ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(නිදහස් අරගලය - ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ලංකාවට නිදහස හා ස්ව-පාලනය ලබා ගැනුමට දියත් කෙරුණු සාමකාමී දේශපාලන ව්‍යාපාරයකි. 20වන සියවසෙහි ඇරඹුමත් සමග මුලපිරුනු මෙයට බොහෝ ලෙසින් උගත් මධ්‍යම පංතිය විසින් නායකත්වය සැපයුනු අතර, අවසානයේදී 1948 පෙබරවාරි 4 වන දිනදී ලංකාව වෙත ලංකා ඩොමීනියන් රාජ්‍ය


.


ලෙසින් නිදහස ප්‍රදානය කිරීමත් සමගින් සාර්ථකත්වයට පත් විය. 1972 මැයි 22 දිනදී එය ජනරජයක් බවට පත්වී ශ්‍රී ලංකා ජනරජය ලෙසින් නම් කිරීම වන තුරු වසර 24 පුරාවට බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩොමීනියන් තත්වය පවත්වා ගෙන යන ලදි.

The formal ceremony marking the start of self rule, with the opening of the first parliament at Independence Square by the HRH Prince Henry, Duke of Gloucester in the presenceබ්න්ජ of Rt Hon D.S. Senanayake as first Prime Minister of Ceylon.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය
Coat of Arms of Sri Lanka
මෙම ලිපිය ලිපි මාලාවක කොටසකි
ලේඛන
දීපවංශය  · මහාවංශය
චූලවංශය  · රාජාවලිය
ප්‍රාග්-ඉතිහාසය
පුරාතන ඉතිහාසය
තම්බපණ්ණි රාජධානිය
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
මධ්‍යතන ඉතිහාසය
රුහුණ රාජධානිය
සොළීන් අල්වාගත් අනුරාධපුරය
පොළොන්නරුව රාජධානිය
දඹදෙණිය රාජධානිය
ගම්පොළ රාජධානිය
රයිගම රාජධානිය
කෝට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
යටත්විජිත ඉතිහාසය
පෘතුගීසි ලංකාව
ලන්දේසි ලංකාව
බ්‍රිතාන්‍ය ලංකාව
නිදහස
දෙවන ලෝක මහා යුද්ධය
විසිවන සියවස
ඩොමීනියන් ලංකාව
ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
පශ්චාත්-ගැටුම් ඉතිහාසය
ශ්‍රී ලංකාව තුල 2009 වසර
මාතෘකාව
අධ්‍යාපනය  · ආර්ථික
ශ්‍රී ලාංකික හමුදාමය ඉතිහාසය
යුද්ධ හමුදාව  · ගුවන් හමුදාව  · නාවික හමුදාව
{සැකිල්ල:Data99

ශ්‍රී ලංකා ද්වාරය
 නැ • සා • සං 


Coat of arms of Sri Lanka, showing a lion holding a sword in its right forepaw surrounded by a ring made from blue lotus petals which is placed on top of a grain vase sprouting rice grains to encircle it. A Dharmacakra is on the top while a sun and moon are at the bottom on each side of the vase.
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ:
ශ්‍රී ලංකාවේ
දේශපාලනය හා රජය


බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය[සංස්කරණය කරන්න]

අසායේ සටනෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජ් ආසියාවේ ආධිපත්‍යක වූහ; වෝටර්ලූ සටනෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලෝක මහාබලවතෙක් බවට පත් විය. ඉන්දියාවෙහිදී, ඇෆ්ගනිස්තානයෙහිදී සහ දකුණු අප්‍රිකාවෙහිදී ඉතාමත් සැකෙවින් ලද පරාජයන් හැරුණු විට එහි සර්වබලධාරි මුහුණුවර නොකැලැල්ව පැවතිණි. 1914 වන තුරුම එය සැබෙවින්ම අභියෝගයට ලක් නොවූ බව පැවසිය හැක.

ප්‍රංශ ජනරජයට එරෙහිව එංගලන්තය විසින් පවත්වා ගෙන ගිය යුද්ධයෙහි කොටසක් ලෙසින්, 1795 දී ලංකාව වෙත බ්‍රිතාන්‍ය ප්‍රහාරයක් එල්ල වීම, ප්‍රංශ අධිකාරියෙහි කොටසක් හා එහි මිත්‍ර පාක්ෂිකයෙක් ලෙසින් නෙදර්ලන්තයෙහිදී බතාවියානු ජනරජය පිහිටුවීමෙහි සෘජු ප්‍රතිඵලයක් විය. පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් හා සහයෝගීව කටුයුතු කල අයුරින්ම, ලන්දේසීන්ට එරෙහිවද බ්‍රිතාන්‍ය බලකාය හා සහයෝගීව ක්‍රියාකිරීමට උඩරට රාජධානිය කටයුතු කලේය

ලන්දේසීන් පලවාහැරීමෙන් අනතුරුව හා ලන්දේසි ආධිපත්‍යය ආමියං ගිවිසුම විසින් පාවා දීමෙන් පසුව ඇතිවූ පහතරට කැරැලි මැඩපැවැත්වීමට කටයුතු කල බ්‍රිතාන්‍යයෝ උඩරට රාජධානිය අල්ලාගැනීමට සැලසුම් සම්පාදනය කලහ. 1803 සහ 1804 දී පළමු උඩරට යුද්ධයේදී උඩරට පලාත් ආක්‍රමණය කෙරුණද ඉතාමත් දරුණු පරාජයකට ලක්වූහ. 1815දී, අවසාන උඩරට රජුට එරෙහිව කැරැල්ලක් දියත් කිරීමට උඩරට රදළ පෙළැන්තිය පොළඹවාලූ බ්‍රිතාන්‍යයෝ, දෙවන උඩරට යුද්ධය අරඹා රජු පහ කිරීමෙහි අදිටනින් උඩරට වෙත සේනා මෙහෙයවූහ.

යටත් විජිත පාලනයට එරෙහිව ඉහත කී රදළවරුම 1817දී කැරැල්ලක් ආරම්භ කළහ. මෙය ඌවේ කැරැල්ල නම් විය. එම රදළවරුන්ට ප්‍රදේශවාසීන්ද සහාය දැක්වුහ. ‍එහෙත් එම කැරැල්ල මර්ධනය කරනු ලැබීය. 1830 දී නැවත වරක් කැරැල්ලක් ආරම්භවීමේ ලකුණු පහළ විය. උඩරට ගොවින් මුඩු බිම් පනත මගින් ගොවි බිම් වලින් ඉවත් කර අන්ත දිළිදුභාවයට පත් කෙරිනි.

1848 දී පුරන් අප්පු (හැන්නදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු සහ ගොංගාලේගොඩ බණ්ඩා විසින් මෙහෙයවනු ලැබු අසාර්ථක කැරැල්ල , වැඩ වසම් රාමුව අත්හල වෙනත් මුහුණුවරක් ගත් ප්‍රථම කැරැල්ල විය. එය සහමුලින් සාමාන්‍ය රටවැසියාගේ කැරැල්ලක් විය. මහජනයා සිටියේ ඔවුන්ගේ රජුගේ හෝ වෙනත් ප්‍රධානියෙකුගේ නායකත්වයක් නොමැතිවයි. (රජු 1815 දී බලයෙන් පහ කළ අතර අනිකුත් ප්‍රධානීන් එක්කෝ ඌව කැරැල්ලේදී පරාජයට පත්වී හෝ ඉතිරි අය යටත් විජිත පාලයන් හා සමගි වී සිටියහ) මෙම කැරැ‍ල්ලේ නායකත්වය ප්‍රථමවරට රදලවරුන් ගෙන් තොර සාමාන්‍ය මහජනතාගේ අතට පත්විය. එහි නායකයින් වුයේ සාමාන්‍ය ‍ගොවි කම්කරු ජනතාවයි. එම පිරිස් එංගලන්ත විප්ලයේ (Levellars) සම සමාජ කාරයින් මෙන් හෝ ඇමරිකන් විප්ල‍වයේ මුල් තැනක් ගත් පෝල් රිවර් (Paul Revere) සහ ටොම් පෙයින් (Tom Paine) වැන්නන් වුහ.

කෙසේ වෙතත් කොල්වින් ආර්. ද සිල්වා ඒ ගැන කියන්නේ මෙසේය. ‘එයට නායකයින් බොහෝ සිටි නමුත් නියම නායකත්වයක් නොතිබුණි.පැරණි වැඩ වසම් නායකයින් වැඩ පවත්වනු ලැබ හෝ බල රහිත කරනු ලැබ සිටයහ . අරගලයට නායකත්වය දි බලයට ඒමට සුදුසු අලුත් පන්තියක් ඒ වන විට නොතිබුණි’. යනුවෙනි.

වැවිලි ආර්ථිකය[සංස්කරණය කරන්න]

1830 වර්ෂයේදී ලංකාවට කෝපි වගාව හඳුන්වාදෙන ලදී. කෝපි උස් කඳුකර භූමියෙහි සරු සාරව වැවුණේය. සාමාන්‍ය ජනතාවගෙන් ලබා ගත් ඉඩම්වල කෝපි වගා කරන ලදී. මෙම ධනවාදී නිෂ්පාදන භෝගය ලංකාවේ වගා කිරීමට උනන්දුවක් ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ වහල් සේවය නතර කිරීම නිසා බටහිර ඉන්දීය දූපත්වල කෝපි වගාව අඩපන වීමයි.

කෙසේ වෙතත් ඉඩම් අහිමි කළ ජනතාව කෝපි වගාව සඳහා යොදා නොගැනුණේය. තමනට ජීවනෝපාය සලසා දුන් පාරම්පරික ඉඩ කඩම් අත් හැර, අළුතින් ආරම්භ කළ වතුවල ඒ වන විට පැවති දුක්ඛිත තත්වයන් යටතේ, පාලකයින්ගේ නීතිවලට යටත් වෙමින්, කුලීකරුවන් සේ ශ්‍රමය යෙදවීමට උඩරට වැසියෝ අකමැති වූහ. සුදු පාලකයෝ එවිට කළේ විශේෂ අවස්ථාවන් සඳහා ඔවුන් විසින් වෙන්කර ගෙන සිටි ඉන්දියාවේ ශ්‍රම හමුදාව වෙත හැරීමයි. එම පිරිස තම සරු සාර ව්‍යපෘතිය සඳහා ලංකාවට ගෙන ආ යුතුයයි ඔවුහු කල්පනා කළහ. ඉතා පිළිකුල් සහගත, අඩු කුලී සේවයක් ස්ථාපිත කෙරුණි. ශ්‍රී ලංකාවේ කෝපි වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් ලක්ෂ ගණනක් කම්කරුවන් ගෙන එන ලදී. මෙයින් දහස් ගණනක් මෙහි පැමිණිමේදී සහ ඉන් පසුව මිය ගියහ.

1870 දී කෝපි වගාවට වැළඳුණු කොළ රෝගයක් හේතුවෙන් කෝපි වගාවේ කඩා වැටීමක් සිදු වුණි. එසේ වුවද ඒ මගින් නිර්මාණය කර තිබූ ආර්ථික ක්‍රියාවලිය කෝපි වගාවේ අනුප්‍රාප්තිකයා වූ තේ වගාව ඇරඹීම දක්වා අඛණ්ඩව පැවතුණේය. 1880 සිට ඉදිරියට මහා පරිමාණ වගාවක් ලෙස තේ වගා කරනු ලැබිය. තේ වගාවට මහත් පරිශ්‍රමයක් දැරිය යුතු විය. එමෙන්ම මුලින් විශාල ආයෝජනයක්ද කළ යුතු විය. එබැවින් තනි වතු අයිතිකරුවෙකු වෙනුවට ඒකාබද්ධ ඉංග්‍රීසි සමාගම් යෙදිය යුතු විය. ඒවා එක්කෝ ලන්ඩන්හි (රන්පවුම් ආයතන) නැතහොත් ලංකාවේ (රුපියල් ආයතන) මූලස්ථාන කර ගත් සමාගම් විය. 19 වෙනි ශත වර්ෂයෙදී ඇති වුණු මෙම රටාව 1972 දක්වා නොකඩවා පැවතුණේය. අධිරාජ්‍යවාදී ආර්ථිකයේ කැපී පෙනුණු එකම නව්‍යකරණය රටේ මධ්‍යම ප්‍රදේශයේ රබර් වගාව ඇතිකිරීමයි.

බෞද්ධ පුනර්ජීවනය සහ 1915 කෝළාහලය[සංස්කරණය කරන්න]

සිල්ලර සහ සාප්පු බඩු වෙළෙඳාම, මත් පැන් වෙළෙඳාම සහ වඩු කර්මාන්තය ආශ්‍රීත නව නාගරික ධනවාදී සමාජ ස්ථරයක් බිහි වෙමින් පැවතුණේය. මෙම ව්‍යපාරික පිරිස නොයෙක් කුලවලට අයත් වූ අයයි. සියම් භික්ෂු නමක් විසින් සියම් නිකාය ලංකාවේ ස්ථාපිත කර අවුරුදු 10 කට පසු 1764 දී හඳුන්වා දුන් බෞද්ධ නොවූ සංකල්පයක් වූ කුලය අනුව වෙනස් ලෙස සැලකීමේ පුරුද්ද කෙරෙහි මෙම පිරිස විරෝධය පෑහ. 1800 දී පමණ ඔවුහු 'අමරපුර නිකාය' සංවිධානය කළහ. එය 19 වෙනි ශත වර්ෂය වන විට පහත රට ප්‍රබල නිකායක් විය.

ව්‍යාපාරික පන්තියේ තරුණයන්ට ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දීමට බ්‍රිතාන්‍යයන් ගත් උත්සාහය පාරා වළල්ලක් විය. එසේ වූයේ ඔවුන් ප්‍රොතෙස්තන්ත ආකෘතියකට සමානවන ලෙස ලංකාවේ බුද්ධාගමේ ව්‍යවහාරයන් වෙනස් කළ හෙයිණි. ඇංග්ලිකන් පල්ලිවල පූජකවරුන්ට එරෙහිව වාද විවාද රාශියක් සංවිධානය වුණි. එහි අවසාන ප්‍රථිඵලය වූයේ පූජක පිරිස් පරාජයට පත් වීමයි. බෞද්ධ පුණර්ජීවනයට පරම විඥානාර්ථ වාදීහු ආධාර කළහ. මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් නැමැති ඇමෙරිකන් ජාතිකයාය. ඔහු ආනන්ද, නාලන්ද හා මියුසියස් වැනි බෞද්ධ විද්‍යාල ආරම්භ කිරීමට ආධාර කළා සමගම නවීන ලෞකික බටහිර අදහස් ප්‍රොතෙස්තන්ත බෞද්ධ සිතිවිලි දහරාවට එන්නත් කිරීමක් ද කළේය

ධර්මපාල , 1915 සහ ලංකා ජාතික කොංග්‍රසය[සංස්කරණය කරන්න]

අනගාරික ධර්මපාල වැනි ආගමික පුනර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ අය අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ සිංහල බෞද්ධ නම් උපලබ්ධියක් නිර්මාණය කරමින් බුද්ධාගමත් - සිංහලකමත් බද්ධ කිරීමට කටයුතු කළහ. එය කුලය සම්බන්ධ බාධාවන් නැති කිරීමට කටයුතු කළ අතර ‘සියලුම දෙනා සිංහල’ යන අනන්‍යතාවයක් ආරම්භ විය. බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරන ලද ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රදළයින්ට එරෙහිව ඒ වන විටත් නැගී සිටි සුළු ඉඩම් හිමියන්ට සහ සුළු ව්‍යාපාරිකයින්ට එම සංවිධානයෙන් ඉල්ලීම් ඉදිරිපත් විය. එස්. ඩබ්. ආර්. ඩී . බණ්ඩාරනායක , එෆ් . ආර්. සේනානායක , ඩී. එස්. සේනානායක වැනි රදළ අයගේ නායකත්වයෙන් යුත් සහයෝගිතා පෙරමුණ ධර්මපාලගේ සංවිධානයට එරෙහිව ක්‍රියා කර ඔහු අමද්‍යප ව්‍යාපාරයේ නායකත්ව‍යෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.

මලයාවේ පිනෑන්ග් වරායට පහර දී රුසියන් යුධ නැවක් ගිල්වා දමා මදුරාසියට (දැන් චෙන්නයි) කාලතුවක්කු ප්‍රහාරයක් ද එල්ල කර කිසිදු බාධාවකින් තොරව ලංකාවේ නැගෙනහිර වෙරළට යාත්‍රා කිරීමට ජර්මන් යුධ නැවක් වු ‘ඇම්ඩන්’ට හැකිවිය. මෙම සිද්ධියෙන් ඒ වන විට තමන් අනගිභවනීය යැයි බ්‍රිතාන්‍ය සතුව තිබු උදාරත්වය දෙදරා ගියේය. ‘ඇම්ඩන්’ගේ මෙම ක්‍රියාව කොතෙක් දුරට බලපෑවේද කියතොත් ශ්‍රී ලංකාවේ මව්වරු අදත් තම දරුවන් බිය කිරීමට අවශ්‍ය වු විටදී ‘ඇම්ඩන්’ යන නම ගෝනි බිල්ලෙකු ලෙස යොදා ගනිති. තවද මුරණ්ඩු හිතුවක්කාර බයනැති අමනෝඥයින් විශේෂයෙන් හැදින්වීමට ‘ඇම්ඩන්’ නම අද ද භාවිතා වේ. බියට පත්වු පාලකයින් කළේ ඇම්ඩන් යුධ නෞකාවට මස් සැපයුවේ යයි බොරු චෝදනා කොට යාල වන ජීවී නිලධාරියෙකු වු බෝඩර් ජාතික එච්. එච්. එංගල්බ්‍රෙක්ට් සිර ගත කිරීමයි. තුර්කිය සමග සටනේදී ‘ගැලිපොල්’ හිදී සිදු වු පසුබෑමද බ්‍රිතාන්‍යයන්ගේ සුදු - අනගිභවනීය මනෝභාවය පලුදු කළේය.

1915 දී වෙළද කටයුතු හේතුවෙන් ජනවාර්ගික දෙපිරිසක් අතර ඇතිවු තරගයක් මුස්ලිම් ජනයාට එරෙහි වු කැරැල්ලක් දක්වා දිග් ගැසුනි. එයට බෞද්ධයින් මෙන්ම ක්‍රිස්තියානිහුද සහභාගි වුහ. බ්‍රිතාන්‍ය මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගක් ගත්තේ එම කැරැල්ල ඔවුන්ටද විරුද්ධව නැගුණු එකක් නිසාවෙනි. ධර්මපාලගේ පාදය කැඩී ඔහු යාපනයට සීමා වී සිටියේය. ඔහුගේ සහෝදරයා එහිදී මිය ගියේය. දේශාරක්ෂක හමුදාවේ අණදෙන නිලධාරියෙකු වු ඩී. ඊ. හෙන්රි පේදිරිස් ට කලබල ඇති කිරීම නිසා වෙඩ් තබනු ලැබීය. පොලිස්පති හර්බට් ඩෝබිගින් ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපකීර්තියට ලක්විය. කෝට්ටේ ප්‍රදේශයෙන් නීතිඥයෙකු වු ඊ.ඩබ්. පෙරේරා රහස් ලියුමක් තම පාවහන් තුල සගවා ගෙන එය යටත් විජිත භාර රාජ්‍ය ලේකම්ට භාරදීම පිණිස සබ්මැරීන් සහ මුහුදු බෝම්බ ඇතිරූ සයුරු තරණය කර ගියේය. එම ලිපියේ අඩංගුව තිබුණේ පැනවු යුද්ධ නීතිය ඉවත් කර ගැනීමට කරන ලද ආයාචනයක් සහ පොලිස්පති ඩෝබිගින්ගේ කෲර ක්‍රියාවන් පිළිබදච විස්තර යකි. බ්‍රිතාන්‍යයන් සහ සිංහලයන් අතර පැවති අමිහිරි වාතාවරණය සැලකිය යුතු තරම් විය.

වඩා ස්වාධීන රාජ්‍යයක් සදහා අරගල කිරීම පිණිස 1919 දී ලංකා ජාතික කොංග්‍රසය ආරම්භ කරන ලදී. මෙය ලාංකික කොම්පුදොරු ප්‍රභූ පැලැන්තියේ නියෝජනයක් වුවද ‘නිදහස’ ලබා ගැනීමට එහි බලාපොරොත්තුවක් නොතිබුණි. එය ධර්මපාලට එරෙහි විය. ඩොනමෝර් ව්‍යවස්ථාව මගින් ප්‍රදානය කන සර්වජන ඡන්ද බලයට එම ප්‍රභූ පන්තියම තදබල ලෙස විරෝධය පෑහ.

ලේක් හවුස් මුද්‍රත සමුහයේ ප්‍රධානියා වු ඩී.ආර්. විජේවර්ධන විසින මෙහෙය වු මුද්‍රිත සටන් ව්‍යාපාරයෙන් ධර්මපාල රටින් එළවා දමන ලදී. නමුත් ඔහු ගෙන ගිය ප්‍රචාරනය ඊළග පරම්පරාවටද දායාද වු අතර ධර්මපාලයන්ගේ වදන්මගින් පෝෂිතව විප්ලවකාරීවු කොල්වින් ආර් ද සිල්වා ඉන් කෙටි කොට දැක්විය හැක.

තරුණ පෙරමුණු සහ නිදහස සඳහා අරගලය[සංස්කරණය කරන්න]

ධර්මපාලගේ තනතුරට පත් වූ තරුණ පිරිස තරුණ ලීගයක් (පෙරමුණ) වටා එක් වූහ. ඔවුන්ගේ අරමුණ වූයේ ලක්වාසීන්ට නිදහස සහ සාධාරණත්වය ලබා ගැනීමයි. පළමු පියවර තැබුණේ ධර්මපාලගේ සිංහල ජනවාර්ගීය කණ්ඩායමෙන් නොව යාපනයේ දෙමළ තරුණයින්ගෙනි. 1924 දී යාපනය ශිෂ්‍ය කොංග්‍රසය (Jaffna Students Congress) ආරම්භ විය. පසුව එය යාපනය තරුණ කොංග්‍රසය විය. (Jaffna Youth Congress.JYC) ඉන්දියානු නිදහස් අරගලයෙන් පන්නරය ලැබූ එය පූර්ණ ස්වරාජ් නොහොත් සම්පූර්ණ ස්වාධීන පාලනයක් ද, ජාතියක් වශයෙන් එක්සත් වීම ද, කුලය අනුව වෙනස්ව සැලකීම, තුරන් කිරීම ද, වැනි අරමුණු කෙරෙහි කැප විය. 1927 දී ඒ මගින් ඉන්දියානු නිදහස් සටණේ මූලිකයා වූ ගාන්ධිට යාපනයට පැමිණීමට ඇරයුම් කළේය. මෙම සන්ධානය 1931 දී පැවැත්වූ රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සාර්ථකව වර්ජනය කළේය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් බලාපොරොත්තු වන තරම් දුරට ස්වරාජ්‍යයක් තහවුරු නොවන බව ඔවුන්ගේ තර්කය විය.

වාමාංශික අදහස්වලින් පණ පෙවුණු, බ්‍රිතාන්‍යය අධ්‍යාපනය ලත් බුද්ධිමත් කොටස් වටා දකුණේ ද, 1930 දශකයේදී තරුණ සංවිධාන ආරම්භ විය. CNC ඇමතිවරු නිදහස වෙනුවට ඔවුන්ගේ බලතල වැඩි කරන ලෙස හෝ අඩු ගණනේ ඩොමීනියන් තත්වය ලබා දෙන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය පාලකයින්ට පෙත්සම් යැවූහ. තරුණ ලීගය විසින් කරන ලද දැඩි බලපෑම මත ඇමතිවරුන්ගේ ඉල්ලීම ඉවත් කර ගැනීමට ඇමතිවරුනට බල කෙරුණේය.

දකුණු කොළඹ තරුණ සංවිධානය වැල්ලවත්ත රෙදි කම්හලේ වර්ජනයට සම්බන්ධ වූහ. එය කඩින් කඩ ඵල කෙරුණු කම්කරුවා නමැති සිංහල ප්‍රකාශනය එළි දැක් වූයේය.

සූරියමල් ව්‍යාපාරය[සංස්කරණය කරන්න]

බ්‍රිතාන්‍ය සේවා මුක්ත භටයින්ගේ සුභ සාධනය උදෙසා ප්‍රයෝජනයට ගැණුනු පොපි මල් ව්‍යාපාරයේ මුදල් ශ්‍රී ලාංකික සේවා මුක්ත භටයින්ට නොලැබීම නිසා ඊට එරෙහිව ශ්‍රී ලාංකික සේවා මුක්ත භටයෙකු වූ ඊලියන් පෙරේරා සූරියමල් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙම ව්‍යාපාරයන් දෙකම නොවැම්බර් 11 වැනි දින එනම්, සටන් විරාම දිනයේ ඇරඹුණේය. මෙම සූරියමල් ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් ලංකා සේවා මුක්ත භටයින්ගේ අවශ්‍යතාවයන් සඳහා කැප කෙරුණි.

1933 දී බ්‍රිතාන්‍ය ගුරුවරියක වූ ඩොරීන් යංග් වික්‍රමසිංහ "මලෙහි යුද්ධය" නම් වූ ලිපියක් ලීවාය. එය සිලෝන් ඩේලි නිව්ස් පුවත් පතේ පල විය. එම ලිපියෙන් බ්‍රිතාන්‍යයේ හිටපු යුද භටයින්ට උදව් කිරීම සඳහා මෙහි පාසැල් සිසුනට පොපි මල් මිළ දී ගැනීමට බල කිරීම විහිළුවට ලක් කර තිබුණි. මේ නිසා ඇය බ්‍රිතාන්‍යයින්ගේ දෝෂ දර්ශනයට ලක් වූවාය.

දකුණු කොළඹ තරුණ සංවිධානය ඒ වන විට සූරියමල් ව්‍යාපාරයෙහි නියුක්තව සිටි අතර, අධිරාජ්‍ය විරෝධී හා යුද විරෝධී පදනමක ජවය ලබමින් සිටියේය. දෙවැනි ලෝක යුද්ධය තෙක් වාර්ෂිකව ඔව්හු සටන් විරාම දිනයෙහි (නොවැම්බර් 11) පොපි මල් විකුණන්නන් සමග තරඟයට සූරියමල් විකුන්නාහ. සූරිය මල් මිළ දී ගත්තේ සාමාන්‍යයෙන් දුප්පත් ජනයා බැවින් එකතු වුණු අරමුදල විශාල නොවීය. එහෙත් එම ව්‍යාපාරය ඒ කාලයේ අධිරාජ්‍ය විරෝධී අදහස් දැරූ තරුණයින්ට එකට එක්වීම සඳහා පිටිවහලක් විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් මෙම ව්‍යාපාරය මැඩ පැවැත්වීම සඳහා "වීථි සම්මාදම් රෙගුලාසි" නම් පනතක් මගින් උත්සාහ ගත්තේය.

හොරණ විල්මට් පෙරේරාගේ නිවසේ පැවති රැස්වීමකදී ඩොරීන් යංග්, සූරියමල් ව්‍යාපාරයේ සභාපති හැටියට තේරී පත් වූවාය. සම ලේකම්වරු ලෙස ටෙරන්ස් ද සිල්වා සහ රොබින් රත්නම් ද, භණ්ඩාගාරික වශයෙන් රෝය ද මෙල් ද පත් වූහ.

මැලේරියා වසංගතය සහ ජලගැලීම්[සංස්කරණය කරන්න]

1934 දී නියඟයක් ඇතිවූ අතර එය සහල් හිඟයකට බලපෑවේය. එම ප්‍රමාණය බුසල් මිලියන 3 ක් යයි ඇස්තමේන්තු කරන ලදී. ඔක්තෝබරයේ සිට ජල ගැලීම් ඇති වුණි. ඉන් පසු 1934 - 35 දි ඇතිවූ මැලේරියා වසංගතයට 1,000,000 ක් දෙනා ගොදුරු වූහ. අඩු ගණනේ 1,25,000 ක් මිය ගියහ. සහල් හිඟවීමෙන් ව්‍යාප්ත වූ මන්දපෝෂණය නිසා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය හීන වී ඇති බව ස්වේච්ඡා ක්‍රියාකාරීන්ට තේරුම් ගියේය. ඔව්හු මාමයිට් යීස්ට් සාරයෙන් පෙති නිපදවමින් වසංගතය දුරු කිරීමට සහයෝගය දැක්වූහ. පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්.පෙරේරා දෙපළ අවිස්සාවේල්ල පිලිප්පුවා සහ පරිප්පුවා මහත්තයා යන නම්වලින් හඳුන්වන්නට පටන් ගැනුණි. පරිප්පුවා යන නම ඔහුට පට බැඳුනේ වසංගතයට ගොදුරු වූ ජනතාවට වියළි සලාකයක් වශයෙන් පරිප්පු බෙදීම නිසාය.

ෆෝවර්ඩ් (forward) නම් සතිපතා ප්‍රගතිශීලි පුවත්පතෙහි සිබිල් නම් ලේඛකයා අවුරුදු කිපයකට පසු එම සිද්ධිය මතක් කරමින් "මැලේරියා සහන සැලසීම සම්බන්ධව කටයුතු කිරීම මෙම පුද්ගලයින් බොහෝ දෙනෙකුගේ දෙනෙත් පාදන්නක් විය. ඔවුන් එයින් සාමාන්‍ය හා ගම්බද ජනතාව ගැන දැනගැනීම ආරම්භ කළා පමණි. දුගී භාවය ඇදහිය නොහැකි තරම් ඉහළය. ජනගහන තදබදයද ඊට වැඩිය. මිනිස්සු පහලොවක්, විස්සක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් කුඩා පැල්පත්වල හිර වී මැස්සන් මෙන් මිය ගියහ. මෙයයි යටත් විජිතවාදයේ ප්‍රථිඵලය. මෙම තත්වය මාක්ස් සහ ඒංගල්ස් එංගලන්තයේදී කරන ලද විශ්ලේෂණයකදී සොයාගත් වැඩ කරන ජනතාවගේ අන්තිම නරක තත්වයටත් වඩා නරක තත්වයකි. සටන් කළ යුත්තේ මෙම තත්වය නැති කිරීම සඳහාය" යනුවෙන් ලියා ඇත.

ලංකා සම සමාජය පක්ෂය පිහිටුවා ගැනීම[සංස්කරණය කරන්න]

ලංකාවට නිදහස ඉල්ලා පළමුවෙන් කටයුතු කළ පක්ෂය වූයේ මාක්ස්වාදී, ලංකා සම සමාජ පක්ෂයයි. එය 1935 දී ආරම්භ වූයේ තරුණ සංගම් කිහිපයක එක් වීමෙනි. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රථම ප්‍රකාශනයෙන් ඔවුන් කියා සිටියේ පූර්ණ වශයෙන් ජාතියේ නිදහස, නිෂ්පාදනය, බෙදාහැරීම සහ හුවමාරු කිරීම යනාදී සියල්ල ජාතිය සතු කිරීම, හා ජාති කුල ආගම් ගෝත්‍ර අනුව පැන නැගෙන අසමානතා තුරන් කිරීම ආදී කරුණු එම පක්ෂයේ ඉලක්කයන් බවයි.

1936 මහ මැතිවරණයෙන් පසු එම පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධානීන් වූ එන්.එම්.පෙරේරා සහ පිලිප් ගුණවර්ධනයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඉහත ඉලක්කයන් සපුරා ගැනීමට රැඩිකල් වාදී සාමාජිකයින් වූ රුහුනේ දොන් ඇල්වින් රාජපක්ෂ, ඉන්දීය දෙමළ ජනතාව වෙනුවෙන් සිටි නටේෂා අයියර් ආදිහු සහයෝගය දැක්වූහ. කලින් කලට සහයෝගය දැක්වූ අනෙකුත් අය නම් නුවර ජෝර්ජ් ඊ ද සිල්වා, මාතලේ බී.එච්.අලුවිහාරේ, ගම්පහ සී.පී.ජයසුන්දර, දුම්බර ඒ. රත්නායක සහ නියෝජ්‍ය කතානායක සුසන්ත ද පොන්සේකා වැනි පුද්ගලයින්ය. ඉංග්‍රීසිද, සිංහල සහ දෙමළ මෙන්ම රාජ්‍ය භාෂාවක් කළ යුතු යැයි ද ඔවුන් ඉල්ලා සිටියහ. නාගරික හා පොලිස් උසාවිවල නඩු කටයුතු ස්වදේශීය භාෂාවෙන් කළ යුතු වීම සහ පොලිස් ස්ථානවලදී ප්‍රකාශ ලබා ගන්නා විට ප්‍රකාශ දෙනු ලබන්නාගේ භාෂාවෙන්ම ඒවා සටහන් කළ යුතු වීම යනාදී යෝජනාවන් 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කොට නීති ලේකම් වෙත යැවූ නමුත් එම කරුණු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනුනේය. 1956 දක්වා රජයේ පාලන භාෂාව වුයේ ඉංග්‍රිසියයි.

ඉන්දියාවේ කොංග්‍රස් සමාජවාදී පක්ෂය සමග ලංකා සම සමාජ පක්ෂය සහෝදර බැඳීමක් ඇති කර ගත් අතර ලංකා සම සමාජ පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ඉන්දීය ජාතික කොංග්‍රසයේ ෆායිස්පූර් සමුළුවට 1936 දී සහභාගී වූහ. 1937 අප්‍රේල් මාසයේ කොංග්‍රස් සමාජවාදී පක්ෂයේ නායිකා කමලාදේවි චට්ටොපාද්‍යාය රටේ විවිධ පළාත්වල පැවැත්වූ රැස්වීම් ඇමතුවාය. මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ ලංකා සම සමාජ පක්ෂයයි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නිදහස සඳහා කරන අරගලයේදී නොබෙදී සිටීමේ ස්ථාවරයකට පැමිණීමට ඉහත සංචාරය උපකාරී විය. කමලා දේවියද සභාව ඇමතූ යාපනයේදී කලක් JYC සාමාජිකයින්ව සිටි පිරිසෙන් මෙම වාමාංශික ව්‍යාපාරයට හිතවත් අවංක පක්ෂපාතී පිරිස් එක් වූහ.

බ්‍රේස්ගර්ඩ්ල්[සංස්කරණය කරන්න]

1936 නොවැම්බර් 28 දින කොළඹදි පවත්වන ලද රැස්වීමකදි ලංකා සම සමාජ පක්ෂයේ සභාපති කොල්වින් ආර්. ද සිල්වා , මාක් ඇන්තනි බ්‍රේස්ගර්ඩ්ල් නැමැති හිටපු වැවිලි කරුව කු වු බ්‍රිතාන්‍ය / ඕස්ට්‍රේලියන් ජාතිකයෙකු හදුන්වාදෙමින් ‘පාරේ කොනක පවත්වනු ලබන පක්ෂ රැස්වීමකට සුදු ‍සහෝදරයෙකු සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි.’ යනුවෙන් කීවේය. ඔහු ශ්‍රී ලංකාවේදී කරන ලද පළමු දේශනයේදී ‘ශ්‍රී ලංකාවේ කම්කරුවන් භේද කොට ඔවුන් එකිනෙකට කෙටවීමට ධනවාදින් උත්සාහ ගන්නවා’ යනුයෙන් ඇගවීමක් කලේය. ශ්‍රිමත් ඩෝබිගින්ස් දිවයි‍නෙන් නික්ම යාම හා පොලිස්පති වශයෙන් ඔහුගේ සේවා කාලය තුල සිදුවු ක්‍රෑර , ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පෑමටත් , ල.ස.ස.ප. විසින් 1937 ජනවාරි 10 දින කොළඹ ගෝල්පේස් පිට්ටනියේ පැවැත්වු මහජන රැස්වීම සංවිධානය කිරීමේ කටයුත්තකදි ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කළේය. මාර්තු මාසයේදි ඔහු විධායක කමිටුවේ සේවයට එක් කරගනු ලැබිණි.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හැටන් අසුන නියෝජනය කළ නටේෂා විසින් නාවලපිටිය හෝ හැටන් ප්‍රදේශයෙන් වතු කම්කරු එකමුතුවක් සංවිධානය කිරීම පිණිස ඔහු යොදවනු ලැබීය. එසේ ‍කළේ කම්කරු ෆෙඩරේෂණයේ නියම අනාගත ලේකම් අපේක්ෂකයාඔහු වේ යයි යන සිතිවිල්ල පෙරදැරි කරගෙනයි.

අප්‍රේල් 3 වෙනිදා නාවලපිටියේ රැස්වීමක් පැවැත්වුනි. වතු කම්කරුවන් දෙදාසක් පමණ එයට සහභාගී වුහ. කමලා දේවි චට්ටෝපධ්‍යාය කථා කල මෙම රැස්වීමේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ‘සහෝදරවරුනි මට යමක් කීමට තිබෙනවා. ඔබලා දන්නවා අපට ඉන්නවා සුදු සහොදරයෙක් (අත්පොළසන්....) ඔහු ඉතා නිහතමානිව ඔබලා ඇමතීමට එකග වුණා. මම කැදවනවා බ්රේස් ගර්ජ්ල් සහෝදරයා ඔබ ඇමතීමට’ යනුවෙන් කීවේය. මහත් වු ඔල්වරසන් සහ ‘සාමි , සාමි’ යනුවෙන් සියලු දෙනා කළ කෑ ගැසීම් මධ්‍යයෙන් බ්‍රේස්ගර්ඩ්ල් කථාව පැවැත්වීම පිණිස නැගී සිටියේය.

ඔහුගේ කථාව සටහන් කර ගැනීමට රජයේ නිලධාරීහු යොදවුන ලැබ සිටියහ. මෙම රැස්වීමේ වැදගත් ලක්ෂණය වන්නේ බ්රේස්ගර්ඩ්ල් එහි සිටීමත් හා වැවිලිකරුවන්ට ඔහු එල්ල කළ වාග් ප්‍රහාරයත්ය. වැවිලිකරුවන්ගේ නොමනා ක්‍රියා පිළිවෙල ඔහු ඉතා හොදින් දන්නා බව පෙන්වා සිටි අතර ඒවා හෙලි කරන බවද කියා සිටියේය. ඔහුගේ කථාව , මුහුණේ හැගීම් ශාරීරික ඉරියව් සියල්ලම තර්ජනාත්මක ස්වරූප යක් ගත්තේය. ඔහුගේ සෑම ප්‍රකාශනයක් අවසානයේම රැස්ව සිටි කම්කරු පිරිස් ‘සාමි සාමි’ යනුවෙන් මහ හඩින් ඝෝෂා කළහ. වැවිලිකරුවන්ට කම්කරු නීති කඩ කරීමට ඉඩ නොදිය යුතු බවත් ඉදිරියේදී තමනට කෙරෙන මදි පුංච්කම් ඉවසා නොසිටිය යුතු බවත් බ්රේස්ගර්ඩල් මේ කථාවේදී පැහැදිලිව පෙන්වා දුන් බව ධාරණය කර ගැනිම කළ යුතුයයි කම්කරුව න්ට ග්‍රහණය විය. (ටී. පෙරේරා - The Bracegirdle Saga – 60 years Aftes, ‘What next’ No 5, 1997)

තමන්ගේම කෙනෙකු සුදු අයගේ කීර්ති නාමයට හානි කරන්නේ යයි බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෝ කේන්ති ගත්හ. ඔවුහු බ්රේස්ගර්ඩල් රටින් පිටුවහල් කරවා ගැනීමට බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුකාරයා වු ශ්‍රීමත් රෙජිනෝල්ඩ් ස්ටබ්ස් ඉතා අමාරුවෙන් එකග කරවා ගත්හ. පිටුවහල් කිරීමේ ආඥාව අප්‍රේල් 22 දින බ්රේස්ගර්ඩල්ට භාර දෙනු ලැබිණ. එස්. එස්. මුල්වාන් නම් නැවෙහි නැගී රටින් පිටවීමට පැය 48ක් කල් දුන් අතර එම නැවේ ඔහු වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට රජය විසින්ම පියවර ගෙන තිබිණි.

ලංකා සම සමාජ පක්ෂය බ්‍රේස්ගර්ඩ්ල් සම්බන්ධ නියෝජනයට කීකරු වීම ප්‍රතික්ෂේප කළ යුතු යයි තීරණය කලේය. බ්රේස් ගර්ඩ්ල් සැගවුණු අතර ඔහු සෙවීමට යටත් විජිත රජය ගත් ක්‍රියා මාර්ග ව්‍යර්ථ විය. ල.ස.ස.ප. බ්රේස් ගර්ඩ්ල් ආරක්ෂා කිරීමට වැඩ පිළිවෙලක් දියත් කළේය. එම වසරේ ප්‍රසිස් පාර්ක්හි පැවැත්වු මැයි දින රැලියේදී ‘අපට බ්රේස් ගර්ඩ්ල් ඕනෑ -ස්ටබ් පිටුවහල් කරනු’ යනුවෙන් සදහන් සටන් පාඨ ප්‍රදර්ශනය කෙරුනි. ස්ටබ්ස් හෙළා දැකීමේද, ඔහු ඉවත් විය යුතු ලෙසටද පිටුවහල් කිරීමේ නියෝජනය ඉවත් කර ගත යුතු බවටද යෝජනාවක් සම්මත විය. එවකට රජයේ වැඩ බැදු ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයාගේ නිර්දේශයකින් තොරව බ්රේස් ගර්ඩ්ල් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරයා කළ නියෝගය දෝෂ දර්ශනයට ලක් කිරීමේ යෝජනාවක් මැයි 5 දින එන්. එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. මහජනතාවගේ අදහස්වල උණුසුම් තත්වය ඇමති මණ්ඩලයට පවා වැටහුණු අතර එම යෝජනාව සම්මත වුණේ පක්ෂව 34ක් හා විපක්ෂව 7ක් වශයෙනි.

එදිනම 50000ක් පමණ සහභාගී වුයෝධ රැළියක් කොල්වින් ආර් ද සිල්වාගේ මුලිකත්වයෙන් ගෝල්පේස් පිට්ටනියේ පැවැත්වුණි. එහිදී ආචාර්ය ඇන්. එම්. පෙරේරා , පිලිප් ගුණවර්ධන , ලෙස්ලි ගුණවර්ධන, ඒ. ඊ. ගුණසිංහ, ජෝර්ජ් ඊ. ද සිල්වා, ඩී. එම්. රාජපක්ෂ, සිරිපාල සමක්කොඩි, වර්නන් ගුණසේකර, හැන්ඩි පෙරිම්බනායගම්, කේ. නිමේෂා අයියර් මහත්මිය සහ එස්. ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ආදීහු දේශනා පැවැත්වුහ. කවුරුත් මවිත කරමින් බ්රේස් ගර්ඩල් වේදිකාවේ පෙනී සිටි අතර පොලීසියට ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් බලයක් නොවීය.

කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසුව අලුත් කඩේ වර්නන් ගුණසේකරගේ නිවසේ සිටියදී පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. වර්නන් ගුණසේකර ල.ස.ස.ප. ලේකම්වරයාය. කෙසේ වෙතත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැණුනි. ගබයාස් කොපස් ආඥාවක් භාර දෙනු ලැබු අතර අග විනිසුරු ශ්‍රීමත් සිඩ්නි ඒබ්‍රහම් මුලිකත්වය දැරූ තිදෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ නඩුව කැදවුණි. ලංකාවේ ප්‍රධාන පෙළේ අති දක්ෂ සිවිල් නීතිඥයෙකු වු එච්. වී. පෙරේරා මහතා ස්ව කැමැත්තෙන් බ්‍රේස් ගර්ඩල් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු රහිතවය. ‍බ්රේස් ගර්ඩ්ල් උසාවියේ පෙනී සිටි දිනයේ ඔහුට රාජ නීතීඥ පදවියද ලැබුණි. මැයි 18 දින නියෝගය ලැබුණු අතර එයින් කියැවුනේ බ්රේස් ගර්ඩ්ල් පිටුවහල් නොකළ යුතු බවත් , නිදහසේ කථා කිරීම ඔහුගේ අයිතියක් බවත්ය. බ්රේස් ගර්ඩ්ල් නිදහස් මිනසෙකු බවට පත්විය.

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය කරන්න]

දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස් බ්‍රිතාන්‍යයන්ගේ යුද්ධ ප්‍රයත්නයන්ට අමාත්‍යවරු සහයෝගය දැක්වීම ගැන විරුද්ධ වූහ. බ්‍රිතාන්‍ය යුද යාන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් පරිත්‍යාග කිරීම සඳහා ඇමතිවරු ඉදිරිපත් කළ යෝජනාවලට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හුන් නිදහස ලබා ගැනීමට පක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වූහ. යුද්ධයට එරෙහි වූ සෑහෙන පිරිසක් ලංකාවේ සිටියහ. ඒ විශේෂයෙන් වැඩකරන ජනතාව සහ ජාතිවාදීන් අතරයි. පසුව කී අයගෙන් වැඩි දෙනෙක් ජර්මන්වරුන්ගේ ජයග්‍රහණය අපේක්ෂා කළහ. මේ අතර ජර්මන් සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවක් 'සතුරු හමුදාවේ' යයි සැක කොට සිර ගත කරන ලදී. එම සිද්ධිය බෞද්ධයින්ගේ නොමනාපයට හේතු වූයේ ඉතාලි, ජර්මන්, රෝමන් කතෝලික පූජකයින්ට එසේ නොකිරීම නිසාය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ ජූනියස් රිචඩ් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක, බ්‍රිතාන්‍යයන් පලවා හැරීමේ අපේක්ෂාව ඇතිව ජපනුන්ගේ සහයෝගය අපේක්ෂාවෙන් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වූහ.

වතු කම්කරුවන්ගේ වර්ජන රැල්ල[සංස්කරණය කරන්න]

තම සංවිධානයේ අයිතිවාසිකම් දිනා ගැනීමේ මූලික අභිප්‍රාය ඇතිව 1939 නොවැම්බර් මාසයෙන් පටන් ගෙන 1940 පළමු හය මාසය දක්වා බ්‍රිතාන්‍යයන්ගේ වතුවල වර්ජන රැල්ලක් ඇති විය. අයියර්ගේ සිලෝන් ඉන්ඩියන් කොන්ග්‍රස් (Ceylon Indian Congress) සහ සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය (පසුව ලංකා වතුකම්කරුවන්ගේ සංගමය) යනුවෙන් ප්‍රධාන වතුකම්කරුවන්ගේ වෘත්තීය සමිති දෙකක් විය. සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය මෙහෙයවන ලද්දේ සම සමාජ පක්ෂය විසිනි.

මධ්‍යම පළාත් වර්ජන රැල්ල උච්චාවස්ථාවකට පත් වූයේ 'මූල්' ඔය වත්තේ වර්ජනයේය. එය සම සමාජ පාක්ෂිකයන් විසින් මෙහෙයවන ලදී. මෙයට වතුකම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේලුසාමිද ඇතුළත් විය. මෙම වර්ජනයේදී 1940 ජනවාරි 19 දින පොලීසිය විසින් වෙඩි තබන ලදුව කම්කරුවෙකු වූ ගෝවින්දන් මිය ගියේය. රාජ්‍යය මන්ත්‍රණ සභාවේ දී සහ පිටතදී කරන ලද උද්ඝෝෂණයන්හි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කොමිෂමක් පත් කිරීමට රජයට බල කෙරුණි. මිය ගිය ගෝවින්දගේ වැන්ඳඹු බිරිය වෙනුවෙන් කොල්වින් ආර් ද සිල්වා පෙනී සිට සුදු වතු අධිරාජ්‍යයේ ස්වාමිවරුන්ගේ සහ පොලීසියේ ඒකාබද්ධ රඟපෑම නිරාවරණය කළේය.

මුල් මාසයෙන් පසු වර්ජන රැල්ල දකුණු දෙසින් ඌව දක්වා පැතිරුණේය. වර්ජන රැල්ල දිගින් දිගට ඇදී ගිය අතර කම්කරුවන් දිගින් දිගටම සම සමාජ පාක්ෂික සටන්කාමී නායකත්වයක් අපේක්ෂා කළහ. විලී ජයතිලක, එඩ්මන් සමරක්කොඩි සහ වී.සිත්තම්පලම් ඇතුළු සම සමාජ පාක්ෂිකයෝ නායකත්වය දැරූහ. වතු අධිරාජ්‍යවාදීන් විසින් රැස්වීම් තහනම් කිරීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගත්හ. ඇන්.ඇම්.පෙරේරා එම නියෝගයට කඩ කරමින් මැයි 12 දින බදුල්ලේදී විශාල රැස්වීමක් ඇමතුවේය. පොලීසිය ඊට විරුද්ධව ක්‍රියාකිරීමට බලයක් නොමැතිව අසරණ විය. කම්කරුවෝ වේවැස්ස වතුයායේදී තෝරාගත් කවුන්සලයක් පිහිටුවා ගත්හ. කම්කරුවන්ගේ කවුන්සලය සමග සාකච්ඡා කොට උපදෙස් ලබාගෙන ක්‍රියා කිරීමට වතු අධිකාරී තැන එකඟ විය. සාමය ආරක්ෂා කිරීමට ගිය ආයුධ සන්නද්ධ පොලිස් පිරිස් කම්කරුවන් විසින් නිරායුධ කරණු ලැබූහ.

පසුව පොලීසිය විසින් දියත් කරන ලද බිහිසුණු ක්‍රියා සහ ඒ දිනවල ඇතිවූ ගංවතුර හේතුවෙන් ඌව පළාත සෙසු පෙදෙස්වලින් සතියකට වැඩි කාලයක් වෙන්වීමද නිසා වර්ජනය නතර විය. එහෙත් යටත් විජිත පාලකයින් එයින් තේරුම් ගත්තේ නිදහස් අරගලය ක්‍රමයෙන් බලවත්වන බවයි.

රහසින් කළ අරගලය[සංස්කරණය කරන්න]

ඩන්කර්න් සිද්ධියෙන් පසු බ්‍රිතාන්‍ය පාලකයින් බියට පත් වී ඇන්.ඇම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා 1940 ජුනි 18 දින අත් අඩංගුවට ගන්නා ලදී. 19 දින එඩ්මන් සමරක්කොඩි ද අත්අඩංගුවට ගැණුනි. ලංකා සම සමාජ පක්ෂය මුද්‍රණාලයට සීල් තබන ලදී. අණ පනත් ක්‍රියාවෙහි යෙදවීම නිසා ප්‍රායෝගිකව විවෘතව පක්ෂයේ වැඩ කිරීම අපහසු විය.

ලෙස්ලි ගුණවර්ධන සිර භාරයට ගෙන රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කෙරුණු නමුත් ඔහු සැඟ වී පලා ගියේය. ලංකා සම සමාජ පක්ෂය වර්ජන රැල්ලකට දායකත්වය සැපයීය. එය 1941 මැයි මස ආරම්භ විය. කොළඹ වරාය, ධාන්‍යාගාරය, වැල්ලවත්ත මෝල, ගෑස් සමාගම, කොළඹ නගර සභාව සහ කොළඹ -ගල්කිස්ස බස් මාර්ගය ආදී ස්ථානවල කම්කරුවෝ එහි බලපෑමට ලක් වූහ.

ජපානයද යුද්ධයට අවතීර්ණ වීමත් සමග (විශේෂයෙන් සිංගප්පූරුව යටත් වීමෙන් පසු) ශ්‍රී ලංකාව ජපනුන්ට විරුද්ධව ඉදිරිපෙළ බ්‍රිතාන්‍ය හමුදා මූලස්ථානයක් බවට පත්වීය. 1942 අප්‍රේල් 5 දින ජපන් ගුවන් හමුදාව කොළඹට බෝම්බ හෙලූහ. බ්‍රිතාන්‍ය විරෝධය කෙතරම් ඉහළ තත්වයක පැවතියේද කිවහොත් ජපන් අහස් යානා නිරිත දිග අහසේ යාත්‍රා කරන සියලු දෙනා දැක තිබුණ ද කිසිවෙකු ඒ බවක් කොළඹ රාජකීය ගුවන් හමුදාවට දැනුම් නොදුන්හ. එය සම්පූර්ණ මවිතයට කරුණක් විය.

එදින සැන්දෑවේ පහර දීමෙන් ඇති වූ කලබලකාරී තත්වය මැද්දේ ලංකා සම සමාජ පක්ෂ නායකයෝ පලා යාමට සමත් වූහ. ඔවුනට උදව් කළේ ඔවුන්ගේ රැකවලට සිටී ආරක්ෂකයෙකි. ඔවුන්ගෙන් සමහරෙක් ඉන්දියාවට පලා ගියහ. එහිදී ඔවුහු ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූහ. එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නිදහස් අරගලවලට සමාන තත්වයකට තුඩු දුන් යුද්ධයට පෙර තිබුණු තත්වයන් පිළිබඳව අධ්‍යයනය කළහ. එසේ වුවද පිලිප් ගුණවර්ධනගේ සහෝදරයා වූ රොබට් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් සෑහෙන කණ්ඩායමක් මෙහි සිටියහ. 1942 දී සහ 1944 දී ලංකා සම සමාජ පක්ෂය තවත් වර්ජන කීපයකට නායකත්වය සැපයීය. මෙම ක්‍රියාවලිය හේතු කොට ගෙන කොළඹ රජයේ කම්කරු සංගමයේ නායකත්වය ලබා ගැනීමට එයට හැකි විය.

කොකොස් දිවයිනෙහි කැරැල්ල[සංස්කරණය කරන්න]

සිංගප්පුරුවේ පරාජයත් ඉන්පසු සිදුවු බැට්ලිෂිප් ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ ‘රිපල්ස්’ නැමති නෞකා හිල් වීමක් හේතුවෙන් අනගිභවනීය බ්‍රිතාන්‍ය යන නාමය පළුදු විය. තවදුරටත් ඉතිරිවු දෙයක් තිබුණේ නම් ඒවාද වැරහැල්ලක් ලෙස ඉරීගියේ ගගන යාත්‍රා ප්‍රවාහක ‘හර්මිස්’ සහ ‘කොර්න්වෝල්’ හා ‘ඩොර්සෙට්ෂයර්’ නැමති යුධ නැව්ද 1942 අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට නුදුරින් මුහුදේ ගිල්වා දැමුණු හෙයිනි. ඒ සමගම කිසිදු බාධාවකින් තොරව දිවයිනට බෝම්බ දැමීමත්, මදුරායි (චෙන්නායි) නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමත් සිදු විය. විශාල කැස්බෑවෙකු වෙරළට පැමිණීම, දියගොඩ දෙකේම යා හැකි ජපන් වාහන සංඛ්‍යාවක් පැමිණීම යන උපමාව, ඕස්ට්‍රේලියාවේ සන්නද්ධ ඒකකයක් විසින් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍යයන් මහත් අසහනයට පත් විය.

මැයි 8, 9 දිනවල රාත්‍රි සිලෝන් ගැරියන් ආට්ලරි (කාලතුවක්කු බලකාය) නැමති සේනාංකය කොකොස් දුපත් කාණ්ඩයේ ‘හොර්ස්බර්ග්’ දිවයිනේදී ජපනුන්ට දිවයින් භාරදිය යුතු යැයි අදහස් කරමින් කලබල ඇති කළහ. ලංකා සම සමාජ පක්ෂය විසින් ද කලබල ඇති කිරීම නිසා ඒ කලබලය කෙරුනේ එක්තරා දුරකට පමණි. කැරැල්ල මැඩ පවත්වනු ලැබිණ. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ යුධ හමුදාවේ තිදෙනෙක්ද එම කැරලිකරුවන් අතර වූහ. දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාලයේ කැරලි ගැසීම සම්බන්ධයෙන් මරණයට පත්කළෝ ඔවුහුය. කැරැල්ලේ නායකයා වු ග්‍රේෂන් ප්‍රනාන්දු අවසානය දක්වා විරෝධය පෑම නිසා නිදහස උදෙසා අරගල කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස ඉතිහාසය තුළ ඔහුගේ නාමය සටහන් වීමට ප්‍රමාණවත්ය.

කොකෝස් දිවයිනේ කැරැල්ලේන් පසුව ශ්‍රී ලංකා කොම්බැටි රෙජිමේන්තුව බ්‍රිතාන්‍යයන් විසින් සටන් බිමෙන් ඉවත් කරන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රබර් සම්පත සම්පුර්ණයෙන්ම වාගේ ශ්‍රී ලංකාව තුළ පැවතීම, දිවයින යුද්ධ උපක්‍රම අතින් වැදගත් වීමට හේතුවක් වුණි. එබැවින් ලංකාවේ ආරක්ෂාවට බ්‍රිතාන්‍ය හමුදා කාණ්ඩ තුනකට භාර දෙනු ලබයි. අසල්වැසි ඉන්දියානුන් සමග සසඳා බලන කල ශ්‍රී ලාංකීය ජනතාවට හොඳින් ආහාර පාන තිබුණු නිසා සලාක ක්‍රමයක් ආරම්භ කරන ලද්දේ දේශීය ජනතාව රජයට විරුද්ධව නැගී සිටීම වැළැක්වීම පිණිසයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය කෙරෙහි පැවති මහජන විරෝධය නොකඩවා වර්ධනය විය. උසස් සමාජශාලාවලදී ප්‍රදර්ශනය කෙරුණු වර්ණ භේදය (සුදු- කලු) සම්බන්ධයෙන් ලාංකික ප්‍රභූන් කුපිත වූහ. ලංකාවේ බ්‍රිතාන්‍ය අණ දෙන නිලධාරී ශ්‍රීමත් ජෙෆ්රි ලේබන් තමන්ට කළු අවජාතකයා (black bastard) යනුවෙන් කීවේ යයි සිවිල් ආරක්ෂක කොමසාරිස්වරයා වු ශ්‍රීමත් ඔලිවර් අර්නයිට් ගුණතිලක පැමිණිලි කළේය. මෙය ‘සුද්දන්ට වඩා ඉහළයි’ යන අදහස නොකඩවා පැවති බව තහවුරු කෙරෙන ප්‍රකාශයකි. කෙසේ වෙතත් මෙය මෝලට ධාන්‍ය දැමීමක් (ගින්නට පිදුරු දැමීමක්) බඳු විය.

සිංගප්පුරුවේ, මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ විසු ඉන්දීය ජාතික සේනාංක "ලංකා රෙජිමේන්තුව" නම් වු බලකාය පිහිටුවා ගත්හ. මෙය තේතාජි සුභාෂ් බන්දුබොස් යටතේ පාලනය විය. මෙම බලකාය සබ්මැරීනයක් මගින් ලංකාවට ප්‍රවාහනය කර අනතුරුව නිදහසේ අරගලය ආරම්භ කිරීම සැළසුම් සකස් කළද එය ව්‍යවර්ථ කරන ලදී.

ලංකා ජාතික කොන්ග්‍රසය (CNC) කොමියුනිස්වරු භාර ගැනීමට එකඟ වූහ. ඒ වන විට කොමියුනිස් වරු සමසමාජ පක්ෂයෙන් ඉවත් කර තිබුණි. එහෙත් ඔවුහු යුද්ධයට සහය දැක්වූහ. එහි 25 වැනි වාර්ෂික සම්මන්ත්‍රණයෙදී ලංකා ජාතික කොන්ග්‍රසය යුද්ධයෙන් පසු පුර්ණ නිදහස ලබාදිය යුතු යැයි අවධාරණය කළහ. සභානායක හා කෘෂිකර්ම ඇමති දොන් ස්වීමන් සේනානායක CNC යෙන් ඉවත් විය. නිදහස ලබාගැනීම උදෙසා ඉදිරිපත් වූණු සංශෝධනවල අරමුණු කෙරෙහි ඔහු තුළ පැවති අකැමැත්ත ඊට හේතුවිය.

නිදහස් ලංකා පනත් කෙටුම්‍පත[සංස්කරණය කරන්න]

1944 නොවැම්‍බරයේදී පානදුර රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී සුයත්ත පොන්සේකා රාජ්‍ය මන්ත්‍රණ සභා‍‍‍ෙව්දී නිදහස් ලංකාවක් සඳහා ඩොමිනිකන් ක්‍රමයේ ව්‍යවස්ථාවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් “ලංකා නිදහස් පනත් කෙටුම්‍පත” ( Free Lanka Bill ) හදුන්වා දෙන ලදී. 1945 ජනවාරි 27 -28 දිනවල පවත්වන ලද ලංකා ජාතික කොංග්‍රසයේ වාර්ෂික සැසියේදී එහි සභාපති ජෝර්ජ් ඊ. ද සිල්වා “අද අපි නිදහස සඳහා කරන අරගලයක් උදෙසා කැප වෙමු. එය ඊට වඩා අඩු විය යුතු දෙයක් නො‍ෙව්‍.” යයි කියා සිටියේය.‍ කොංග්‍රසයෙන් විසදුම වුයේ නිදහස් ලංකාවක් සඳහා ඩොමිනියන් ක්‍රමයේ ව්‍යවස්ථාවක් සකස් කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව ගත් තීරණය නිදහස සඳහා සම්‍පුර්ණ ජාතික හිමිකම ළගා කර ගැනීමට ප්‍රමාණවත් නොවුවත් එවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීම නිදහස සදහා කරන අපේ අරගලයෙන් ඉදිරි ගමනට ර ැකුලක් බැවින් එයට සහාය දැක්වීමට රාජ්‍ය මණ්ත්‍රණ සභා‍ෙව් සීමිත සාමාජිකයින්ට උපදෙස් දෙනවා යන්නයි.

“නිදහස් පනත් කොටුම්‍පත” දෙවැනි වර කියවීම සදහා ඉදිරිපත් කොට එයද විමසීමකින් තොරව සම්‍මත විය. මාර්තු 22 දින තුන්වන වර කියවීම සදහා සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලදී. නම්‍කරන ලද බ්‍රිතාන්‍ය සාමාජිකයෙක් “තුන් මාසයකට පසු පනත් කොටුම්‍පත කියවිය යුතුය” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. පනත් කෙටුම්‍පත එදින 40 ට 7ක් වශයෙන් පරාජය විය.

පශ්චාත් යුද කැළඹිලි තත්වය[සංස්කරණය කරන්න]

ජර්මනිය සමග යුද්ධය අවසාන වීමෙන් පසු රඳවා ගෙන සිටින අය නිදහස් කරන ලෙස ඉල්ලමින් පැන නැගුණු මහජන මතය දැඩි විය. 1945 මැයි 30 දින ඒ.පී.ජයසූරිය රඳවා ගෙන සිටින නිදහස් අරගලයේ උද්ඝෝෂකයින් කොන්දේසි රහිතව නිදහස් කළ යුතු යැයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට විසඳුමක් ඉදිරිපත් කළේය. එම ඉල්ලීමට අනුමැතිය ලැබුණි. විරුද්ධ වූයේ බ්‍රිතාන්‍යයන් විසින් නම් කළ දෙදෙනකු පමණි. එහෙත් ඔවුන් නිදහස් කරන ලද්දේ උපවාසයකින් පසු තවත් දින දෙකක් ගත වීමෙන් අනතුරුවයි. නිදහස් කරන ලද අය වීරයින් සේ පිළිගෙන රටපුරා උපහාර පවත්වන ලදී. වාමාංශිකයියෝ යුද්ධයට පෙර තිබූ තත්වයට වඩා බලවත් වූහ.

යුද්ධය පැවති කාලය තුළ ඇති වූ කලබලකාරී තත්වයන් මර්දනය කිරීමෙන් පාලනය කළ නමුත් එකල පනවන ලද නියමයන් ලිහිල් කිරීමත් සමග මහජනතාවගේ කෝපය උත්සන්න විය. සැප්තැම්බර් මාසයේ සිට කොළඹ ට්‍රෑම් රථ සේවය, වරාය, ආදී ස්ථානවල වර්ජන රැල්ලක් ඇති විය.

නොවැම්බරයේදී ලංකා සම සමාජ පක්ෂයේ මූලිකත්වයේන් 'ඕල් සිලොන් යුනයිටඩ් මෝටර් වර්කර්ස් යුනියන්' (All ceylon united motor workers union) විසින් දිවයින පුරා වර්ජනයක් දියත් කරන ලදී. එන්.එම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ තවත් නායකයින් අත්තඩංගුවට ගත් නමුත් වර්ජනය සාර්ථක විය.

වී බූසලයකට රු 8/- ක් ගෙවීමේ පදනම මත රජය විසින් වී එකතු කිරීමට එරෙහිව සමස්ත ලංකා ගොවි සම්මේලනය (All Ceylon Peasant Congress) ක්‍රියාත්මක විය. ඇතැම් පළාත්වල ගොවීහු රජයට වී දීම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා සිය ගණනකට එරෙහිව නඩු පවරන ලදී. 1946 දී සම්මේලනය රාජ්‍ය මණ්ත්‍රණ සභාව දක්වා පා ගමනක් සංවිධානය ක‍ෙළ්ය. ඔවුහු සහල් එකතු කිරීම අත්‍යවශ්‍ය නීතිය ඉවත් කරන ලෙස ඇමතිවරුන්ට බලකර සිටියහ.

1946 දී රජයේ සේවකයන් (දුම්රිය සේවය ද ඇතුළුව) ආරම්භ කළ වර්ජනය වරාය ගෑස් කොම්පැනිය ආදී ආයතන දක්වා විහිදී ගොස් මහා වැඩ වර්ජනයක් බවට පත් විය. පාලකයෝ මුලදී සාකච්ඡා සඳහා අවස්ථාවක් නොදුන්හ. එහෙත් අන්තිමට වැඩ බැලූ ආණ්ඩුකාරවරයා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් හමුවීමට එකඟ විය. මෙම නියෝජිතයින්ට උපදෙස් සැපයූ එන්.එම්.පෙරේරා පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. එහෙත් වැඩ වර්ජකයෝ ඔහු නැතිව අවසාන තීරණයකට පැමිණීම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ පෙරේරා නිදහස් කළ අතර විසඳුමක්ද ඇති විය.

කෙසේ වෙතත් වැඩ බැලූ ආණ්ඩුකාරවරයා දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු නොකළේය. දෙවැනි මහා වැඩ වර්ජනය 1947 මැයි - ජුනිවලදී ආරම්භ විය. මෙම නැගී සිටීම මර්දනය කිරීමට පොලීසියට සහය වීම සඳහා ලංකා ආරක්ෂක බලකාය (Ceyion Defence -Force) කැඳවන ලදී. කොළඹ හයිඩ් පාක් හි පැවති වර්ජකයන්ගේ රැස්වීමකින් පසු කොළොන්නාව බලා යන ගමනේදී, දෙමටගොඩදී පොලීසිය විසින් පිරිසට පිට පිට තබන ලද වෙඩි පහරකින් රජයේ ලිපිකරු සේවා සංගමයේ වී.කන්දසාමි ජීවිතක්ෂයට පත් විය. වැඩවර්ජනය මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ගය සාර්ථක විය. කෙසේ වෙතත් බිත්තිවල ලියැවුණු ප්‍රකාශවලින් බ්‍රිතාන්‍ය පාලකයන්ට දන්වා සිටියේ "ඔවුන් ඉක්මනට නොගියහොත් එලවා දමනු ඇත." යනුවෙනි. බොම්බේ මියුටිනි (Bombay Mutiny) නොහොත් බොම්බේ හමුදා කැරැල්ල සහ ඉන්දියන් හමුදාව තුළ ඇති වුණු එවැනි තවත් කලබලකාරී තත්වයන් හේතුකොට ගෙන බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් පසු බැසීම ආරම්භ කළහ. ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ තත්වය අස්ථිර විය හැක.