මිලින්ද ප්‍රශ්නය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ථේරවාද
බුදුදහම

  Asokanpillar-crop.jpg  

රටවල්

  ශ්‍රී ලංකාව
කාම්බෝජය • ලාඕසය
මියන්මාරය • තායිලන්තය
 

ග්‍රන්ථ

 

පාළි ත්‍රිපිටකය
අටුවා
ටීකා

 

ඉතිහාසය

 

නිකාය-භේදයට පෙර බුද්ධාගම
අතීත ගුරුකුල • Sthavira
Asoka • තුන්වන සංගායනාව
Vibhajjavada
මිහිඳු මහ රහතන්වහන්සේ
සංඝමිත්තා තෙරණිය
දීපවංශය • මහාවංශය
බුද්ධඝෝෂ හිමි

 

ධර්මය

 

සංසාරය • නිර්වාණය
මධ්‍යම ප්‍රතිපදාව
ආර්ය අෂ්ටාංගික මාර්ගය
චතුරාර්ය සත්‍යය
නිර්වාණ මාර්ගඵල
සිල්පද • තෙරුවන්

 

ත්‍රිපිටකය (තෙවලා දහම්)

    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         

මිළින්ද පඤ්හ (පාලි පරි. "මිලින්දගේ ප්‍රශ්න") යනු ක්‍රි. පූ. 100 දී පමණ ලියවුණැයි සැලකෙන බෞද්ධ ග්‍රන්ථයකි. මෙය බුරුම ත්‍රිපිටකයේ ඛුද්දක නිකායට අයත් වන අතර තායි හෝ පාලි ත්‍රිපිටකයන්ට අයත් නොවේ. තර්කයෙහි අතිශය දක්ෂ නාගසේන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජන ශක්තිය සහ මිලින්ද (මිලිඳු/මෙනැන්ඩර්) රජතුමාගේ ප්‍රශ්න විචාරණ ශක්තිය මින් මැනවින් පිළිඹිබු කොට ඇත.

මිළිඳු නාගසේන සංවාදය මනඃ කල්පිත ප්‍රබන්ධයක් නොවන අතර එය සැබෑ සිදුවීමකි. නමුත් සංවාදය සිදු වී කලකට පසුව ග්‍රන්ථාරූඪ කළ බැව් සැලකිය හැකිය.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

බුදු රජාණන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් සිව්වන හා පස්වන සියවස් අතර මිලිඳු නම් බලවත් රජෙක් පශ්චිම භාරතයේ විශාල ප්‍රදේශයක් පාලනය කළේය. ඔහු ග්‍රීක ජාතිකයෙකි. එම රජතුමා නාගසේන නම් මහ රහතන් වහන්සේ නමක් වෙත එළඹ තමන් නොදත් සැක තැන් විමසා දැන ගෙන බුදු සසුනෙහි පැහැදී උන් වහන්සේ ළඟ මහණ වී කෙළෙසුන් නසා රහත් බවට පත් විය. මිළිඳු රජතුමා සහ නාගසේන තෙරුන් වහන්සේ යන දෙදෙනාගේ ධර්ම සංවාදය සංස්කෘත බසින් ලේඛනය කොට පරපුරෙන් පරපුරට ගෙනැවිත් පසු කාලයක දී ශුද්ධ මාගධී භාෂාවට නඟා මහා ධර්ම ග්‍රන්ථයක් රචනා කළ අතර එය මිලින්ද ප්‍රශ්නය නමින් ප්‍රකටව පවතී.

අතීත කතාව[සංස්කරණය කරන්න]

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා විහාරස්ථානයක බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළහ. එක් භික්ෂූන් වහන්සේ කෙනෙකු මළුව හැමද, සාමණේරයන් වහන්සේ නමක් අමතා තමන් ඇමදූ කැළිකසල ඉවත ගෙන ගොස් දමන්නැයි පැවසුවේය. නමුත් සාමණේරයන් වහන්සේ නොඇසූ කන්ව සිටියේය. භික්ෂූන් වහන්සේ දෙවන හා තෙවන වරද කැළිකසල ඉවත් කරන්නැයි පැවසුව ද සාමණේරයන් එය ඉටු කරනු නොකළේය.

එවිට ඒ භික්ෂූන් වහන්සේ මේ නොකීකරු සාමණේරයෙකැයි කිපී හික්මවනු පිණිස මුෂ්ටි පහරක් එල්ල කළේය. පහර කෑ ඉක්බිති සාමණේරයන් වහන්සේ භයින් තැතිගෙන හඬ හඬා කුණුගොඩ ඉවත ගෙන ගොස් දමමින්, "මම මේ කසල බැහැර දැමුවා වූ කුසල කර්මයෙන් නිවන් දකිනා තුරාවට උපනුපන් ජාතියෙහි මහේශාක්‍ය, මහත් තේජස් ඇත්තෙක් වෙම්වා"යි ප්‍රාර්ථනා කළේය.

අනතුරුව දිය නා ගනු පිණිස ගංතොටට යන සාමණේරයන් වහන්සේ ගී රාවයක් වන් වූ ගංගාවෙහි රළ වේගය දැක, "නිවන් දකිනා ජාතිය දක්වා උපනුපන් ආත්මයෙහි, මේ ක්ෂය නොවන රළ වේගය මෙන් ස්ථානෝචිත ප්‍රඥාව සහ ක්ෂය නොවන ප්‍රඥාව ඇති වෙම්වා"යි ප්‍රාර්ථනා කළේය. මේ අතරතුර ජල ස්නානය පිණිස පැමිණෙන, මළුව හැමදූ භික්ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේගේ ප්‍රාර්ථනාව අසා "මොහුට මා කුණු දමන්නට කියූ පමණින් මෙවැනි ප්‍රාර්ථනා කරන කල්හි මට කුමක් නොවනු ඇති ද" යි සිතා "නිර්වාණය කරා එළඹෙන තෙක් පවත්නා සියළු ජාතින් හි දී මේ ගංගාවෙහි රළ වේගය මෙන් ක්ෂය නොවන්නා වූ අප්‍රමාණ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා යි, මොහු විසින් විචාළ විචාළ සියළු ප්‍රශ්න කථාවන් නිරවුල් කරන්නට, වෙළුම් හරණට සමර්ථ වෙම්වා" යි කියා ප්‍රාර්ථනා කළහ.

මෙසේ ප්‍රාර්ථනා කළ ඒ භික්ෂු-සාමණේර දෙදෙනා වහන්සේ දිව්‍යලෝකයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද සැරිසරා එක් බුද්ධාන්තරයක් ගෙවා නැවත ඔවුන් දෙදෙනා වහන්සේගෙන් සාමණේර තෙම ජම්බුද්වීපයේ යොන්රට සාගල නම් නුවර මිළිඳු නම් රජ විය.

මිලින්ද රජු[සංස්කරණය කරන්න]

ක්‍රි.පූ. 232 දී ධර්මාශෝක රජුගේ අභාවය සිදු වීමත් සමඟ මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටුණේය. පුෂ්පමිත්‍ර නම් සෙන්පතියෙකු විසින් අශෝක රජුගේ මුණුබුරු බ්‍රහත් රථ මරා මෞර්ය රාජවංශය මුලිනුපුටා දැමීය. මේ අතරවාරයේ දී සිදු වූ දේශපාලන කලබල නිසා දඹදිව කුඩා රාජ්‍ය ගණනාවකට බෙදී ගියේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත රජු ගේ කාලයේ දී ඉන්දියාව අත හැර ගිය ග්‍රීකයෝ වයඹ දිග ඉන්දියාවෙන් නැවත පැමිණෙන්නට වූහ. ඒ අනුව ක්‍රි.පූ. 200 දී පමණ යුතෙඩමස් නම් ග්‍රීක රජු ඇෆ්ඝනිස්තානයේ කොටසක් ද ඉන්පසු යුක්‍රටසිස් ග්‍රීක රජු සාගල නුවර ද යටත් කර ගත්හ. යුක්‍රටසිස් රජුගෙන් පසු වයඹ දිග ඉන්දියාව පාලනය කළේ මිනෙන්ඩර් හෙවත් මිළිඳු රජතුමා ය. ඔහු අවුරුදු විස්සක් සාගල රාජ්‍යය පාලනය කළේය. සිංහල, පාලි හා සංස්කෘත ග්‍රන්ථවල ග්‍රීක ජාතිකයන්ව යොන්, යෝන, යෝනක හා යවන ආදී නම් වලින් හඳුන්වා ඇත.

මිලිඳු රජුගේ නම සඳහන් කාසි

මිළිඳු රජතුමා තීක්ෂණ බුද්ධිමත් පඬිවරයෙකු විය. ඔහු යමක් ඇසීමෙන් පමණක් එය පිළිගත්තෙක් නොවේ. තර්කානුකූලව විමසා බලා පිරික්සා පිළිගැනීම ඔහුගේ සිරිත විය. මිලිඳු රජුගේ නම සඳහන් කාසි විස්සක් පමණ සොයාගෙන ඇත. ඔහුගේ රාජ්‍යය ගංගා නදී තිරයේ පටන් නර්මදා නදිය දක්වා පැතිර පැවතිණි.

මිළිඳු රජුගේ නුවණ කෙබඳු වී දැයි, පූජ්‍ය හීනටිකුඹුරේ සුමංගල හිමියන් විසින් පාලියෙන් සිංහලයට නගන ලද වාක්‍ය ඛණ්ඩයක මෙසේ දැක්වේ.

ජම්බුද්වීපයේ යොන් රට සාගල නම් නුවර මිලිඳු නම් රජ විය. ඒ රාජ් තෙමේ ඉතා පණ්ඩිතය. ව්‍යක්තය. ප්‍රඥාවන්තය. සියළු කටයුත්තෙහි දක්ෂය.

අතීතානාගත වර්තමාන වූ ස්වකීය මන්ත්‍රණ යෝග විධාන කරන කල්හි පරික්ෂාකොටම කරන සුළු සේක. එකකුත් නොවෙයි. ඒ රජු විසින් බොහෝ බොහෝ වූ ශිල්ප ශාස්ත්‍රයන් උගන්වා ලද්දාහු වෙති. හේ කවර ශාස්ත්‍රයක් ද? වේද ශාස්ත්‍රය, ස්මෘති ශාස්ත්‍රය, ගණනය, කාම ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, විශේශිකාය, ගණිතය, ගාන්ධර්මය, වෛද්‍යය, පුරාණය, අරණය, ඉතිහාසය, ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය, ඉන්ද්‍රජාලය, හේතුය, මන්ත්‍රණය, යුද්ධය, ජාන්දොලක්ෂණය, ඇඟිල්ලෙන් ඇල්ලීමය යන අදෘශ්‍යන්ජනා දී පඤ්ච ශාස්ත්‍රයන් හා එකුන්විසි ශාස්ත්‍ර වාචනයකින් වාදාරෝපණය කරන එකුන්විසි වාදීන් විසින් ඉක්මවා නොහැකි වූයේ ය. බොහෝ වූ තීර්ථකයන් අග්‍රයේ කියනු ලැබෙයි. සියළු ජම්බුද්වීපයෙහි මිළිඳු රජහු හා සාදෘශ්‍ය වූ යම් මේ බලයෙන් ජවයෙන් සූර භාවයෙන් ප්‍රඥාවෙන් කිසිවෙක් නොම ඇති විය. සකල සම්පත්තියෙන් හෙබියේ විය. මහත් ධන ඇත්තේය. අනන්ත වූ බල වාහන ඇත්තේය.

නාගසේන හිමි[සංස්කරණය කරන්න]

නාගසේන හිමියෝ පරවාද මථනය (අනුනගේ තර්ක බිඳලීම) සඳහා තර්කයට වඩා අලංකාර ශාස්ත්‍රයම උපයෝගී කරගෙන ඇත. සම්මතය සනාත කිරීමෙහි ලා උපමාවන්ගේ හා නිදර්ශනයගේ අවශ්‍යතාවය ගැන අවධානය යොමු කර ඇත.

සිංහල මිලින්ද ප්‍රශ්නය[සංස්කරණය කරන්න]

සිංහල මිලින්ද ප්‍රශ්නය පළමු වරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වූයේ බු.ව. 2428 දී කොටහේනේ සර්වඥ ශාසනාභිවෘද්ධි දායක මුද්‍රණාලයෙනි. එහි දෙවන පිටුවෙහි මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ වන මා විසින් 2422 දුරුතු මස පුර දසවක ලත් තිථිය ලත් ගුරු දින කොළඹ දී යැයි සඳහන් වේ.

මිලින්ද ප්‍රශ්නය කොටස් තුනකින් සමන්විතය. පළමු කොටස වර්ග හෙවත් පරිච්ඡේද හතකින් යුක්තය. දෙවන කොටස හස්සප්පවේදී චෛත්‍යන්ධි අති බුද්ධි විචක්ඛණෝ යනාදී ගාථාවෙන් අවසන් වෙයි. තුන්වන කොටස උපමා කථා ප්‍රශ්න නමින් හැඳින්වෙන අතර එය වර්ග පහකට බෙදා ඇත. මිලින්ද ප්‍රශ්නය කාණ්ඩ හයකින් සහ වර්ග (පරිච්ඡේද) විසි දෙකකින් යුතු බව සහ ප්‍රශ්න 262 ක් අන්තර්ගත වන බවත් ග්‍රන්ථයෙහි නො ආ ප්‍රශ්න හතලිස් දෙකක් ඇති බවත් ඒ සියල්ල එක්කොට මිලින්ද ප්‍රශ්නයේ ප්‍රශ්න 304 ක් වූ බවත් දැක්වෙන ඡේදයක් ඇති නමුත් එසේ මිලින්ද ප්‍රශ්නයට ඇතුළත් නොවූ ප්‍රශ්න හතළිස් දෙක කවරේදැයි පැහැදිලි නැත.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  • Hinüber, Oskar von (1996/2000). A Handbook of Pāli Literature. Berlin: Walter de Gruyter. ISBN 3-11-016738-7.
  • Winternitz, Moritz. History of Indian Literature.

බාහිර සබැඳුම්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=මිලින්ද_ප්‍රශ්නය&oldid=349185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි