සූරියමල් ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්

බ්‍රිතාන්‍යයන් විසින් පාලිත ලංකාව (ශ්‍රී ලංකාව) තුල, සූරියමල් ව්‍යාපාරය පිහිටුවනු ලැබුනේ, ශ්‍රී ලාංකික හිටපු-හමුදා සේවකයන් ගේ ශුභසිද්ධිය සලසනු වස්, පොපි දිනය තුලදී, සූරිය (පෝටියා ගස) මල් විකිණීම සඳහාය. මෙම ව්‍යාපාරය, ස්වභාවයෙන්ම, අධිරාජ්‍යවාද-විරෝධි ස්වරූපයක් ගත්තේය. 1934-1935 මැලේරියා වසංගත සමයෙහිදී, සහනසාධක කටයුතු සඳහාද මෙය දායක විය.

ඇරඹුම්[සංස්කරණය]

යුද්ධ විරාම දිනයේදී (නොවැම්බර් 11) පොපි මල් විකිනීමෙන් ලැබූ ආදායම ශ්‍රී ලාංකික හිටපු-හමුදා සේවකයන්ට අවාසි වන අයුරින් බ්‍රිතාන්‍ය ජාතික හිටපු-හමුදා සේවකයන්ගේ අර්ථලාභය සඳහා භාවිතා කිරීමට විරෝධයක් වශයෙන් ශ්‍රී ලාංකික හිටපු-හමුදා සේවකයෙක් වූ ඒලියන් පෙරේරා මහතා විසින්, එම දිනයේම තරගකාරී ලෙසින් සූරිය මල් විකිණීම සිදු කෙරුණු අතර, එයින් ලද ආදායම ආර්ථික අපහසුතාවය ඇතිව සිටි ශ්‍රී ලාංකික හිටපු-හමුදා සේවකයන්ට උපකාර සැපයීමට භාවිතා විය.

"https://si.wikipedia.org/w/index.php?title=සූරියමල්_ව්‍යාපාරය&oldid=367902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි