්නම්බලම් රාමනාදන්

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් පොන්නම්බලම් ‍රාමනාදන්
පොන්නම්බලම් රාමනාදන් 1906 ඔහුගේ බිරිඳ හැරිසන් සමඟ
Unofficial Member of the Legislative Council of Ceylon
තනතුර දරමින්
1879–1892
තනතුර දරමින්
1922–1924
ලංකා සොලිසිටර්-ජෙනරාල්
තනතුර දරමින්
1892–1902
පූර්වප්‍රාප්තිකයාශ්‍රීමත් චාල්ස් පීටර් ලෙයාර්ඩ්
අනුප්‍රාප්තිකයාJames Cecil Walter Pereira
Member of the Legislative Council of Ceylon for Educated Ceylonese
තනතුර දරමින්
1911–1921
Member of the Legislative Council of Ceylon for Valikamam North
තනතුර දරමින්
1924–1930
පුද්ගලික තොරතුරු
උපතඅප්‍රේල් 16, 1851(1851-04-16)
විපතNovember 30, 1930(1930-11-30) (වයස 79)
ජාතියලාංකික (ශ්‍රී ලාංකික)
Relationsශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය
ජනාධිපති විද්‍යාලය
රැකියාවදේශපාලඥ, රජයේ අධිනීතීඥවරයා
වෘත්තියනීතීඥවරයා

ශ්‍රීමත් පොන්නම්බලම් ‍රාමනාදන් (1851 ‍අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි.

මුල් අවධිය[සංස්කරණය]

පොන්නම්බලම් ‍රාමනාදන්ගේ පියා අරුනාචලම් පොන්නම්බලම්ය. මව සෙල්ලච්චි අමියියාය. රාජකීය විද්‍යා‍ලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය.

දේශපාලනය[සංස්කරණය]

පොන්නම්බලම් ‍රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල‍නොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් ‍රාමනාදන්වය. ‍එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.

සිංහල මුස්ලිම් කැරැල්ල[සංස්කරණය]

1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=පොන්නම්බලම්_රාමනාදන්&oldid=573618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි