පංච ද්‍රවිඩ
ද්‍රවිඩයන් පස් දෙනා | |
---|---|
රට | රජරට රාජධානිය |
අභිධාන | රජරට රජ |
මුල්ම රජ | පුලහත්ථ |
අවසන් රජ | දාඨික |
ජනවර්ගය | ද්‍රවිඩ |
පංච ද්‍රවිඩ ලෙස සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ , ක්‍රි.පූ. 103 සිට ක්‍රි.පූ. 88 දක්වා වසර 14 ක් එකිනෙකා මරා රජවෙමින් අනුරාධපුර සිට ලක්දිව රජරට රාජධානිය පාලනය කල බොහෝවිට පාණ්ඩ්‍ය රාජවංශයට අයත් වියහැකි ද්‍රවිඩ නායකයන් පස් දෙනෙකි. [1][2][3]
පසුබිම
[සංස්කරණය]ද්‍රවිඩයන් පස් දෙන විසින් දිවයින ආක්‍රමණය කිරීමට පෙර, රජරට පාලනය කලේ, වට්ටගාමිණී අභය ලෙසින්ද හැඳින්වුනු, වළගම්බා රජ (ක්‍රිපූ 104–103, ක්‍රිපූ 89–76) විසිනි. දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් පස් දෙන විසින්, ක්‍රිපූ 103 දී, වළගම්බා රජ බලයෙන් පහකොට, ක්‍රිපූ 89 වන තුරු රට පාලනය කරන ලද අතර, එවිට වළගම්බා රජ විසින් ඔවුන් පරාජය කොට, යළි සිහසුන හිමි කර ගත්තේය.
පාලකයෝ
[සංස්කරණය]පුලහත්ථ
[සංස්කරණය]පුලහත්ථ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 103– ක්‍රිපූ 100 |
පූර්වප්‍රාප්තිකයා | වළගම්බා රජ |
අනුප්‍රාප්තිකයා | බාහිය |
මරණය | ක්‍රිපූ 100 |
පුලහත්ථ යනු ද්‍රවිඩයන් පස් දෙනගෙන් පළමුවැන්නා විය. පස් මසකට පෙර සිහසුනට පත් පාලක රජතුමාවූ වළගම්බා රජ බලයෙන් පහ කල ඔහු, දකුණු ඉන්දියාවෙන් පැමිණි, පාණ්ඩ්‍ය රාජවංශයේ දෙමළ නායකයෙකි. [3] ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් බාහිය පත් තල හෙතෙම, වසර තුනක් රාජ්‍යය පාලනය කලේ, ක්‍රිපූ 100 දී බාහිය විසින් ඔහු මරා දමන තෙක්ය. [4]
බාහිය
[සංස්කරණය]බාහිය | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 100– ක්‍රිපූ 98 |
පූර්වප්‍රාප්තිකයා | පුලහත්ථ |
අනුප්‍රාප්තිකයා | පණය මාර |
මරණය | ක්‍රිපූ 98 |
බාහිය යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් දෙවැන්නා වූ අතර, හෙතෙම ක්‍රිපූ 100 සිට ක්‍රිපූ 98 දක්වා රාජ්‍ය පාලනය කලේය. පුලහත්ථගේ පාලන සමයේදී ප්‍රධාන අමාත්‍ය වූ හෙතෙම, ඔහු මරා රජකම පැහැර ගති. බාහියගේ පාලන සමය කෙලවර වූයේ, ඔහු සිහසුනට පත්ව වසර දෙකක් ගත වත්ම, ඔහුගේ අග්‍රාමාත්‍ය වූ පණය මාර විසින් ඔහු මරා දැමීමත් සමගය.[4]
පණය මාර
[සංස්කරණය]පණය මාර | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 98– ක්‍රිපූ 91 |
පූර්වප්‍රාප්තිකයා | බාහිය |
අනුප්‍රාප්තිකයා | පිලිය මාර |
මරණය | ක්‍රිපූ 91 |
ක්‍රිපූ 98 සිට ක්‍රිපූ 91 දක්වා රාජ්‍යය පාලනය කල පණය මාර , ද්‍රවිඩයන් පස් දෙන ගෙන් තෙවැන්නාවූ අතර, ද්‍රවිඩයන් පස් දෙනා අතුරින් වැඩිම කලක් රාජ්‍යය පාලනය කල තැනැත්තා විය. සිහසුනට පත් වීමට පෙර, හෙතෙම බාහිය යටතේ අග්‍රාමාත්‍යය තනතුර දැරූ අතර, පණය මාර විසින් බාහිය මරා රාජ්‍යය පැහැරගෙන සිහසුනට පත්වූයේ ඔහුගේ අග්‍රාමාත්‍යය ලෙසින් පිලිය මාර පත් කරමිනි.[4]
පිලිය මාර
[සංස්කරණය]පිලිය මාර | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 91– ක්‍රිපූ 90 |
පූර්වප්‍රාප්තිකයා | පණය මාර |
අනුප්‍රාප්තිකයා | දාඨික |
මරණය | ක්‍රිපූ 90 |
අනුරාධපුරයේ රජ ලෙසින් පිලිය මාර රාජ්‍ය පාලනය සිදු කලේ ක්‍රිපූ 91 සිට ක්‍රිපූ 90 දක්වා වෙයි. ඔහුගේ පූර්වප්‍රාප්තිකයන් කල අයුරින්ම සිහසුන ඩැහැගත් හෙතෙම, පණය මාර ඝාතනය කලේ ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ලෙසින් කටයුතු කරමින් සිටියදීය. ද්‍රවිඩයන් පස් දෙන අතුරින්, අඩුම පාලන කාලය සහිත වූයේ පිලිය මාර වන අතර, ඔහුගේ ප්‍රධාන අමාත්‍ය දාඨික විසින් ඔහු මරා රජකම පැහැර ගැනුමට පෙර එය පැවැතියේ සත් මසක් පමණි.[4]
දාඨික
[සංස්කරණය]දාඨික | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 90– ක්‍රිපූ 88 |
පූර්වප්‍රාප්තිකයා | පිලිය මාර |
අනුප්‍රාප්තිකයා | වළගම්බා රජ |
මරණය | ක්‍රිපූ 88 |
දාඨික යනු ද්‍රවිඩයන් පස් දෙනාගෙන් අවසන් තැනැත්තේ වූ අතර ක්‍රිපූ සිට ක්‍රිපූ 88 දක්වා රාජ්‍ය පාලනය කලේය. දාඨික සිහසුනට පත් වූයේ ඔහුගේ රජු පිලිය මාර ඝාතනය කිරීමෙන් වන අතර, එවිට හෙතෙම ඔහුගේ ප්‍රධාන අමාත්‍ය විය. ක්‍රිපූ 88 දී වළගම්බා රජ විසින් ඔහු මරා දමා සිහසුන පැහැර ගනිමින් විජය රාජ වංශය යළි ස්ථාපිත කලේය. ඊළඟ වසර 12 තුල වළගම්බා රජු විසින් අනුරාධපුර රාජධානිය පාලනය කෙරිණි.[4]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "චැප්ටර් II දුට්ට් ගාමිණී ටු කස්ස්ප ඔෆ් සීගිරිය තර්ඩ් සෙන්චරි බී.සී.- සික්ස්ත් සෙන්චරි ඒ.ඩී". http://lakdiva.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
{{cite web}}
: External link in
(help)|publisher=
- ^ "කිං වට්ටගාමිණී: වලගම්බාහු (104 බීසි – 104 බීසී)". Mahavamsa.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
- ^ a b "c.33: ද ටෙන් කිංස්". Mahavamsa.org. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
- ^ a b c d e "ශ්‍රී ලංකා සිංහල රෝයල් ෆැමිලි ජීනියාලජි". රූට්ස්වෙබ්. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2011.
බාහිර සබැඳි
[සංස්කරණය]- ඩිස්කවර් ශ්‍රී ලංකා - ලිස්ට් ඔෆ් කිංස් ඇන්ඩ් කිංඩම්ස් ඉන් ශ්‍රී ලංකා සංරක්ෂණය කළ පිටපත 2011-07-13 at the Wayback Machine
- විජය ඇන්ඩ් ද ශ්‍රී ලංකන් මොනාක්ස්
- ලක්දිව - ලිස්ට් ඔෆ් ද සව්රින්ස් ඔෆ් ලංකා
- ද මහාවම්ශ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා ද ග්‍රේට් ක්‍රොනිකල් ඔෆ් ශ්‍රී ලංකා
- කම්ප්ලීට් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකන් ලීඩර්ස්