ලංකාවේ විධායක සභාව

විකිපීඩියා වෙතින්

ලංකාවේ විධායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, බ්‍රිතාන්‍ය යටත්විජිත පරිපාලනය විසින්, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව හා සමගින් 1833 වසරෙහි මාර්තු මාසයෙහිදී පිහිටවුනු, බ්‍රිතාන්‍ය ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) විධායක සභාව විය.

ඉතිහාසය[සංස්කරණය]

1833 වසරෙහිදී, බ්‍රිතාන්‍ය ලංකාවේ නියෝජනාත්මක ආණ්ඩුවක පළමු පියවර ලෙසින්, ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව සංස්ථාපනය කරන ලෙස, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලදි. මේ අනුව, 1833 වසරෙහි මාර්තු 19 දිනදී, මෙම සභා දෙකම, සන්නස් පත්‍ර තුලින් පිහිටුවන ලදි. [1]මුලදී විධායක සභාව සමන්විත වූයේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා (සභාවේ සභාපති) සහ වෙනත් බ්‍රිතාන්‍ය නිලධාරින් පස් දෙනෙකු ගෙනි: සේනාධිනායක, යටත්විජිත භාර ලේකම් (ප්‍රධාන ලේකම්), රජුගේ අධිනීතිඥ, භාණ්ඩාගාරික සහ මධ්‍යම පළාත සඳහා දිසාපති විය.[2][3] ඔහුගේ රාජකාරි යුතුකම් ඉටුකිරීමේදී, ආණ්ඩුකාරවරයා විසින් විධායක සභාවෙහි උපදෙස් ලබා ගත යුතු වුවද සභාවෙහි උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඔහු සතු විය. [1][4]

1840 වසරෙහිදී, මධ්‍යම පළාතේ දිසාපති වෙනුවට විගණකාධිපතිවරයා ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර, 1883 වසරෙහිදී, රැජිණගේ අධිනීතිඥ තනතුර, නීතිපතිවරයා ලෙසින් යළි නම් කෙරිණි. [2][5] වසර 1924 දී සිදුකෙරුණු දෙවන මැනිං ප්‍රතිසංස්කරණ තුලින්, විධායක සභාවට නිල-නොලත් සාමාජිකවරු සතර දෙනෙක් එක් කෙරිණි. [6]

වසර 1927-8 ඩොනමෝර් කොමිෂන් සභාව විසින් නිර්දේශ කෙරුණේ ලංකාව සඳහා සීමිත ස්වයං-පාලනයක් ලබා දිය යුතු බවත්, ව්‍යවස්ථාදායක සභාව සහ විධායක සභාව, පිළිවෙලින් රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ අමාත්‍ය මණ්ඩලය වෙතින් ප්‍රතිෂ්ඨාපනය කල යුතු බවත්ය. [7] එපරිදී, 1931 වසරෙහිදී විධායක සභාව අහෝසි කෙරිණි. [8][9]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ජයවර්ධන, ඩොන් ඒඩ්‍රියන් සෙන්ට් වී. (1907). "කන්ස්ටිට්‍යුෂන් ඇන්ඩ් ලෝ". In රයිට්, ආර්නල්ඩ් (ed.). ට්වෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස් ඔෆ් සිලෝන්: ඉට්ස් හිස්ට්‍රි, පීපල්, කොමර්ස්, ඉන්ඩස්ට්‍රීස්, ඇන්ඩ් රිසෝර්සර්ස්. ලොයිඩ්ස් ග්‍රේට් බ්‍රිටන් පබ්ලිෂින් කම්පනි. p. 85.
  2. 2.0 2.1 මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. ඔක්ස්ෆර්ඩ් විශ්විවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 104.
  3. කරලියැද්ද, එස්. බී. (4 පෙබරවාරි 2009). "ඉන්ඩිපෙන්ඩන්ස් ස්ට්‍රගල් ෆො අ හන්ඩ්‍රඩ් ඇන්ඩ් තර්ටි ත්‍රී ඉයර්ස්". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). http://archives.dailynews.lk/2009/02/04/inde.asp?id=s11. 
  4. "ෆර්ස්ට් ටේස්ට් ඔෆ් රෙප්‍රසන්ටේටිව් ගවර්න්මන්ට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 18 මාර්තු 2007. http://sundaytimes.lk/070318/FunDay/heritage.html. 
  5. මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 105.
  6. මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයීය මුද්‍රණාලය. p. 267.
  7. උභයවර්ණ, ඩී. එල්. (14 පෙබරවාරි 2004). "ලංකාස් ජර්නි ටු ඉන්ඩිපෙන්ඩන්ස්, ඉන් රිට්‍රොස්පෙක්ට්: ඉම්පැක්ට් ඔෆ් කන්ස්ටිට්‍යුෂනල් ඩිවලප්මන්ට්ස් ඔන් නේෂන් - මේකිං". ඩේලි නිවුස් (ශ්‍රී ලංකාව). http://archives.dailynews.lk/2004/02/14/fea01.html. 
  8. මිල්ස්, ලෙනොක්ස් ඒ. (1933). සිලෝන් අන්ඩර් බ්‍රිටිෂ් රූල් 1795-1932. ඔක්ස්ඨර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 270.
  9. වික්‍රමසිංහ, නිරා (2010). "ශ්‍රී ලංකාස් ඉන්ඩිපෙන්ඩන්ස්:ෂැඩෝස් ඕවර් අ කොලෝනියල් ග්‍රාෆ්ට්". In බ්‍රාස්, පෝල් ආර්. (ed.). රොට්ලෙජ් හෑන්ඩ්බුක් ඔෆ් සවුත් ඒෂියන් පොලිටික්ස්: ඉන්ඩියා, පකිස්ටාන්, බංග්ලාදේශ්, ශ්‍රී ලංකා, ඇන්ඩ් නේපෝල්. රොට්ලෙජ්. p. 42.
"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_විධායක_සභාව&oldid=318938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි