Jump to content

සැකිලි සාකච්ඡාව:ත්‍රිපිටකය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by Randeerjayasekara in topic සැකිල්ලේ අරමුණ

සැකිල්ලේ අරමුණ

[සංස්කරණය]

මෙම සැකිල්ලේ එන බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු. යන්නේ අර්ථය පැහැදිලි කරන්නේ නම් මැනවි. විකිපීඩියාව යනු දැනුම් සම්භාරයකි. මෙසේ දැනුම එක්තැන් කිරීමේ අදහස එය හණමිටි ගැසීමට නොවේ. එය කියවන පාඨකයන් විසින් එය හැදෑරීමයි. බුද්ධ ධර්මය කලෙක කටින් කට ගොස් පසුව ග්‍රන්ථාරූඪ කල බව අප දනිමු. දැන් බොහෝ මුද්‍රිත දහම් පොත පත ඇති බව දනිමු. දහම් පොතක් මුද්‍රණය කිරීමට කිසියම් නියාමකයෙකුගෙන් අවසර ගත යුතුද? බුදු දහමේ කරුණු විකිපීඩියාවට ඇතුළත් නොකල යුතු බවක් මෙම සැකිල්ල මගින් කියන්නේද? රට පුරා වැසි වසන්නාක් මෙන් පවතින බ්ලොගයන්හී බුද්ධ ධර්ම කරුණු සාකච්ඡා කෙරෙද්දී මෙවැනි සඳහනක් එවා අරභයා පවතීද? ---ශ්වෙත (talk) 11:02, 17 පෙබරවාරි 2013 (යූටීසී)Reply

බුද්ධ ධර්මය පිලිබඳ බොහෝ පිටුවල මෙම සැකිල්ල භාවිත කර ඇති බවක් දක්නට ලැබුණි. බුදු දහම විකෘති වීමට හැකියැයි පවසමින් බුදුදහම සම්බන්ධ කරුණු සිංහල විකිපීඩියාවට ඇතුළත් කිරීම වළක්වන මෙම සැකිල්ල මගින් බුදුදහම ආරක්ෂාවීමක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකිය. පහසුවෙන් බුදුදහම පිලිබඳ විශ්වකෝෂිය තොරතුරු දැනගැනීමට සිංහල විකිපීඩියා පරිශීලකයන්ට ඇති හැකියාවට බාධා කිරීමක් එමගින් සිදු වේ. ---Randeer (talk) 14:40, 12 නොවැම්බර් 2015 (යූටීසී)Reply